![]()
Battle of Vijithapura
විජිතපුර සටන
යුද්ධය පුරාවට ලෙලදුන් දුටුගැමුණු රජතුමාගේ ධජය
![]()
ආයුධ මුවහත්කල ස්ථානය...
![]()
රණශූර පරික්ෂාව.....
සටනට පෙර දුටුගැමුණු රජතුමා විසින් රණශූරයින්ගේ දක්ෂතාවයන් පරික්ෂාවට ලක්කර ගැනීමට කරනලද විවිධ පරීක්ෂණ ඉපැරණි වංශකතා ගෙනහැර දක්වයි. ඉන් පලමු පරීක්ෂණය ලෙස රා කල්දේරමක් පානය කලහැකි අයෙක් මේ අතර සිටින්නෙදැයි විමසු විට සියළු දෙනා එය ප්රතික්ෂේප කල අතර නමුත් සුරනිමල යෝධයා ඉදිරියට පැමිණ එම රා කල්දේරම කිසිදු අපහාසුතාවයකින් තොරව පානය කර ඇත.දෙවන පරීක්ෂණය සේනාවේ අණදෙන්නාවූ නන්දමිත්ර යෝධයා වෙත විය. දුටුගැමුණු රජතුමා ළග කණ්ඩුල නම් රාජකීය ඇතෙක් විය. කණ්ඩුල ඇතා කෝපාවිෂ්ට කර නන්දමිත්ර සමග සටනට යොමු කරනලද අතර නන්දමිත්ර කණ්ඩුල ඉදිරියේ සිටගත් අතර ඔහු ඇතාගේ දළ දෙකෙන් අල්ලා ඉහලට උස්සා දළ දෙකෙන්ම පොලවේ ගැසුවේය. මේ සියලුදේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුධබෙර නාදය හා ධජ ඉහලට එසවීමෙන් අනතුරුව විජිතපුරයට පහරදීම ආරම්භ කලේය.
වටලෑම.....
යම් යම් ප්රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්ෂාව සහ නැවතත් ශක්තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ගියහ. නමුත් ජයග්රාහී දුටුගැමුණුගේ සේනාව එම බලකොටුව ආසන්නයටද පැමිණ කදවුරු බැදගන්නා ලදී. එම කදවුරුලාගත් ප්රදේශය පසුව බනදාවර පිත්ති හෝ කදවුරුපිටිය ලෙස හැදින්වුයේය. ඔවුන් ස්ථානගතවීමෙන් අනතුරුව බලකොටුව වෙත පහරදීම් සිදුකල අතර එළාරගේ සේනාවද සටන ඔවුන්ගේ පාර්ශවය දෙසට හරවා ගැනීමට සටන් කල අතර නමුත් දෙපාර්ශවයටම එය ඉටුකර ගැනීමට නොහැකි විය. මාස හතරක කාලයක් නගරය ආසන්නව කදවුරුලා සිටීමෙන් අනතුරුව නැවතත් බලකොටුව අල්ලාගැනීමට දුටුගැමුණුගේ සියළුම සේනාවෝ එක්ව සැලසුම් සහගත දැවැන්ත පහරදීමකට යොමු විය. එහිදී රජුගේ දසමහා යෝධයින් සහ සේනා සංවිධායකවරුන් ඉතා සුවිශේෂී කාර්යක් සටනේදී ඉටුකර ඇත.
අවසන් පහරදීම.....
දුටුගැමුණුගේ සේනාව එකවරම නගරයේ ගේට්ටු හතර අක්රමණය කලේය. ඔහු නන්දමිත්ර, සුරනිමල සහ කන්ඩුල ඇතා සමග ප්රධාන පහරදීම දකුණු ගේට්ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්ටු දෙසට ප්රහාර දියත් කලේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්ව නැගෙනහිර ගේට්ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැගෙනහිර ගේට්ටුව දෙසට දියත් කල මෙහෙයුමෙන් ගේට්ටුවේ ආරක්ෂකයන් බියවී ගේට්ටුව අත්හැර පලාගියේය.
එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිදීමට දරණ සෑම ප්රයත්නයකදීම ඉහල සිට උණු කරන ලද යකඩ පහල සිටින සේනාව දෙසට විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක්රමණය වැලැක්වීමට දැඩි ප්රයත්නයක් දැරුවේය. දකුණු ගේට්ටුව බිද දැමීමට කන්ඩුල ඇතා ප්රයත්න දරන අතරතුර එවන් ප්රහාරකට ඇතා ලක්වූයේය. තුවාලවලට ප්රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා පවුර බිද දමන ලෙස ඇතාට විදානය කලේය. එය බිද දැමීමත් සමග නගරයට ඇතුලුවූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුරය බලකොටුව අල්ලා ගත්තේය. මෙහිදී දසමහා යෝධයින් කල කාර්ය සුවිශේෂිය. ඔවුන්ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිද දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්රහාරයක් දියත් කලේය. නගරය අත්හල එළාරගේ සේනාව අනුරාධපුරය දෙසට පලාගියේය.
ජයග්රහණය.....
විජිතපුර ජයග්රහණය අනුරාධපුරය අල්ලා ගැනීමේ සටන වේගවත් කලේය. ඉන් අනතුරුව තවත් ශක්තිමත් බලකොටු දෙකක් අල්ලාගනිමින් සටන අනුරාධපුරය දෙසට ලගාවූ අතර එහිදී දුටුගැමුණු එල්ලකරන ලද එක පහරකින් එළාර මියගිය අතර ඒ සමගම දුටුගැමුණු අනුරාධපුරයෙහි පමනක් නොව ලක් දිවයිනෙහිම පාලකයා බවට පත්විය.
මේවා ඔක්කොම එකතු කරලා බ්ලොග් කැල්ලක් හරි සයිට් කැල්ලක් හරි හැදුවොත් මොකද?

ඩොමන් එකක් අරන් දියන්.මං හොස්ටින් දෙන්නම්

එකතු වෙලා සයිට් එක ගොඩ දන්න පුළුවන්



