මව මැරීමට පෙර පැටියා මරා දාලා
පාදුක්ක ගලගෙදර වවුල් කැලේවත්ත ප්රදේශයේදී මරා මස් කර විකිණීම සඳහා සූදානම් වූ එල ගවදෙනක් හා පැටියකුගේ සිරුරක් අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිස් නිලධාරීහු සමත්වූහ.
සිංහල ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයකු එක්ව උඩුමුල්ල ප්රදේශයෙන් රැගෙනවිත් තිබූ මෙම ගවදෙන හා පැටියා පිළිබඳ තොරතුරු ලද පාදුක්ක පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිටත් පැටියාගේ ගෙල කපා මරා දමා තිබූ අතර එළදෙන පණපිටින් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා හා එළදෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමට උත්සාහ දැරූ මොහොතේ පැටියාගේ සිරුර ලෙවකනු දැකීමෙන් එහි සිටි සියලු දෙනාගේ දෙනෙත්වලට කඳුළු නැඟිණි.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා මහතා ඇතුළු පිරිස පරීක්ෂණ සිදුකළහ.

එහෙමනම් එල,මම ඔත්තු දෙනවා හොය හොය 