මස් රාත්තලම ඉල්ලන පාදෙනියලාගේ දොස්තර මාෆ
නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට වෛද්‍යවරුන් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දොස්තර මහත්වරුන්ට මුල මතක නැත. රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් ලද නිදහස් අධ්‍යාපනයේ ගුණ සුවඳවත් නොහඳුනන මේ පිරිස අද උත්සාහ කරන්නේ තම දොස්තර කුලය ආරක්ෂා කර ගැනීමට පමණි.
මීට හොඳම නිදසුන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ දරුවන් පමණක් රටේ ජනප්‍රියතම ජාතික පාසල් 12 කටත් අඩු සංඛ්‍යාවකට ඇතුළත් කර ගැනීමට දඟලන දැඟලිල්ල ය. වෛද්‍යවරුන්ගේ දරුවන්ට ඉල්ලන ඉල්ලන පාසල් ලබා දෙන්නැයි කියා චක‍්‍රලේඛයක් හෝ නීතියක් නැත. රටේ සාමාන්‍ය පුරවැසියා යටත් නීතියටම දේශපාලකයා ද, වෛද්‍යවරයා ද, කම්කරුවා ද, ව්‍යාපාරිකයා ද අයත් විය යුතුය. නමුත් පාදෙනියලාගේ මාෆියාවට ඒවා අදාළ නැත. දත මැදගෙන සිටින්නේම තම දොස්තර කුලය රැක ගැනීමටය.
ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තම දරුවන් පාසල් සඳහා ඇතුළත් කිරීමේ දී ස්ථාන මාරු වීමේ පදනම මත යම් ලකුණු ප‍්‍රමාණයක් හිමිවේ. එමෙන්ම රාජකාරි අවශ්‍යතා මත විදෙස් පුහුණු වලට සහභාගි වී පැමිණෙන්නන් ගේ දරුවන් හට ද ලකුණු ලබාදීමේ ක‍්‍රමයක් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛයේ පවතින බව සැවොම දන්නා කරුණකි. නමුත් පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාවට ඒ කිසිවක් අදාල නැත. ඔවුන් ඉල්ලන්නේම රෝයල් ආනන්ද නාලන්ද විශාකා වැනි විදුහල් පමණය. අඩුම ගණනේ මහානාම විදුහලවත් ඔවුන්ට තරම් නැත.
පළාතකින් වෙනත් පළාතක රෝහලකට මාරු වුවහොත් තම දරු පවුල ද රැගෙන වෙනත් පළාතකට යාමට වෛද්‍යවරයාට සිදුවන බැවින් එහිදී මතුවන ගැටලු අවම කරමින් එම දරුවන්ට ඉගෙනීම සඳහා උචිත පාසලක් ලබාදීම රජයේ යුතුකමයි. නමුත් එය අනිවාර්ය වූ වගකීමක් නොවේ. මෙම තත්ත්වය දඩමීමා කර ගනිමින් පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව අමුතු අමුතු ආකාරයේ ගේම් ගැසීමට සූදානම් ය. පහුගිය කාලයේ විවිධ දේශපාලන අතකොලූ බවට පත්වෙමින් තම වැඩේ පමණක් කර ගැනීමට කටයුතු කළ පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව යමෙක් තමාට එරෙහි වන්නේ නම් අසරණ රෝගී ජීවිත වලින් ඇරියස් කවර් කිරීමට කටයුතු කළ අයුරුද අපට මතකය.
වෛද්‍යවරුන් ලෙස සමාජයේ පවතින පිළිගැනීම දඩමීමා කර ගනිමින් තමාට හිතෙන හිතෙන දේ ඉටු කර ගැනීමට පෙළඹෙන පාදෙනියලාගේ මේ ත‍්‍රස්තවාදී වෘත්තීය භාවිතයේ නිරුවත සියල්ලන්ටම හෙළි කළ යුතු කාළය උදාවී තිබේ.
