මහදුරු මහලිංගම්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැනුවත් කලාට ස්තූතියි බං.....

මෙච්චර වටින මානව සම්පත් ගැන දැනගන්නේ මියගියාට පස්සෙ තමයි.....:no:

ඉන්නකං බහුතරයක් දන්නෙත් නෑ... මාත් ඇතුළුව:dull:
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.....
 

waligamaya

Well-known member
  • බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
    සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.....
    :):):)


    වැරැද්ද හරි ගැස්සුවා මචෝ
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම ලැබ් කට් කරපුව කවර් කරගන්න මෙඩිකල් රිපොර්ට් එක අත්සන් කරගන්න ප්‍රොෆ් මහලින්ගම් ගෙ කාර්යාලයට ගියා. අපේ විභගේ උත්තර පත්තර බලනව මම යනකොට.

    who gave you permission to come in my office, i'm in very important duty
    කියල බැනල මට මෙඩිcඅල් එක අත්සන් කරල දුන්නා
     

    waligamaya

    Well-known member
  • මම ලැබ් කට් කරපුව කවර් කරගන්න මෙඩිකල් රිපොර්ට් එක අත්සන් කරගන්න ප්‍රොෆ් මහලින්ගම් ගෙ කාර්යාලයට ගියා. අපේ විභගේ උත්තර පත්තර බලනව මම යනකොට.

    who gave you permission to come in my office, i'm in very important duty
    කියල බැනල මට මෙඩිcඅල් එක අත්සන් කරල දුන්නා

    තව සිදී කියපන්කො
    අද මම දන්නා හිතවත් පේරා පරණ ඉන්ජෝ බොහොමයක් යාපනේ ගියා
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    :):):)
    වැරැද්ද හරි ගැස්සුවා මචෝ

    කිරියේ බොහෝ දෙනාට ඒවන් වැරදි පෙන්වා දී අැත.
    ඒ්වා පිළිගැනීමටත් නැවත නිවැරදි කිරීමටත් මේ දක්වා කටයුතු කළේ ඔබ පමණි. :)
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බිඳ වැටුණු ටකෝමා පාලම

    ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය මා දන්නා තරමින් ආරම්භයේ සිට දිගටම සිදුකෙරුණේ ඉංග්‍රීසි බසිනි. මෙය කවර අවදියක හෝ සිංහලෙන් හෝ දෙමළෙන් සිදුවූ බවක් මා දන්නේ නැත. සිංහලෙන් හෝ දෙමළෙන් වසර දොළහක පාසැල් අධ්‍යාපනය නිමකර සරසවියට ඇතුළු වන ඉංජිනේරු සිසුවකුට මෙසේ එක්වරම සිදුවන සංක්‍රාන්තිය සැලකිය යුතු අභියෝගයකි. මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නොතිබුණත් සරසවියකට ඇතුළු වන විට රජයේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි මටද මේ සංක්‍රාන්තිය විශාල අභියෝගයක් වීනම්, හරියකට ඉංග්‍රීසි ගුරුවරයෙකු හෝ නොසිටි පාසැල් වලින් පැමිණි සිසුන් මුහුණ දුන් අභියෝගයේ තරම සිතාගැනීම අපහසු නැත.





    ඉහත තත්ත්වයට යම් විසඳුමක් ලෙස ඉංජිනේරු විද්‍යා දේශන ආරම්භ කිරීමට පෙර මාස කිහිපයක ඉංග්‍රීසි පුහුණුවක් සිදු කෙරුණේය. සරසවි දොරවල් ඇරී තිබෙනවාට වඩා වැසී තිබුණු, මා සරසවි පිවිසුම් ලබා සිටි සමයේ මේ පුහුණුවේ මුල් කොටස සරසවි වලින් පිටතදීත් දෙවන කොටස සරසවි තුළත් සිදු කෙරුණේය. මුල් කොටස සාමාන්‍ය ඉංග්‍රීසි පුහුණුවක් වූ අතර මෙය විවිධ විෂයයන් හදාරන සිසුන්ට පොදුවේ ඒ ඒ දිස්ත්‍රික්ක වලම පැවැත්වුණු අතර දෙවන කොටසින් ආවරණය කෙරුණේ ඉංජිනේරු විද්‍යා (හෝ පීඨය අනුව තමන් හැදෑරු වෙනත්) විෂයයන් ඉගෙනීමට අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුමයි.

