මචන් සැනස බැංකුවයි සැනස සමිතියයි කියන්නේ දෙකක් .සැනස බැංකුව කෙලින්ම රජයේ සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ තියෙන මහබැංකුව හා සම්බන්දයි .
එත් සැනස සමිති විගණනය වගේ දේවල් සමුපාකාර දෙපාර්තමේන්තුවෙන් කෙරුනට කෙලින්ම සම්බන්දයක් නැහැ .මේ සමිති වල වැඩිම බලේ තියෙන්නේ එකේ සභාපති ඇතුළු ඔය සල්ලි වලට කෙලපු අද්යක්ෂක සෙට් එකට .
හැබැයි මේකේ යම්කිසි වගකීමක් සමුපාකාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වෙලා තියෙන නිසා තියෙනවා .එනිසා හරියට නීතිය ක්‍රියා කරනවානම් මේ සල්ලි තැන්පත් කරුවන්ට ගන්න පුළුවන් .හැබැයි කුට්ටියම ලැබෙන එකක් නැතිවෙයි
තවත් දෙයක් මේ වත්තේ ගෙදර සැනස සමිතිය කොලබ අවට විසිරි ඇති කුඩා සමිති සෑහෙන ගණනක එකතුවක් .ඒවායේ කොටස් මුදල් ,තැන්පතු එහෙමත් ඔය වත්තේ ගෙදර මහා සැනස සමිතියේ තැන්පතුවල තියෙන නිසා ඔය දැන් ඉන්න පිරිසට වඩා විශාල පිරිසකට මේ සිද්දිය බලපානවා .සමහර විට එසාමාජිකයින් තවම දන්නෙවත් නැතුව ඇති

දෙෂ්පාලනෙකින් තොරව නීතිය ක්රියාකලොත් සෑහෙන දෙනෙක්ට සාදාරණයක් වෙයි හැබැයි සෑහෙන්න කල් යන්න පුළුවන් .

(දන්නවනේ රජයේ දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතාව )
ආයෙත් කියන්නේ දේශපාලනය නොගාවුනොත් විතරයි