මව්කුස පෝරකයක්‌ කරනු කිම!

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මව්කුස පෝරකයක්‌ කරනු කිම!

    baby.jpg

    මම දැන් ඉන්නේ දිව්‍යලෝකයේ. මට ගොඩාක්‌ ඕනෑ කලා අම්මගේ චුටි සුරතල් දුව වෙන්න. මට තාමත් හිතාගන්න බැහැ මොකද වුණේ කියලා.

    මම ගොඩාක්‌ සතුටු වුණා මම ජීවත් වෙන බව දැනෙන්න වුණාම. මම හිටියේ චුටි කළුවර ඒත් ගොඩාක්‌ සුවදායි තැනක. මම දැක්‌කා මගේ අත්වල හා කකුල් වල චූටි ඇඟිලි හැදිලා තිබුණා. මම ටිකින් ටික ලොකු වෙමින් හිටියේ හරිම සතුටකින්. ඒත් මම ඉන්න තැනින් එළියට එන්න නම් තව ගොඩාක්‌ කල් තිබුණා. ඉතින් මම වැඩිපුරම කළේ නිදාගන්න එක හා සිහින මවන එක. මම හැදෙන්න පටන් ගත්ත මුල් දවස්‌වල ඉඳන් මට අම්මත් එක්‌ක ලොකු ආදරණීය බැඳිමක්‌ තිබුණා. මට ලොකු ආරක්‌ෂාවක්‌ ඇතිබව දැනුණා.

    ටික දිනකට පස්‌සේ අම්මේ, මට ඇහුණා අම්මා අඬනවා. එතකොට මමත් අම්මත් එක්‌ක ඇඬුවා අම්මේ. අම්මා ඒක දන්නේ නැහැ නේද? සමහර දිනවල අම්මා හයියෙන් කෑගහලා ඇඬුවා. මට ඇහුණා තාත්තත් ආපිට හයියෙන් මොනවද කියලා කෑගහනවා. මට ගොඩාක්‌ දුක හිතුණා. මම බලාපොරොත්තුවෙන් හිටියා මගේ අම්මා ඉක්‌මණින් සතුටින් ඉන්නවා දකින්න. මට හිතාගන්න බැරිවුණා මගේ අම්මා මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා, අඬන්නේ ඇයි කියලා. මට මතකයි දවසක්‌ අම්මා දවස පුරාම ඇඬුවා. මගේ හිත මගේ අම්මා ගැන ගොඩාක්‌ දුක්‌වුණා. මට හිතාගන්න බැරිවුණා අම්මා ඇයි එදා ඒ තරම් අසතුටකින් හිටියේ කියලා.

    අම්මේ, එදා හරිම භයානක දෙයක්‌ සිද්ධ වුණා. හරිම භයානක භුතයෙක්‌ මම හිටිය උණුසුම් සුවදායි තැනට ඇතුළු වුණා. මම හරියට බය වුණා. මම හයියෙන් කෑගැහුවා. ඒත් අම්මා මගේ උදව්වට ආවේ නැහැනේ. ඒ ඇයි මගේ අම්මේ? සමහරවිට අම්මට මම කෑගහනවා ඇහෙන්න නැතුව ඇති නේද? ඒ භයානක භුතයා හෙමින් හෙමින් මම ළඟටම ආවා. මම දිගින් දිගටම පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. "අම්මේ, අම්මේ මාව බේරාගන්න අම්මේ. භුතයෙක්‌ මාව අරන් යන්න හදනවා. අම්මේ මට උදව් කරන්න අම්මේ" කියලා මම හොඳටම පණ නැතිවෙනකම්, තවත්නම් බැහැ කියලා හිතෙන තරම් කැගැහුවා.

    එතකොටම ඒ භුතයා මගේ චූටි අතපය ඇදලා ගලවන්න පටන් ගත්තා. මට ඉවසන්න බැරි තරම් ගොඩාක්‌ රිදුණා මගේ අම්මේ. ඒ වේදනාව ගැන කියන්න වචන නැහැ.

    අනේ මම අඬලා කිවා, ආයාචනා කලා, මට හිරිහැර කරන්න එපා කියලා. මම කාටවත් වරදක්‌ කරලා නැහැනේ. ඇයි මට මෙහෙම කරන්නේ කියලා ඇහුවා. ඒත් ඒ භුතයා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.

    මට හයියෙන් කෑගැහුණා අම්මේ භුතයා මගේ චූටි දකුණු කකුල ගලවලා ගන්න කොට ගොඩාක්‌ වේදනාවෙන් සිටිය මම ටිකින් ටික මිය යමින් හිටියා. මම දැනගත්තා ආයේ කවදාවත්ම මට මගේ අම්මගේ මුහුණ බලන්නවත්, "ආදරෙයි මගේ චුටි පැටියෝ" කියලා මගේ අම්මා මාව සිපගන්නව දකින්නවත් ලැබෙන්නේ නැති බව.

    මට ඕනැ කරලා තිබුණා අම්මේ අම්මාගේ ඔක්‌කොම දුක්‌ කදුළු ඈත් කරලා සතුටින් තියන්න. ඒකට මම ගොඩක්‌ දේවල් සැළසුම් කරලයි තිබුණේ. දැන් මට ඒ දෙවල් මොකුත් කරන්න වෙන්නේ නැහැ අම්මේ. මගේ හීන ඔක්‌කොම බිඳිලා විසිරිලා ගියා, ඒ ගැන මගේ හිතේ ඇති වුණු වේදනාව අනිත් ඔක්‌කොටම වඩා ලොකුයි අම්මේ. මට ඔක්‌කොටම වඩා ඕනෑ වෙලා තිබුණේ අම්මාගේ චූටි, ලස්‌සන සිඟිති දෝණි වෙන්න. අම්මත් එක්‌ක සුරතල් වෙන්න, අම්මට තුරුල් වෙලා උණුසුම් වෙන්න. ඒත් දැන් වැඩක්‌ නැහැ. මම වේදනාවෙන්ම මිය යමින් හිටියා.

