මව මැරීමට පෙර පැටියා මරා දාලා

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මව මැරීමට පෙර පැටියා මරා දාලා

පාදුක්‌ක ගලගෙදර වවුල් කැලේවත්ත ප්‍රදේශයේදී මරා මස්‌ කර විකිණීම සඳහා සූදානම් වූ එල ගවදෙනක්‌ හා පැටියකුගේ සිරුරක්‌ අත්අඩංගුවට ගැනීමට පාදුක්‌ක පොලිස්‌ නිලධාරීහු සමත්වූහ.

සිංහල ජාතිකයකු හා මුස්‌ලිම් ජාතිකයකු එක්‌ව උඩුමුල්ල ප්‍රදේශයෙන් රැගෙනවිත් තිබූ මෙම ගවදෙන හා පැටියා පිළිබඳ තොරතුරු ලද පාදුක්‌ක පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයට යනවිටත් පැටියාගේ ගෙල කපා මරා දමා තිබූ අතර එළදෙන පණපිටින් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පොලිස්‌ අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා හා එළදෙන පොලිස්‌ ස්‌ථානයට රැගෙන ඒමට උත්සාහ දැරූ මොහොතේ පැටියාගේ සිරුර ලෙවකනු දැකීමෙන් එහි සිටි සියලු දෙනාගේ දෙනෙත්වලට කඳුළු නැඟිණි.

පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බිමල් පෙරේරා මහතා ඇතුළු පිරිස පරීක්‍ෂණ සිදුකළහ.


cow.jpg
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් ඒ කියන්නේ හරක් මරන්ඩ තහනම්ද... :D එහෙමනම් එල,මම ඔත්තු දෙනවා හොය හොය :)


    මේ කියන කාලකණ්නි දෙන්න නම් වැඩක් නෑ කියලා..පව් යකො,මටත් අවුල් අර ලෙව කාපු කතාව ඇහුවාම
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    උබල එ්ක සතෙක් ගැන විතරයි කතා කරන්නෙ එ්ත් කන අාහරයට ගන්න අනිත් හාල් මැස්සා වගේ අනිත් සත්තු ගැනත් මෙහෙම හිතුවනම් කොයිතරම් හොදද