    මේ ඉංග්‍රීසි පන්ති පැවැත්වුණේ කුඩා කණ්ඩායම් වශයෙනි. මේ අනුව, අපට මුලින්ම අඳුනා ගැනීමට ලැබුණු සරසවි සගයන් වූයේ තමන් ඇතුලත්ව සිටි ඉංග්‍රීසි පන්තියට සහභාගී වූ සිසුන්ය. එමෙන්ම, පේරාදෙණියේ අපේ කාණ්ඩයේ සිසුන්ගේ පළමු ගුරුවරයා වූයේ මෙසේ ඉංග්‍රීසි ඉගැන්වූ යම් අයෙකි. මගේ කණ්ඩායමට මෙසේ ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරිය මහාලිංගම් මහත්මියයි. ගුණවර්ධන මහත්මිය මෙවැනි තවත් ඉංග්‍රීසි ගුරුවරියක් විය.

    දිවා කාලයේදී ඉංග්‍රීසි පන්තියේ එකට සිටි බැචාලාව අඳුනා ගන්නා අතර රාත්‍රී කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි වෙනත් බැචාලාද හඳුනාගන්නට ලැබුණේ නවකවද අත්දැකීම්ද සමඟ කලවමේය. වලස්මුල්ල පැත්තෙන් පැමිණි අබරන් (සැබෑ කාඩ්එක නොවේ) ඇතුළු මගේම බැචාලා කිහිපදෙනෙකු මුල්සතියේම මට හඳුන්වා දුන්නේ ඒ ප්‍රදේශයෙන්ම පැමිණි ජේෂ්ඨ උත්තමයෙකි. ඉහත සඳහන් කළ මගේ බැචාලාට දිනපතා සවසට ඉංග්‍රීසි පන්තියක් පවත්වන ලෙස මේ ජේෂ්ඨ උත්තමයා මට නියෝග කළේ නවකවදයේ කොටසක් වශයෙන්ම නොව, එයින් ඉහත සිසුන්ට යම් පිටිවහලක් ලැබේයැයි අවංකවම අදහස් කරමින් විය යුතුය. කෙසේ වුවද, මේ හේතුවෙන් අබරන් මුල් කාලයේම මගේ මිතුරෙක් විය.

    ඉංග්‍රීසි දැනුම අතින් පිටුපසින් සිටියත් අබරන් නොදන්නා මගුලක් නැත. තුන්වන උත්සාහයෙන් සරසවි පැමිණ සිටි මට වඩා වසර කිහිපයක් වැඩිමලෙකු වූ ඔහුට භීෂණ සමයේ සිදුවීම් ගැනත්, කාන්තා පාර්ශ්වය සමඟ සිදු කළ ගණුදෙනු ගැනත් කියන්නට තිබුණු රසවත් කතා හිල්ඩා ශාලාවේ තෙවන මහලේ සඳළුතල-කොරිඩෝවේ ඈඳිගෙන, මැදියම් රැයද පසුවනතුරු කට ඇරගෙන අසා සිටීම කිසිසේත්ම වෙහෙසකර කටයුත්තක් නොවීය. ඔහුගේ ඇතැම් පාසැල් සගයින් ඉංජිනේරු පීඨයේ අපට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල සිටි බැවින් පීඨය පිලිබඳ නොදන්නා බොහෝ දේ මා මුලින්ම දැනගත්තේ ඔහුගෙනි. මේ අනුව, අපේ ඉංග්‍රීසි ගුරුවරියන් වූ මහාලිංගම් මහත්මියගේත්, ගුණවර්ධන මහත්මියගේත් සැමියන් ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරුන් බවත්, 'සිරා පොරවල්' බවත් මා මුලින්ම දැනගත්තේ අබරන්ගෙනි.

