මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
raja-wadaya.jpg


යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්...........
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්..........


අපේ සිංහල රජකාලේ දුන්න මේ දෙතිස් වදය අපේ සිංහ සේනාව දැනගත යුතුමයි....

1. කසයෙන් තැලීම,

2. වේවැලෙන්, උණ පත්තෙන්, සතර රියන් පොලූ දෙකකින් තැලීම,

3. අත කැපීම,

4. පය කැපීම,

5. කන කැපීම,

6. අත්පා කැපීම,

7. නාසය කැපීම,

8. කන්නාසා කැපීම,

9. ඇස් උගුලවා දැමීම,

10. වදමල් පළඳවා, ගෙරි ඇට පලඳවා වද බෙර හඬවමින් වීදි පුරා ඇවිද්දීම,

11. සිරුර වෑයෙන් රැස හතරැස් කිරීම,

12. කුසගිනි ඇති දරුණු බල්ලන් සිටින කූඩුවකට දැමීම,

13. පැසෙන තෙල් කටාරමක බැස්සවීම.

14. දිවැස් හුල හිඳවීම, 15. කඩුවෙන් හිස ගසා දැමීම,

16. යටිපතුල් ඉරා ඒ තුළට ලූණු, මිරිස්, වැලි දමා බොරළු මත ඇවිද්දවීම,

17. කට අරවා දිව කපා කටට ලූණු දියර දැමීම,

18. පැසුණු තෙල් වලින් නැහැවීම,

19. ලී කඳන් මත සිරුර සතපවා කඩුවකින් කැබලි කිරීම,

20. සිරුරට පොලූ වලින් ගසා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම,

21. සිරුර පුරා ආයුධවලින් ඇණ තුවාල කර කාරම් දිය ඉස සම්මස් නහර දියකර ඇටසැකිල්ලක් බවට පත්කිරීම,

22. සිරුර මුලසිට අගටත් අගසිට මුලටත් පෙති පෙති කැපීම,

23. දෙපැත්තේම මුවහත් ඇති බිලී කොකුවලින් සිරුරට ඇණ සම් මස් නහර උලූප්පා දැමීම,

24. මුනින් අතට බිම දිගාකර වැලමිට සහ දණහිස් වලට යකඩ කොකු දමා බිමට සවිකර ගිනි තැබීම,

25. ගෙලසිට ඉණ දක්වාත් මූණ සිට බෙල්ල දක්වාත් සමගලවා දැමීම,

26. ශරීරයේ සම ගලවා කොක්කක එල්ලා තැබීම,

27. අත්වල තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම,

28. සිරුර පුරාම තෙල් පාණ්කඩ ඔතා ගිනි ඇවිලීම.

29. යකඩ උලකින් කට අරවා කට තුළ පහන් දැල්වීම,

30. දිව එළියට ඇද නියනකින් සිදුරු කිරීම.

31. හිසෙහි කෙස් සමග සමද ගලවා හිස් කබලේ බොරළු ඇතිල්ලීම.

32. හිස් කබල ගලවා මොළය තුළට ගිනියම් කළ යකඩ ගුලි තැබීම.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රජ කාලේ දඩුවම් 32.....

මේ දඬුවම් වලින් උණ පත්තෙන් පහරදීම සහ කස පහරදීම ප‍්‍රදර්ශනාත්මකව සිදුවේ. වරදකරුවාගේ ගෙලට රත්මල් මාලාවක්ද ගෙරි ඇට මාලයක්ද දමනු ලැබේ. වරදකරුවාගේ දෙඅත් පිටකර තබා බැඳ වද බෙර ගසමින් තමා කළ වරද සෙස්සන්ට ඇසෙන්නට පවසමින් වීදිවල කැඳවාගෙන යන අතරතුර ඔහුට පිටහම ගැලවී යන තුරු උණ පත්තෙන් පහර දේ. නැති නම් කසයට හම ගැලවී එන තුරු පහර දීම සිරිතය. මෙහිදී වරද කරු බොහෝ විට සිහිසුන්ව ඇද වැටේ. එදිනම හෝ පසුදිනක මෙවැනි දඩුවම් නිසා ඔහු මියයාමටද බොහෝ විට පුළුවන. රජකාලයේදී දඬුවම ප‍්‍රදර්ශනය කිරීමෙන් අදහස් කළේ සෙසු ජනතාවට එහි දැඩිබව ඒත්තු ගැන්වීමටය.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා......
එඩිතර හොද වීර පුතෙක් ලක් මෑණිට නැති වුනා.....


