බුද්ධාගම කියන්නේ ඇදහිල්ලක් නෙවෙයි.... එය විද්‍යාත්මක දර්ශනයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.... එය මනස මත පදනම් වූ දර්ශනයක්.... නිදසුනක් කියනවා නම් මිනිසුන් 999 ක් මැරුව අංගුලිමාල නිවන අවබෝධ කරගත්තත් කුරා කූඹියෙක්වත් නොමරපු කෙනෙක්ට එම අවස්ථාව නොලැබෙන්න පුලුවන්.... බෞද්ධාගම බුද්ධිගෝචර දර්ශනයක් නිසා එය අවබෝධයෙන් අනුගමනය කළ යුතු දර්ශනයක්.... බුද්ධ වචනයෙන් කියනවා නම් බෞද්ධ දර්ශනය යනු සර්පයෙක් හා සමානයි.... ඒකේ වලිගෙන් අල්ලගත්ත කෙනාට දර්ශනයම පහර දෙනවා.... මැදින් අල්ලගත්ත කෙනා දෙලොවක අතරමං වෙනවා... කළ යුත්තේ හිසෙන්ම අල්ලා ගැනීමයි..... 

