මහනුවරට වතුර හිඳෙන්නේ හෙටයි..!

SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    මහනුවරට වතුර හිඳෙන්නේ හෙටයි..!

    1815927979water-T.jpg


    මහනුවර හා තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට(18)දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    මහනුවර හා තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරට අදාළව සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව හෙට දිනයේ පෙරවරු‍ 8 සිට රාත්‍රී 8 දක්වා මෙසේ ජලසැපයුම අත්හිටුවනු ඇත. මහනුවර හා තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් වලට අදාළව නව විදුලි පරිපථ පවත්නා විදුලි පරිපථ හා සම්බන්ධ කළ යුතු නිසා පසුගිය ජූනි මස 30 වන දින විදුලිය විසන්ධි කිරීමක් සිදුවූ අතර එහිම කේබල් සවිකිරීමට පවත්නා හෙයින් හෙට දින විදුලි විසන්ධි කිරීම සිදුවනු ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    ඒ අනුව අස්ගිරිය ජලාශයෙන් ආවරණය වන නුවර දොඩංවල,අනිවත්ත බටහිර,අස්ගිරිය,මාපානාවතුර,වට්ටාරන්තැන්න,මහයියාව,පූර්ණවත්ත බටහිර,පූර්ණවත්ත නැගෙනහිර,පිටකන්ද ගම,මහනුවර,ඉහළ කටුකැලේ,කටුකැලේ බටහිර,සුදුහම්පළ බටහිර,මුල්ගම්පළ,නාගස්තැන්න,දෙයියන්නේවෙල,කටුකැලේ,වටපුළුව බටහිර,අනිවත්ත බටහිර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇත.

    වේගිරිය ජලාශයෙන් ආවරණය වන පොල්වත්ත,වේගිරිය,රත්මලේ,මඩපාතගම,ගොහාගොඩ,නාරංගස්කුඹුර,බංවැ ල්ගොල්ල,උඩුමුල්ල,හමංගොඩ උතුර,මෙන්ම පල්ලෙමුල්ල සේවා ජලාශයෙන් ආවරණය වන පල්ලෙමුල්ල,හල්ලොලුව,පල්ලේගම,පහලදූල්වල සහ කුළුගම්මන ජලාශයෙන් ආවරණය වන සෙනරත්ගම(දකුණ),උගුරැස්සපිටිය,උග්ගල්ල,උඩමුල්ල,හමංගොඩ(උතුර)හමං ගොඩ(දකුණ)උඩදූල්වල,පහලදූල්වල,කුළුගම්මන,දඩහෝගම,මාපාමඩුල්ල,මා ලගම්මන,නුගවොල,හිරියාලගම්මන,කුරුදුවත්ත,තිත්තපජ්ජල,වතුවල,උයන්ව ත්ත,ප්‍රදේශයන්ද කහවත්ත ජලාශයෙන් ආවරණය වන බමුණුපොළ,කිරලගම,බටුගොඩ(උතුර),දිවානාවත්ත,මුල්ගේලම(දකුණ)මුල් ලේගම(උතුර)කළුවාන(දකුණ)කහවත්ත(උතුර),කහවත්ත(දකුණ),මෙගොඩග ම,අඹතැන්න,ගිරාකඩුව යන ප්‍රදේශවලද හෙට දිනයේ ජය සැපයුම අත්හිටුවෙනු ඇත.

    මීට අමතරව කුරුගොඩ,බුළුගහතැන්න,ගිරාකඩුව,කහගල්ල යන ජලාශයන්ගෙන් ආවරණය වන බුළුගහතැන්න,උඩුවැලිකෙටිය,පල්ලෙවැලිකෙටිය,නීරැල්ල,බමුණුපොළ,කිරළ ගම,කසාවත්ත,උඩවැලිකෙටිය,පල්ලෙවැලිකෙටිය,දොඩංගොල්ල,අකුරණ,කු රුදුගහඇළ,උග්ගල,පරණගම,පරගම්මන,කපුකොටුව,කැන්දලියද්ද,අමුකේවල,

    මොරගස්කොටුව,දළුග්ගල,කහල්ල,කළුගලවත්ත,ගලේවත්ත,නවයාලතැන්න,
    උඩතලවින්න,මඩිහේ,විල්ලංග,මෙගොඩගම,මොලගොඩයාවත්ත යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

    කට්ටිය උදෙම නෑගිටල නාල කරල ඉන්න හොදේ.. මෙය අද දෙරණ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

    බලල කොමෙන්ට් එකක්වත් නොද යන්න එපා :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාවට මේ.. මොකක් ද වෙන්න යන්නේ..
    කොළඹට ලයිට් කපනවා මදිවට ද ? දැන් නුවරට වතුර කපන්න යන්නේ. ?
    හොද වේලාවට මේ ත්‍රේඩ් එක උදෙන් ම දැක්කේ නැත්නම් දන්නේත් නෑ..
    මේක ඇත්ත එකක් ද බොරු එකක් ද දන්නේ නෑ..
    ඒත් ස්තුතියි විස්තර වලට..
    රෙප් +9
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    ලංකාවට මේ.. මොකක් ද වෙන්න යන්නේ..
    කොළඹට ලයිට් කපනවා මදිවට ද ? දැන් නුවරට වතුර කපන්න යන්නේ. ?
    හොද වේලාවට මේ ත්‍රේඩ් එක උදෙන් ම දැක්කේ නැත්නම් දන්නේත් නෑ..
    මේක ඇත්ත එකක් ද බොරු එකක් ද දන්නේ නෑ..
    ඒත් ස්තුතියි විස්තර වලට..
    රෙප් +9
    thanx rep valata.... mama meke source eka dala tiyenne.... kokatat ;)