මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Mozilla

Well-known member
  • fea7.jpg


    Battle of Vijithapura
    විජිතපුර සටන


    යුද්ධය පුරාවට ලෙලදුන් දුටුගැමුණු රජතුමාගේ ධජය


    220px-Flag_of_Dutthagamani.png


    ආයුධ මුවහත්කල ස්ථානය...

    KaduGaGala.jpg


    රණශූර පරික්ෂාව.....

    සටනට පෙර දුටුගැමුණු රජතුමා විසින් රණශූරයින්ගේ දක්ෂතාවයන් පරික්ෂාවට ලක්කර ගැනීමට කරනලද විවිධ පරීක්ෂණ ඉපැරණි වංශකතා ගෙනහැර දක්වයි. ඉන් පලමු පරීක්ෂණය ලෙස රා කල්දේරමක් පානය කලහැකි අයෙක් මේ අතර සිටින්නෙදැයි විමසු විට සියළු දෙනා එය ප්‍රතික්ෂේප කල අතර නමුත් සුරනිමල යෝධයා ඉදිරියට පැමිණ එම රා කල්දේරම කිසිදු අපහාසුතාවයකින් තොරව පානය කර ඇත.දෙවන පරීක්ෂණය සේනාවේ අණදෙන්නාවූ නන්දමිත්‍ර යෝධයා වෙත විය. දුටුගැමුණු රජතුමා ළග කණ්ඩුල නම් රාජකීය ඇතෙක් විය. කණ්ඩුල ඇතා කෝපාවිෂ්ට කර නන්දමිත්‍ර සමග සටනට යොමු කරනලද අතර නන්දමිත්‍ර කණ්ඩුල ඉදිරියේ සිටගත් අතර ඔහු ඇතාගේ දළ දෙකෙන් අල්ලා ඉහලට උස්සා දළ දෙකෙන්ම පොලවේ ගැසුවේය. මේ සියලුදේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුධබෙර නාදය හා ධජ ඉහලට එසවීමෙන් අනතුරුව විජිතපුරයට පහරදීම ආරම්භ කලේය.

    වටලෑම.....

    යම් යම් ප්‍රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්ෂාව සහ නැවතත් ශක්තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ගියහ. නමුත් ජයග්‍රාහී දුටුගැමුණුගේ සේනාව එම බලකොටුව ආසන්නයටද පැමිණ කදවුරු බැදගන්නා ලදී. එම කදවුරුලාගත් ප්‍රදේශය පසුව බනදාවර පිත්ති හෝ කදවුරුපිටිය ලෙස හැදින්වුයේය. ඔවුන් ස්ථානගතවීමෙන් අනතුරුව බලකොටුව වෙත පහරදීම් සිදුකල අතර එළාරගේ සේනාවද සටන ඔවුන්ගේ පාර්ශවය දෙසට හරවා ගැනීමට සටන් කල අතර නමුත් දෙපාර්ශවයටම එය ඉටුකර ගැනීමට නොහැකි විය. මාස හතරක කාලයක් නගරය ආසන්නව කදවුරුලා සිටීමෙන් අනතුරුව නැවතත් බලකොටුව අල්ලාගැනීමට දුටුගැමුණුගේ සියළුම සේනාවෝ එක්ව සැලසුම් සහගත දැවැන්ත පහරදීමකට යොමු විය. එහිදී රජුගේ දසමහා යෝධයින් සහ සේනා සංවිධායකවරුන් ඉතා සුවිශේෂී කාර්යක් සටනේදී ඉටුකර ඇත.

    අවසන් පහරදීම.....

    දුටුගැමුණුගේ සේනාව එකවරම නගරයේ ගේට්ටු හතර අක්‍රමණය කලේය. ඔහු නන්දමිත්‍ර, සුරනිමල සහ කන්ඩුල ඇතා සමග ප්‍රධාන පහරදීම දකුණු ගේට්ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්ටු දෙසට ප්‍රහාර දියත් කලේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්ව නැගෙනහිර ගේට්ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැගෙනහිර ගේට්ටුව දෙසට දියත් කල මෙහෙයුමෙන් ගේට්ටුවේ ආරක්ෂකයන් බියවී ගේට්ටුව අත්හැර පලාගියේය.

    එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිදීමට දරණ සෑම ප්‍රයත්නයකදීම ඉහල සිට උණු කරන ලද යකඩ පහල සිටින සේනාව දෙසට විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විදිමින් ඔවුන් දෙසට එන ආක්‍රමණය වැලැක්වීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේය. දකුණු ගේට්ටුව බිද දැමීමට කන්ඩුල ඇතා ප්‍රයත්න දරන අතරතුර එවන් ප්‍රහාරකට ඇතා ලක්වූයේය. තුවාලවලට ප්‍රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා පවුර බිද දමන ලෙස ඇතාට විදානය කලේය. එය බිද දැමීමත් සමග නගරයට ඇතුලුවූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුරය බලකොටුව අල්ලා ගත්තේය. මෙහිදී දසමහා යෝධයින් කල කාර්ය සුවිශේෂිය. ඔවුන්ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිද දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් දියත් කලේය. නගරය අත්හල එළාරගේ සේනාව අනුරාධපුරය දෙසට පලාගියේය.

    ජයග්‍රහණය.....

    විජිතපුර ජයග්‍රහණය අනුරාධපුරය අල්ලා ගැනීමේ සටන වේගවත් කලේය. ඉන් අනතුරුව තවත් ශක්තිමත් බලකොටු දෙකක් අල්ලාගනිමින් සටන අනුරාධපුරය දෙසට ලගාවූ අතර එහිදී දුටුගැමුණු එල්ලකරන ලද එක පහරකින් එළාර මියගිය අතර ඒ සමගම දුටුගැමුණු අනුරාධපුරයෙහි පමනක් නොව ලක් දිවයිනෙහිම පාලකයා බවට පත්විය.

