පතොක් වර්ග (Cactus)
වන දර්ශ හා කාන්තාර දර්ශ ලෙස පතොක් වර්ග දෙකක් දක්නට ලැබේ. මෙයින් තෝරා ගත් කාන්තාර දර්ශ කිහිපයක් පමණක් විසිතුරු පැලෑටි ලෙස ගෘහ ආශ්‍රිතව වගා කරයි.
පතොක් පුෂ්ප පිපෙන දර්ශ ලංකාවේ සුලබ නොවේ. එහෙත් මල් වගා කරුවන් අතරේ විවිධ හැඩති පතොක් ශාක දර්ශ බොහොමයක් ජනප්‍රය වී ඇත.
ජනප්‍රිය පතොක් වර්ග
[FONT=verdana,arial,helvetica,sans-serif]
Cereus Peruvianus[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
Crerus Peruvianus[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
monstrosus[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
Cleistocactus straussii[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
Echinocactus prusonii[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
Cwphalocereus senilis[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
Espostoa sp[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]
Heliocereus speciosus[/FONT]
[FONT=verdana,arial,helvetica,sans-serif]Opuntial bergeriana �[/FONT]
සාර්ථක වගාවක් සදහා
- දැඩි උණුසුම් දේශගුණයේ වැඩෙන පතොක් අඩු උෂ්ණත්ව වලදී හොද වර්ධනයක් නොපෙන්වයි.
- හොදින් ආලෝකය ඇති ස්ථාන වල වගා කරන්න.
- නමුත් තද හිරු එළියෙන් පිලිස්සීමෙන් රැක ගැනීම සදහා වියලි කාලවලදී මද සෙවණක් ලබා දෙන්න.
- ජල අවශ්‍යතාව ඉතා අඩුය. නමුත් වියළි කාල වලදී ජලය ලබා දීම අත්‍යවශ්‍යය.
- වාතයේ ජල වාෂ්ප ආර්ද්‍රතාවය වැදගත් නොවනමුත් හොද වාතාශ්‍රයක් ලබා දෙන්න.
ප්‍රචාරණය
මාංශල පත්‍ර, කද කැබලි හෝ වෙන්කරගත් පැල මගින් ප්‍රචාරණය කළ හැක.
මෙම කොටස් සිටුවීමට පෙර දින 1 - 2 ක කාලයක් වියලෙන්නට හැරීමත් මුල් ඇදීම වඩාත් සාර්ථකව සිදු වේ.
මල් පිපෙන පතොක් වර්ග බීජ මගින් ප්‍රචාරණය කළ හැක
.
වගා මාධ්‍යය
වැලි 2: කොම්පෝස්ට් 1: අගුරු කැබලි 1/4: උළු කැබලි 1/4 සියුම්ව සකස් කරගත් මිශ්‍රණය භාවිතා කරන්න.
පොහොර
කාබනික පොහොර සෑහේ, මාධ්‍යය නිසරු නම් අකාබනික කැට පොහොර මාධ්‍යයට එක් කරන්න.
උදා- N: P: K: 30.10.10 හෝ N: P: K: 20.30.20
වගාවේදී මතුවන ගැටළු
තෙත් සහිත දේශතුණයේදී මාංසල කද අග්‍රස්ථය කුණු වී හැකිලී යයි. එය වලක්වා ගැනීමට වැසි කාලවලදී පතොක් ශාක ආවරණයක් යට තබන්න.
දැඩි වියළි කාලවලදී ජලය සපයන්න. නැතහොත් වර්ධනය බාල වෙයි.
ආලෝකය මද වීමේදී මාංසල කද දිගින් පමණක් වැඩි වේ. එසේ නම් හොදින් ආලෝකය ඇති තැනට මාරු කරන්න.
බහුල දිලීර රෝග ලෙස දැකිය හැක්කේ කද කුණුවීම හා පාදස්ථ කුණුවීමයි.
මේ රෝග දෙකම පැලනය සදහා
කුණු වු කොටස් ඉවත්කර වෙනත් බදුනක සිටුවන්න.
ජල සැපයුම අඩු කරන්න.
තවදුරටත් රෝගී තත්වය පවතී නම් කාබන්ඩසිම් අඩංගු දිලීර නාශකයක් මාධ්‍යයට යොදන්න.
බහුල පළිබෝධකයින් වනුයේ රතු මකුළු මයිටාවා, පිටිමකුණා හා කොරපොතු කෘමියා වේ.
තද ජල පහරක් මගින් මොවුන්ගේ ගහනය අඩුකළ හැකිය.
දැඩි පරික්ෂාව, සනීපාරක්ෂාණය, මනා පෝෂණය කෘමි පළිබෝධකයින් පාලනයට අත්‍යාවශ්‍යය.
මයිටා හානිය වැඩි නම් ගෙන්දගම් අඩංගු මයිටානාශකයක් ඉසින්න.
කොරපොතු කෘමීන් හා පිටිමකුණු හානිය වැඩි අවස්ථාවලදී ඩයිමොතොඒට් හෝ ඩයිසිනෝන් අඩංගු කෘමිනාශකයක් භාවිතා කරන්න.
පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්
- සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
- හැකි හැම විටම රෝගවලට ඔරෝතතු දෙන ප්‍රභේද තොරා ගන්න.
- පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය තත්වය පිළිබදව අවධානයකින් සිටින්න.
- පැල තවාන අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.
- කෘමි හා මයිටා ගහනයකත් පිළීබදව දිනපතා පරික්ෂා කරන්න.
- වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාවය පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
- ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
- දිනපතා පැලෑටි පරික්ෂාවට භාජනය කරන්න.
- අනවශ්‍ය පුද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
- රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.