රටින් පිටුවහල් කිරීම යනුවෙන් අදහස් කළේ අපරාධකරු ජීවත්වී සිටි ප‍්‍රදේශයෙන් පලවා හැරීමය. එකළ අපේ රටේ අති දුෂ්කර පළාත් ලෙස පිළිගෙන තිබුණේ බදුල්ල, බින්තැන්න, මයියංගනය, තෙලිපැහැ ආදී ප‍්‍රදේශය. වරදකරු පමණක් නොව ඇතැම් විට ඔහුගේ මුළු පවුලම පිටුවහල් කිරීමද සිදු වූ බව පොත පතේ කියවේ. රජතුමා විසින් අපරාධකරු රොඩී රැහැනට පිටුවහල් කරන්නේ ටික කාලයකට හෝ මුළු ජීවිතකාලයටම විය හැකිය. එය වරදේ ස්වභාවය අනුව වෙනස් වේ. මරණ දඩුවම නියම වූයේ මිනිසුන් මැරීම, මවුපිය, ගුරුවරුනට බලවත් හිංසා පීඩා කිරීම, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට හිරිහැර කිරීම, බෝධිදාගැබ් විනාශ කර දැමීම, රාජ අපරාධ කිරීම, මං පැහැරීම, ගම් කොල්ල කෑම ආදී වැරදි වලටය. උසස් අයට මරණ දඩුවම දෙන විට එක කඩු පහරින්ම ගෙල සිඳකර දැමීම ස්වභාවය වේ. ඇහැලේපොල පවුලේ මද්දුම බණ්ඩාරට අත්වූයේ එවැනි ඉරණමකි.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දස මහා යෝධයෝ ඉතිරි....

msohoncopy.jpg


3. මහාසෝන

කරවිට නම් ගමේ තිස්ස කියන ගම් ප්‍රධානියාගේ පුතෙකු තමයි මේ මහා සෝන කියන්නේ. ඔහු පවුලේ අටවෙනියා. අවුරුදු හතක් විතර වෙනකොට මේ මහා සෝනත් නන්දිමිත්‍ර වගේම බොහෝම දැඩි කාය ශක්තියක් පෙන්නුම් කල දරුවෙක් වුණා.

ඔහුට වඩා උසින් වැඩි තල් පැල පවා උගුලා දමන්නට හැකියාවක් තිබූ අයෙක් තමා මහාසෝන කියන්නේ. තරුණ වියට එළැඹෙන විට පොල් ගස්, තල් ගස් වලට තම බාහුවෙන් ඇන පෙරළා දමන්නට තරම් ඔහු සමතෙක් වුනේලු.

කාවන්තිස්ස රජතුමාට ඔහු ගැන සැලවීමෙන් පසුව දෙමාපියන්ට බොහෝ තෑගි බෝග දී මහා සෝන රජවාසලට ගෙන්වා ගත්තා.

විජිතපුර සටනේදී බාහුවෙන් ඇන පව්ර බිද, තල් ගසක් උදුරාගෙන එයින් සතුරාට පහර දුන්නා. ඔහු මෙසේ මව් රටට විශාල සේවයක් කලා.

මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 45-48) අනුව මහාසෝන යෝධයා, කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරිවාපි ග්‍රාමයේ තිස්ස නමැත්තාට දාව අටවැනි පුතු ලෙස උපත ලබා ඇත. ‍එකල සෝන ලෙස හැඳින්වුනු ‍දස වියැති කොළුවා, ‘විසල් තල්-ගස්’ මුලිනුදුරා දැමීමට තරම් ශක්තිමත් වූ බවත්, පසුව ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය දැරූ බවද කියැවේ.

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස මචන්
    මෙ වගේ දේක අවශ්‍යතාවය දැනුන
    මොකද මිත්‍යා මත පතුරන ගොඩක් අයට එරහිව නැගී සිටින්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    081-550x365.jpg


    4. ගෝඨයිම්බර

    බිම අඩියක්වත් නොතබා සටන් කිරීමේ දක්ෂයෙක්.... සටනකට වැදුනාම පිනුම් ගහමින් මොහු නිරන්තරයෙන්ම උඩ ආකාසේ තමා ඉන්නෙ....


    දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි.

    මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 49-54) අනුව ගෝඨයිම්බර උපන්නේ, ගිරි ප්‍රදේශයේ නිත්තුලවිත්තික ග්‍රාමයේ මහානාග නමැත්තාගේ සත්වන පුතු ලෙසය. වංශ කථාව පවසන්නේ, මිටි බව නිසාවෙන්, ගෝඨක නම්වූ කොළුගැටයා, ඉම්බර කැලයක් තනිවම උදුරා මුලිනුපුටා දැමූ හෙයින් ගෝඨ-ඉම්බර ලෙස නම් ලැබූ බවය.

    නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්.
    ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්. මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි. ඒ නිසා
    ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට
    ඔහුට සිදුවුණා. උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත්
    කාය ශක්තිය අතින් නම් ‍ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට
    සමත් වුණා. ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා.
    මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි
    හුගක්ම කැමති. ඔහුට තිබුණේ අලස ගතිගුණ.

    එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය
    ගෝඨට කරන්න කියලා පැවරුවා. ඉතින් ඔහු ගස් උදුරා
    පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා. ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු
    ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා.

    කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට
    පටන් ගත්තා. පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ
    පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය
    සාමනේර හිමි මොහුට බැණ වැදුනා. ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම
    ඇදගෙන ගියා. ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි.
    පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා.

    විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට
    පහර පිට පහර එල්ල කලා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක්
    ලැබුණා. පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා
    ආරූඩ වුණා. ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා.
    සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ.

    ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස
    කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව
    රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ.

    මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.

    රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.

    ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ar09021516-2.jpg


    5. ථේරපුත්තාභය යෝධයා

    මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය.

    (මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 55-63) කොට කන්ද අසබඩ කිට්ටි (කොටගල) ග්‍රාමයේ ගම්පති වූ රෝහණ නමැති ගෘහපතියාට දාව උපන් ගෝඨාභය, දස වස් හෝ දොළොස් වස් වන විට, පැසුණු මිනිසුන් සතර හෝ පස් දෙනෙකුට එසවිය නොහැකි මහා පාෂාණ ඔසවා වීසි කිරීමට සමත් වී ඇත. ගෝඨාභයගේ පියාණන් වූ රෝහණ, මහාසුම්ම නමැති තෙරණුවන්ගේ අනුග්‍රාහකයාව සිට තෙරණුවන්ගේ දහම් දෙසුමකට සවන් දී සෝවාන් නම් පළමු ඵලයට පත්වීලු. රෝහණ පසු කලෙක භික්ෂුවක ලෙස පැවදි බව ලැබ පසුව අරහත් ඵලයට පත් වීම නිසා, ගෝඨාභය ඉන්ඉක්බිතිව තෙරණුවන්ගේ පුතු ලෙස අරුත් දෙන ථෙර-පුත්-අභය ලෙස හැඳින්වීමට ඇරඹී තිබේ.

    රුහුණු රටේ කොටගල ගම සමීපයේ ඇති ගමක් තමයි කත්ති ග්‍රාම කියන්නේ.
    රෝහණ නම් ප්‍රභූවරයෙක් මේ ගමේ වාසය කලා. ඔහුට අභය නමින් පුතෙකු සිටියා.
    අවුරුදු දොළහේදී මේ අභයට ඇතෙකුගේ කාය ශක්තිය තිබුණේලු.

    ඔහුට විශාල යකඩ පොල්ලකින් ගසේ කදට ගසා බිම හෙලීමට හැකියාවක් තිබුණා.
    පොල්, තල්, ආදී ගස්වල කදට ගසා මෙසේ බිම හෙලුවා.
    රෝහණ ප්‍රභූවරයා සුමන භික්ෂුවගෙන් බණ අසා මහණ වූ පසුව අභයටද මහණ වෙන්නට සිතුනා. පසුව ඔහු ථේරපුත්තාභය නමින් මහණ වුණා.

