මහනුවර හන්තානේ සාපෙළ සිසුවියන්ට බලහත්කා&

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
මහනුවර හන්තානේ සාපෙළ සිසුවියන්ට (UPDATED)

පොසිටිව් තින්කිං සර් සහ බිස්නස් ගජයා
මහනුවර හන්තානේ සාපෙළ සිසුවියන්ට
බලහත්කාරකම් කළ හැටි

පසුගියදා මහනුවර හන්තාන ප‍්‍රදේශයේ මානව නායකත්ව පුහුණු ආයතනය නමැති සාපෙළ පුනරීක්ෂණ කඳවුරකදී සිසුවියන් පිරිසක් අතවරයට ලක්වීම සම්බන්ධ සිදුවීමට අදාළව එම ආයතනයේ හිමිකරු බව කියන චන්දිමාල් ගමගේ හා ව්‍යාපාරික මිතුරු නිමල් පීරිස් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
ධනාත්මක චින්තනය පිළිබඳ උපදේශකයෙකු ලෙස රට පුරා නමක් දිනා සිටින චන්දිමාල් රටේ නමගිය ප‍්‍රභූන් ඇසුරු කරමින්
කාහටත් විශ්වාසය තැබිය හැකි ආකාරයේ ප‍්‍රතිරූපයක් එළිපිට පවත්වා යමින් කාටත් නොපෙනෙන ලෙස රහසිගතව සිදුකළ බව කියන මෙම අපරාධයන් මේ වනවිට එළිවෙමින් පවතී. ඔහුගේ මිතුරකු වන නිමල් පීරිස් නමැති ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකුද මෙම අයථා ක‍්‍රියාවන්ට සම්බන්ධ බවට සාක්ෂි ලැබී තිබේ.
සිසුවියන්ගේ ප‍්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට අවස්ථා කිහිපයකදීම මේ දරුවන් මුහුණ දී ඇත. චන්දිමාල් සහ නිමල් පසුගිය පොසොන් දිනයේ සිසුවියන් දෙදෙනෙකු එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවියන් සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බවට මේ වනවිට ලැබී ඇති එක් කට උත්තරයකි.
මේ ලැගුම්හල මහනුවර පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් මේ වනවිට හඳුනා ගෙනද ඇත.

මීට අමතරව චන්දිමාල් මිතුරු ව්‍යාපාරික නිමල් පීරිස්ගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන අවස්ථාවක්ද වාර්තාවේ.
තවත් සිසුවියකට අසනීපයක් ඇතිවූ අවස්ථාවක මිතුරියන් සමග බෙහෙත් අරන් දීමට ඩිස්පැන්සරියකට එක්කගෙන ගොස් ඇති චන්දිමාල් සාප්පුවකට ගෙනගොස් එම දැරියන්ට යට ඇඳුම් අරන්දෙන්නට දැරූ උත්සාහයක් හා එක් සිසුවියකගේ කරට අතදාගෙන වැරදි පෙළඹවීමක් ඇතිකරන්නට දැරූ උත්සාහයක්ද වාර්තාවේ.
මාසයකට වතාවක් පමණක් දෙමාපියන් හමුවන්නට අවස්ථාව හා දුරකථන හා පිටතට යාම් අවස්ථා තහනම් පරිසරයක් තුළ ඔවුන්ට සිදුවූ අකටයුතු ඉවසන්නට සිදුව තිබුණ අතර
සිසුවියන් අතර තමන් බිල්ලකට ලක්වේය යන බියජනක හැඟීම පහළවී තිබී ඇති පසුබිමක පසුගිය 31 වෙනිදා සිදුවු බේබදු පාටියකදී චන්දිමාල් ප‍්‍රමුඛ අයගේ ගොදුරක් වන්නට පෙරාතුව ඔවුන් පළායන්නට බුද්ධිමත්වී තිබුණි.
චන්දිමාල් නමැත්තා වයස අවුරදු 36 ක පමණ පුද්ගලයකු වූවත් ඔහු සිසුවියන්ට පවසා ඇත්තේ තමා අවිවාහක වයස අවුරුදු 25 ක තරුණයකු බවය. ධනාත්මක පුහුණු වැඩමුළු පවත්වමින් ප‍්‍රදේශයේ කීර්තියක් දිනා සිටි ඔහු සාපෙළ අසමතුන් සවි බල ගන්වන්නට කියමින් එක් අයෙකුගෙන් රුපියල් 140000 ක ගාස්තුවක් දෙමාපියන්ගෙන් ලබාගෙන මාස 6 ක කෑම්බීම් ඉඳුම්හිටුම් සහිත නේවාසික කඳවුරක් පවත්වාගෙන ගොස් තිබුනේ සිසුවියන්ට පමණි. එහි සිසුවියන් 18 දෙනෙකු සිටි බව කියැවේ.