    කාලය වේගයෙන් ගෙවී ගියේය. ඉංග්‍රීසි මධුසමය අවසන් වී ඉංජිනේරු විද්‍යා පාඨමාලා සමඟ ගෙවන සැබෑ කම්මල් ජීවිතය අපේ ජීවිත හිර කර අගුළු ලූයේය. මේ වන විට මා හඳුනාගෙන සිටි අපේ තවත් බැචෙක් වූ අණ්ඩරයා (නැවතත්, සැබෑ කාඩ් එක නොවේ.) ඔහුගේ ගොන්පාට් වලින් අපේ ඒකාකාරී ජීවිත වල නීරස තරමක් නොව බොහෝ දුරට අඩු කළේය. මහාලිංගම් මහත්මියගේ සැමියා වූ මහාචාර්ය මහාලිංගම්වද මේ වන විට අපි හඳුනාගෙන සිටියෙමු.

    අපේ කාලයේදී යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති වූයේ මහාචාර්ය මහාලිංගම්ය. පැසුණු හිසෙන් යුතු, සුදුවතින් සැරසුණු මේ උත්තුංග දේහධාරියා පෞරුෂයේ සංකේතයක් බඳුවිය. එවකට විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති වූයේ මහාචාර්ය ජයසේකරයි. මහාචාර්ය මහාලිංගම් මෙන් උසමහත පුද්ගලයෙකු නොවූවත් ඔහුද බොහෝ විට සුදුවතින් සැරසුණු ප්‍රසන්න පුද්ගලයෙකි. මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්‍රය කම්පනය සහ අනුනාදය හා අදාල වූ අතර මහාචාර්ය ජයසේකර ඉගැන්වුයේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර පිලිබඳවය.

    මේ කාලයේ බොහෝ දිනවල හවස් වරුවේ මහාචාර්ය මහාලිංගම්, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ සිට කොරිඩෝව දිගේ දිගු පියවර තබමින් විද්‍යුත් ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයසේකරගේ කාර්යාලය වෙත ඇවිද ගොස් දිගු වේලාවක් සාමිචියේ යෙදීම විශේෂ සැලකිල්ලක් නොදැක්වූ සිසුවෙකුට වුවද හොඳින් නිරීක්ෂණය වන දසුනක් විය.

    සාමාන්‍ය ආචාර්ය උපාධියකට වඩා ඉහළ උපාධියක් ලෙස සැලකෙන, තම ක්ෂේත්‍රය වෙනුවෙන් සැලකියයුතු කාර්යභාරයක් සිදුකළ අයෙකුට පිරිනැමෙන, 'ඩීඑස්සී' ගෞරව උපාධියක් ලබාගත් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ ලංකාවේ පළමුවැන්නා මහාචාර්ය මහාලිංගම් බව එවකට අපි දැන සිටියෙමු. එමෙන්ම, ඇව්රෝ ජෙට් එන්ජිමෙහි වූ කිසිවෙකුට සොයාගත නොහැකි වූ දෝෂයක් ඔහු විසින් සොයාගත් බවත්, ඒ වෙනුවෙන් ලැබුණු බොහෝ වරදානයන් ප්‍රතික්ෂේප කර, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති රොකට් එන්ජිම පමණක් ඔහු ඉල්ලා සිටි බවත් වැනි දේ මේ වෙද්දී අපි අසා සිටියෙමු.

    මේ දිනයේදීත් මහාචාර්ය මහාලිංගම් කොරිඩෝව දිගේ ඇවිද යන්නේ මහාචාර්ය ජයසේකර හමු වීමට විය යුතුය.

    "මචං, ඔය ප්‍රොෆෙසර් මහලිංගම් හැමදාම හවසට හවසට ප්‍රොෆෙසර් ජයසේකර හම්බ වෙන්න යන්නෙ ඇයි කියල දන්නවද?"

    අබරන් තවත් බැචාලා කිහිප දෙනෙකුට කියනු ඇසී මාද ඔලුව දැම්මේ ඔහුගේ කතා සාමාන්‍යයෙන් රසවත් නිසාය. ඒ වගේම, ඔහු නොදන්නා ඕපාදූපයක් නැත.

    "පොර අලුතින් තියරියක් හොයාගෙන ප්‍රොෆෙසර් ජයසේකරත් එක්ක. වයර් නැතුව වයිබ්‍රේෂන් යූස් කරලා ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිට් කරන්න."

    "අනේ පලයන් බන් යන්න."

    "නෑ මචං, සිරාවට!"