    මට හිතාගන්න පුළුවන් එකම දේ එයාලා මගේ අම්මට කරන්න ඇති භයානක දේවල් විතරයි. නැත්තම් මගේ අම්මා ඒ භුතයාව එලවලා මාව බේරාගන්නා බව මම දන්නවා අම්මේ.

    මට ඕනැ කළා අම්මේ මම යන්න කලින් මම මගේ අම්මට ගොඩාක්‌ ආදරෙයි කියලා කියන්න. ඒත් අම්මේ අම්මට ඇහෙන්න, තේරෙන්න, ඒක කියන්නේ කොහොමද කියලා මට තේරුණේ නැහැ.

    ඊට පස්‌සේ ඉක්‌මණින්ම මම මිය ගියා. මට දැනුණා මම ඉහළට එසවෙනවා. සුර දූතයෙක්‌ ඇවිත් මාව ඔසවන් ලස්‌සන ලොකු තැනකට ගියා. ඒ වෙනකොටත් මම අඬමින් හිටියේ. ඒත් මට කිසිම වේදනාවක්‌ දැනුණේ නැහැ. ඉන්පස්‌සේ මාව ලස්‌සන පුදුමාකාර තැනකට අරන් ගියා. ඒ දිව්‍ය ලෝකය බව මම පසුව දැනගත්තා. මම සුරදූතයාගෙන් ඇහුවා කවුද මාව මේ විදියට ගොඩාක්‌ වද දීලා මරලා දැම්මේ කියලා. එයා කිවා ඒ "ගබ්සාව" කියලා. මට ගොඩාක්‌ දුක හිතුණා මට දැනුණු වේදනාව මතක්‌ වෙලා. මම දන්නේ නැහැ අම්මේ "ගබ්සාව" කියන්නේ මොකක්‌ද? කියලා. ඒත් මම හිතනවා ඒ අර භයානක භුතයාගේ නම වෙන්නැති කියලා.

    මගේ ආදරණීය අම්මේ, මේ ලිපිය ලිවේ මගේ අම්මට මම ගොඩක්‌ ආදරේ බව කියන්න, මට අම්මගේ සුරතල් දුව වෙන්න කොයිතරම් උවමනාවක්‌ තිබුණ ද කියලා කියන්න. මම ගොඩාක්‌ උත්සාහ කළා ජීවත් වෙන්න. මට ජීවත්වෙන්න ඕනැකම තිබුණත් මට ඒකක කරගන්න බැරිවුණා. අර භුතයා ගොඩාක්‌ බලවත්. එයා මගේ චූටි අතපය ගලවලා, ඊට පස්‌සේ මගේ ඇඟේ ඉතිරි කෑලිත් ඉරලා ගලවලා ගත්තා. ඒ නිසා මට තවදුරටත් ජීවත්වෙන්න බැරිවුණා. මම අම්මා එක්‌ක ඉන්න අන්තිම මොහොත දක්‌වාම උත්සහ කළා. මට මියයන්න උවමනාවක්‌ තිබුණේ නැහැ අම්මේ.

    අම්මේ, අර "ගබ්සාව" කියන භූතයාගෙන් පරිස්‌සම් වන්න. මම මගේ අම්මට ගොඩක්‌ ආදරෙයිනේ. ඒ නිසා මම කැමති නැහැ මගේ අම්මට මම වින්ද වේදනාව විඳින්න වුනොත් එහෙම. ඒ නිසා අම්මේ පරිස්‌සමින් ඉන්න.

    මා ඔබේ ආදරණීය

    චූටි දුව.

    ගබ්සාවන් මඟින් මරා දමනු ලබන දහස්‌ සංඛ්‍යාත කළලයන්ට කථා කළ හැකි නම්, දෙව්ලොව සිට ලිපියක්‌ එවිය හැකිනම්, ඒ සියළු දෙනාම පාහේ කියනු ඇත්තේ ඉහත කථාවම නොවේද? ධර්මද්වීපය ලෙස ප්‍රකටව පැවති අපේ රට මේ අන්දමින් කාටවත් වරදක්‌ කර නොමැති අහිංසකයින් දහස්‌ ගණනක්‌ මරා දමන තරමට පිරිහුණේ කෙසේද? ලොව කිසිදු ආගමකින් අනුමත නොකරන "ගබ්සාව", ලංකාවේ නිතිගත කිරිමට සැරසෙන්නේ කෙසේද?

    ගබ්සාවක්‌ කර ගැනීමට කාන්තාවක්‌ යොමුවීමට හේතු රාශියක්‌ ඇත. දරිද්‍රතාවය, අවිවාහකව ගැබ්ගැනිම්, අනියම් සබඳතා නිසා ගැබ්ගැනිම්, දුෂණයට ලක්‌ වීම නිසා ගැබ්ගැනීම්, පවුල් සැළසුම් ක්‍රම අසාර්ථක විම නිසා ගැබ්ගැනීම් සහ තමන්ගේ අනාගත සැළසුම් සඳහා ගර්භණීභාවය බාධාවක්‌ වීම හේතුවෙන් ගබ්සා කරගැනීම් වැනි හේතුන් මේ අතර ප්‍රමුඛ වෙනවා.

    ලංකාවේ දැනට ගබ්සා කිරීම නීතිවිරෝධී බැවින් මෙම අවශ්‍යතාව ඇති අය යොමුවන්නේ නීතිවිරෝධීව ගබ්සාව සිදු කරන පුද්ගලයන් හා මධ්‍යස්‌ථාන වෙතය.

    ගබ්සාවන් සිදුකරන පෞද්ගලික රෝහල් සහ මධ්‍යස්‌ථාන සමහරක මෙය සිදු කරන්නේ වෛද්‍යවරුන් විසිනි. නමුත් බොහෝ මධ්‍යස්‌ථාන වල වෛද්‍ය විද්‍යාව ගැන කිසිවක්‌ නොදත් ව්‍යාජ වෛද්‍යවරුන් විසින් මෙම කාර්යය කරනු ලැබේ.

