මහණ නොවී වනගත වෙන්න හිතුව

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
මහණ නොවී වනගත වෙන්න හිතුව

මේ හැම දේම අත ඇරලා (මහණ නොවී) ගිහියෙක් විදිහට, භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න හිතෙන එක ගොන් කමක්ද? මේක මගෙ හිතේ ලොකු කාලයක ඉඳං තියෙන දෙයක්. මුල්ම පියවර විදිහට ලබන මාසෙ මම සතියක කාලයක් භාවනා කරන්න මධ්‍යස්ථානගත වෙන්න සූදානම් වෙනවා. මගේ අදහස වැඩේ සාර්ථක බවක් පෙණුනොත් එහෙම්ම නතර වෙන්නයි. නැත්නම් ගෙදර අයත් ෂේප් කරගෙන හෙමීට හෙමීට මගේ ගමන යන්නයි. දැන් උඹලා හිතනව ඇති මම නාකියෙක් කියලා. නෑ බං. මම නාකි ඩයල් එකක් නම් නෙවෙයි. :P මම නම් ඉතිං කාට හරි උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ ජීවත් වෙන ඩයල් එකක්. මට බං හැම වෙලේම ජීවිතේ අස්ථීරකම ගැන හිතෙනවා. මට පිස්සුත් නෑ හොඳද :P මොකද මගෙ සීන් එක අහලා ලංකාවෙ හොඳම වගෙ ඉන්න ඩොකෙක් කිව්වා මට ඇති පිස්සුවක් නැහැ තියෙන්නෙ ජීවිතය ගැන අතෘප්තිය කියලා. ඩොකා කිව්ව චැනල් කරලා එන්න අපි පොඩ්ඩක් කතා කරමු එතකොට ඕව්වා හරි යනවා කියලා. :nerd: හොඳකටද නරකකටද උනේ දන්නෙ නෑ බං මට යන්න හිතුනෙ නෑ. ඉතිං මම ගියෙ නම් නෑ ඒ මනුස්සයා එන්න කිව්වට. :oo:

මම මේ ගැන ගොඩක් අය එක්ක කතා කළා. ගොඩක් හෙවුවා. ආනන්ද විද්‍යාලයේ අසූ ගණන්වල බැජ් එකක ඔය ගොඩක් සිංහළ බෞද්ධ වැඩවලට බර අය්යා කෙනෙක් මුණ ගැහුණා ගිය අවුරුද්දෙ. මගෙ කතා අහලා ඒ මනුස්සයා කියුවා. එහෙම එක පාරම කැලෑවදින්න යන ඒක ගොන් වැඩක්ය කියලා. සෑහෙන්න දේවල් කතා කරා. මම පිටට නොපෙන්නුවට ඒ මනුස්සයාගේ තර්ක එක්ක මම හරිය කියලා හිතන් ඉඳපු ගොඩක් දේ මගෙ හිත ඇතුළම බිඳ වැටුණා. ඒ මනුස්සයා ලස්සනට කරුණ කරුණ අරන් මගෙ තර්ක සේරම විනාස කළා. එයැයි කියන්නෙ මහණ වෙන්නම ඕනේ නැහැ කියලයි මේ නරාවලෙන් ගොඩ යන්න. හොඳට විවාහ ජීවිතයක් ගත කරන ගමන් උනත් භාවනාව හරියට කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියනවා. එදා මම හිතුව ඒක ඇත්ත කියලා. ඒත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ නේ ඇත්ත කතාව. අද කරනවා හෙට කරනවා කිය කිය ඉන්නවා මිසක් අපි කවුරුවත් ඕකට යොමු වෙන්නේ නැහැ. අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි භෞතික අංශයෙන් ටික ටික දියුණු වෙනකොට ඔය පැත්ත නිකන්ම අමතක වෙනවා කියන දේ. කෙළ උනාම තමයි ආගම දහම මතක් වෙන්නෙ. :lol: එයැයිට අවුරුදු හතලිස් ගාණක් වෙනවා. තාම බැඳලා නැහැ. වෙන්න මායියා ඇවිත් විසි ගණන්. ඉතින් ඒකත් එක අතකට කාම තණ්හාවනෙ. ඒත් ඒක මම කියන්න ගියෙ නැහැ එයැයිට. :Pමොනවා හිතයිද දන්නෙත් නැහැනෙ. :rolleyes:

මම හොයාගත්ත සමහර කරුණුවලින් හිතට බයකුත් දැණුනා. මම කතා කළා එහෙම සියල්ල දාලා ආරණ්‍යගතව භාවනා කරන්න සිවුරට ගිය අය එක්ක. මට අහන්න ලැබුණු කතාවලට ඔළුව විකාර වෙනවා. සමහරු දැන් උපැවිදි වෙලා. :oo: ඒ අතුරින් එක් කෙනෙක් දැන් උපැවිදි වෙලා ධර්ම දානය කරනවා. ඇහුවමත් නිකන් පිස්සු වගෙ නේ.. එයාට වෙලා තියෙන්නේ ලෙවල් එකකින් උඩට හිත දියුණු කරන්න බැරි උන එක. ඒ මට්ටමේම හිර වෙලා තියෙනවා එතනින් උඩට ගෙනියන්න දියුණු කරගන්න බැරිලු. ඊට වඩා හිත දියුණු කළ නිවුන් හාමුදුරුවන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා එයා හිටි තැන ඒ අය කියලා තියෙනවා ඔයැයි කරලා තියෙන කුසල් අකුසල් අනුව තමයි ඔහොම වෙන්නේ කියලා. ඒ මනුස්සයා දැන් උපැවිදි වෙලා මිනිස්සුන්ගෙන් ලෝකේ නැති කතා අහ අහ රස්සාවක් කරනවා ධර්ම දානය කරලා ආයි භාවනා කරන්න. ඒකත් හරි ගියේ නැත්තං ඒ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ නැහැ. :oo:

තවත් ආනන්දෙම හොඳට සල්ලිබාගෙ තිවුණු 2008/2009 බැජ් එකේ කොල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා රිකව උනායින් පස්සෙ ජීවිතේ අස්ථීර බව ගැන හිතුනයි කියලා මාර්ගෙට ඇවිල්ල තියෙනවා. මේ වෙනකොට එයැයි බුරුම වනාන්තරයක ඉන්නවා කියලයි ආරංචි. ඌ එකෙන්ම මට වඩා දෙයක් තිබුණු පොරක්. උට පුළුවන් උනානම් අත අරින්න. ඇයි මට බැරි. අනික කොච්චර මේ දිවුවත් දරුවො හැදුවත්, ගේ දොර හැදුවත් දවසක තමන්ට තමංගෙ නෝනා මහත්තයා නැති වෙනවා. නැත්තං තමං කලින් මැරෙනවා. තමංගෙ අත පය තමංටම වලංගු නැති දවසක් එනවා. කොහොම හිටියත් අන්තිම ප්‍රතිඵලය ඒක නම් අපි මේ කරන දේවල තේරුම මොකක්ද බං. කොච්චර හොඳ ගතිගුණ තියෙන කොච්චර ලස්සන කෙල්ලක් බැන්ඳත් ඒ දෙයත් නීරස වෙන දවසක් ඕනෑ කෙනෙක්ට එනවා.

මම සර්ව අසුභවාදී නෙවෙයි. ලස්සන දේට ලස්සනයි කියන්න හොඳ දේට හොඳයි කියන්න මම දන්නවා බං. ඒත් වැඩක් තියේද මේ දේවල්වල. මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං? මේ මස පොළොවට පස් වෙනවා බං. අපි ඉගනගත්තුවා, කරපුවා සේරම තියලා අපි යනවා. මට තියෙන එකම දෙගිඩියාව මමත් මේ කරන්න යන වැඩේ ෆේල් වුණොත් කාත් කවුරුවක් නැතිව දුක් විඳලා මැරිලා යන්න වෙයිද කියන එකයි. මම ගන්න හදන්නෙ ලොකු රිස්ක් එකක්. ජොබ් එකේ ඉඳලා සේරම දාලා යනවා කියන්නෙ හෙනම රිස්ක් එකක්. මොක උනත් ලබන මාසෙ ගමන නම් යනවා. ඉදරිය ගැන තමයි හිතේ චකිතයක් තියෙන්නේ. :dull:
 