    ගෝඨයිම්බරගේ අහඹු මුණ ගැසීම නිසා (ඉහතින් ගෝඨයිම්බරට අහඹු මුණ ගැසීම පිළිබදව සදහන් කර ඇත.) ගෝඨයිම්බර යෝධයා ථේරපුත්තාභය සාමනේරයන් වහන්සේ ගැන රජතුමාට දැන්වූවා.
    රජු රාජ සේවයට පැමිණෙන්නැයි උන්වහන්සේගෙන් කිහිප වාරයක්ම ඉල්ලා සිටියද ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

    එනමුත් රට ජාතිය ආගම ගැන සිතා ඔහු සිවුරු හැර රාජ සේවයට බැදුනා.
    විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කලා.
    සටනින් පසුව සියලුම තනතුරු හා තෑගි බෝග ප්‍රතික්ෂේප කල ථේරපුත්තාභය යෝධයා නැවත මහණ වී රහත් බවට පත්වුණා.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සස්ලිට් මේ ටික ලියල ඉවර කරන්න. ජාතිකවාදය ගැන යම් ලිපියක් දැනට ලියාගෙන යමි......එය පලකරමි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    gamunu.jpg


    6. මහාභරණ යෝධයා

    මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 64-67) අනුව භරණ උපත ලැබ ඇත්තේ කෝපකන්දර ග්‍රමයේ කුමාර නමැත්තෙකුට දාවය. අවුරුදු දහයක හෝ දොළසක කොළුවෙකුව සිටියදී, වනයේ සාවුන් එලවාගෙන ගොස් උන් අල්වා පයින් මැඬීමට සමත් වූ බවද, පසුව දහසය විය වූ විට දිව ගොස් කුරුමුවන්, ගෝනුන් හා වල්-හූරන් දඩයම් කිරීමට සමත් වූ බැවින්, මහත් යෝධයෙකු බවට පිළිගැනුමට ලක් වූ බව කියැවේ.

    ඔහුගේ ගමේ නම කපුකදුරු ගමයි. ඔහුට භරණ යයි නම් තබන ලද්දේ ඔහුගේ උපන් දිනයේම පියාණන්ට නිධානයක් ලැබුණු නිසා යයි කියති. හිතාගන්න බැරි තරමේ කායශක්තියක් ඉතා කුඩා කාලයේ සිටම මේ භරණ නැත්නම් මහා භරණට තිබුණා.

    සාවුන් පසුපස්සේ හඹා ගොස් පයින් ගසා මරා දැමීමට ඔහුට තිබුණේ අසීමිත හැකියාවක්. මුවන්ගේ දෙකකුලින් ඔසවා පොළොවේ ගසන්නට තරම් ඔහු හපනෙක් වුණා. ගමේ තිබුණ කුඹුරු වල් ඌරන්ගෙන් බේරා ගැනීම හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි. අන්තිමේදී මහා භරණ යෝධයා තනිවම රැකගෙන සිට එන එන ඌරන් කරකවමින් පොළවේ ගසා මරන්නට වුණා.

    රජතුමා ඔහුගේ කායශක්තිය කොපමණද කියා විමසා බලන්නට සිතුවා. හීලෑ නොවූ දරුණු අශ්වයෙකු පෙන්වා ඌ බැද දමන්නැයි මහා භරණට අණ කලා. අසු ඔහු ලංවෙත්ම ඉක්මනින් දිව ගියා. මහා භරණ අශ්වයා පසුපස පන්නා ඌ මෙල්ල කොට ගස් බැන්දා.

    විජිත පුර සටනේදී මහා භරණගෙන් වුන සේවය අතිමහත්. සටනේදී ඔහු එළාර රජුගේ අශ්වයන් මරා දැම්මා. ඔහුගේ අශ්වගාල විනාශ කර දැමුවා. රජුගේ ජයග්‍රහණය පිටුපස මහා භරණද සුවිශේෂි ස්ථානයක් ගනු ලැබුවා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Old-Sword.jpg


