අපිට ඉන්න ගොඩක් යාලුවෝ අපි වගේම තමා. පොඩ්ඩ වරදින්න බෑ මඩක් ගහන්න බලාගෙන ඉන්නේ. ඒ වගේම තමා මොකක් හරි දෙයක් කිව්වොත් ඒක කිව්වේ ඇත්තටමද එහෙමත් නැත්නම් sarcastic තෙරුමකින්ද කියලා හිතාගන්න බෑ. ඒ තරමටම බරක් පතලක් නැති ගානට තමා ජීවත් වෙන්නේ.
මේකත් ඒ වගේ යාලුවෙක් කියපු කතාවක්. ඇත්තටම සිද්දවෙච්ච දෙයක්ද, නැත්නම් හදල කියපු එකක්ද, එහෙමත් නැත්නම් වෙන තැනකින් අහුලගෙන උගෙ වගේ කියපු එකක්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ. ශෝට් ඇන්ඩ් සුවීට් සෝක් කතාව හින්දා ලියලා දාන්න හිතුනා.
සිද්දිය වෙලා තියෙන්නෙ චතුවට. ඌ දවල්ට බත් කන්න ගියපු වෙලාවක.
ඔන්න දවසක් චතුවා දවාලට කන්න කියලා හෝටලේකට ගියා. හෝටලයක් කිව්වට ඒක බත් කඩයක් වගේ එකක්. ඔෆිස් එකට ලඟපාත තැනක් උනාට චතුවා මීට කලින් මෙතෙන්ට ගිහිල්ලා තිබ්බෙ නෑ. එදා තමා පලවෙනි වතාවට ගියේ.
කඩේ ඇතුලට ගිහිල්ලා චතුවා මෙසෙක වාඩි උනා .
“මොනවද සර් ඕනෙ” එතෙන්ට ආපු වේටර් අංකල් ඇහුවා.
“චිකන් කෑම එකක් දෙන්න” චතුවා ඕඩරේ දැම්මා.
ටික වෙලාවකින් වෙටර් අංකල් කෑම එක ගෙනල්ලා චතුවගෙ මේසේ උඩින් තිබ්බා.
මේසෙ තිබ්බ වතුර භාජනෙන් අත එහෙම හෝදගෙන පලවෙනි බත් කට කනකොටම චතුවට “කටස්” ගාලා ගලක් හැපුනා. ඒ වෙලාවේ ඔක්කොටම වඩා බඩගින්න ලොකුවට තිබ්බ හින්දා වැඩිය මොකූත් හිතන්නෙ නැතුව ඌ එහෙම්මම ඒ බත් කට ගිලලා දැම්මා.
ඔහොම බත් කටවල් දෙක තුනක් කනකොට වෙටර් අංකල් වතුර තියන්න චතුවගෙ මේසෙට ආවා.
එතකොටම චතුවට ආයෙත් සද්දෙට “කටස්” ගාලා ගලක් හැපුනා.
වේටර්ටත් අවුල් වගේ.වේටර් යටහත් පහත්ටව චතුවගෙන් මෙහෙම අහුවා
“මහත්තය ගල්ද?”
එතකොට අපේ කොල්ලා අහින්සක විදියට වේටර් අංකල් දිහා බලලා කිව්වලු
“නැ බතුත් තියනව”
