මස් කඩයට දුන් හරකා හිමියාට අනී
මස් කඩේට දුන් හරකා, හිමිකරු සොයාවිත් බිම දාගෙන ඇනලා
උදේ හවස පිරිත් ඇසෙන රටේ ගව ඝාතනය වැලැක්වීම පිළිබදව විවිධ පාර්ශව කොතරම් කතා බහ කලත් තවමත් සරුවට එම ව්‍යාපාරය කෙරීගෙන යනවා. මෙවැනි පසුබිමක මස් කිරීමට ගිය ගවයෙකු තම හාම්පුතාට අං දෙකෙන් හොදහැටි සලකපු අපූරු පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
බොහෝ කලක් තිස්සේ ඇති දැඩි කල මෙම ගවයා හිමිකරු විසින් මීට දින කිහිපයකට පෙර මස් කඩයකට විකුණා තිබෙනවා. ගව ඝාතකාගාරයේ බැද දමා සිටි එම ගවයා මැරීමට සූදානම් වන විට ඉතා ප්රචන්ඩාකාරයෙන් හැසිරී බැද දමා තිබූ බැමි කඩාගෙන පලා ගොස් තිබෙනවා. මස් කඩේ සිට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගවයාගේ හිමිකරුගේ නිවෙස සොයාගෙන පැමිණි මෙම ගවයා අයිතිකරුට බිම පෙරලාගෙන ඇන තිබෙන බවයි පැවසෙන්නේ. පසුව ඔහු කුරුණෑගල රෝහලට ඇතුලත් කොට තිබෙනවා. පහරදීමෙන් පසුව ගවයා කැලෑ වැදී ඇති බවයි ආරංචි වන්නේ.