මල්ලියේ,මට සමාවෙයන්..!!!

getitfree

Member
Nov 25, 2011
271
108
0
මල්ලියේ,මට සමාවෙයන්..!!!

556397_3974003463443_237112576_n.jpg

මීට විනාඩි කිහිපයකට පෙර ලත් හදිසි තොරතුරක් මත මගේ කාර්යය මණ්ඩලයේ මාධ්‍යවේදීන් වන ප්‍රභාත් මාතරගේ,යසිත බාලසූරිය සහ රුවන් හෙට්ටිගොඩ සමග හනි හනික කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලට ගියෙමි.
පොලිස් බලඇණි කිහිපයක් විශාල සෙබළුන් පිරිසක් ද සමග එහි වූ අතර කැරළි මර්දන ඒකකය මෙන් ම ජල ප්‍රහාරක ඒකකයේ රථ හතරක් ද එහි විය. මුළු ප්‍රදේශය ම මහා වැස්සක් වට කළ මෙන් ජලයෙන් තෙමී පෙඟී තිබිණි.
පොලිස් කොස්තාපල්වරුන් මෙන් ම නිලධාරීන් රැසකි. රථවාහන ඒකකයේ නිලධාරීන් ද රැසකි.
එහෙත්,ජලයෙන් පෙඟී කපුටන් මෙන් තෙතබරිත වී පයේ පාවහන් හෝ නොමැති තරුණන් වූයේ විසි පහකට හෝ තිහකට ආසන්න පිරිසක් පමණි. මා පෙර කී සමස්ත පොලිස් ශක්තිය ඔවුන් මර්දනයට බැව් පෙනිණි.

''...අපිට රට පෙරළන්න ඕනෙ නෑ..අවුට් වෙන්න තව මාස දෙකයි..එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම කරන්නේ?අපිට ඕනේ ඉක්මණට මේකෙන් එළියට එන්න..අපේ අහිංසක අම්මලා තාත්තලාගේ දුක් නිවන්න..''එක් තරුණයෙක් දිවෙන රථවාහන මැදට පැන මොර ගායි..
ඔහු අප දෙස බලයි..ඒ පැනය පෙරළා අපෙන් ද විමසයි..කුමක් කියන්න ද?මම මුනිවත රැකීමි.මට එහෙම වුණානම්...මට සිතිණි..

පොලිස් නිල දරුවෝ ද රාජකාරිය කරති. ඔවුනට බැණ වැදීමට ද නොසිතේ. අසරණ තරුණයෝ හූ හඬ නගමින් ,ජල පහරින් ඔද්දල් වූ හිස් තදින් තෙරපා ගනිමින් විහාරමහාදේවි උද්‍යානය දෙසට ගමන් ගනිති.
මල්ලියේ,මට හැක්කේ නුඹ වෙනුවෙන් මෙසේ ලිවීම පමණි.
සමාවෙයන්..!!!



From FB
Thilini Jithendrika Athukorala
ඡායාරූපය - යසිත බාලසූරිය
 
Last edited:

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
556397_3974003463443_237112576_n.jpg


''...අපිට රට පෙරළන්න ඕනෙ නෑ..අවුට් වෙන්න තව මාස දෙකයි..එහෙම තියෙද්දිත් ඇයි මෙහෙම කරන්නේ?අපිට ඕනේ ඉක්මණට මේකෙන් එළියට එන්න..අපේ අහිංසක අම්මලා තාත්තලාගේ දුක් නිවන්න..''
[/B]


ඕක තමා සමස්ත විශ්වවිද්‍යාල ශිෂ‍යාගේ බලාපොරොත්තුව....අපි කෑ ගහන්නේ රට පෙරලන්න නෙමේ...අපි කෑම්පස් ආවේ අවුරුදු 4න් ඩිග්‍රිය අරන් ගෙදර යන්න..ඒත් ආවම තෙරෙනව අපේ යුතුකම එක විතරක් නෙමෙ කියලා...
මටත් නංගියෙක් ඉන්නවා.. ඒත් a/l කරනව...තව අහින්සක දෙමවුපියොන්ගේ ළමයි කීයක් ඉන්නවද මේ රටේ?අපි නිදහස් අධ්‍යාපනෙන් යමක් අරන් මෙතෙනට අවිත් තියෙන්නේ.. අපි පෙරළා ඒ ගත්ත දේ අපෙ මල්ලිලාට නංගිලාට දෙන්න ඔනි..නමුත් අද ඒ නිදහස් අධ්‍යාපනේ විහිළුවක් කරලා..
විභාගයක් තිබ්බ ගමන් අහන්න වෙන්නේ එකෙ මේ ප්‍රශ්නේ වෑරදි,,.. නෑත් නම් paper එක කලින් පිට වෙලා...අම්මලාට අපිට උගන්නලා වෑඩක් නෑ කියල හිතෙයි තව ටික දවසක් යද්දි...අඉ උඝන්නල එ මිනිස්සු වයසට ගියමවත් අපිට අපේ කියල රස්සාවක් කරලා එ මිනිස්සුන්ට සළැකන්න බෑ.. අපි තාම campus අරෙනකන් බලන් ඉන්නවා..
මාධ්‍යය මීට වඩා වගකීමක් ගන්න ඔන වේලාවක් මේක..ඒයාලා අපි පිcකෙට් එකක් කලාම එක දිහා බාහිරෙන් බලල නිගමන වලට ඈවිත් එවා විකාශනය කරන එක වෑරදියි.. එයාල හිතන්න ඕන කාරණැයක් තමා ඈයි මේ ළැමයි පරවල් වලට කෑ ගහන්නේ පිස්සු හෑදුන බල්ලො ටිකක් වගේ? එ කෑගහන කොල්ලෙක්ගේ හදවතකට ලං වෙල අහන්න පුළුවන් නම් එක කෑ ගහල කියයි ඒකට උත්තරේ...


පේර්දෙණිය විශ්ව විද්‍යාලය..
ඉංඡිනේරැ පීඨය..
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ඕක දැක්ක.. ඕකට වඩා දුක හිතුනේ පලවෙනි කමෙන්ට් එක දැකල.. කුහකයෝ වැඩිහරියක් ඉන්නේ මේ රටේ.. :(

    facebookele.png

     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    මම ඕක දැක්ක.. ඕකට වඩා දුක හිතුනේ පලවෙනි කමෙන්ට් එක දැකල.. කුහකයෝ වැඩිහරියක් ඉන්නේ මේ රටේ.. :(

    facebookele.png


    shall I share this pic? (in ma FB page)