@bambuwathamai 
ක්‍රිස්තියානි අයගෙන් බණ අහපුවාම, ක්‍රිස්තියානි අය ලියපු බණ පොත් කියවපුවාම ඉතිං ධර්මය පිළිනොගන්න එක පුදුමයක් නෙවේ.

ධර්මය ග්‍රන්ථාරූඪ කළේ Wikipedia එකේ වත්, අර සුද්දො ලියපු පොතේ වත් නෙවේ, ත්රිපිටකයෙනෙ. ඒ අයත් source එක විදිහට ගන්නෙ ත්‍රිපිටකය (සහ අමතරව අටුවාව).
Source එකෙන් මේ කොටස හැලුවෙ ඇයි කියලා ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ.

එයා කැමති කොටස ගත්තා, අකමැති කොටස අයින් කළා.
ඒ අය මේ කොටස මඟඇරියෙ එයාලගෙ උපන් ආගමේ ආගමික නායකයාට වඩා බුදුරජාණන් වහන්සේ උසස් විදිහට පෙනෙන හින්දාද කියලා ඉතිං අපිට එයාලගෙ හිත පේන්නෑනෙ.
________
Original source :- ත්‍රිපිටකය
66. ඒවං වුත්තේ භගවා මාරං පාපිමන්තං ඒතදවෝච: “අප්පොස්සුක්කෝ ත්වං පාපිම හෝහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී”ති.
මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයා හට මෙය වදාළ සේක.
“පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය.
මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”
https://tripitaka.online/sutta/182
ප. ලි.
* මේ සූකර මද්දවය වළඳන්න මාස 3කට කලින් බුදුරජාණන් වහන්සේ කියපු දේ. පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ වැළඳුවෙ සූකර මද්දව දානය. (සූකර මද්දවය වැළඳුවාට පස්සෙ තමයි පිරිනිවන් පෑවෙ). සූකර මද්දවය වැළඳීම නිසා බුදුරජාණන් වහන්සේ අසනීප වුණා.
නමුත් පිරිනිවන් පාන දිනය කලින් තීරණය කරලා තිබුණෙ ආයු සංස්කාර අතහැරීමත් සමග.
හැබැයි අපිත් කලින් හිතාගෙන හිටියෙ අර විදිහට තමයි. ඒ ත්‍රිපිටකයෙන් ධර්මය අධ්‍යනය කරන්න කලින්.