  • Like
Reactions: maxboysl and shenic

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :shocked::shocked::shocked:
    මහන නොවී වනගත නොවී ජීවිතේ ගොඩ දාගන්නනම් පුළුවන් බන්. එහෙනම් කසාදයක් දරුවෙක් මල්ලෙක්, ගෙවල් දොරවල් නොහද, සල්ලි ඉතුරු නොකර, කාවවත් ආශ්‍රය නොකර උබ උබේ පාඩුවේ රස්සාවක් කරගෙන හොදට කාල බීල ඉඳපන්.
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ජොනී බට්ට;16366644 said:
    :shocked::shocked::shocked:
    මහන නොවී වනගත නොවී ජීවිතේ ගොඩ දාගන්නනම් පුළුවන් බන්. එහෙනම් කසාදයක් දරුවෙක් මල්ලෙක්, ගෙවල් දොරවල් නොහද, සල්ලි ඉතුරු නොකර, කාවවත් ආශ්‍රය නොකර උබ උබේ පාඩුවේ රස්සාවක් කරගෙන හොදට කාල බීල ඉඳපන්.

    මම කියුවෙ එහෙම ගොඩ යෑමක් නෙවී. ගොඩ යෑම කිව්වෙ හිත දියුණු කරන එකයි බට්ටො. :baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම කියුවෙ එහෙම ගොඩ යෑමක් නෙවී. ගොඩ යෑම කිව්වෙ හිත දියුණු කරන එකයි බට්ටො. :baffled:

    ඒක තමයි බන් කියන්නේ. ඔය මුකුත් නොකර, කාවවත් ආශ්‍රය නොකර හිටියාම උබ මැරෙන දවසට උබට දුකක් නැනේ කිසිම දෙයක් දාල යන්න.:oo::oo:
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ජොනී බට්ට;16366671 said:
    ඒක තමයි බන් කියන්නේ. ඔය මුකුත් නොකර, කාවවත් ආශ්‍රය නොකර හිටියාම උබ මැරෙන දවසට උබට දුකක් නැනේ කිසිම දෙයක් දාල යන්න.:oo::oo:

    දාලා යන දුකක් නෙවී තියෙන්නෙ. ඉවරයක් නැති එකනෙ. ඒත් මට කඩාගෙන යන්න තියෙන එකම බය අරකයි මචන්. අනිවා ආර්ථික පැත්තෙන් ගොඩ ගියාම මේ පැත්ත අමතක වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. :oo:
     
    • Like
    Reactions: sleeping_fox

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මචන් හොදම දේ අරණ්‍ය ඉන්න හාමුදුරුනමක් හම්බවෙලා කතා කරන්න.
     
    • Like
    Reactions: sleeping_fox

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    giyata kamak na elakiri wara matat oma gamanak yanna hitila tyenne ban.uben wistara danagena mata hariy kiyala hitunot mamat okoma atarala enawa.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දාලා යන දුකක් නෙවී තියෙන්නෙ. ඉවරයක් නැති එකනෙ. ඒත් මට කඩාගෙන යන්න තියෙන එකම බය අරකයි මචන්. අනිවා ආර්ථික පැත්තෙන් ගොඩ ගියාම මේ පැත්ත අමතක වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. :oo:

    අලේ මල් ලැල් ලැ උබලටත් හිතෙන දේවල් :oo:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    ...මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං?...

    me tika therum gatthanam athi bun...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නිකන් අදහසක් දෙන්නම් ... තමන්ට මුකුත් නොකර අවම පහසුකම් යටතෙ ඉන්න පුළුවන් ආදායමක් හදාගන්න ඉස්සර චෙලා ... ඊට පස්සෙ තමන්ට ඕක කරල බලන්න පුළුවන්
     