    එසේම සමහර ප්‍රදේශවල ගබ්සාවන් සිදුකරනා පිරිමි සහ ගැහැණු සිටිති. විශේෂයෙන්ම වතුකරය ආශ්‍රිතව මෙවන් වයසක කාන්තාවන් දැකිය හැක. බොහෝ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්‌ථානවල ගබ්සාවන් සිදුකිරීම සදහා නවීන උපකරණ භාවිතා කළත්, ගම් ප්‍රදේශවල ඉහත පුද්ගලයන් ගබ්සාවන් සිදු කරන්නේ ඉතා ග්‍රාම්‍ය ආකාරයටය. ගැබ සහිත කාන්තාවගේ ගර්භාෂයට එඬරුකෝටු බයිසිකල් ස්‌පෝක්‌ කම්බි වැනිදේ ඇතුලත් කර ගැබ තුල දරුවා විනාශ කිරීමක්‌ මෙහිදි සිදු කරයි. මෙය ඉතා භයානක වන්නේ එමගින් ගැබතුළ දරුවා විනාශ වනවා පමණක්‌ නොව එම කාන්තාව බරපතල ලෙස රෝගී වී මියයාමට ඇති දැඩි අවදානමයි. විෂබීජ හරණය නොකළ ඉහත ද්‍රව්‍යයන් කාන්තාවගේ සිරුර තුලට ඇතුළු කිරීම මඟින්, භයානක විෂබීජ රාශියක්‌ අනිවාර්යයෙන්ම ඒ සමඟ ඇතුළු වේ. නිර්වායු පරිසරයක්‌ තුල, රුධිරය මත ගුණනය වන එම විෂබීජ භයානක රෝග තත්වයක්‌වන .Septicaemia. රෝගය ඇති කරයි. තමන් නීති විරෝධි ගබ්සාවක්‌ කරගෙන ඇති බැවින් අදාළ කාන්තාව අධික උණ, රුධිර වහනය, උදරයේ දැඩි වේදනාව වැනි රෝග ලක්‌ෂණ තිබුණත් රෝහලකට පැමිණ ප්‍රතිකාර ලබා ගැනිමට පැකිලේ. එවිට අවසන් මොහොතේ රෝහලට පැමිණීම මත රෝගීයාගේ ජීවිතය දැඩි අවදානමකට ලක්‌වේ. එසේම, එසේ ප්‍රතිකාර සඳහා පැමිණියද ඔවුන් තමන් ගබ්සාවක්‌ කර ගත් බව පිළිනොගැනීම නිසා රෝගය සොයා ගැනීමට වෛද්‍යවරුන්ට කාලයක්‌ ගත වීමද මෙවන් ජීවිත බේරා ගැනීමේදී ප්‍රශ්නයක්‌ව පවති.

    මීට අමතරව ගැබ්ගත් මුල් අවධියේදිම ගබ්සාවට ලක්‌ කිරිම නිසා අධික රුධිර වහනයක්‌ සිදු වී එම මවගේ ජීවිතය නැතිවිමේ අවදානමයක්‌ද පවති. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව ගර්භාෂය තදින් සංකෝචනය වී රුධිරනාල අවහිර කර, රුධිර වහනය නවත්වයි. මේ සදහා සිරුරේ නිපදවෙන "ඔක්‌සිටෝසීන්" හෝමෝනය වැදගත් වේ. මෙම හෝමෝනය මුල් අවධියේ කළලයක්‌ සහිතව වූ ගර්භාෂය මත ක්‍රියාත්මක නොවේ. එවිට රුධිරය ගැලීම නැවැත්වීමට නොහැකි වීම නිසා, එම කාන්තාවගේ ජීවිතය බේරා ගැනිම සදහා ගර්භාෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සිදු වේ.

    එසේම ගර්භාෂය සිදුරු වීම සහ රුධිර කැටි මඟින් පැලෝපීය නාල අවහිර වීම සිදුවිය හැක. එමගින් එම කාන්තාව වදභාවයට පත් වීමේ අවදානමක්‌ද පවතී. රුධිර කැටි, ශීරා තුලට ඇතුළු වී ඉහලට ගමන් කොට පෙනහළු වල සිරවීම මඟින් ද එම කාන්තාව ජීවිතක්‌ෂයට පත්වීමේ හැකියාවක්‌ පවති.

    නෙගටිව් වර්ගයේ රුධිරය ඇති කාන්තාවක්‌ මෙලෙස ගබ්සාවක්‌ කරගැනීමේදි කළලයේ රුධිර ගණය පරීක්‌ෂා නොකරන බැවින් එම කළලය පොසිටිව් රුධිර ගණයට අයත්ව තිබුණේනම් එම රුධිරය කාන්තාවගේ රුධිරය හා මිශ්‍රවී පොසිටිව් රුධිර ගණයට එරෙහි ප්‍රතිදේහ කාන්තාවගේ රුධිරයේ වර්ධනය වීම මඟින් පසුකාලිනව දරුවන් ගැබ් තුලම මියයැමේ ප්‍රවණතාවයක්‌ පවතී.

    ගබ්සාවන් කිරීම සදහා රුපියල් 5,000.00 සිට 70,000.00 දක්‌වා පමණ මුදලක්‌ අය කරනු දක්‌නට ලැබේ. කළලයට වයස වැඩිවීමත් සමග අය කරන මුදලද වැඩිවේ.

    ගබ්සා මධ්‍යස්‌ථානවල ගබ්සාවන් සිදු කරන පිරිමි පුද්ගලයන් බොහෝ විට රූමත් කාන්තාවන් පැමිණි විට, ගබ්සා කිරීමට කලින් ඔවුන් දූෂණයට ලක්‌කරනු ලබන බවට තොරතුරු ඇත. ගබ්සාව නීතිවිරෝධී බැවින්, සහ ගබ්සාව සිදුකරගත යුතු බැවින් අතවරයට ලක්‌ වන කාන්තාවන් ඒ පිළිබදව පොලීසියට පැමිණිලි නොකරන බැවින් මෙම පුද්ගලයන් අඛණ්‌ඩව මෙම ක්‍රියාව සිදුකරගෙන යනු ලැබේ.

