මස් වැද්දෝ ඉන්න රටක් මේක

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mawbima, 2016-01-13 02:00:00
    Read 15 Times


    වවුනියාව - මාධව කුලසූරිය
    වවුනියාව කෝවිල්පුලියංකුලම ප්‍රදේශයේ ගෙවත්තක වැට මායිමේ විදුලි රැහැන් ඇද වල් අලියකු ඝාතනය කොට එම අලියාගේ සිරුර ටයර් දමා පුලුස්සමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්. මුනාෆ් මහතා ඊයේ (12දා) නියෝග කළ බැව් මන්නාරම මඩු වනජීවී නිලධාරීහු පවසති.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වවුනියාව කෝවිල්පුලියංකුලම ප්‍රදේශයේ පදිංචි සුප්පන් කදිරගාමනාදන් නමැති 43 හැවිරිදි පුද්ගලයකුටය.
    සැකකරු විසින් තම ගෙවත්ත වැට මායිමට ආහාර සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක වල් අලියා පැටලී මියගොස් ඇති අතර අලියා පිළිබඳව වනජීවී නිලධාරීන් හට හසුනොවීම සඳහා සැකකරු ගෙවත්තෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක රෝද යොදාගෙන මියගිය වල්අලියා පුලුස්සා ඇති බව මඩු වනජීවී නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

    අත්අඩංගුවට ගත් සැකකරු විසින් අලියාගේ වල්ග කොටසෙහි තිබූ සහ හිසෙහි තිබූ කෙඳි 48ක් ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සඳහා නිවෙසට රැගෙන ගොස් සඟවා තිබියදී මඩු වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
    අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු භාණ්ඩ හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ජනවාරි 26 වැනි දිනට අධිකරණයට භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

    මිය ගිය අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චි වනජීවී පශු වෛද්‍ය බී. ගිරිදරන් මහතා විසින් ඊයේ (12දා) පැවැත්වූ අතර විදුලි සැර වැදීම හේතුවෙන් සිරුරේ කොටස් අක්‍රිය වී මරණය සිදුවී ඇති බවට නිගමනය කෙළේය.
    මඩු වනජීවී නියාමකවරුන් වන කේ.ඩී.එන්. මුතුකැළුම්, එස්.බී. හේරත්, ආර්.එස්. මහනාම, එන්.සී. කලංසූරිය, ඒ. ඩොමිනික්, එම්.එම්. ඉර්ෆාන්, කේ.ජී.සී.කේ. අතුකෝරාල, ටී.කේ.ටී. මධුවන්ත, පී. කණිෂ්කුමාර්, රනිල් බණ්ඩාරනායක, විකුම් ධනංජන සහ වනජීවී රියැදුරු එම්.ඒ. ප්‍රේමතිලක යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරති.

    සහජීවනේට කෙලවෙයි කියලා එලියට දායි :yes::yes::yes:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    උඹට ගැලපෙන ඇවටා එක බන් .. උඹල වගේ යහපාලනයට කතිරේ ගහල මේ රැට විනාස කරන උන් ඇවිදින මල මිනි වගේ තමා සොම්බෝයෝ.ගෙදර උන්ට වැඩකුත් නැහැ

    මට කතාකලාද අයියාහ් :rolleyes:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    අපෝ හෙන ගහන්න ඕනේ මේක කරපු පොන්න වේසිගෙ පුතාට!
    පවු බන් අර අසරණ සතා!!
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    කර්මය විසින් ඔහුට විපාක ගෙන දෙවි . කලබල නොවී ඉන්න
    ගොනා පසුපස යන කරත්තය සේ

    ගොඩක් අයට රේප් දුන්න 8+


    uba kiyana eka hari..

    A unata karmaia pala denakotha samahara vitha lankaave okkoma ali
    marala thiyei.. (mE yana vidihata)
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    මේවා ගැන සොයා බලන්න 1ක් නැහැ..මේ රටේ අහෝ මේ දුපතේ දැවැන්තයන්ට අත් වන ඉරණම...හරීම කනගාටුයි...අවංකවම අපි නිර්මාංශ ජිවිතයක් ගත කරන අය මේවා දැක්කම හද කම්පා වෙනවා..මස් වැද්දෝ ඉන්න රටක් මේක..වනය ආරක්ෂා කරන්න ඉන්න අයත් එසේ වෙද්දි මේ දැවැන්තයන් ගැන කුමන කතා ද?අහෝ මිනිසුනි ඔබ පත් කරන්නේ කුමන නායකයන් ද මේ රටේ................දැන් ඉතින් කියපන් මහින්දයා ගේ කාලේත් අලි මරුවා කියලා... මයිත්‍රී ගේ කලෙත් මෙහෙම වෙනවනම් බම්බුවකටද පත් කරේ .

    12523907_1748019645425805_3411810893514162945_n.png

    Meka kapau wesige puthalata hena gahapiya... :(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සිරාවා බන් අලි මිනිස් ගැටුමේදී මිනිස්සුන්ගේ සම්පුර්ණ වැරැද්ද.
    අලියාගේ කැලේට ගිහින් ගෙවල් හදාගෙන කනවෝ කනවෝ කියනවා.
    මිනිස්සු වගේම සත්තුත් ඉන්න ඕනි මේ ලෝකේ..
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    සිරාවා බන් අලි මිනිස් ගැටුමේදී මිනිස්සුන්ගේ සම්පුර්ණ වැරැද්ද.
    අලියාගේ කැලේට ගිහින් ගෙවල් හදාගෙන කනවෝ කනවෝ කියනවා.
    මිනිස්සු වගේම සත්තුත් ඉන්න ඕනි මේ ලෝකේ..

    :yes::cool: