මහනුවර - තැන්නෙකුඹුර පාලම අසළින් මහවැලි ගඟට පැනීමට උත්සාහ කළ තරුණියක් ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අද (06) බේරාගත්තා. පොලීසිය සදහන් කළේ අදාළ තරුණිය බලගොල්ල ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි අයෙකු බවයි.
තරුණිය ගං ඉවුර දිගේ ඇවිදගොස් ඇති අතර වී ඇති අතර එය දුටු පුද්ගලයෙක් මේ පිළිබඳව අවට පිරිස් දැනුවත් කර තිබෙනවා.
පසුව තවත් පිරිසක් එක්ව ගඟට බැස ඇයව අල්ලාගෙන ගොඩට රැගෙනවිත් තිබේ. කෙසේ වෙතත් ගොඩට ගෙන එන අවස්ථාවේදීද ඇය කළබල කර මිදීයන්නට උත්සාහ කර ඇත.
තරුණිය ගඟට පනින්නට උත්සාහ කළ හේතුව තවමත් අනාවරණය වී නැහැ.