මහනුවරට නුදුරුව පිහිටි අංක 19, තපෝදාරාම පාර, හන්තාන යන ලිපිනයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යා පීඨය නම් වු මෙම නේවාසික අධ්‍යාපන ආයතනය ඉගෙනුම ලැබු සියල්ලන් වයස අවුරුදු 16 සහ 17 පසුවූ නාඹර තරුණියන්ය.

පසුගිය අපේ‍්‍රල් මස අගදී සහ මැයි මස මුලදී පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් ඔවුන් මෙම කඳවුර ගැන දැනගෙන තිබේ.
ඔහුගේ අධ්‍යාපන ආයතනයේදී අපොස සාමාන්‍ය පෙළ අසමත් සිසු සිසුවියන්ගේ පෞරුෂ වර්ධනය කර පුනරීක්ෂණ පන්ති පවත්වා අ.පො.ස සා.පෙළ විභාගයට සුදානම් කරවීම සිදුව තිබුණි.
සිසුවියන්ට තම දෙමවුපියන් හමු විය හැක්කේ මසකට එක් වතාවක් පමණක්වූ අතර එම හමුවීම සිදුව ඇත්තේ නේවාසිකාගාර පාලිකාව ඉදිරිපිටදීය. මේ හේතුව නිසා සිසුවියන්ට අධ්‍යාපන ආයතනයේදී ගෙවුණු මාසයක කාලයකදී කිසියම් අකටයුත්තක් සිදු වුවද එය දෙමවුපියන්ට කීමට එක්වරම ශක්තියක් තිබී නැත.
සිසුවියන්ගේ නේවාසිකාගාරය පිහිටියේ තෙමහල් ගොඩනැගිල්ලක පහළ මාලයේය. මේ ගොඩනැගිල්ල පිහිටි භූමිය තරමක් විශාල එකක් වූ බව කියැවේ. ඒ වටා විශාල තාප්පයක්ද බැඳ තිබේ. මේ නිසා සිසුවියන් කිසිවෙකුටත් නේවාසිකාගාරයේ පාලිකාවගේ අවසරයෙන් තොරව ඉන් පිටතට යෑමට නොහැකිය. නේවාසිකාගාරය පාලනය කරනු ලබන්නට පාලිකාවන් දෙදෙනෙකුම සිටි බවද පැවසුණි.
අවසන් සිදුවීම සිදුවූ පසුගිය 31 වනදා සිට ඇත්තේ එක් පාලිකාවකි.

සිද්ධියවූ දිනයේ චන්දිමාල් තම හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාර ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කර ඇත්තේ රාත‍්‍රී දහයට පමණය. මත් පැන් සාදය මැදියම් රැය තෙක් ඇදී යද්දී පිරිසට තමන් සිටින්නේ කොතැනදැයි යන්න පවා අමතකව කියවන්නට වූ බව පැවසේ. එම අවස්ථාවේ නිදාගෙන සිටි සිසුවියන්ට ඒ කතා ඇසී ඇති අතර මේ අය දැරියන් දූෂණයට සූදානම් වන කතාබස්ද ඇසී තිබේ.
මේ ගැන එක් සිසුවියක මෙසේ කියා ඇත.

”අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා. අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි තනිවෙලා නෑ කියන එක පෙන්වන්න.අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. අපේ යාළුවෝ කීප දෙනෙක් නේවාසිකාගාරයේ කුස්සියට ගිහින් මිරිස්කුඩු අරගත්තා. තවත් අය කවකටු පෙට්ටිවල තිබුණු කවකටු අරගත්තා. සමහරු කොසු වගේම දර පොලූ අතට ගත්තා. අපි කතා වෙලා හිටියේ කවුරුහරි අපේ හොස්ටල් එකට අතුළු වුණොත් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා බේරෙනවා කියලා. අපිට මැඩම් ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා අපි එයා ගැන හෙව්වේ නෑ. ඒත් එක්කම අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපේ සද්දේ ඇහිලාද කොහේද සර්ලා ගිහින් කියලා.
අපිට නින්ද ගියාම මොනවහරි කළොත් කියල ආයෙත් බය හිතුණා.
ඒ වෙනකොට අපි හැමෝම හොඳටම බය වෙලා හිටියේ. ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපි කොහොමහරි එළියට පැනලා ළඟ ගෙදරකට ගිහින් කථා කරලා උදව් ඉල්ලමු කියලා. ඒකට හිත හයිය අපේ යාළුවෝ හතර දෙනෙක් ඉදිරිපත් වුණා. දෙන්නා බැගින් ඒ හතර දෙනා හෙමිහිට එළියට පැන ගත්තා.”