    මෙසේ කියමින් ඔහු පැත්තක සිටි අණ්ඩරයා දෙස බැලුවේ සිය මතය තහවුරු කිරීමට උදවුවක් බලාපොරොත්තුවෙන් මෙනි.

    "ඒ වුනාට තවම තියරියේ පොඩි අවුල් ටිකක් තියෙනවලු නේද?"

    අණ්ඩරයා අබරන්ට නොපෙනෙන්නට ඉඟියක් කළ නිසා සිදුවී ඇති දේ හිතා ගැනීම කිසිවකුට අමාරු වුනේ නැත. මෙවැනි අණ්ඩර ලස්සනට ඇඹරීම අණ්ඩරයාගේ විශේෂ දක්ෂතාවයකි. අණ්ඩරයාගේ පේටන්ට් කළ හැකි අදහස අබරන් දැන් පොර වාගේ හතර අතට දෙන්නේ ඇත්තටම ඇණගෙනය.

    "සිරානේ මචං. දැන් ඔය වැඩෙන් අපිට අහක ඉඳලා කරන්ට් වදින එකක් නැද්ද?"

    මමත් පැත්තක සිට අබරන්ව ෆෝම් කළෙමි.

    "එහෙම වෙන්නේ නැහැල්ලු. කරන්ට් එක යවන්නේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් විදිහටලු."

    අබරන් ගිරවා වගේ දෙන්නේ අණ්ඩරයාගේ වචන බව කාට වුණත් පැහැදිලිය. අණ්ඩරයාගේ මෙවැනි ගොන්පාට් ඒ දිනවල අපේ එදිනෙදා ජීවිතයේ කොටසකි.

    ඒ දවස්වල ගොන්පාට් එකක් වූ මේ කතාව ගොන්පාට් එකක්ම නොවේ. තවමත් පර්යේෂණ මට්ටමේ වුවත් මෙවැනි තාක්ෂණයක් තවදුරටත් සිහිනයක් නොවන අතර ඉදිරියේදී 'වයර්ලස්' ලෙස විදුලිබල්බයක් දැල්වීම සිහිනයක් නොවිය හැකිය.

    රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කරන අයුරු සොයා නොගත්තත් මහාචාර්ය මහාලිංගම් ඒ කාලයේ අපේ වීරයෙක් මෙන්ම අතීත මතකයේද කොටසකි. ඔහු පාවිච්චි කළ මෝටර් රථය එවකට භාවිතයේ පැවති මාදිලියක නවීන මෝටර් රථයක් නොවූවත් හැමවිටම ඉතා හොඳ තත්ත්වයෙන් නඩත්තු කර තිබුණේය. එමෙන්ම, ශාරීරික ව්‍යායාම සඳහා දිනපතාම සරසවිය හරහා සැලකිය යුතු දුරක් ඇවිදීම මහාචාර්ය මහාලිංගම් නොවරදවා කළ දෙයකි. මහාලිංගම් මහත්මියද මේ කටයුත්තට බොහෝ විට එක්විය. මහාචාර්ය මහාලිංගම් උපන් දිනය මා හරියටම නොදන්නා නමුත් ඔහු විසින් විඳ ඇතැයි මා සිතන දීර්ඝායුෂ ඔහුගේ මෙවැනි යහපත් ජීවන විලසිතාවන්හි ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවේ.

    මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්‍යාලයෙහි උපාධි අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය. මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්‍යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත.

    මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබා දීමයි. විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබාදුන්හ. ලංකාවේ නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්‍යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්‍යාපන ආයතනයි. වෛද්‍ය විද්‍යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්‍යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය.

    අධ්‍යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත්, එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්‍ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය. 1950 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය. පසුව ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (PhD ) ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් DSc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය.

    1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම, එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි. මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය. පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය (resonance) බවයි. මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්‍රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්‍රදර්ශනය කෙරුණේය. මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්‍රය විය.

    ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී, මහාචාර්ය මහාලිංගම් අද දින යාපනයේ රෝහලකදී සිය දිවිසැරිය නිමාකර තිබේ. ඔහුගේ අවසන් කටයුතු හෙට දින (නොවැම්බර් 04 බදාදා) යාපනයේ අලවෙඩ්ඩිහිදී පැවැත්වේ.

