මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ජෝන් සීනාට එහා යමක්......

මෙන්න අපේ දස මහා යෝධයෝ....

1. නන්දිමිත්‍ර යෝධයා
2. සුරනිමල යෝධයා
3. මහාසෝන යෝධයා
4. ගෝඨඉම්බර යෝධයා
5. ථෙරපුත්තාභය යෝධයා
6. මහා භරණ යෝධයා
7. වේළුසුමන යෝධයා
8. ඛඤ්ඡදේව යෝධයා
9. ඵුස්සදේව යෝධයා
10. ලභියවසභ යෝධයා
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
1. නන්දිමිත්‍ර යෝධයා

48983_1849214024_1476_n.jpg

දසමහ යෝධයන්ගෙන් පළමුවෙන්ම අප අසන්නේ නන්දිමිත්‍ර යෝධයාගේ නමයි. නන්දිමිත්‍රට දෙමාපියන් නම් තැබුවේ ‘මිත්‍ර’ ලෙසයි. එය ඔහුගේ මයිළණුවන්ගේ නම විය. කුඩා මිත්‍රගේ මව, සිය එදිනෙදා වැඩ කටයුතු වලට යාමේදී ලණුවක් ගෙන සිය දරුවා කුරහන් ගලට තබා බැද දමා යන්නේ දරුවා එහි මෙහි ඇවිද අනතුරක් කරගැනීමත්, තමා යන තැන්වලට දරුවාද තමා පසුපසින් පැමිණීමත් වළක්වාගනු පිණිසයි. එහෙත් කුඩා මිත්‍ර කුරහන් ගලද ඇදගෙන ඔබ මොබ ඇවිදින්නට තරම් ශක්තිමත් වූයෙන් ඔහු නන්දිමිත්‍ර නම් විය.

තරුණ වියට එළැඹි කල මාගමට යන නන්දිමිත්‍ර කාවන්තිස්ස රජුගේ හමුදාවට බැදේ. එහිදී ඔහුගේ ශක්තිය පිරික්සනු වස්, කාවන්තිස්ස රජතුමා නන්දිමිත්‍ර ඉදිරියට කඩොල් ඇතා එවන ලදී. එහිදී නන්දිමිත්‍ර විසින් ඇතුගේ දළ දෙකෙන් අල්වා බිම ඉන්දැවූ බව සදහන් වේ. මෙය තමාට කරන ලද නිගරුවකැයි සිතූ කඩොල් ඇතා එතැන් පටන් නන්දිමිත්‍ර සමග වයිර බැදගත් අතර නන්දිමිත්‍ර නැවත මුණගැසී අවස්ථාවක් ලද විටෙක පහර දීම සදහා කඩොලැතා විසින් පොල්ගෙඩියක් නිතරම සිය හක්කේ සගවා ගෙන සිටි බවද සදහන් වේ.

විජිතපුර සටන අවස්ථාවේ කඩොල් ඇතා සිය දළින් ඇන තාප්පයක් බිම හෙලූ අතර එම ප්‍රාකාරය ඇතා පිටට වැටෙන්නට යන විට ඉදිරියට වන් නන්දිමිත්‍ර තාප්පය සිය දෑතින් වලකා ඇතා බේරා ගත්තේලු. එම අවස්ථාවේ මෙතෙක් කල් පරහදීමට සගවා ගෙන සිටි පොල්ගෙඩිය බිමට දැමූ කඩොල් ඇතා නන්දිමිත්‍රට තමා පිටට නගින්නට ඉඩ සැලසූ බවද අසන්නට ලැබේ.

යුද්ධය ජයගෙන රට එක්සත් කල දුටුගැමුණු රජතුමා, යුධබිමේදී අභීතව සටන් කල මෙම ශක්තිමත් රණවිරුවා මාළිගා, ගම්වර ඇතුලු තෑගි භෝග රැසකින් පුදන ලදී.​
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මේ කතා අහද්දි අමුතු ගැම්මක් එනවා බන්.. පට්ට...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2. සුරනිමල යෝධයා

    dutu2.jpg

    සංඝ පදිංචි වෙලා හිටියේ කොටසර, කීලවැව කඩවිට නම් ගමේ. ඔහු බොහෝම ධනවත් කෙනෙක්. ඒ වගේම
    දරුවන් සත් දෙනෙකුගේ පියෙක්. සංඝගේ දරුවන් හත්දෙනාගේ බඩපිස්සා තමයි
    නිමල කියන්නේ.

    ඉතින් මේ කියන වකවානුවේදී එළාර රජතුමාගෙන් මාගම්පුරයට නිතර නිතර කරදර තිබුණා. ඒ
    නිසාම මහවැලි ගග අසබඩ කසාතොට සිංහලයන්ගේ
    හමුදාවක් නිරන්තරයෙන්ම
    මුර කිරීමේ කාර්යයට යොදවා තිබුණා.
    මේ ඉසව්ව බාරව හිටියේ දීඝාභය කුමාරයා.

    දවසක් මේ නිමල දීඝාභය කුමාරයා හමුවෙන්නට
    ගියා. “නුඹ කවදාද ගෙදරින් ආවේ.....
    “අද උදේමයි.......
    “මොනවා වෙන්ට බැහැ????? ඇරත් මෙච්චර දුරක්?
    “ඔව්....නිමල පිළිතුරු දුන්නා.
    ඉතින් නිමලගේ කතාව සැබෑවක්දැයි පරීක්ෂා කරන්නට දීඝාභය කුමාරයා උපායක් යෙදුවා.
    “දරුවා මගේ මිත්‍රයෙක් ඉන්නවා කුණ්ඩල කියලා
    මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ
    නුඹට පුළුවන්ද එයාට ලියුමක් දීලා එන්ට....

    ඉතින් නිමල වහාම කුණ්ඩල හමුවුණා.
    “කවද්ද එන්ට පිටත් වුණේ? ඔහු ඇසුවා.
    “අද උදෙන්මයි??? මේ පිළිතුරෙන් බමුණා පුදුමයට
    පත්වුණා. “මෙපමණ දුරක්??????
    “එහෙනම් ගිහින් නාලා එන්ට කෑම ටිකක් කන්ට...

    නිමල මිහින්තලේ වැව තියෙන තැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔහු අනුරාධපුරයට ගොස්
    තිසා වැවෙන් දිය නාගෙන ජය ශ්‍රී මහා බෝධියත්
    වැදපුදා ගෙන ආපසු ආවා.
    කුණ්ඩල ඔහු ගිය ගමන් අසා විමතියට පත් වී
    දුටුගැමුණු රජුට ඔහුව බාර දුන්නා.
    ඒ වනවිට නිමලගේ වයස කීයද දන්නවද?
    අවුරුදු දොළහයි.

    දුටුගැමුණු රජතුමා මසුරන් තිස්දහසක් වටිනා
    බදුනක් හැදුවා. ඉන්පසුව කහවනු අමුණු
    තුනක් රැස්කර එහි බදුන තැබුවා. රා දහසය
    නැළියක් බදුනට පිරවූ රජතුමා “ මෙය බොන්නැයි
    හැමටම අභියෝග කලා.

    එහෙත් කිසිකෙනෙක් මේ අභියෝගය බාර ගත්තේ නැහැ. හැමෝම පසුබාන්නට වුණා. නමුත්
    නිමල එය බිව්වා. එදා සිට ඔහු
    සුරනිමල වුණා.

    විජිත පුර සටනේදී ගැමුණු රජුට මහත් සේවයක් කල සුරනිමල යෝධයා සටනින් පස්සේ
    බොහෝම පින් දහම් කරමින් කාලය ගත කලා.​
     
    • Like
    Reactions: DJU9