ඔවුන් මහ රැයේ අසල නිවසකට ගොස් උදව් ඉල්ලා ඇත.
මේ දරුවන්ට අලූයම 3.30 පමණ පොලිසියට හා සිය නිවෙස් වෙත කථා කිරීමට සිය ජංගම දුරකථනය ලබා දී සියලූ දරුවන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණෙන තෙක් දරුවන් දෙස අවධානයෙන් සිට ඇත්තේ එක්තරා අසල්වැසියෙකි.

අලූයම 5.30 පමණ නේවාසිකාගාරයේ සිටි සියලූ සිසුවියන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණ ඇත. එහෙත් ඔවුන්ට නේවාසිකාගාරය ඇතුළට යෑමට එහි ගේට්ටු විවෘත වී නැත. මේ නිසා දෙමවුපියන් නේවාසිකාගාරයේ ගේට්ටුවලට ගසමින් ගේට්ටු විවෘත කරන ලෙස ඉල්ලා සිටියද නේවාසිකාගාරයේ පාලිකාව ගේට්ටු විවෘත කර නැත. උදේ 7 ට පමණ පොලිසිය මැදිහත්වී ගේට්ටු විවර කරදී ඇත.

මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සිසුවියන්ගේ ප‍්‍රකාශ ලබා ගැන්මෙන් පසු අනාවරණය වී ඇත්තේ චන්දිමාල් හා නිමල් විසින් මේ දැරියන් විවිධ උපක‍්‍රම යොදා ගෙන හෝටල් සහ ලැගුම්හල් වෙත වරින්වර කැඳවා ගෙන ගොස් ලිංගික හිංසනයන් කර ඇති බවයි.

විවිධ ලිංගික හිංසනයන්ට ලක් වු බවට ප‍්‍රකාශ ලබා දුන් සිසුවියන් 9 දෙනා අතරින් සිසුවියන් 6 දෙනකු මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරනු ලැබුවත් 3 දෙනෙකු පරීක්ෂණය වන්නට අකමැතිවී ඇත.
වෛද්‍ය පරීක්ෂණයට ලක් වු කිසිදු සිසුවියක් බාහිර ලිංගික හිංසනයන්ට ලක් වීම් හැර දුෂණයට ලක් වී නොමැති බව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට ඇත.
ප‍්‍රධාන සැකකරු වන චන්දිමාල් ගමගේ පසුගිය 4 වැනිදා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කොට ඇති අතර ඔහුගේ ව්‍යාපාරික මිතුරු නිමල් පිරීස් නමැත්තා පසුගිය 2 වැනිදා මහනුවර අධිකරණයට අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කොට තිබිණි.
:baffled::baffled::baffled::baffled:
 
Last edited:

helpWorld

Member
Aug 6, 2015
400
37
0
නිමල් පිරිස් කියන පාදඩය තාම බන් ලොක්කා .
නුවර telepix එකේ ලොක්කා .
ඔකේ ඉන්න හැම එකෙක්ම ඕක ඇදපු උන් ලු
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    140000ක් දීල තව *කවත් ගනිල්ල කෝ.......

    මේ රටේ ඔය නායකත්ව පුහුණු කිය කියා කරන සල්ලි ගැරිලි ඔක්කොම හොර මගඩි. අර එකෙක් ඉන්නවා කුමා ඉද්දමල්ලෙන කියලා. පොර සයිකො තෙරපිසිට් කෙනෙක් විදියට ට්‍රේන් වෙලා තියනවා. කියන්නේ මනෝවෛද්‍ය කියලා...ලොල්ස්....අර මේකේ ඉන්න ස්ටෝර්කීපර් වුනාට මං කාඩියොලොජිස්ට් කියල වහුකුණා වගේ ම තමා......ඔය තුමා ඉද්දමල්ලෙන ගේ ගෝලයෙක් හිටිය මගේ බැච් එකේ. දීපු සහතිකේ රාමු කරල එල්ලං ඉන්නේ. හැබැයි කෙරුවොත් ගොං වැඩක්. කැපිල පේන්න ගිහින් ඇණ ගත්ත වාර අනන්තයි. ඔන්න ඔය වගේ සොන්න රැළවල තමා ඔය හොරු බිහි කරන්නේ.....
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Oya Chandimal kiyana dial eka Colombo walath hena jalthara dapu ekek. Mage malli O/L karala gedara inna kale karanna course ekak hoyala Colombo Uni eke FIT class karanawa kiyala hena boruwak keruwa. Mu ekekgen Rs.18,000k aran kisima deyak ugannalath na. lamai ethenta giyama unta class na kiyala hamadama ewanawa harawala. ekama eka dawai kathawak pawaththwala thibbe. Ekath unge NGO wada gana. Hena peechan porak. :angry:
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Nimal Peiris ඔය case 1කට සම්බන්ද නම් මේ ඉන්නේ පොර