    -http://economatta.blogspot.co.uk/2015/11/blog-post.html
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතුමාට නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    මේ වගේ මිනිස්සු රටට මොන තරම් සම්පතක්ද.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් එක මද්ද්‍යා ආයතනයක් වත් මේ පුවත කිව්වද බන්
    ඕකුන් ඕව කියයි!:growl:
    ඒව කියන්න මේ රටේ මාධය තියෙන්න ඕන. දැන් තියෙන්නේ මාධය ද????


    මම මේ විරවිලා බං ඉන්නේ. මෙට යන්න විදියක නෑ යාපනේ මේ තකහනියේ......:(:(:(
    අවංකව ම අද උදේ උමේ ත්‍රෙඩ් එක දැකල මට ඇඩුනා
     

    waligamaya

    Well-known member
  • ඕකුන් ඕව කියයි!:growl:
    ඒව කියන්න මේ රටේ මාධය තියෙන්න ඕන. දැන් තියෙන්නේ මාධය ද????


    මම මේ විරවිලා බං ඉන්නේ. මෙට යන්න විදියක නෑ යාපනේ මේ තකහනියේ......:(:(:(
    අවංකව ම අද උදේ උමේ ත්‍රෙඩ් එක දැකල මට ඇඩුනා


    මෙතුමාගෙන් ඉගෙන ගන්න වරම් නොලදත් ඒකාලේ ඉදන්ම මෙතුමා මගේ පුංචි ලොවේ වීරවරයෙක්:)
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    එතුමා කවුරුද?

    මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙරයාන්ත්‍රිකවිද්යාfව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්ෂ තරුණඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රිකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතරවූ රාජ්යලතාන්ත්රියක සබඳතාහරහා සිදුවූ ඉතා ඉහළමට්‌ට මේ කැඳවීමක්‌සේ, මේපිළිබඳව, අපටසටහන්තැබියහැක.
    නිමිත්තවූයේ ඒ කාලයේදී ' ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්‌ නොමැතිවූ කල, එම සමාගමේ බලධාරීහුශ්රීටලංකාව නමැති රම්යල දිවයිනේ ජීවත්වූ ප්රීඥවන්තයකුගේ පිළිසරණ සොයායැමයි.

    මේ ප්රවඥවන්තයා අන්කවරකු හෝනොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්යාොලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගතකරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹාගියේඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්‌ යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රිාක දොaෂයකට පිළියම් සෙවීමටය.
    ලෝකයේ විශිෂ්ටතම යාන්ත්රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂානවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ එන දෙදරීම (VIBRATION)සොයාගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක්‌ යෙදීමත් එදා අපේ යාන්ත්රි ඉකඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්තඅභියෝගය දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව භාරගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගමම, මවිතකරවමින් ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත්කළේය.

    ඇව්රෝජෙට් ‌ ඇංජින් නිෂ්පාදනය බෙහෙවින්ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්රරඥාසම්පන්න ශ්රීට ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂිතාව පිළිබඳව මහත් සේ පැහැදුණුඑක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ,
    එතුමා කැමැති ඕනෑම වරයක්‌ ඉල්ලා සිටින ලෙසය. මේවාඅතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහනඇතුළු සියලු සැප සම්පත්ද එසේයෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්රේහෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකමඑකදෙයකි. ඒ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්‌ ඇංජිමක්‌ලබාදෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටුවූයේ ඉහළම ගෞරවයද සහිතවය.
    මෙම ලිපියකියවන ඔබ, ඒඅභිමානනීය පේරාදෙණිය විශ්වවිද්යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩවැදීමට කිසියම් අවස්‌ථාවක භාග්යකය ලදහොත්, ඉංජිනේරුපීඨයේ අතිදැවැන්ත පෝටිකෝවතුළින්, එහි ආලින්දයට ගොඩවූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම්ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්‌ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම,
    වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘභූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේද තබමින්,ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල්ශත, ඩොලර්, පවුම්, යුරෝ
    වෙනුවෙන් ඉටුකිරීමට සැදීපැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් ගෙන් කිසිදු අඩුවක්‌ නැති මේයුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතානොවේද? නැති නම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි
    ඔබට දීඝායු වේවා මැතිදුනි

    srimal jayawardana

    ahata kadulakuth awa:( great person