රෝයල්, ආනන්ද, නාලන්ද, විශාඛා, දේවිබාලිකා පාසල්වලට යැවිය යුත්තේ ඔවුන්ගේ දරුවන් පමණක් යැයි ඔව්හු සිතති. අනිත් සියල්ලෝ ලෙඞ්ඩුය. ලෙඩ්ඩුන්ගේ එවුන් කොහේ ඉගෙන ගත්තාම මොකදැයි පාදෙනියලාගේ කුලය සිතනවා විය හැකිය. පහුගිය කාලයේ මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ද අනාවරණයක් සිදු කළේය. එහි දක්වා තිබුණේ පාදෙනියලාගේ වෛද්‍ය ත‍්‍රස්තවාදය තම දරුවන්ට පමණක් සුපිරි පාසල් ලබා දෙන ලෙස ඉල්ලමින් සිදු කරන ත‍්‍රස්තවාදයේ සැබෑ තත්ත්වයයි.
ගම්පහ සිට ගම්පහ බෙම්මුල්ලට මාරු වූ වෛද්‍යවරයා තම දරුවා වෙනුවෙන් ඉල්ලා සිටිය යුත්තේ ගම්පහ ප‍්‍රදේශයේ පාසලක් වුවත් ඉල්ලන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නම් එතැන ගැටලූවකි. හෝමාගම සිට මහරගමට මාරුවී තම දරුවාට සිරිමාවෝ විද්‍යාලය ලබා දෙන ලෙස ඉල්ලීම අපූරුම එකකි.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තියරියෙන් ඕනෑ වැඩක් කර ගැනීමට දඟලන පාදෙනියලාගේ මාෆියාව සමාජ සාධාරණය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරිපිට නිරුවත්ව සිටියි. පාදෙනියලාගේ මාෆියාවට තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පාසල් ගණනකට තම දරුවන් ඇතුළත් කර ගනිමින් තම කුලය ආරක්ෂා කර ගැනීමේ උණක් මිස අන් කිසිවක් නොවේ.
වැව්ගම්පත්තුවෙන් පානම් පත්තුවෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව දුක් මහන්සියෙන් ජනතා බදු මුදලින් උගෙන වෛද්‍යවරුන් වූ පාදෙනියලාගේ ත‍්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයන්ට තමාගේ මුල අමතකවීම අරුමයක් නොවේ.
මැට්ටන් උනත් තමන්ගේ එවුන් කොළඹ ජනප‍්‍රිය පාසල්වල ඉගෙන ගෙන කුලය ආරක්ෂා කර ගත යුතු යැයි සිතන මේ ත‍්‍රස්තවාදය තමා මෙන් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ගොවියන්ගේ කම්කරුවන්ගේ අසරණ සාමාන්‍ය වැසියන්ගේ දරුවන් ඉහළට එනවාට අකමැති කුහකත්වයකින් පෙළේ.
සාමාන්‍ය ජනතාවගේ දරුවන් ඔවුන්ට අනුව ලෙඩ්ඩුය. ඔවුන්ගේ දරුවන් වෛද්‍යවරුන්ය. මේ කාලකන්නි මානසිකත්වය නිර්මාණය කර තිබෙන්නේ විශාල අසාධාරණ තත්ත්වයකි. මීට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය කෙලින් කතා කිරිමේ මාවතකට අවතීර්ණ විය යුතුය. සත්‍ය තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුය.
මේ කුහකයන්ගේ සැබෑ තත්ත්වය අනාවරණය කළ යුතුය. උන්ට ඕනෑ ඕනෑ විදියට නටන්නට මේවා උන්ගේ පාසල් නොවන බවත්, රටේ පොදු මහජනතාවගේ දරුවන්ගේ පාසල් වන බවත් මේ මාෆියාවට කියා දිය යුතුය.
වෙදැදුරන් දෙවිවරුන් සේ සලකන මෙරට සමාජය තුළ දෙවිවරුන් ලෙස පෙනී සිටිමින් තම ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් පෙනී සිටින මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැමැති නිල නොලත් වෛද්‍ය මාෆියා කණ්ඩායමේ වෙස් මුහුණු සාමාන්‍ය ජනතාවගේ පා පහරින් ගැලවී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.
.

මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ
යකෝ එතකොට අධ්‍යාපන අමාත්යංශය ඉන්නේ පොල් ගාන්නද?
දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?