මල්ලියෙ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොලොම්පුරේ සිදාදියක උඹ උන්නට උජාරුවට..
    ගම් පැත්තේ කාන්සියට මට කවුරුත් නෑ තනියට...
    ඉස්සර වගෙ ඇලේ දොලේ දුව පැනලා හිනා වෙන්න...
    ගමට ඇවිත් යන්න වරෙං සුදු මල්ලියෙ සති අන්තෙට....

    ගමේ පුංචි ඉස්කෝලෙන් ලොකු විභාග ගොඩ යන්නට..
    ටවුමෙ ලොකුම කොලීජියට ඇන්න ගිහිං පොඩි කාලෙම...
    අම්මා අප්පා බෝඩ් කලත් කොළඹ රටේ ලොකු තැන් වල...
    කිරි සුවදින් උඹ හිනැහුන හැටි සිහිවෙයි පොඩි අයියට.......

    සරම් කමිස ඒ කාලෙම උඹ පාරේ නොම ගියාට...
    පැදුරට කොට්ටයට නින්ද කවදාවත් නොආවාට.....
    ටී ශර්ට් එකෙ ඇගට හිරට කිටි කිටියේ තද උනාට...
    යකඩ කදං උස්සාගෙන හැන්දෑවට දැගලුවාට......

    පුරං නොවී කුඹුරු යාය මහ ඉහලින් අස්වද්දන...
    තවමත් රජ දරුවො වගෙයි රජකම වන් අපෙ ගොවිතැන..
    හැන්දෑවට විස්කි බ්‍රැන්ඩි මේ පලාතෙ නැති උනාට..
    කිතුලෙ තලා ගෙනෙනා අම රසක් ඇහැකි උඹට බොන්න...

    කාසි බාගෙ අතට අරං උඹ ලොකු කන්තෝරු වලට...
    ටැලිපෝනය එහෙට මෙහෙට හරවා හරවා කෑ ගැහුවට....
    හරකා බාන දක්කාගෙන යල කන්නෙට සිරියාවට....
    කෙවිට අරං හැන්දෑවට මං තවමත් ඒ කමතෙම.........

    තාත්තාගෙ බහට නැතුව කොලොම්පුරේ ලමිස්සියට....
    ආලෙ බදිනවා කියමින්.. හිතුවක්කාරෙට ගියාට....
    සමන්මලී කරකාරෙට බදින්ට දුන් පොරොන්දුවට....
    සෝලි නොවී තියෙනවාට ඒකි ආවෙ මගේ බහට..

    පුංචි කාලෙ හීන දැකපු කාර් වලින් ගමන් යන්න....
    ඒ හීනේ හැබෑ වෙලා මල්ලියෙ උඹ නගරෙ ඉන්න.....
    හිත මනාප නැතත් සහේ අරගෙන මේ ගමට එන්න...
    අම්මා අප්පා ලෙඩින් දුකින් ආසයි නොවැ උඹ දකින්න....




     
    Last edited:
    • Like
    Reactions: U_knw_me and rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්..... බොක්කටම වදින්න ලි‍යලා ති‍යනවා.......:cool::cool::cool:
    ඔහොම ‍යන අ‍යට අන්තිමට ආපහු අම්මව තාත්තව මතක්වෙලා එන්න වෙන කොට තම‍යි මේ වගේ සින්දු කි‍යන්නේ........:dull::dull::dull:

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පට්ට මචන්..... බොක්කටම වදින්න ලි‍යලා ති‍යනවා.......:cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපෝ ..... ලංකාව මතක් වෙනවා .... :(:(:(
    අම්මව නං ගෙන්න ගත්ත ... ඒත් අනික් අය ලංකාවෙනෙ ....