මව්කිරි_විකිණීමට_තිබේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මව්කිරි_විකිණීමට_තිබේ

    7cdb027a8a6648b1999a0f56234a898e.jpg





    ලෝකය යන තාලය දැන් වෙනස් වී තිබේ. චීනයේදී නම් එය හුඟාක් වෙනස් විදයකට සිද්ධවෙයි. චීනයේ ධනවතුන්ට ගෘහ සේවිකාවන් සපයන සමාගමක අලුත්ම වෙළඳාම වී තිබෙන්නේ දොවාගත් මව් කිරි අලෙවි කිරීමයි.

    මෙම ආයතනය පිහුටුවා තිබෙන්නේ චීනයේ විශාල වාණිජ නගරයක් වන ෂෙන්ෂෙන් නගරයේය. සින්සින්යු නැමැති ගෘහ සේවිකා ආයතනය මෙම ව්‍යාපරය පවත්වාගෙන යයි. ඔවුන් පවසන්නේ “ වැඩිහිටියන්ට හට කිරි ලබා දෙන කාන්තාවකගේ පියයුරුවෙන්ම කිරි පානය කල හැකියි. යම් පුද්ගලයකුට එය ලජ්ජාශීලීයි නම් මව් කිරි වීදුරුවකට දොවා පානය කළ හැකියි“ ලෙසයි.

    පියයුරුවෙන් කෙළින්ම කිරි පානයට ලබා දෙන කාන්තාවකගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 2600 පමණ වේ. එය චීනයේ ඉතා ඉහල වැටුපකි. එම කාන්තාව නිරෝගී සහ ඉතා රූමත්නම් මීටත් වඩා ඉහල වැටුපක් ලබා ගත හැකිය.

    කෙසේ වෙතත් මෙම නවීන පන්නයේ මව් කිරි වෙළඳාම සමහර චීන ජාතිකයින් දකින්නේ නවීන ධනවතුන්ගේ චාරයක් නොමැති අශීලාචාරකමේ ලක්ෂණයක් බවයි. එමෙන්ම කාන්තාව වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමක් ලෙසද ඔවුන් දකිනවා. මෙම ව්‍යාපාරය මාතෘත්වයට කරන අපහාසයක් ලෙසද ඔවුන් පෙන්වා දෙනවා.

    තත්තවය මෙසේ වුවද චීන වැසියන් සියලු දෙනා මීට අකැමැති නැත. යම් යම් පිරිස් මීට පක්ෂව ඇත. ඔවුන් පවසන්නේ මව් කිරි වෙළඳාමද අනෙකුත් වෙළඳාම් මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරයක් බවයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවාක් සඳහා සැපයුම් කරුවන් සහ ඉල්ලුම්කරුවන් සිටීනම් එය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් බවයි ඔවුන් පවසන්නේ.

    කෙසේ වෙතත් මෙම මත ගැටුම නිසා චීනයේ ඇති වූ ඉතා උණුසුම් තත්වය නිසා චීන බලධාරීන් අදාල ගෘහ සේවිකාවන් සපයන ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා.

    චීනයේ මව්වරුන් තම දරුවන්ට මව් කිරි පෙවීම ඉතා පහල අනුපාතයක් වනවා. එය 2012 දී 28% ක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මීට හේතුව වන්නේ ගැබිනි මව්වරුන්ට ලැබෙන අඩු නිවාඩු ප්‍රමාණය සහ කිරි පිටි වෙළඳ දැන්වීම් වල ඇති බහුලතාවයයි.


    හොදනං දන්නවනේ
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඒකනේ උන්ට කොන්ඩේ බැදපු චීන්නු කියන්නේ....... මොලේ නෑ උන්ට....
     

    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    උතුම් වූ මව් පදවියත් මුන් බල්ලට දාන්න යනවා...නොදකින් විතරක්.. :no::no::angry::angry::angry:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Make hoda patthakuth theyanawa...

    Ammla nathi daruwanta, ammala wadata wana daruwanta, ammala ge kiri err enne nati daruwanta piti kiri nobee maw kiri bonna puluwan