    • Like
    Reactions: ArunaTelshan

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේ හැම දේම අත ඇරලා (මහණ නොවී) ගිහියෙක් විදිහට, භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න හිතෙන එක ගොන් කමක්ද? මේක මගෙ හිතේ ලොකු කාලයක ඉඳං තියෙන දෙයක්. මුල්ම පියවර විදිහට ලබන මාසෙ මම සතියක කාලයක් භාවනා කරන්න මධ්‍යස්ථානගත වෙන්න සූදානම් වෙනවා. මගේ අදහස වැඩේ සාර්ථක බවක් පෙණුනොත් එහෙම්ම නතර වෙන්නයි. නැත්නම් ගෙදර අයත් ෂේප් කරගෙන හෙමීට හෙමීට මගේ ගමන යන්නයි. දැන් උඹලා හිතනව ඇති මම නාකියෙක් කියලා. නෑ බං. මම නාකි ඩයල් එකක් නම් නෙවෙයි. :P මම නම් ඉතිං කාට හරි උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ ජීවත් වෙන ඩයල් එකක්. මට බං හැම වෙලේම ජීවිතේ අස්ථීරකම ගැන හිතෙනවා. මට පිස්සුත් නෑ හොඳද :P මොකද මගෙ සීන් එක අහලා ලංකාවෙ හොඳම වගෙ ඉන්න ඩොකෙක් කිව්වා මට ඇති පිස්සුවක් නැහැ තියෙන්නෙ ජීවිතය ගැන අතෘප්තිය කියලා. ඩොකා කිව්ව චැනල් කරලා එන්න අපි පොඩ්ඩක් කතා කරමු එතකොට ඕව්වා හරි යනවා කියලා. :nerd: හොඳකටද නරකකටද උනේ දන්නෙ නෑ බං මට යන්න හිතුනෙ නෑ. ඉතිං මම ගියෙ නම් නෑ ඒ මනුස්සයා එන්න කිව්වට. :oo:

    මම මේ ගැන ගොඩක් අය එක්ක කතා කළා. ගොඩක් හෙවුවා. ආනන්ද විද්‍යාලයේ අසූ ගණන්වල බැජ් එකක ඔය ගොඩක් සිංහළ බෞද්ධ වැඩවලට බර අය්යා කෙනෙක් මුණ ගැහුණා ගිය අවුරුද්දෙ. මගෙ කතා අහලා ඒ මනුස්සයා කියුවා. එහෙම එක පාරම කැලෑවදින්න යන ඒක ගොන් වැඩක්ය කියලා. සෑහෙන්න දේවල් කතා කරා. මම පිටට නොපෙන්නුවට ඒ මනුස්සයාගේ තර්ක එක්ක මම හරිය කියලා හිතන් ඉඳපු ගොඩක් දේ මගෙ හිත ඇතුළම බිඳ වැටුණා. ඒ මනුස්සයා ලස්සනට කරුණ කරුණ අරන් මගෙ තර්ක සේරම විනාස කළා. එයැයි කියන්නෙ මහණ වෙන්නම ඕනේ නැහැ කියලයි මේ නරාවලෙන් ගොඩ යන්න. හොඳට විවාහ ජීවිතයක් ගත කරන ගමන් උනත් භාවනාව හරියට කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියනවා. එදා මම හිතුව ඒක ඇත්ත කියලා. ඒත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ නේ ඇත්ත කතාව. අද කරනවා හෙට කරනවා කිය කිය ඉන්නවා මිසක් අපි කවුරුවත් ඕකට යොමු වෙන්නේ නැහැ. අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි භෞතික අංශයෙන් ටික ටික දියුණු වෙනකොට ඔය පැත්ත නිකන්ම අමතක වෙනවා කියන දේ. කෙළ උනාම තමයි ආගම දහම මතක් වෙන්නෙ. :lol: එයැයිට අවුරුදු හතලිස් ගාණක් වෙනවා. තාම බැඳලා නැහැ. වෙන්න මායියා ඇවිත් විසි ගණන්. ඉතින් ඒකත් එක අතකට කාම තණ්හාවනෙ. ඒත් ඒක මම කියන්න ගියෙ නැහැ එයැයිට. :Pමොනවා හිතයිද දන්නෙත් නැහැනෙ. :rolleyes:

    මම හොයාගත්ත සමහර කරුණුවලින් හිතට බයකුත් දැණුනා. මම කතා කළා එහෙම සියල්ල දාලා ආරණ්‍යගතව භාවනා කරන්න සිවුරට ගිය අය එක්ක. මට අහන්න ලැබුණු කතාවලට ඔළුව විකාර වෙනවා. සමහරු දැන් උපැවිදි වෙලා. :oo: ඒ අතුරින් එක් කෙනෙක් දැන් උපැවිදි වෙලා ධර්ම දානය කරනවා. ඇහුවමත් නිකන් පිස්සු වගෙ නේ.. එයාට වෙලා තියෙන්නේ ලෙවල් එකකින් උඩට හිත දියුණු කරන්න බැරි උන එක. ඒ මට්ටමේම හිර වෙලා තියෙනවා එතනින් උඩට ගෙනියන්න දියුණු කරගන්න බැරිලු. ඊට වඩා හිත දියුණු කළ නිවුන් හාමුදුරුවන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා එයා හිටි තැන ඒ අය කියලා තියෙනවා ඔයැයි කරලා තියෙන කුසල් අකුසල් අනුව තමයි ඔහොම වෙන්නේ කියලා. ඒ මනුස්සයා දැන් උපැවිදි වෙලා මිනිස්සුන්ගෙන් ලෝකේ නැති කතා අහ අහ රස්සාවක් කරනවා ධර්ම දානය කරලා ආයි භාවනා කරන්න. ඒකත් හරි ගියේ නැත්තං ඒ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ නැහැ. :oo:

    තවත් ආනන්දෙම හොඳට සල්ලිබාගෙ තිවුණු 2008/2009 බැජ් එකේ කොල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා රිකව උනායින් පස්සෙ ජීවිතේ අස්ථීර බව ගැන හිතුනයි කියලා මාර්ගෙට ඇවිල්ල තියෙනවා. මේ වෙනකොට එයැයි බුරුම වනාන්තරයක ඉන්නවා කියලයි ආරංචි. ඌ එකෙන්ම මට වඩා දෙයක් තිබුණු පොරක්. උට පුළුවන් උනානම් අත අරින්න. ඇයි මට බැරි. අනික කොච්චර මේ දිවුවත් දරුවො හැදුවත්, ගේ දොර හැදුවත් දවසක තමන්ට තමංගෙ නෝනා මහත්තයා නැති වෙනවා. නැත්තං තමං කලින් මැරෙනවා. තමංගෙ අත පය තමංටම වලංගු නැති දවසක් එනවා. කොහොම හිටියත් අන්තිම ප්‍රතිඵලය ඒක නම් අපි මේ කරන දේවල තේරුම මොකක්ද බං. කොච්චර හොඳ ගතිගුණ තියෙන කොච්චර ලස්සන කෙල්ලක් බැන්ඳත් ඒ දෙයත් නීරස වෙන දවසක් ඕනෑ කෙනෙක්ට එනවා.

    මම සර්ව අසුභවාදී නෙවෙයි. ලස්සන දේට ලස්සනයි කියන්න හොඳ දේට හොඳයි කියන්න මම දන්නවා බං. ඒත් වැඩක් තියේද මේ දේවල්වල. මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං? මේ මස පොළොවට පස් වෙනවා බං. අපි ඉගනගත්තුවා, කරපුවා සේරම තියලා අපි යනවා. මට තියෙන එකම දෙගිඩියාව මමත් මේ කරන්න යන වැඩේ ෆේල් වුණොත් කාත් කවුරුවක් නැතිව දුක් විඳලා මැරිලා යන්න වෙයිද කියන එකයි. මම ගන්න හදන්නෙ ලොකු රිස්ක් එකක්. ජොබ් එකේ ඉඳලා සේරම දාලා යනවා කියන්නෙ හෙනම රිස්ක් එකක්. මොක උනත් ලබන මාසෙ ගමන නම් යනවා. ඉදරිය ගැන තමයි හිතේ චකිතයක් තියෙන්නේ. :dull:

    කලාතුරකින් මෙ වගේ සයිට් එකකින් අහන්න ලැබෙන දෙයක්. හොද අදහසක් මචං ඉෂ්ඨකරගන්න පුලුවන්න්ම්. නමුත් මචං ගිහියෙක් හැටියට ඉදගෙන භාවනා කරලා ගොඩක් සාර්ථක කර්ගන්ඩ ටිකාක් අමරුයි මොකද බැදීම් වැඩි නිසා. අනිත් එක ගිහියෙක්ව ඉදගෙන මොනදේ කරන්ඩත් සල්ලි ඕන වෙනවා. සල්ලි හොයන්ඩනම් රස්සාවක් කරන්ඩ වෙනවා. රස්සාවක් කරන්ඩ ගත්තම වීර්ය අඩුවෙනවා. මොකද කාම ලෝකයෙ ජීවත්වෙන නිසා.
    ඉතිං මචං වීර්ය වඩලා සසරෙන් එතෙර වෙන්ඩ තියන හොදම ක්‍රමය මහණ වෙන එක. අවන්කවම උබට වීර්ය තියනවානම් මේදේ කරන්න; මහණවෙන්න, උඹට කරන්න තියෙන්නෙ පන්සලකට ගිහින් ටික දවසක් දසසිල්වෙලා බලපන් උඹට ඒ සීලය රකින්ඩ පුලුවන්ද කියලා. ඒක රැකගන්ඩ වීර්ය තිබුනොත් තීර්ණය කරපං මහණවෙනවද නැද්ද කියලා. උඹට ඒදෙ කරගන්ඩ උඹේ වීර්ය වර්ධනයවෙන්ඩ කියලා මම අවන්කවම සුභපතනවා.
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    සත්‍ය අවබෝධ කරන්න වනගත වෙන්න ඕන නැහැ මචං. වනයේ ගිහිල්ලා හැංගුනා කියලා සංසාර ගමනෙන් ගැලවෙන්න බැහැ! ඥානවන්ත වෙයන්! උඹ දැන් කරන්න ඕනේ උඹේ මනස දියුණු කරන එක! සිතුවිලි වලට උඹව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. සිතුවිලි උඹේ යටතට අරන් වරෙන්. අපිට මේක මෙහෙම හිතන්න පුළුවන්! දැන් උඹට ඇතිවෙලා තියෙන්නේ වනගත වීමේ අවශ්‍යතාව! ඒකත් සිතුවිල්ලක් විතරයි! ඒ සිතුවිල්ලට පයින් ගහලා සැලෙන්නේ නැතුව ඉඳපන්. අපි හැම මෝහතෙම මැරිලා ඉපදෙනවා. අතීතය සහා අනාගතය ගැන හිතන්න එපා! අනවශ්‍යය සිතුවිලි ඔලුවට දාලා ඔලුව විකාර කරගන්න එපා! කවදත් මනස නිදහසේ තියන්න පුරුදු වෙයන් මචං! ජීවිතයේ සිදුවන සිදුවීම් නිකංම නිකං සිද්ධි විතරයි! ජීවිතයේ කිසිම දෙයකට ඇලෙන්න එපා! දැන් ඔයා වනාන්තරයට සහා සිතුලිවලට ඇලිලයි ඉන්නේ! ඒ සිතුවිල්ලත් නැති කරගන්න! ජීවිතයේ සිදුවන සිදුවීම් වලට ඇලෙන්නේ නැතුව ජීවිතය චිත්‍රපටියක් ලෙස දැකලා තිබ්බොත් ඔයා අද වනගත වෙන්න තීරනය කරන්නේ නැහැ! චිත්‍රපටියක යන කෝච්චියක් ඔයා දිහාවට ආවා කියලා ඔයා වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටිලා අයින් වෙන්නේ නැහැ නේද ? තමන්ගේ ජීවිතයත් ඔය වගේ දකින්න. කිසිම දෙයකට ඇලෙන්න එපා. ජීවිතය දකින්න පුරුදු වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: sleeping_fox

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මචන් අරණ්‍යක හොද ගුරු හාමුදුරු කෙනෙක් හම්බ වෙලා කතා කරලා බලපන්
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් මටත් ඔය සිතිවිල්ලම ඇවිත් තියෙන්නෙ..උඹට සසර කල කිරුනනම් ඒක අනිවා එන්නෙ උඹේ පෙර සසර පුරුද්ද අනුව,,කවුරු මොනව කිව්වත් ඒ දේවල් මාර බලපෑම් විදියට හිතන්න පුරුදු වෙන්න.ගිහි ගෙය ගිනි ගොඩක් කියලනේ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. වනගත වෙන්න කලින් මේ ටික කල්පනා කරල බලපන්.

