මස් කඩයට දුන් හරකා හිමියාට අනී

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මස් කඩයට දුන් හරකා හිමියාට අනී

මස් කඩේට දුන් හරකා, හිමිකරු සොයාවිත් බිම දාගෙන ඇනලා
උදේ හවස පිරිත් ඇසෙන රටේ ගව ඝාතනය වැලැක්වීම පිළිබදව විවිධ පාර්ශව කොතරම් කතා බහ කලත් තවමත් සරුවට එම ව්‍යාපාරය කෙරීගෙන යනවා. මෙවැනි පසුබිමක මස් කිරීමට ගිය ගවයෙකු තම හාම්පුතාට අං දෙකෙන් හොදහැටි සලකපු අපූරු පුවතක් කුරුණෑගල ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

බොහෝ කලක් තිස්සේ ඇති දැඩි කල මෙම ගවයා හිමිකරු විසින් මීට දින කිහිපයකට පෙර මස් කඩයකට විකුණා තිබෙනවා. ගව ඝාතකාගාරයේ බැද දමා සිටි එම ගවයා මැරීමට සූදානම් වන විට ඉතා ප‍්‍රචන්ඩාකාරයෙන් හැසිරී බැද දමා තිබූ බැමි කඩාගෙන පලා ගොස් තිබෙනවා. මස් කඩේ සිට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගවයාගේ හිමිකරුගේ නිවෙස සොයාගෙන පැමිණි මෙම ගවයා අයිතිකරුට බිම පෙරලාගෙන ඇන තිබෙන බවයි පැවසෙන්නේ. පසුව ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කොට තිබෙනවා. පහරදීමෙන් පසුව ගවයා කැලෑ වැදී ඇති බවයි ආරංචි වන්නේ.

:rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: Randike Mendis

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    rofl8yi.gif
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඌ හරකෙක් වෙන්න බැ බන්.. හරකා ඉස්පිරිතාලෙලුනේ..