7. වේළුසුමන යෝධයා
(මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 68-77). වේළුසුමන යෝධයා, ගිරි ප්රදේශයෙහි කුටුම්බියාන්ගන හි වසභ නමැති ගෘහපතියාගේ පුතකු වූ අතර, පියාගේ මිතුරන් වන වේළු හා – ගිරි හි ආණ්ඩුකාර ව සිටි – සුමන යන්නන්ගේ නම් අනුව නම ලැබීය. වෙන කිසියම් පුද්ගලයෙකුට පිට නැග හික්මවාගත නොහැකි වූ, ආණ්ඩුකරුට හිමිවූ සින්දු (සින්ධාවා – ඉන්දු රටෙන්) අශ්වයෙකු පිටනැග යෑමට තරුණ වේළුසුමන සමත් වී ඇත. වේළුසුමන මෙම සත්ත්වයා හීලෑ කරගත්තා පමණක් නොව, පිම්මේ වටයට ගමන් කිරීම කොපමන වේගයෙන් සිදුකලාදැයි කිවහොත් අසරුවන් මාලාවක් ගමන් කරන විලසක් දිස්වූ බව කියැවේ
ගිරි ජනපදයේ කුඩුම්බියන ගමේ නායකයා තමයි වසභ. ඔහුගේ පුතාගේ නම වේළුසුමන. වසභගේ මිතුරකු වන සුමන ජනපද පාලකයා ලග අශ්වයෙකු හිටියා. මේ අශ්වයා මෙල්ල කරන්නට කාවටත් බැහැ. වේළුසුමන ඌව මෙල්ල කර උගේ පිටේ නැගී වේගයෙන් ගමන් කලා. මේ සිද්ධිය දුටු සුමන, “පුතේ උඹ නම් කාවන්තිස්ස රජතුමාගේ සේවයට තමයි සුදුසු.....කියා එහි යැව්වා.
විහාර මහා දේවියට දොළදුකක් ඇති වුණා. එළාර රජුගේ යෝධයින්ගේ ප්රධානියා ගේ හිස සිදි කඩුව මත හිද තිසාවැවෙන් දිය නාන්නට. අනුරාධපුරයට ගිය වේඵසුමන යෝධයා එළාරගේ රණමද්දව අසු උපායකින් රැගෙන එලාරගේ අගනුවරට පැමිණ,
“කාවන්තිස්ස රජුගේ වේළුසුමන යෝධයා මමයි. හැකිනම් අල්ලගනු. කියමින් කෑ ගැහුවා.
එළාරගේ මහා යෝධයා වූ නන්ද සාරතී වේළුසුමන පසුපස පැන්නුවත් වේළුසුමන ඔහුගේ හිස කපා ඒ හිසත් රැගෙන කඩුවත් සමගින් විහාර මහා දේවිය හමුවුනා.
එළාර රජුට විරුද්ධ සටනේදී අති මහත් සේවයක් කල වේළුසුමන දුටුගැමුණු රජුට සිටි හොදම අසරුවා බව ජනප්රටවාදයේ කියැවෙනවා.