මල් පූජා කිරීමේ ආනිසංස | The results of offering flowers

kingdewi

Well-known member
  • ශ්‍රද්ධාවෙන් යුතුව, අවදිකරගත් නුවනින් යුතුව, එකඟවූ සිතින් දෙන පුංචි දෙයකින් වුවද මහත්ඵල මහානිසංස ලැබෙන බව..
    මෙන්න මේ ටික තමයි හරිම වැදගත්!!

    සාදු සාදු!!
     
    • Like
    Reactions: asliyanage

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    :) :) :)



    English Translation ►http://bit.ly/Jky4Mr
    සිංහල පරිවර්තනය​ ► http://bit.ly/JUpl90

    :) :) :)
    ශ්‍රද්ධාවෙන් යුතුව, අවදිකරගත් නුවනින් යුතුව, එකඟවූ සිතින් දෙන පුංචි දෙයකින් වුවද මහත්ඵල මහානිසංස ලැබෙන බව 'අපදාන පාලිය'ට අනුව:

    මල් පූජා කිරීමේ ආනිසංස

    *පදුමහිමි පදුමුත්තර බුදුන් හා මහා සංඝරත්නයට එක පියුමක් පූජා කල පිනෙන් එහි මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනේය. හත්සිය වතාවක් පෘතුවිය රාජ්‍යය කළේය. අවසානයේ නිවන් සුව ලැබීමටද එම දානය හේතුවුවේය. (බුද්ධ වග්ග 193 පිටුව)

    *තිඋප්පල මාලිය හිමි විපස්සි බුදුන්ට උපුල් මල් තුනක් පුදා කල්ප 91 කට දුගතියකට නොගිය අතර තුන්සිය වතාවක් සක්දෙව් රජව ඉපදුනේය. පන්සීය වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සුව ලැබීමටද එම දානය හේතුවුවේය. (342 අපදානය)

    *සත්තුප්පලමාලක තෙරණිය සිඛි බුදුන්ට මානෙල් මල් සතක් පිදු පිනෙන් හැත්තෑහත් වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිදුන්ගේ බිරිඳවී උපන් අතර ඒ මලේ පාට හා සුවඳ ඇයට උපන් හැම ආත්මයකදීම ලැබුණි. අවසානයේ නිවන් සුව ලැබීමටද ඇයට එම දානය හේතුවුවේය. (ථේරී අපදානය-8)

    *තිකණිකාර පුප්පිය හිමි සුමේධ බුදුන්ට පැහැදුණු සිතින් කිණිහිරියා මල් තුනක් පූජා කිරීමේ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවූ අතර, පන්සීය වතාවක් සක්දෙව් රජකමද උපන් හැම ආත්මයකදීම පහත දැක්වෙන විපාකද ලැබුවේය.

    1. මහා ධනවතෙකු විය.
    2. පහත් කුලවල නොඉපිද, උසස් කුලවලම පමණක් ඉපදුනේය.
    3. කැමති කැමති යාන වාහන ලැබුනේය.
    4. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලැබුනේය.
    5. බොහෝ අගනා වස්ත්‍රාභරණ වලට හිමිකම් කීවේය.
    6. සැම කල්හි අන් අයගේ ගෞරවයට ලක්වුවේය.
    7. උසස් කීර්තියක් ලැබුනේය.
    8. සැමකල්හි බොහෝ පිරිවර ඇත්තෙක් විය.
    9. ඔහු සතු පිරිස කිසිවෙකුට භේද කිරීමට නොහැකිවිය.
    10.ඥාතීන් අතර ශ්‍රේෂ්ඨයෙකු විය.
    11. ශීතෙන් හා උෂ්ණයෙන් පීඩා නොවුනේය.
    12. කායික හා මානසික රෝගවලින් තොර වුවේය.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    මල් පූජාවේ ආනිසංස​

    share
    පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් පෘථුවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත.

    (අපදාන පාලි බු:ව: 193 පිට)

    තිඋප්පලමාලිය හිමි
    විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප අනූ එකක් දුගතියකට නො යන ලදී. මේ පිනෙන් තුන්සිය වතාවක් සක් දෙව් රජ වී ඉපදුනා. පන්සිය වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද මේ පින උපනිශ්‍රය වුණා. බලන්න සත්පුරුෂයෙනි, හැදුනු සිතකින් පින්කම් කිරීමේ අගය.

    (අපදාන පාලිය 342 අපදානය)

    සත්තුප්පල මාලක තෙරණිය
    පෙර ජීවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර හැත්තෑ හතක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකදී ම ලැබුණු අතර අවසානයේ නිවනට ද මේ උතුම් පින උපනිශ්‍රය විය.

    (ථේරි අපදානය 8)

    තිකණිකාර පුප්ථිය හිමි
    සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිතින් නුවණ යොදා පූජා කල පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවිය. පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදී ම පහත සදහන් විපාක ද ලැබුණා හ.

    • මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
    • පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.
    • කැමති කැමති යාන වාහන ලැබුණා.
    • බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා.
    • බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා.
    • සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත්‍ර වුණා.
    • උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
    • සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
    • තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වුණා.
    • ඥාතීන් අතර උසස් (උතුම්) ශ්‍රේෂ්ඨයෙකු වුණා.
    • ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.
    • කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.
    (අපදාන පාලි: 501 වන අපදානය)

    අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ්‍රය වුණා.
     
    • Like
    Reactions: hodakolla