මහත් ආන්දෝලනයක් ඇති කර මවක්.!!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මහත් ආන්දෝලනයක් ඇති කර මවක්.!!

    මවක් තම මාස 10ක් වයසැති බිලිදු දියණියට නොනවත්වා අතින් පයින් පහර දෙන අන්දම ඇතුලත් විනාඩි 4ක් පුරා දිවෙන වීඩියෝවක් පසුගියදා ෆේස් බුක් වෙබ් අඩවියේ මෙන්ම අන්තර්ජාලයට එක් වූ අතර එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කලේය.

    පසුව කරුණු සොයා බැලිමේ මෙම සිද්ධි පිළිබද අපට කරුණු අනාවරය කර ගත හැකි විය. මෙම කාන්තාව මැලේසියානු ජාතිකයෙක් වේ.කෙසේ නමුත් වාර්තා වන අන්දමට මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ පසුගිය වසරේ(2011) මුල් භාගවේ දි වන අතර මෙම සිද්ධියට සම්බන්ධ මැලේසියානු ජාතික මව මේ වන විටත් සිර දඩුවමකට යටත් වී සිටින්නීය. සැකකාර මව තම දරුවාට අමානුෂික ලෙස පහර දෙන අන්දම මීට පෙරද දැක ඇති මෙම කාන්තාවගේ මිතුරිය එදින මෙම සිදුවීම වීඩියෝ ගත කර එදිනම එය පොලීසියට ලබා දී ඇත.


    Malaysian-mother-abusing-baby-copy-225x300.jpg


    මැලේසියානු පොලීසිය එම සැකකාර කාන්තාව සිරභාරයට ගෙන ඇති අතර ළමා අපයෝජන චෝදනා යටතේ ඇයව මාස 18ක සිර දඩුවමකට යටත් කර ඇත.
    මෙම සිද්ධිය සිදු වන විට මෙම කාන්තාවට වයස අවුරුදු 18ක් වන අතර ඇය අවිවාහක තැනැත්තියකි.
    කුඩා බිලිදිය මේ වන විට වෙනත් යුවලක් විසින් හදාවඩා ගන්නා අතර ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් විදේස් මාධ්‍ය වර්තාකරයි. මෙම විඩියෝව මැලේසියානු අධිකරණයේ භර තිබු නමුත් මෙම සිදුවීමෙන් වසරකට පසුව එම වීඩියෝව අන්තර්ජාලයට එක් වී මේ වන විට ලොව පුරා මහත් ආන් දෝලනයක් ඇති කර ඇති අතර මැලේසියානු පොලීසිය මේ වන විට මෙම වීඩියෝව අන්තර්ජාලයට එක් වූ ආකාරය පිලිබදව පරීක්‍ෂන පවත්වන බවට වාර්තා වේ.

     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    හිරේ දාලා මදි බන්,මෙහමත් අම්මලා ඉන්නවානේ අම්මපා,කියන්න වචන නෑ