    524801_902294683211847_4749595054788336955_n.jpg


    13770279_10153856166025197_6416836114221836268_n.jpg


    10400208_926801070761208_1315937596842471712_n.jpg


    Chairman and Managing Director at Tele-Pix .. kandy වල ගොඩක් අය මේ පොර ගැන දන්නවා . Tele-Pix 1කේ ඉන්න කෙල්ලෝ නම් මු ගැන හොදටම දන්නවා ඇති .:P:P
    සරලව කියනවනම් , kandy වල ඉන්න සක්කිලි වල් බල්ලෙක්
     
    • Like
    Reactions: EUMA175

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Nimal-peris-1.jpg


    මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ දැනට අපේක්ෂිත ඇප මත සිටින නිමල් පීරිස් නැමැත්තා එම අපේක්ෂිත ඇප ලබාගෙන ඇත්තේ අධිකරණය නොමග යවා බවත්, ඔහු දුටු තැන අත්අඩංගුවට ගත යුතු වරෙන්තු පිට සිටින වංචනියෙකු බවත් කියමින් ලබන 9 දා අධිකරණය වෙත කරුණු ගොනුකිරීමට අගතියට පත් පාර්ශවයේ පිරිසක් සූදානමින් සිටී.


    අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබදව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායමක් ඇගැයීමක් කරනු ලබන බවත්, මහේස්ත්‍රාත්වරයා වෙත අයදුම්ප ඉදිරිපත් කරන්නේ ඒ ඇගැයීමෙන් පසුව බවත් පවසන එම පාර්ශවය මහනුවර පොලිසියේ මේ හැසිරීම අතිශය ජුගුප්සාජනක හා සාහසික එකක් බව ප්‍රකාශ කරයි. ඔවුන්ට අනුව මේ වනවිට මහනුවර පොලිසියේ නිලධාරීන් පිරිසක් මුලුමනින්ම කැප වී ඇත්තේ නිමල් පීරිස් බේරා ගැනීමේ මෙහෙයුමකටය.

    මීට කලකට ඉහත මහනුවර සිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට අවශ්‍ය ලිංගික පහසුකම් සකසා දී තිබුණේ මේ සැකකරු බව ඔවුහු කියති. ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක ඇති බව කියන ඒ කණ්ඩායම තමන් අධිකරණය වෙත ඉදිරිපත් වන්නේ නීතිය පිළිබදව ඇති විශ්වාසය නිසා බව කියති. උසාවියේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුනේ නැතිනම් මේ සිද්ධියම යට යෑමට ඇති ඉඩ කඩ වැඩි බවත් තමන්ද ජීවිත අනතුරකට මුහුණ දීමට ඉඩ ඇති බවත් ඔවුහු පවසති.

    දේශ කීරති ගෞරව නාමයද සහිත නිමල් පීරිස් නැමැත්තා මහනුවර සියලුම මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කරන ටෙලිෆික්ස් නැමැති මාධ්‍ය ආයතනය පවත්වාගෙන යනවාට අමතරව මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියගේ උපදේශකයෙක් ලෙසත්,මහවැලි අමාත්‍යාංශයට අයත් මහවැලි ගොවිපල පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙසත්, කටයුතු කරමින් සිටී. ඔහුගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය විසින් පිළිගෙන ඇති අතර ලබන 9 දා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියමිතය.
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    140000ක් දීල තව *කවත් ගනිල්ල කෝ.......

    මේ රටේ ඔය නායකත්ව පුහුණු කිය කියා කරන සල්ලි ගැරිලි ඔක්කොම හොර මගඩි. අර එකෙක් ඉන්නවා කුමා ඉද්දමල්ලෙන කියලා. පොර සයිකො තෙරපිසිට් කෙනෙක් විදියට ට්‍රේන් වෙලා තියනවා. කියන්නේ මනෝවෛද්‍ය කියලා...ලොල්ස්....අර මේකේ ඉන්න ස්ටෝර්කීපර් වුනාට මං කාඩියොලොජිස්ට් කියල වහුකුණා වගේ ම තමා......ඔය තුමා ඉද්දමල්ලෙන ගේ ගෝලයෙක් හිටිය මගේ බැච් එකේ. දීපු සහතිකේ රාමු කරල එල්ලං ඉන්නේ. හැබැයි කෙරුවොත් ගොං වැඩක්. කැපිල පේන්න ගිහින් ඇණ ගත්ත වාර අනන්තයි. ඔන්න ඔය වගේ සොන්න රැළවල තමා ඔය හොරු බිහි කරන්නේ.....

    sahathika aththa. mamath giya AL iwara wela. u karanne "leelayi chamariyi, champayi rekayi banamathiyi.. sinduwa patta gagaha apita uda paninna kiyanawa...

    padam karanna nam ehema hama ekatama sindu hadagannalu. AL sience karana ekekta ehemanam sindu patalila ballak wenawa