    මෙවැනි ක්‍රියාවන් මඟින් මෙන්ම නිසි පරිදි විෂබීජ නාශනය නොකළ උපකරණ භාවිතය නිසා රුධිරය මඟින් සම්ප්‍රේෂණය වන AIDS වැනි භයානක රෝග පැතිරීමේ අවදානමක්‌ ඇත.

    මේ සියලුම හේතූන් නිසා ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු යෑයි සමහර අය විශේෂයෙන් කාන්තා සංවිධාන යම් හඩක්‌ නඟන බව පෙනී යයි. කාන්තාවන්ගේ සිරුර ගැන තීරණ ගැනීමට කාන්තාවට අයිතියක්‌ ඇති බව ඔවුන් තර්ක කරයි. එය සැබවි. එහෙත් කාන්තාව තුල වැඩෙන, කාන්තාවගෙන් ස්‌වායත්ත වූ ජීවියා මරා දැමීමට කාන්තාවට අයිතියක්‌ තිබේද? වැඩිහිsටියන් කරන ක්‍රියාවන් හේතුවෙන් මේ ලෝකයේ කාටවත් වරදක කර නොමැති අහිංසක ජීවයක්‌ විනාශ කිරිම සාධාරණීකරණය කළ හැක්‌කේ කෙසේද? මෙයට තිබෙන එකම විසදුම මෙය පමණක්‌ද?

    කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ගැබ් ගැනීමේ සරු කාලය වන්නේ මාසයකටම දින 06 ක්‌ පමණි. ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බයක්‌ පැය 24 ක්‌ ජීවත් වේ. ශුක්‍රානුවක ආයු කාලය පැය 72 කි. සජීවී ඩිම්බයකට සජීවී ශුක්‍රානු හමු වූ විට පමණක්‌ ගැබ් ගැනීමක්‌ සිදු වේ. එනම්, ඩිම්බයක්‌ මෝචනය වීමට දින 03 කට ප්‍රථම සහ ඩිම්බ මෝචනයෙන් පැය 24 ක්‌ ඇතුළත ලිංගික සම්බන්ධතාවක්‌ පැවැත් වූ විට ගැබ් ගැනීමේ දැඩි සම්භාවිතාවයක්‌ පවතී. ඩිම්බකෝෂයකින් ඩිම්බයක්‌ පිටවීෙමිsදි කාන්තාවගේ සිරුරේ උෂ්ණත්වය මද වශයෙන් ඉහල නගින අතර, නියමිත දිනගණනකට අනූව ඔසප් චක්‍රය සිදුවේනම්, ඩිම්බයක්‌ මෝචනය වන දිනය වන්නේ චක්‍රයට ගතවන සම්පූර්ණ දින ගණනින් දින 14 ක්‌ අඩු කළ විට එන දිනයයි. උදාහරණයක්‌ ලෙස දින 28 ක ඔසප් චක්‍රයක්‌ ඇති අයකුගේ ඩිම්බයක්‌ මෝචනය වන්නේ 14 වන දවසේය. දින 30 ක චක්‍රයක්‌, නම් 16 වන දිනයේය. එවිට පහසුවෙන් මෙම "සරු කාලය" ගණනය කර ගත හැක.

    එසේ වුවද කලාතුරකින් අනෙක්‌ දිනවලදීද ගැබ් ගැනීමේ යම්සම්භාවිතාවයක්‌ ඇති බැවින් නිතර ලිංගික සම්බන්ධතා පවත්වන යුවලක්‌ නම් අඛණ්‌ඩව උපත් පාලන ක්‍රම වේදයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. එසේම හදිසියේ සිදුවන ලිංගික සම්බන්ධතාවයකට පසුව, නැතහොත් ලිංගික දූෂණයකට ලක්‌ වූ වහාම හදිසි උපත්පාලන පෙති, සිදුවීමෙන් පැය 72 ක්‌ ඉක්‌මවා යාමට ප්‍රථමව භාවිතා කිරීම මගින් ගැබ්ගැනීමක්‌ පහසුවෙන් වලක්‌වා ගත හැකි වෙනවා. මෙම හදිසි උපත් පාලන පෙති දිවයිනේ ඕනෑම ෆාමසියකින් රු100 කට වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගත හැක. එහි පෙති 02 ක්‌ අඩංගු වන අතර එක්‌ පෙත්තක්‌ හැකි ඉක්‌මනින් පානය කර අනෙක්‌ පෙත්ත ඉන් පැය 12 කට පසුව පානය කළ යුතුය. මෙය ඉතා සරල, සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රියාවක්‌ බැවින් මෙම දැනුම පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකිය. ලංකාවේ සියලුම ගම්මාන වල වින්නඔq මාතාවන් සිටින අතර දියුණු සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් පවතී. සියලුම ගම්මානවල කාන්තා සමිති සහ යෞවන සමාජද ඇත. එබැවින් මෙම දැනුම ගැබ්ගැනීමේ වයස්‌වල පසුවන දරුවන් ඇතුළු සියළු දෙනාටම ලබා දීම පහසුවෙන් කළ හැකි නොවේද? එමඟින් මෙලෙස ගබ්සාකර ගැනීම් අවම කර ගත නොහැකිද?