    7. වේළුසුමන යෝධයා

    (මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 68-77). වේළුසුමන යෝධයා, ගිරි ප්‍රදේශයෙහි කුටුම්බියාන්ගන හි වසභ නමැති ගෘහපතියාගේ පුතකු වූ අතර, පියාගේ මිතුරන් වන වේළු හා – ගිරි හි ආණ්ඩුකාර ව සිටි – සුමන යන්නන්ගේ නම් අනුව නම ලැබීය. වෙන කිසියම් පුද්ගලයෙකුට පිට නැග හික්මවාගත නොහැකි වූ, ආණ්ඩුකරුට හිමිවූ සින්දු (සින්ධාවා – ඉන්දු රටෙන්) අශ්වයෙකු පිටනැග යෑමට තරුණ වේළුසුමන සමත් වී ඇත. වේළුසුමන මෙම සත්ත්වයා හීලෑ කරගත්තා පමණක් නොව, පිම්මේ වටයට ගමන් කිරීම කොපමන වේගයෙන් සිදුකලාදැයි කිවහොත් අසරුවන් මාලාවක් ගමන් කරන විලසක් දිස්වූ බව කියැවේ

    ගිරි ජනපදයේ කුඩුම්බියන ගමේ නායකයා තමයි වසභ. ඔහුගේ පුතාගේ නම වේළුසුමන. වසභගේ මිතුරකු වන සුමන ජනපද පාලකයා ලග අශ්වයෙකු හිටියා. මේ අශ්වයා මෙල්ල කරන්නට කාවටත් බැහැ. වේළුසුමන ඌව මෙල්ල කර උගේ පිටේ නැගී වේගයෙන් ගමන් කලා. මේ සිද්ධිය දුටු සුමන, “පුතේ උඹ නම් කාවන්තිස්ස රජතුමාගේ සේවයට තමයි සුදුසු.....කියා එහි යැව්වා.

    විහාර මහා දේවියට දොළදුකක් ඇති වුණා. එළාර රජුගේ යෝධයින්ගේ ප්‍රධානියා ගේ හිස සිදි කඩුව මත හිද තිසාවැවෙන් දිය නාන්නට. අනුරාධපුරයට ගිය වේඵසුමන යෝධයා එළාරගේ රණමද්දව අසු උපායකින් රැගෙන එලාරගේ අගනුවරට පැමිණ,

    “කාවන්තිස්ස රජුගේ වේළුසුමන යෝධයා මමයි. හැකිනම් අල්ලගනු. කියමින් කෑ ගැහුවා.
    එළාරගේ මහා යෝධයා වූ නන්ද සාරතී වේළුසුමන පසුපස පැන්නුවත් වේළුසුමන ඔහුගේ හිස කපා ඒ හිසත් රැගෙන කඩුවත් සමගින් විහාර මහා දේවිය හමුවුනා.

    එළාර රජුට විරුද්ධ සටනේදී අති මහත් සේවයක් කල වේළුසුමන දුටුගැමුණු රජුට සිටි හොදම අසරුවා බව ජනප්රටවාදයේ කියැවෙනවා.​
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    8. කච්චදේව (ඛඤ්ජදේව)යෝධයා

    මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 78-81) අනුව, නකුලනාග පුදේශයෙහි මාහිසදෝනික ග්‍රාමයෙහි අභය නමැත්තාගේ බාලම පුතු ලෙස උපතේදී දේව යන නම් ලැබීය. මදක් කොරගැසීම නිසා කච්චදේව යන නම පටබැඳී ඇත. විශාල කුළුහරකුන් හඹා ගොස්, උන් වලගයෙන් අල්වා, ඔහුගේ හිසට උඩින් කරකවා පොළොවට ගසා දැමීමට මෙම තරුණ කොළුවා සමත් වී ඇත.
    ගිරි ජනපදයේ පිහිටා ඇති මී ඔය තමයි මොහුගේ උපන් ගම වුනේ. එහි වාසය කළ අභය නැමැත්තාගේ පුතා තමයි දේව හෙවත් ඛඤ්ජදේව කියන්නේ.

    මොහුගේ එක කකුලක් කොරයි. ඉතින් ඔහු ඇවිදින්නේ කොර ගසමින්. කොර ගසමින් ඇවිද්දත් මොහු දුවන්න, වගේම පනින්නත් බොහෝම හපනෙක්. දේව කලේ වල් මී හරක් කකුල් දෙකෙන් ඔසවා හිස වට කරකවා ඈතට විසි කිරීමයි.

