මව්වරු පුදන දිනය අදයි.....

ransing

Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මව්වරු පුදන දිනය අදයි.....

    අද ලෝක අම්මා වරුන් ගේ දිනයි...

    තුන් ලොකයටම උතුම් වු අම්මා වරුන් පිදිමට එක දිනයක් මදි නේද..?


    ඔබේ ආදරණීය අම්මා ගෑන වචනයක් මෙතන ලියන්න හොඳම දවස අද නේද........

    ඔබේ ආදරණීය අම්මා ගෑන ඔබට දෑනෙන දේ සිතෙන දේ වචනයට පෙරළා මේ ත්‍රඩ් එකේ පොස්ට් කරන්න..

    ස්තූතියි....
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    කරුණා සීතල හද තුල මෝරා
    ගලා හැලෙන රන් කිරිබින්දු
    සදාතනික කිරි මුහුද කලම්බා
    ගෙනත් බෙදන රන් කිරි බින්දු
    චුටිපුතුගේ මුව මඩල තෙමන්නට
    ඉසිනා මෙත් මල් පිනිබිංදු
    මිනිස් කමේ මව් පදවි පුරා රන්
    කිරුළු දරයි රන් කිරි බින්දු........

     
    • Like
    Reactions: ransing

    harsha.perera

    Well-known member
  • amma.jpg

    අම්මා කෙනෙක්ගේ ඇස් වලට කදුලක් දෙන එක තරම් පවක් තවත් නෑ.
     
    • Like
    Reactions: ransing

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    කරුණා සීතල හද තුල මෝරා
    ගලා හැලෙන රන් කිරිබින්දු
    සදාතනික කිරි මුහුද කලම්බා
    ගෙනත් බෙදන රන් කිරි බින්දු
    චුටිපුතුගේ මුව මඩල තෙමන්නට
    ඉසිනා මෙත් මල් පිනිබිංදු
    මිනිස් කමේ මව් පදවි පුරා රන්
    කිරුළු දරයි රන් කිරි බින්දු........


    ස්තූතියි සහෝ....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඒ තමයි මගේ අම්මා

    බලන්න කෝ මේ නිර්මාණය හොදයි ද කියලා..

    :)



    මං වෑස්සට තෙමිගෙන ආව වේලාවේ..
    "ඈයි ඔයා ලග කුඩයක් තියාගන්නේ නෑත්තේ" කියලා අයියා ඈහුවා.
    "ඔයාට වෑස්ස නෑවතෙන කම් ඉදලා එන්න තිබ්බා නේ" කියලා අක්කා කිව්වා
    "ලෙඩ වුනාම තමයි මේයාට තේරෙන්නේ" කියලා තාත්තා තරහින් ඈමතුවා..
    නමුත්
    මගේ අම්මා මං ලගට ඈවිත් මගේ ඔලුව පියදාන ගමන් "මේ කාලකණ්ණි වෑස්ස" කියලා හිතින් තමාටම කියා ගත්තා..

    ඒ තමයි මගේ අම්මා

    *********
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ අම්මා අද මාත් එක්ක නැහැ, මගේ අම්මා නැති අඩුව මට කියලා නිම කරන්න බැහැ, අම්මා කෙනෙක් නැතිවෙනවා කියන්නේ පුරවන්න බැරි පාඩුවක්, මම ගොඩක් ආදරෙයි මගේ අම්මේ............
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113

    "M" is for the million things she gave me,

    "O" means only that she's growing old,

    "T" is for the tears she shed to save me,

    "H" is for her heart of purest gold;

    "E" is for her eyes, with love-light shining,

    "R" means right, and right she'll always be,


    Put them all together, they spell


    "MOTHER"



    A word that means the world to me.



    Happy mother's day to all the sweet mothers!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ අම්මා අද මාත් එක්ක නැහැ, මගේ අම්මා නැති අඩුව මට කියලා නිම කරන්න බැහැ, අම්මා කෙනෙක් නැතිවෙනවා කියන්නේ පුරවන්න බැරි පාඩුවක්, මම ගොඩක් ආදරෙයි මගේ අම්මේ............

    අහන්න ලැබිම කණගාටුයි යාලුවා..
    ඒ අඩුව කොයි අම්මා කෙනෙකුටවත් පුරවන්න බැරි විත්තිය අපි දන්නවා..
    ඒත් ඒ අම්මාට දක්වන්න බැරි වුන ආදරය කරුණාව..
    පාරේ දි වගේම අපේ ජිවිතයට හම්බ වෙන හැම අම්මා කෙනෙකුටම එක හා සලකන්න..
    ඒතකොට වත් ඔයාගේ අම්මා ඔයා දිහා බලලා සන්තොස වෙයි...
    අනිවාර්යෙන් ම..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම අම්මා කෙනෙක් ම මේ වගේ විශේෂ දවසකදි තැග්ගක් අපේක්ෂා කරන්නේ නෑ..
    ඒ අයගේ හිතේ තියෙන්නේ තම දරුවන් අපිට කවදාවත් වෙනස්කමක් කරන්නේ නැතිව අපිට උදව් කලත් නැතත් අපි ලගට වේලා ජිවත් වෙනවා නම් කියන
    චේතනාවයි හැම අම්මා කෙනෙක් ලගම තියෙන්නේ..
    ඒ හින්දා ඒ අයට කවදාවත් වේදනාවක් නම් ගෙන දෙන්න එපා..

    මගේ මේ ත්‍රේඩ් එක බලන්න.. :~
    මව්වරුන්ගේ~දුක
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මගේ අම්මා අද මාත් එක්ක නැහැ, මගේ අම්මා නැති අඩුව මට කියලා නිම කරන්න බැහැ, අම්මා කෙනෙක් නැතිවෙනවා කියන්නේ පුරවන්න බැරි පාඩුවක්, මම ගොඩක් ආදරෙයි මගේ අම්මේ............

    කණගටුයි සහෝදරයා ....
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    අම්මේ ඔබ මතු බවයෙත් මගේම වෙන්න
    මට තව සෑරයක් අම්මා කියලා අමතන්න
    මට කිරි දුන්න අම්මා රෑක ගන්න
    හෑමදාමත් ඔබේ ළඟින් ඉන්නට දෙන්න
    අසයි ඉන්න....​