    යම් යම් කොන්දේසි මත හෝ ගබ්සාව නීතිගත කිරීම සුදුසු දැයි තීරණය කිරීම නැවත සිතා බැලිය යුත්තේ එමගින් නීති විරෝධීව සිදු කරන ගබ්සාවන් තවත් කරගෙන යාමට නීතියේ සිදුරක්‌ සාදන බැවිනි. එසේ අත්‍යවශ්‍යම නම්, ඒ සදහා තීරණය ගත යුත්තේ මහාධිකරණයයි. මක්‌නිසාදයත් මිනිස්‌ ජීවියකුට "මරණ දඬුවම" දිය හැක්‌කේ අධිකරණයට පමණක්‌ බැවිනි. එවිට එම ගැබ දරන කාන්තාව තම කුසතුල සිටින දරුවාට එරෙහිව සිදු කරන පැමිණිල්ල පිළිබදව විමසා බලා එම දරුවා වරදකරු බවට අධිකරණය තීරණය කළහොත්, එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන්ට නියම කරනු ඇත.

    එසේ වුවද මේ කිසිවක්‌ තේරුම්ගත නොහැකි ගැබ තුල සිටින දරුවා තමන්ගේ මවට අසීමිතව ආදරය කරනු ඇත. "අම්මේ, මට ඕනැ හලායන්න කලින් මගේ අම්මාට මම ගොඩක්‌ ආදරය කළ බව කියන්න". දෙව්ලොවින් ආ ලිපියේ වු සටහන මේ ලිපිය අවසන් කරන මොහොතෙත් මගේ සිතේ ඇති කරන්නේ තද බල කම්පනයකි. දයාබර මවුවරුනි, ඔබටත් එය එලෙසම දැනෙනවා යයි විශ්වාස කරමි.

    වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුභසිංහ
    M.B.B.S. (Peradeniya)

    උපුටා ගැනීම....,
    http://www.divaina.com/2012/08/05/feature07.html
     
    Palihawadana1990

    Well-known member
  • baby.jpg

    මම දැන් ඉන්නේ දිව්‍යලෝකයේ. මට ගොඩාක්‌ ඕනෑ කලා අම්මගේ චුටි සුරතල් දුව වෙන්න. මට තාමත් හිතාගන්න බැහැ මොකද වුණේ කියලා.

    මම ගොඩාක්‌ සතුටු වුණා මම ජීවත් වෙන බව දැනෙන්න වුණාම. මම හිටියේ චුටි කළුවර ඒත් ගොඩාක්‌ සුවදායි තැනක. මම දැක්‌කා මගේ අත්වල හා කකුල් වල චූටි ඇඟිලි හැදිලා තිබුණා. මම ටිකින් ටික ලොකු වෙමින් හිටියේ හරිම සතුටකින්. ඒත් මම ඉන්න තැනින් එළියට එන්න නම් තව ගොඩාක්‌ කල් තිබුණා. ඉතින් මම වැඩිපුරම කළේ නිදාගන්න එක හා සිහින මවන එක. මම හැදෙන්න පටන් ගත්ත මුල් දවස්‌වල ඉඳන් මට අම්මත් එක්‌ක ලොකු ආදරණීය බැඳිමක්‌ තිබුණා. මට ලොකු ආරක්‌ෂාවක්‌ ඇතිබව දැනුණා.

    ටික දිනකට පස්‌සේ අම්මේ, මට ඇහුණා අම්මා අඬනවා. එතකොට මමත් අම්මත් එක්‌ක ඇඬුවා අම්මේ. අම්මා ඒක දන්නේ නැහැ නේද? සමහර දිනවල අම්මා හයියෙන් කෑගහලා ඇඬුවා. මට ඇහුණා තාත්තත් ආපිට හයියෙන් මොනවද කියලා කෑගහනවා. මට ගොඩාක්‌ දුක හිතුණා. මම බලාපොරොත්තුවෙන් හිටියා මගේ අම්මා ඉක්‌මණින් සතුටින් ඉන්නවා දකින්න. මට හිතාගන්න බැරිවුණා මගේ අම්මා මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා, අඬන්නේ ඇයි කියලා. මට මතකයි දවසක්‌ අම්මා දවස පුරාම ඇඬුවා. මගේ හිත මගේ අම්මා ගැන ගොඩාක්‌ දුක්‌වුණා. මට හිතාගන්න බැරිවුණා අම්මා ඇයි එදා ඒ තරම් අසතුටකින් හිටියේ කියලා.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    අනේ අම්මෙ මටත් දෙන්න..
    ලෝකයේ ලස්‌සන බලන්න..
    මාස දෙකයි තවමත් මට...
    අනේ එපා මා මරන්න..

    ඔය දෙන්නගෙ රහස්‌ කතා..
    මගෙ හදවත සිදුරු කලා...
    මාව මරන්නට කියලා..
    තාත්තා මගේ රන්ඩු කලා...

    ඔයා අඩන විට හිමිහිට...
    මටත් ඇඩේනවා නොදැනිම..
    ඔයා අම්මෙ මොන වගේද...
    ආසයි මට බලා ගන්න...

    කොහෙ ඉදලද මු ආවේ...
    තාත්තා කියනවා ඇසුනා...
    මොනවා කලත් එයා මගේ..
    තාත්තානේ... මට සිතුනා...

    දොස්‌තර මාමා කීවත්...
    ''අනේ ඕක මහා වැඩක්‌ද?''......
    අනේ අම්මෙ තව සිතන්න..
    තාත්තාට කියලා දෙන්න....

    කල පින් මගේ මදි හින්දද.......
    මට ඔය ලෝකය දකින්න.....
    ආයෙත් මට පින් කරන්න....
    ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න....

    කල පින් මගේ ඇති වේවා...
    මම ලෝකේට බිහි වේවා.....
    ඔය දෙන්නම බුදු වේවා......
    මගේ ලෝකය මගේ වේවා....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    අම්මේ, එදා හරිම භයානක දෙයක්‌ සිද්ධ වුණා. හරිම භයානක භුතයෙක්‌ මම හිටිය උණුසුම් සුවදායි තැනට ඇතුළු වුණා. මම හරියට බය වුණා. මම හයියෙන් කෑගැහුවා. ඒත් අම්මා මගේ උදව්වට ආවේ නැහැනේ. ඒ ඇයි මගේ අම්මේ? සමහරවිට අම්මට මම කෑගහනවා ඇහෙන්න නැතුව ඇති නේද? ඒ භයානක භුතයා හෙමින් හෙමින් මම ළඟටම ආවා. මම දිගින් දිගටම පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. "අම්මේ, අම්මේ මාව බේරාගන්න අම්මේ. භුතයෙක්‌ මාව අරන් යන්න හදනවා. අම්මේ මට උදව් කරන්න අම්මේ" කියලා මම හොඳටම පණ නැතිවෙනකම්, තවත්නම් බැහැ කියලා හිතෙන තරම් කැගැහුවා.

