Mawbima, 2016-01-13 02:00:00
Read 15 Times
වවුනියාව - මාධව කුලසූරිය
වවුනියාව කෝවිල්පුලියංකුලම ප්‍රදේශයේ ගෙවත්තක වැට මායිමේ විදුලි රැහැන් ඇද වල් අලියකු ඝාතනය කොට එම අලියාගේ සිරුර ටයර් දමා පුලුස්සමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්. මුනාෆ් මහතා ඊයේ (12දා) නියෝග කළ බැව් මන්නාරම මඩු වනජීවී නිලධාරීහු පවසති.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වවුනියාව කෝවිල්පුලියංකුලම ප්‍රදේශයේ පදිංචි සුප්පන් කදිරගාමනාදන් නමැති 43 හැවිරිදි පුද්ගලයකුටය.
සැකකරු විසින් තම ගෙවත්ත වැට මායිමට ආහාර සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක වල් අලියා පැටලී මියගොස් ඇති අතර අලියා පිළිබඳව වනජීවී නිලධාරීන් හට හසුනොවීම සඳහා සැකකරු ගෙවත්තෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක රෝද යොදාගෙන මියගිය වල්අලියා පුලුස්සා ඇති බව මඩු වනජීවී නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් අලියාගේ වල්ග කොටසෙහි තිබූ සහ හිසෙහි තිබූ කෙඳි 48ක් ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සඳහා නිවෙසට රැගෙන ගොස් සඟවා තිබියදී මඩු වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු භාණ්ඩ හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ජනවාරි 26 වැනි දිනට අධිකරණයට භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
මිය ගිය අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චි වනජීවී පශු වෛද්‍ය බී. ගිරිදරන් මහතා විසින් ඊයේ (12දා) පැවැත්වූ අතර විදුලි සැර වැදීම හේතුවෙන් සිරුරේ කොටස් අක්‍රිය වී මරණය සිදුවී ඇති බවට නිගමනය කෙළේය.
මඩු වනජීවී නියාමකවරුන් වන කේ.ඩී.එන්. මුතුකැළුම්, එස්.බී. හේරත්, ආර්.එස්. මහනාම, එන්.සී. කලංසූරිය, ඒ. ඩොමිනික්, එම්.එම්. ඉර්ෆාන්, කේ.ජී.සී.කේ. අතුකෝරාල, ටී.කේ.ටී. මධුවන්ත, පී. කණිෂ්කුමාර්, රනිල් බණ්ඩාරනායක, විකුම් ධනංජන සහ වනජීවී රියැදුරු එම්.ඒ. ප්‍රේමතිලක යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරති.
සහජීවනේට කෙලවෙයි කියලා එලියට දායි