    1.උඹ දැන් තරුණ වයසෙ වනගත වෙලා නාකි උනාම කවුරුවත් නෑ. ඒ නිසා මහණ වෙන එක තමා හොඳ මම නම් හිතන විදියට.හැබැයි හොඳ ආරණ්යෙයක, මීතිරිගල නිස්සරණ වනය තමා මෑත කාලෙයි නිවන් දුටු හිමි වරු ගොඩක් වැඩ හිටිය තැන.

    2.
    උඹේ ධර්ම ඥානය කෝමද? මොකක්ද කරන භාවනාව? විනාඩි 15, පැයක් දෙකක් එක දිගට කරගෙන යන්න පුලුවන්ද? කියල තමන් තමන් ගැනම තියෙන අවබෝධය. ඔය සිරිධම්මලගෙ, කිරිබත්ගොඩලගෙ බණ අහල නම් නිවන් දකින්න බෑ .
    මුලින්ම රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් සෙට් එකම නිවී හැනහිල්ලෙ කියවපන්. විශේෂයෙන්ම "සතිපට්ඨාන භාවනා ක්‍රමය" කියන පොත. මගේ බලාපොරොත්තුව නම් මේ විපස්සනාවෙන්ම නිවන් දකින්නයි.ඊට පස්සේ "දන්කන්දේ ධම්මරතන" හාමුදුරුවන්ගෙ බණ අහපන්.මේ හාමුදුරුවො රහත් උනා කියල මට හොඳටම විශ්වාසයඉ.උන්වහන්සේගේ ධර්ම ඥානය සුවිශෙෂයි. අද කාලෙ ලන්කාවෙ අහන්න පුලුවන් හොඳම බන.හරියට බුදුන්ගෙන් ඇහුවා හා සමානයි. මේ තියෙන්නෙ ලින්ක් එක,,
    http://archive.org/details/VenDankandeDhammaratanaThero
    ඕකෙ නාම - රූප, පටිච්ච සමුප්පාදය වගේ ගැඹුරු ඒවා දහ පාරක් හරි අහල තේරුම් ගන්න බලපන්,,,

    අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න උඹට තවත් කලකිරෙයි...එහෙම උනොත් මහණ වෙන්න. තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: amila_perera
    Mar 8, 2014
    145
    9
    0
    මම නම් හිතන්නේ හරියටම හිත දියුනු කරනවනම් ඕක තමා බන් හරිම විදිහ. නමුත් මචෝ පොඩි අවුලක් තියන්නේ උඹ තනියම ඕක කරන්නේ කොහොමද? උඹට කවුද ගුරුහරුකම් දෙන්නේ? හරියට ගුරුහරුකම් නැතුව භාවනා කලොත් හිත දියුනු විල්ල කෙසේ වෙතත් උඹට මොකක් හරි ලෙඩක් හැදෙන්නත් පුලුවන්. ඔය මහනුවර කුන්ඩසාලේ පැත්තේ තැනක් තියනවා බන් පොඩ්ඩක් හොයල බලන්න. කෑම බීම වලට ඉතාම සුලු ගානක් අරන් බාවනා කරන්න ඉඩ ලබා දෙනවා. උඹට මූලික ගුරුහරුකම් එහෙන් ගන්න පුලුවන්. හැබැයි ලොකු සැප සම්පත් නම් එහෙ නෑ. මම දන්න කෙනෙක් එහෙ සති දෙකක් හිටියා පොර නම් මාර විදිහට අ තැන වර්නනා කලා..