    එතකොටම ඒ භුතයා මගේ චූටි අතපය ඇදලා ගලවන්න පටන් ගත්තා. මට ඉවසන්න බැරි තරම් ගොඩාක්‌ රිදුණා මගේ අම්මේ. ඒ වේදනාව ගැන කියන්න වචන නැහැ.

    අනේ මම අඬලා කිවා, ආයාචනා කලා, මට හිරිහැර කරන්න එපා කියලා. මම කාටවත් වරදක්‌ කරලා නැහැනේ. ඇයි මට මෙහෙම කරන්නේ කියලා ඇහුවා. ඒත් ඒ භුතයා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.

    මට හයියෙන් කෑගැහුණා අම්මේ භුතයා මගේ චූටි දකුණු කකුල ගලවලා ගන්න කොට ගොඩාක්‌ වේදනාවෙන් සිටිය මම ටිකින් ටික මිය යමින් හිටියා. මම දැනගත්තා ආයේ කවදාවත්ම මට මගේ අම්මගේ මුහුණ බලන්නවත්, "ආදරෙයි මගේ චුටි පැටියෝ" කියලා මගේ අම්මා මාව සිපගන්නව දකින්නවත් ලැබෙන්නේ නැති බව.

    මට ඕනැ කරලා තිබුණා අම්මේ අම්මාගේ ඔක්‌කොම දුක්‌ කදුළු ඈත් කරලා සතුටින් තියන්න. ඒකට මම ගොඩක්‌ දේවල් සැළසුම් කරලයි තිබුණේ. දැන් මට ඒ දෙවල් මොකුත් කරන්න වෙන්නේ නැහැ අම්මේ. මගේ හීන ඔක්‌කොම බිඳිලා විසිරිලා ගියා, ඒ ගැන මගේ හිතේ ඇති වුණු වේදනාව අනිත් ඔක්‌කොටම වඩා ලොකුයි අම්මේ. මට ඔක්‌කොටම වඩා ඕනෑ වෙලා තිබුණේ අම්මාගේ චූටි, ලස්‌සන සිඟිති දෝණි වෙන්න. අම්මත් එක්‌ක සුරතල් වෙන්න, අම්මට තුරුල් වෙලා උණුසුම් වෙන්න. ඒත් දැන් වැඩක්‌ නැහැ. මම වේදනාවෙන්ම මිය යමින් හිටියා.

    මට හිතාගන්න පුළුවන් එකම දේ එයාලා මගේ අම්මට කරන්න ඇති භයානක දේවල් විතරයි. නැත්තම් මගේ අම්මා ඒ භුතයාව එලවලා මාව බේරාගන්නා බව මම දන්නවා අම්මේ.

    මට ඕනැ කළා අම්මේ මම යන්න කලින් මම මගේ අම්මට ගොඩාක්‌ ආදරෙයි කියලා කියන්න. ඒත් අම්මේ අම්මට ඇහෙන්න, තේරෙන්න, ඒක කියන්නේ කොහොමද කියලා මට තේරුණේ නැහැ.

    ඊට පස්‌සේ ඉක්‌මණින්ම මම මිය ගියා. මට දැනුණා මම ඉහළට එසවෙනවා. සුර දූතයෙක්‌ ඇවිත් මාව ඔසවන් ලස්‌සන ලොකු තැනකට ගියා. ඒ වෙනකොටත් මම අඬමින් හිටියේ. ඒත් මට කිසිම වේදනාවක්‌ දැනුණේ නැහැ. ඉන්පස්‌සේ මාව ලස්‌සන පුදුමාකාර තැනකට අරන් ගියා. ඒ දිව්‍ය ලෝකය බව මම පසුව දැනගත්තා. මම සුරදූතයාගෙන් ඇහුවා කවුද මාව මේ විදියට ගොඩාක්‌ වද දීලා මරලා දැම්මේ කියලා. එයා කිවා ඒ "ගබ්සාව" කියලා. මට ගොඩාක්‌ දුක හිතුණා මට දැනුණු වේදනාව මතක්‌ වෙලා. මම දන්නේ නැහැ අම්මේ "ගබ්සාව" කියන්නේ මොකක්‌ද? කියලා. ඒත් මම හිතනවා ඒ අර භයානක භුතයාගේ නම වෙන්නැති කියලා.

    මගේ ආදරණීය අම්මේ, මේ ලිපිය ලිවේ මගේ අම්මට මම ගොඩක්‌ ආදරේ බව කියන්න, මට අම්මගේ සුරතල් දුව වෙන්න කොයිතරම් උවමනාවක්‌ තිබුණ ද කියලා කියන්න. මම ගොඩාක්‌ උත්සාහ කළා ජීවත් වෙන්න. මට ජීවත්වෙන්න ඕනැකම තිබුණත් මට ඒකක කරගන්න බැරිවුණා. අර භුතයා ගොඩාක්‌ බලවත්. එයා මගේ චූටි අතපය ගලවලා, ඊට පස්‌සේ මගේ ඇඟේ ඉතිරි කෑලිත් ඉරලා ගලවලා ගත්තා. ඒ නිසා මට තවදුරටත් ජීවත්වෙන්න බැරිවුණා. මම අම්මා එක්‌ක ඉන්න අන්තිම මොහොත දක්‌වාම උත්සහ කළා. මට මියයන්න උවමනාවක්‌ තිබුණේ නැහැ අම්මේ.