    ඔහු කඩු දුණු ශිල්පයටත් බොහෝම දක්ෂයෙක්. රජතුමාගේ සේනාවට සූරයෝ, දක්ෂයෝ, වගේම යෝධයෝ සොයාගෙන ගම් දනව් සිසාරා යද්දී දේව ගැනත් රජතුමාට දැනගන්නට ලැබුණා. ඉන්පසුව රජතුමා මොහුව රාජ සේවයට බදවා ගත්තේ දෙමාපියන්ට තෑගි බෝග එහෙමත් දීලයි. විජිත පුර සටනේදී ඛඤ්ජදේව යෝධයා සතුරන්ගේ කකුල් දෙකින් අල්ලා හිස වට කරකවා ඈතට විසි කල බවට ඉතිහාසයේ සදහන් වෙනවා.

    සටන අවසන් වීමෙන් පස්සේ පින් දහම් කරමින් බොහෝම දැහැමි දිවි පෙවෙතක් ගෙවූ ඛඤ්ජදේව යෝධයා මරණින් පසු දෙව්ලොව උපන් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා
    .
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    fea7.jpg


    9. ඵුස්සදේව යෝධයා

    මහාවංශය (පරිච්ඡේදය 23, පාඨය 82-89) අනුව, සිට්ඨලපබ්බත විහාරය අසබඩ ගවිට නම් ග්‍රාමයේ, උප්පල නමැත්තාගේ පුතු ලෙස ඵුස්සදේව මෙලොව එළිය දැක ඇත. කොළුවෙකු ලෙස විහාරය වෙත ගිය ඵුස්සදේව හට හක්ගෙඩිය, හෙණ හඬ තරම් ශබ්දයකින් ලෙස පිඹීමට හැකිවීම නිසා, උම්මාදඵුස්සදේව ලෙස නම් ලැබීය. පසුව ඵුස්සදේව, කිසිදා ඉලක්කය නොවරදන දුනුවායෙක් බවට පත් විය.

    ඵුස්ස දේව යෝදයාගේ උපන් ගම සිතුල් පව්ව විහාරය අසල ගොඩිගමුව නම් ගමයි. ඔහුගේ පියාගේ නම උත්පලය. ඔහු ධනවත් වංශවත් පුද්ගලයෙකි.

    එක් දවසක් ගමේ පන්සලේ බෝධිය අසල සෙල්ලම් කරමින් සිටි ඵුස්සදේව එතැන තිබුණ හක්ගෙඩියක් දැක එය අතට ගෙන පිම්බා. එයින් නැගුණ හඩ බොහෝ ඈතට ඇසුනේ විශාල ගෝෂාවක් ලෙසයි. ළමුන් , මිනිසුන් වගේම වනයේ විසූ සත්වයෝත් ඒ මහා හඩින් බියපත් වුනා. මේ සිද්ධිය නිසා ඔහු කා අතරත් හුගාක් ප්රිසිද්ධියට පත් වුණා. එපමණක් නෙමෙයි. ඵුස්සදේව දුන්නෙන් විදින්නත් මහා හපනෙක් බවයි ඉතිහාසය කියන්නේ.

    විජිතපුර සටනේදී ඔහු සක්ගෙඩිය පිඹිමින් එළාර රජුගේ සේනාව බිය වැද්දුවා.

    එළාර රජුගේ මරණින් පසුව එතුමාගේ බෑනා භල්ලුක දුටුගැමුණු රජු හා සටනට ආවා. ඔහු දුටුගැමුණු රජුගේ මුවට දුන්නෙන් විදින්න උත්සාහ කර තියෙනවා.

    මේ අවස්ථාවේ භල්ලුකයා ගැමුණු රජුගේ මුඛයට විදින්නට සිතා ඊතලයක් අමුණාගෙන මුඛයට ඉලක්ක කොට රජු ඇමතීය. ගැමුණු රජු පිළිතුරු දුන්නේ කඩුපතින් මුව වසා ගෙනය. භල්ලුක එල්ල කළ හීය කඩුවේ වැදී බිම වැටිණි. ගැමුණු රජතුමා එවිට කටේ තිබූ බුලත් විට බිමට දැමීය. තම ඉලක්කය නිවැරදි යයි සිතූ භල්ලුකයා ඔල්වරසන් හඬ පවත්වීය. මෙච්චර වෙලා පිටි පස්සට වෙලා මේ ඔක්කොම බලාගෙන හිටපු ඵුස්සදේව මේ භල්ලුක තමන්ගේ රජතුමාට කරපු අපහාස ඒ වගේම දැන් මේ ඊතලෙන් විද්ද එක ඔක්කොම මතක් කරගෙන භල්ලුකගේ කට ඉල්ක්ක කරල ඊතල විදිනවා.
    භල්ලුක මැරෙනවා. ඒ යුද්දෙත් ඊට පස්සේ ඉවරයි. හැබැයි මෙතන ඊතලෙන් විදිද්දී දුටුගැමුණු රජතුමාගේ කනේ තිබුණු කුණ්ඩලාභරණෙක ගෑවීගෙන තමා ඊ තලේ යන්නේ. යුද්දේ වෙලේ රජතුමාට ඕක තේරුණේ නැහැ.