    මේවා ඔක්කොම එකතු කරලා බ්ලොග් කැල්ලක් හරි සයිට් කැල්ලක් හරි හැදුවොත් මොකද?:oo:
    ඩොමන් එකක් අරන් දියන්.මං හොස්ටින් දෙන්නම්:dull:
    එකතු වෙලා සයිට් එක ගොඩ දන්න පුළුවන්:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කලු පූසා;12268155 said:
    Me thread ekata, Fb page ekata thawa kastiya ekathu karanna hemoma ekathu wela. thama meka active wenna one. kattiyawa danuwath karanna one. pirisa wedi wena tharamata ape balaya wedi.
    මම මේ දාගෙන FB එක අප්ඩේට් කරනවා.........

    සැස්, උඹ දසමහ යෝදයෝ පටන් ගත්තේ කොතනින්ද?
    කිවෙනි පි‍ටුවෙන්ද?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Mokakda me gena adahasa

    66886865.png




    මක්කම විහාර භූමියේ සිරිපා සටහන වන්දනා කරන මුසල්මානුවන්...



    මක්කම විහාර භූමියේ සිරිපා සටහන වන්දනා කරන මුසල්මානුවන්...


    බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය.
    මෙ ම ප්‍රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ "සුනාපරන්ථ" හෙවත් "යෝනකපුරය" යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්‍රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්‍රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය.

    "පුණ්න, ඒ ප්‍රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත."

    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය."

    "ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?"

    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය."

    "ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?"

    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය."

    "ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?"

    "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය."

    මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්‍රචාරය කිරීම ට අවසර ලබාදුනි.
    ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්‍රහ පිණිස එ ම ප්‍රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය.




    කෝකිල සංදේශය

    සක්වල ගලපිට යකු සිට තරග කරපි මුනි රජ හට
    යක්සෙන් තොපි විමන් දවමි කැප ගනු බතගොටු හනි කට
    මක්කම සමණල සිරිපා තැබු මුනිදුගෙ පා දෙට
    කස්සප මුනිදුගෙ අණ ලමි වරෙන් මෙරග සැණකෙළි යට

    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

    මක්කම වැඩ තිබූ වම් පා දෙක
    එක්කම මිණි මෙකල දිවසින් දැක
    සක් දෙවිඳුට උපමා කළ අණ සක
    නික්මෙනි සිව් ජලකඳ ගිරි අර ණෙක

    සත්පුර ඔබ දෙවියන් දැක මුණිඳුන් අණ සිරස දරයි
    මක්කම සිරි පතුල තබා දෙවරම වෙහෙරට වැ ඩියයි

    ලක් සඳු පියස මක්කම
    මොක් හිමි ප දක්කම
    සිවි මුරු වැ ඩක්කම
    සරණ වැඳලා කියමි යක්කම

    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ

    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන
    ලස්සන තලමල කිනිති පෙළින් පෙළ
    විස්තර තලමල පච්චවෙල වෙල මැද

    සතර දෙනයි අපි ආවේ ඔක්කොම
    සතර පිටට කැරකෙයි සොඳ ගෙත්තම
    සතර වටට අල්ලන මාලක්කම
    සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම.

    මක්කම තිබූ පාදපත්ම එක්කම සමනල වඳින්ඩ
    දුක් මම කවි කර පවසමි සමන් දෙවිඳු මේ උතුමන්ඩ
    ඔක්කොම ගවරැළි වැනසුනි මෙදා යුගේ බැරි ගෙවන්ඩ
    මක්කම සමණල බලයෙන් නරකද පැත්තක් ඇරෙන්ඩ

    ගත පිවිතුරු සරහන ගෙල ප දක්කම
    කරවනතුරු ලිය නෙත රුසිරු වැක්කම
    සැදිවිසිතුරු තුරු මග දෙපස එක්කම
    බලමා මිතුරු සඳ ඇත්තාල මක්කම



     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පන්සලේ පියතුමා
    marsalin%20piyathuma.jpg



    මගේ ආගම - ක්‍රිස්තියානි
    මගේ ජාතිය - ශ්‍රී ලාංකික
    මගේ සංස්කෘතිය - බෞද්ධ

    - මර්සලින් ජයකොඩි පියතුමා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    “ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”

    - මර්සලින් ජයකොඩි පියතුමා​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    “කලාකරුවකුගේ සේවය එක ආගමකට දහමකට සීමාවන්නේ නෑ. ඒක එකක්. අනෙක කතෝලික වුණත් මගේ මවුපියෝ ගැමියෝ. අනෙක් කාරණාව මගේ මව මුලින් බෞද්ධ කාන්තාවක්. ඇය පසුව කතෝලික වුණත් බෞද්ධ සංස්කෘතියේ හරය සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැනෙ.
    ඉතින් මටත් පොඩි කාලේ ලැබුණේ ඒ අම්මාගේ රැකවරණය. ආභාසය. ඒ නැතත් මේක සිංහල බෞද්ධ රටක්නේ. අප දැන් මොන මොන දේවල් කීවත් ඉතිහාසය බොරු කරන්න බැහැනේ. වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට ඉස්සර මේ කතෝලික සිංහල අය කවුරුත් බෞද්ධ අය. අවුරුදු දහස් ගණනක් සිංහල අයගේ සිතුම් පැතුම් සකස් වුණේ බෞද්ධ අදහස් අනුවයි.”

    - මර්සලින් ජයකොඩි පියතුමා​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පන්සිය වසක් අප ආපසු යන දා ට
    හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට
    එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට
    මාලති මල් නෙළාගෙන යති බුදු ගේට

    - මර්සලින් ජයකොඩි පියතුමා​