    අම්මේ, අර "ගබ්සාව" කියන භූතයාගෙන් පරිස්‌සම් වන්න. මම මගේ අම්මට ගොඩක්‌ ආදරෙයිනේ. ඒ නිසා මම කැමති නැහැ මගේ අම්මට මම වින්ද වේදනාව විඳින්න වුනොත් එහෙම. ඒ නිසා අම්මේ පරිස්‌සමින් ඉන්න.

    මා ඔබේ ආදරණීය

    චූටි දුව.
    :(:(:(

    මචන් මම උබෙ ත්‍රේඩ් එක එඩිට් කලා.... එකට සොරි...............:(:(:(
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් උබ නම් දෙයියෙක්.... මම ලොකයෙ අකමැතිමදෙ තමා ගබ්සාව..... මමත් ත්‍රෙඩ් එකක් දැම්ම පොඩ්ඩක් බලන්න ඒක ..............

    http://www.elakiri.com/forum/showthread.php?t=1446305

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඔව් මචං. එක ඇත්ත, මමත් පුදුම අකමැති දෙයක්. මේක කියෙවුවම ඒක තවත් හිතට දැනුනා. එනිසයි මෙතන දැම්මේ හැමෝටම කියවන්න.
    එත් reply 5යි. බලපු උන් අඩුතරමේ bump එකක් දැම්මනම් තව කෙනෙක් මේක කියවනවානේ. එත් ඉතින් කොහෙහරි ගැනියෙක් ගැන දැම්මනම් මෙතන comment වැහි වැහැල තියෙයි.
    Edit කලට අවුලක් නෑ. එකෙන් තව දෙයක් thread එකට එකතුවෙලා. thanx උබට. අනික මේක මං ලියපු එකක් නෙමෙයිනෙ.

    watina post ekak yaluwa..

    Thanx machan

    කෝරලේමහත්තයා;13157611 said:

    Thanx machan
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙම වෛද්‍යවරයා ලියූ ලිපිය ඉතාම උසස් මට්ටමේ එකක් බව කිව යුතුයි.:)

    මම වෛද්‍ය ප්‍රීථයේ පළමු වසරේ ඉන්නකොට පිරිසක් ඇවිත් ප්‍රශ්ණාවළියක් ඉදිරිපත් කළා... එහි තිබුනේ ගබ්සාව සාධාරණීරකරය කළ යුතු යයි සිතන හේතු ගණනාවක්...

    ඔවුන්ට අවශ්‍ය වුනේ මේ හේතු වලින් වෛද්‍ය ශිෂ්‍යයන් පිළිගන්නේ මොනවද කියන එක දැනගෙන එම ප්‍රතිඵල අවසාන වසරේදී වෙනස් වේදැයි පරීක්ෂා කිරීමයි.

    මම "මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා" කියන කාරණය හැර අනික් සියළුම හේතු ප්‍රතික්ෂේප කළා. මගේ තීරණයට හේතු දෙකක් මම ඉදිරිපත් කළා.

    1. බෞද්ධයෙක් වශයෙන් ප්‍රාණඝාතයට විරුද්ධ වීම

    2. ගබ්සාව "අයිතියක්" වශයෙන් ලබා දුන් විට වෙනත් කෙනෙකුට (වෛද්‍යවරයෙකුට ) එය "කිරීමට" සිදුවේ... තමන් වෙනුවෙන් මිනී මැරීමට වෙනත් කෙනෙකුගෙන් "ඉල්ලා සිටීමට" කිසි කෙනෙකුට අයිතියක් නැත.

    අනික් අතට උසාවි නියෝගයකින් මිනී මරන්නේ අළුගෝසුවන් පමණි. ඔවුන්ද සමාජය යම් ආකාරයකින් පිරිසිඳු කරන නිසා වැදගත් සේවයක් ඉටු කරන බව පැහැදිළිය. නමුත් ගබ්සාව කරන වෛද්‍යවරයා මරන්නේ නූපන් දරුවෙකි. එම දරුවා මැරීමෙන් සමාජයට වන යහපතක් නැත. මේ නිසා ගබ්සාව "අයිතියක්" වශයෙන් ලබා දුන් විට වෛද්‍යවරයා අළුගෝසුවෙකුටත් වඩා පහත් තත්වයකට වැටේ.

    මෙයට එකම පිළියම නම් මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක් ගබ්සාව සිදු කිරීමයි.

    කිසියම් මැටිමෝල් සංවිධානයක් මෙයට විරුද්ධ වේ නම් වෛද්‍ය සභාව කළ යුත්තේ පහත දැක්වෙන සංඥාව ප්‍රදර්ශණය කිරීමයි.
    the-challenging-child.jpg

    Thanks for sharing. Rep 5+
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    patta machan good post...

    thanx machan...,

    Sirama post aka machan.Hamoma balapalla
    Rep +

    thanx machan...,

    Good post machan +7.......me vage veda karana evun nam maha kalakanni bn....

    Sahathika eththa ban. eth ehema ewun one tharam innawane.:(

    මෙම වෛද්‍යවරයා ලියූ ලිපිය ඉතාම උසස් මට්ටමේ එකක් බව කිව යුතුයි.:)

    මම වෛද්‍ය ප්‍රීථයේ පළමු වසරේ ඉන්නකොට පිරිසක් ඇවිත් ප්‍රශ්ණාවළියක් ඉදිරිපත් කළා... එහි තිබුනේ ගබ්සාව සාධාරණීරකරය කළ යුතු යයි සිතන හේතු ගණනාවක්...

    ඔවුන්ට අවශ්‍ය වුනේ මේ හේතු වලින් වෛද්‍ය ශිෂ්‍යයන් පිළිගන්නේ මොනවද කියන එක දැනගෙන එම ප්‍රතිඵල අවසාන වසරේදී වෙනස් වේදැයි පරීක්ෂා කිරීමයි.

