මල් ඇවරියට

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    කශ්ටිය දන්නවනේ.. ඔය ගං වල මුදලාලිලා හෙන කට්ටයි.. අම්බ ලෝබයෝ.. ගමේ මිනිස්සුන්ට ගිනි ගණං වලට බඩු විකිණනවා විතරක් නෙමෙයි..හදිසියකට උදව්වක් පදව්වක් කරන්නෑ නොවැ.. ගමේ මිනිස්සුත් ඔය මඤ්ඤොක්කා, මිරිස්, පළා වර්ග, එළවළු, දේවල් ටික සල්ලි කොරගන්නේ ගමේ කඩෙන් තමයි..



    කෙසෙල්කැන් තමයි වැඩිපුරම ගෙනියන්නේ..අනික ඔය එකක් දෙකක් කොහොමෙයි ටවුමට අරං යන්නේ…


    පියදාස මුදලාලියා කියන්නේ ගමටම හිටපු එකම කඩ කාරය.. ඒවගේම ගමේම කුණු ලෝබයා.. ආසාවකට පංසලකට දානයක් මානයක් දීලා නැතිව ඇති මයෙ හිතේ..කඩේ ඉස්සරහම පත දැන්වීමක් ගහලා තියෙනවා “ණයට ඉල්ලා අමනාප නොවන්න” කියලා.. නැති බැරි ගමේ උදවිය ණයට නැතිව අහවල් එකට බඩු ගන්නයෑ… හැමදාම අතේ සල්ලි තියෙනවයෑ.. අනික අපි මේ ගම රට අත් ඇරලා යනවද?.. නෑනේ..


    ගිය ඉරිදා මම ගෙදරට ඕන හාල් තුන පහ ටික කොහොමද ගන්නේ කියල කල්පනා කර කර ඉන්න කොට අපේ අප්පුච්චා ආව මං ලඟට..


    මොකෝ පුතේ උඹ කල්පනා කොරන්නේ?..
    “නෑ අපුච්චේ මං ම කල්පනා කරේ හාල් පහේ ටික ගන්න කීයක් වත් හොයා ගන්නේ කොහොමෙයි කියලා..



    අතමාරුවක් කර ගන්නවත් ලඟපාත කවුරුවත් නෑනෙ.. හැම එකාටම මේ දවස් වල අමාරුකං තියෙනවා නෙවැ.. අනික මුදලාලියාගෙන් ණයට ඉල්ලනවා කියන්නේ අහිගුණ්ටකයන්ගෙන් සාස්තර අහනවා වගේ.. කියවිල්ලේ ඉවරයක් නෑ නේ.. ගන්ඩ තියෙන ණය ගනනුයි මෙහෙම දීලා කොහොමද කඩේට බඩු ගන්නේ.. අපිට ඕවා වැඩක් නෑ නෙවැ..”
    “පොඩි මාම හිටෝපු කොස් පැළහැට්ට ගාව පඳුරේ කෙසෙල් කැනක් වැටිලා තිබුණා.. මේ පියදාසයා නම් ඕකට තුට්ටුවක් තමයි දෙන්නේ.. ඒත් ඉතිං මක් කොරන්නද ඒකවත් කපං පලයං..”
    ගහත් ටිකක් උසයි.. අමාරුවෙන් හීං සීරුවට කැන කපා ගත්තයි කියමුකෝ.. මේක උස්සං යන එක තමා වැඩේ.. ඇස් වහක් කට වහක් නෑ ආයුබෝවං ඇම්බුං ගෙඩියක් මගේ අතක් විතර.. ගෙඩිත් දෙතුං සීයක් ඇති මයේ හිතේ.. අප්පුච්චා පැත්තකින් අල්ලලා මගේ කරට ගන්න උදව් නොකරන්න කැන තනියම උස්සනවා බොරු ඕං..
    කඩේට යනකොට මුදලාලියා දවල්ට කනවා.. මුදලෑලි (ගෑණි ) තමයි හිටියේ.. ඒකි මුදලාලියට හපං.. කැන බාලා, කිරිනකං හිටියා.. මේං මේකි මුදලාලියට ඇහෙන්න කියනවා..


    මුල් ඇවරියේ ගෙඩි පුපුරලා..

    මුදලාලියා ඇතුලේ බත් කන ගමං.. අරිංඩ.… කියනවා.. (ගාණ අඩු කරහං කියලනේ ඔය කියන්නේ )



    උඩ ඇවරියේ කිව්වට හොඳට පැහිලා නිසා ගෙඩියක් දෙක ඕන්නං පැලිලා ඇති.. මුදලාලියා ඕවත් විකුණනවා.. වෙනම..
    ආයේ ටිකක් යනකොට

    මල් ඇවරියට…

    අරිංඩ…




    ඇයි ඒව කෙසෙල් නෙමේද අග ඇවරියේ උනාට.. මං හිතේ තියාන හිටියා විතරයි අහන්න ගියේ නෑ.. ඕකුන් පොඩි ගෙඩි කියලා සතයක් වත් අඩුවෙන් අපට දෙන්නෑනේ විකුණද්දී…
    ආයේ සැරයක් ගෑණි කියනවා මේං,…


    බංඩර වහල්ලට…

    අරිංඩ….


    බොරු කියන්න ඔනැන්නේ නෑ අයිබෝවංඩ මේ වතාවේදි නම් මට කෙන්චි ආවා..



    මං ඇහුවා ” මුදලාලි මාම කාල ඉවරනං මෙහාට පොඩ්ඩක් ආවනං..” මුදලාලියත් කැනේ ගණං හිලව් බේරන්න හිතාන එළියට බැස්සා.. ඒ වෙලාවේ මං උන්නු ඉරියව්ව ඔහේලට අමුතුවෙන් කියන්න ඔනැන්නේ නෑ නොවැ.. මගේ කකුළ් දෙක මැද්දෙන් පෙනුනා මුදලාලියා සරමත් ගැටගහගෙන මිදුලට බහිනවා
    කාලා ඉවරනං ඇවිත්,

    මටත්… අ..රිං..ඩ…

    මාත් කියලා දැම්මා මුදලාලියයි ගෑණියි කියපු තාලෙන්ම..
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    00020468.gif
    00020468.gif
    00020468.gif


    rep balu