මහරගම පිලිකා රෝහලට දානයක්

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මාත් මචන් දුන්නා දානයක් පිළිකා රෝහලට..කෑම ජාති දෙනවා නම් එයාලමයි හදන්නේ..පිටින් මුකුත් ගෙනියන්න බෑ..අපිට බිස්කට් වගේ ඒවා ගෙනියන්න පුළුවන්..එත් එහෙන් අහන්න ඕන...මොකද බිස්කට් හැම ජාතියම දෙන්නේත් නෑ..ඉතින් හොඳම වැඩේ තමා කෑම ජාති නැතුව වෙන මොනා හරි දෙන ඒක..පොඩි අයට සෙල්ලම් බඩු ටිකක් කිරිපිටි පැකට් එකක්..මගේ නෝනත් එක්ක මාත් ඒ විදිහේ පාර්සල් හදලා දුන්නා...තව මචන් සමහර කාල වල හොයා ගන්න අමාරු බෙත් තියෙනවා අන්න ඒවා ටිකක් පිළිකා රෝහලෙන් අහ ගන්න...උන් කියනවා මේවා නෑ මේවා නෑ කියලා...අන්න ඒවා ටිකක් හොයලා දියන්....ගාණ නම් සැරයි ඒ බෙත් වල...එත් මචන් උඹට පුළුවන් ප්‍රමාණයක් අරන් දිපන්...ඊට පස්සේ හොඳට බණක් කියන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් වඩම්මලා බණක් කියවපන් මුළු රෝහලටම ඇහෙන්න....හැමදෙම හොඳින් කෙරුනට පස්සේ උඹේ සිතට දැනෙන හැඟිම අකුරු කරන්න නම් බැරි වෙයි.......
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය සම්බන්ධ කරගන්න, ඒකෙන් මං හිතන්නෙ ඕකට දානෙ දෙන විදිය දැනගන්න පුලුවන්.