Questions මවගේ ඇවෑමෙන් ඉඩමක් අයිති වීමේ නිතිමය පැත්ත?

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    512
    93
    වයස්ගත මවගේ නමට ඇති ඉඩමක්, ඇගේ අභාවයෙන් පස්සෙ ඇගේ එකම දරුවාට (මගේ වයිෆ්ට) අයිතිවීමේ ඇති නීතිමය පැත්ත කුමක්ද? මව ජීවත්ව සිටියදීම ඉඩම වයිෆ්ගේ නමට ලිවීම සුදුසුද? (පසුවට කරදර අඩුද?)
    1- ඉඩම ලියාගැනීමට දැනට කිසිඳු අවශ්‍යතාවයක් නැත. (ලෝන් එකක් ගැනීමට හෝ දරුවෙකු පාසලකට දමාගැනීම වැනි අවශ්‍යතා නැත)
    2. මවට සිටින එකම දරුවා, මගේ වයිෆ් පමණි.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    512
    93
    ප්‍රාණ භුක්තිය ඇතිව ලියාගත්තොත් ලේසියි මං හිතන්නේ
    බොහොම ස්තූතියි මචං. මට දැනගන්න ඕනෙ,
    1. මුද්දර ගාස්තු වියදම කොහොමත් දරන්න වෙනවද? (ජීවත්ව සිටියදී ලිව්වත්, අභාවයෙන් පසු අයිති වෙද්දිත් මුද්දරගාස්තු විදියට බදු අයකරනවද?)
    2. අභාවයෙන් පසු අයිති වෙද්දී, මරණ සහතික, දිවුරුම් ප්‍රකාශ වගේ ගොඩක් documents දෙන්න වෙනවද? ජීවත්ව ඉන්නකොට ලියාගන්න එක කරදර අඩුයිද?


    ප.ලි. : මගේ අදහසක් තියෙනවා, පස්සෙ කාලෙක මේ ඉඩමේ තව ගෙයක් හදන්න. ඒකට ඉඩමෙ අයිතිය වයිෆ්ගෙ නමට තියෙන්න ඕනෙ. එකයි.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    වයස්ගත මවගේ නමට ඇති ඉඩමක්, ඇගේ අභාවයෙන් පස්සෙ ඇගේ එකම දරුවාට (මගේ වයිෆ්ට) අයිතිවීමේ ඇති නීතිමය පැත්ත කුමක්ද? මව ජීවත්ව සිටියදීම ඉඩම වයිෆ්ගේ නමට ලිවීම සුදුසුද? (පසුවට කරදර අඩුද?)
    1- ඉඩම ලියාගැනීමට දැනට කිසිඳු අවශ්‍යතාවයක් නැත. (ලෝන් එකක් ගැනීමට හෝ දරුවෙකු පාසලකට දමාගැනීම වැනි අවශ්‍යතා නැත)
    2. මවට සිටින එකම දරුවා, මගේ වයිෆ් පමණි.

    සුදුසුම දේ ජිවත්ව සිටියදිම සිදුකිරිමයි

    එකම දරුවා උනාට කමක් නැ, ලියන්න ජිවතුන් අතර ඉදිද්දිම.

    මවට සැකයක් තියෙනවානම් ප්‍රාණබුක්තිය තියන් තැගි ඔප්පුවක් ලියන්න කියන්න.

    මව ඔප්පු ලියන්න කැමතිම නැත්තම් අන්තිම කැමැත්තෙන් පවරලා ඒක සහතික කරවාගන්න. ඔප්පුවකින් ලිව්වා වගේ නෙවෙයි, අන්තිම කැමැත්තකින් ලිව්වාම ඉඩම පවරාගන්න නිතිමය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා.

    මවට පැහැදිලි කරලා දෙන්න බේරුම් කරලා තියන එකේ වැදගත් කම. ලමයි උසාවි ගානේ රස්තියාදු නොකර සිටිමේ වැදගත්කම

    එකම දරුවනං, ලිවුවෙ නෑ කියල අවුලක් නෑ නේද.
    ගොඩ පෙරකදෝරු කම් නොකරනු
    ------ Post added on Mar 4, 2021 at 9:04 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    එකම දරුවනං, ලිවුවෙ නෑ කියල අවුලක් නෑ නේද.
    අම්මා පාලුවට තව ලමයෙක් අරන් හදාගන්න ගත්තොත එහෙම තමා පුක් වෙන්නේ අර මේකේ එකෙක්ට වුනේ😅😅😅
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලියාගත්තොත් ලේසියි...

    නැතත් කොහ්මත් ලියලා නැත්නම් අයිති වෙන්නෙ දරුවන්ට තමා ..
     
    • Haha
    Reactions: emoji diaries

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    512
    93
    මවට පැහැදිලි කරලා දෙන්න බේරුම් කරලා තියන එකේ වැදගත් කම. ලමයි උසාවි ගානේ රස්තියාදු නොකර සිටිමේ වැදගත්කම


    ඉඩමෙ අයිතියට වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒක ෂුවර්. එහෙම තත්වයකදි, උසාවිගානෙ රස්තියාදුවෙන්න වෙන එකක් නෑ නේද?
    මවගෙ නමටම තිබුනොත් කවදහරි අපි මේ ඉඩමෙ ගෙයක් හදද්දි ප්‍රශ්නයක් වෙයිද කියන එක තමයි ගැටලුව.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    @bandarawithana අම්මගේ නමට තියනවා කියන්නේ ඔයාටවත් බිරියගේ නමටවත් තියනවා කියන එක නෙවෙයි.

    ජිවතුන් අතර හිටියට මලත් එහෙමම තමයි.

    මලාම පවරාගන්න ප්‍රොසිඩියර් එකකට යන්න ඕනා කියලා පැහැදිලි ශුද්දවු සිංහලයෙන් ලියලා තියෙන්නේ ඒකයි. ඔයා හිතන්නේ නිතිකෘත්‍ය පිරිලා තියෙන්නේ මේ අයිතිවාසිකම් ඉල්ලගෙන එන අයගෙන් කියලාද ? හපෝ නැ.

    සරල උදාහරණයක් අතාරින්නද? සමහර කේස් වල අම්මලාගේ ලමයින්ගේ උප්පැන්න වල විස්තර ගැලපෙන්නේ නැ. ඉස්සර රෙජිස්ටාර්ලා හා තොරතුරු දෙන අය බුල් කෙලපු නිසා. ඔයවගේ කේස් නිසාම නොලියා ඉදලා පැවරුම් බුදල් කේස් ලමයාට වෙච්ච තැන් කියන්නද ? සරලව ගන්න එපා. කැමතිනම් සරලව ගන්න. මට මොකෝ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ekama daruwa unata sahodarayntath idiripath wenna puluwan lu suwamiya inawam eyatath idiripath wenna puluwan lu hondama de liyala thiya ganna eka kalinma.
    Ammata thani sinkkara ayithiya nam, marunama husband ta 1/2, lamayinta 1/2. sahodara anam manam case wenne idama nirawul nattam witharayi. bamuth buudal case waathayi, bukthiya thiyan idama liyawa ganin. ehema unath 10yrs athula revoke karanna puluwan.