    මම "මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා" කියන කාරණය හැර අනික් සියළුම හේතු ප්‍රතික්ෂේප කළා. මගේ තීරණයට හේතු දෙකක් මම ඉදිරිපත් කළා.

    1. බෞද්ධයෙක් වශයෙන් ප්‍රාණඝාතයට විරුද්ධ වීම

    2. ගබ්සාව "අයිතියක්" වශයෙන් ලබා දුන් විට වෙනත් කෙනෙකුට (වෛද්‍යවරයෙකුට ) එය "කිරීමට" සිදුවේ... තමන් වෙනුවෙන් මිනී මැරීමට වෙනත් කෙනෙකුගෙන් "ඉල්ලා සිටීමට" කිසි කෙනෙකුට අයිතියක් නැත.

    අනික් අතට උසාවි නියෝගයකින් මිනී මරන්නේ අළුගෝසුවන් පමණි. ඔවුන්ද සමාජය යම් ආකාරයකින් පිරිසිඳු කරන නිසා වැදගත් සේවයක් ඉටු කරන බව පැහැදිළිය. නමුත් ගබ්සාව කරන වෛද්‍යවරයා මරන්නේ නූපන් දරුවෙකි. එම දරුවා මැරීමෙන් සමාජයට වන යහපතක් නැත. මේ නිසා ගබ්සාව "අයිතියක්" වශයෙන් ලබා දුන් විට වෛද්‍යවරයා අළුගෝසුවෙකුටත් වඩා පහත් තත්වයකට වැටේ.

    මෙයට එකම පිළියම නම් මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක් ගබ්සාව සිදු කිරීමයි.

    කිසියම් මැටිමෝල් සංවිධානයක් මෙයට විරුද්ධ වේ නම් වෛද්‍ය සභාව කළ යුත්තේ පහත දැක්වෙන සංඥාව ප්‍රදර්ශණය කිරීමයි.
    the-challenging-child.jpg

    Thanks for sharing. Rep 5+

    Thanx machan. kathawa eththa. ammage jiwitheta haniyaknam hera wena kisima deyakata abortion ekak karanna aithiyak thiyenna widiyak ne. Kalalayak hedenawanam eka e lamayage waradin una deyak nemeine. ehemanam eyi kagewath waradakata nupan ahinsakayekta daduwam karanne....? :(

    thanx machan...,

    sahathika aththa yaluwa

    thanx machan...,

    Good post..

    thanx machan...,

    Kaduluth awa bn mul tika kiyawaddi.. Niyama wadak..

    Ow machan. eththatama matath ehemama una. enisai thawath kenekta kiyawanna meka methana demme. meka balana aya comment nokalath puluwannam bump ekak denna. ethakota thawath katahari meka kiyawanna puluwan wei. PLZ.....,
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    [COLOR=Blue[SIZE="2"]]මෙම වෛද්‍යවරයා ලියූ ලිපිය ඉතාම උසස් මට්ටමේ එකක් බව කිව යුතුයි.:)[/COLOR][/SIZE]

    මම වෛද්‍ය ප්‍රීථයේ පළමු වසරේ ඉන්නකොට පිරිසක් ඇවිත් ප්‍රශ්ණාවළියක් ඉදිරිපත් කළා... එහි තිබුනේ ගබ්සාව සාධාරණීරකරය කළ යුතු යයි සිතන හේතු ගණනාවක්...

    ඔවුන්ට අවශ්‍ය වුනේ මේ හේතු වලින් වෛද්‍ය ශිෂ්‍යයන් පිළිගන්නේ මොනවද කියන එක දැනගෙන එම ප්‍රතිඵල අවසාන වසරේදී වෙනස් වේදැයි පරීක්ෂා කිරීමයි.

    මම "මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා" කියන කාරණය හැර අනික් සියළුම හේතු ප්‍රතික්ෂේප කළා. මගේ තීරණයට හේතු දෙකක් මම ඉදිරිපත් කළා.

    1. බෞද්ධයෙක් වශයෙන් ප්‍රාණඝාතයට විරුද්ධ වීම

    2. ගබ්සාව "අයිතියක්" වශයෙන් ලබා දුන් විට වෙනත් කෙනෙකුට (වෛද්‍යවරයෙකුට ) එය "කිරීමට" සිදුවේ... තමන් වෙනුවෙන් මිනී මැරීමට වෙනත් කෙනෙකුගෙන් "ඉල්ලා සිටීමට" කිසි කෙනෙකුට අයිතියක් නැත.

    අනික් අතට උසාවි නියෝගයකින් මිනී මරන්නේ අළුගෝසුවන් පමණි. ඔවුන්ද සමාජය යම් ආකාරයකින් පිරිසිඳු කරන නිසා වැදගත් සේවයක් ඉටු කරන බව පැහැදිළිය. නමුත් ගබ්සාව කරන වෛද්‍යවරයා මරන්නේ නූපන් දරුවෙකි. එම දරුවා මැරීමෙන් සමාජයට වන යහපතක් නැත. මේ නිසා ගබ්සාව "අයිතියක්" වශයෙන් ලබා දුන් විට වෛද්‍යවරයා අළුගෝසුවෙකුටත් වඩා පහත් තත්වයකට වැටේ.

    මෙයට එකම පිළියම නම් මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක් ගබ්සාව සිදු කිරීමයි.

    කිසියම් මැටිමෝල් සංවිධානයක් මෙයට විරුද්ධ වේ නම් වෛද්‍ය සභාව කළ යුත්තේ පහත දැක්වෙන සංඥාව ප්‍රදර්ශණය කිරීමයි
    .

    අදිකරණයෙන් අයිතියක්" වශයෙන් ලබා දෙන්නේ ස්ත්‍රී දුෂණයට ලක් වූ ස්ත්‍රීන්ට ගොඩක් ය බාල වයස්කාර ගැහැණු දරුවන් දුෂණයට ලක් වෙලා ගැබ් ගත්තොත් වදන්න කියලද උබ කියන්නේ