    නමුත් තමා කළ ක්‍රියාව ගැන පසුතැවිල්ලට පත් යෝධයා ඒ ක්‍රියාවට දඩුවමක් ලෙස තමන්ගේ කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වීය. රජතුමා දොම්නසට පැමිණ තමන්ගේ සතුරන් පැරදවීම සඳහා කළ ඒ ක්රිනයාවේ වරදක් නැති බව කියා ඊතල දෙකක් එකට අමුණා සිටුවා ඒවා වැසෙන තරම් මසුරන් ගොඩක් ත්‍යාග වශයෙන් ඵුස්සදේවට ලබා දුන්නේය.

    මේ විජිත පුර පැවති සටනින් පස්සේ ඔහුත් පිං දහම් බොහෝමයක් කොට ජීවත් වුනා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    10. ලභියවසභ යෝධයා

    (මහාවංශය, පරිච්ඡේදය 23, පාඨ‍ය 90-95). ථුලධර කන්ද අසල, විහාරවාපි ග්‍රාමයෙහි ගෘහපති මත්තගේ පුතු ලෙස උපන් වසභ, ලභියවසභ – (දක්ෂකම්) ලාභි වසභ – ලෙස නම් ලැබුවේ ඔහුගේ මහත් ශරීර ශක්තිය හේතුවෙනි. විසිවන වියෙහි පසුවුනු වසභ, මිනිසුන් දොළොසකු විසින් පවා ගෙනගිය නොහැකි පස් කන්දරාවක් කිසිදු වෙහෙසක් නොදරමින්ම තනිවම ගෙනගොස් වසභ-වැව තැනීමට දායක වී ඇත .

    රුහුණු රටේ විහාරවාපී ගම්මානය බොහෝම ලස්සන ගමක්. ඒවගේම හරිම පිටිසරයි. ලභියවසභගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කළ අයෙක් අයෙක් නිසා බොහෝම රූමත් වෙලා උපන්නා කියලා තමයි කවුරුත් කිවුවේ.

    මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්‍රව පැවති ප්‍රදේශයක්. ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා.
    මේකට පිළියමක් ලෙස වසභ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්නට පටන් ගත්තා. අනෙක් තරුණයන් බොහෝම ඉක්මනින් වෙහෙසට පත්වුනත් ලභියට එසේ වුනේ නැහැ. ඉතින් ඔහු තනිවම වැව කැපුවා. විශාල පස් ගොඩවල් ඔහු තනිවම එසෙව්වා. (ඔහු වැව තැනීමට ඔසවා වැව් ඉස්මත්තට විසිකල සමහර ගල් අදටත් බැකෝ එකකින්වත් ඔසවන්න අපහසුයි.)

    වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට වසභෝද කවාර යැයි නම් තැබුවා.
    වැව වසභ වැව යන නමින් නම් කලා.
    ඉතින් මේ වසභගේ හපන්කම් වටහාගත් රජතුමා ඔහුත් රාජ සේවයට බදවා ගත්තා.
    ඔහුට කඩු ශිල්ප පුහුණු කරනු ලැබුවේ වේඵසුමනයන් විසිනුයි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න ඉතින් දුටු ගැමුණු රජතුමාගේ විශේෂ බලකාය ගැන විස්තර දැම්මා අපේ සිංහයොන්ට.... ඔවුනගේ එළාරව පැරදවීමේ දිගුදුර මෙහෙයුම ගැන පසුව කියන්නම්... ජයවේවා....