සිනහසෙනු මිස , හඬා පල නැත
දරන මේ තැත , කැනහිලුන් කැල
නගනු රාවය , කෙසරු විලසින...
රැදෙන තෙක් කූඩූවේ , අපිම වෙමු සිංහයෝ
ගයති රණ ගී මුවින් , දරා සව්දිය අතින්
නෝන්ජල් කැනහිලුන්....
නොරුස්නා සුවදක්ය , බිය නිසා වෙව්ලමින්
මුව සිනා රඳවමින් , නොදැනීම පිටවේවී
අධෝවාතය සෙමින්....
දිනෙක එයි , සත් මුහුද කලඹමින්
මහ පොලොව දෙදරමින් , මහා හඬ නංවමින්
මුරගසං වරුසාව , හෙන ගෙඩිද විහිදමින්...
අගුල් දියවී යාවී , සෑම සිර කුටියකම..
සිංහයෝ අපි වම්හ , කෙසර නද නැගුවාවූ
නෝන්ජල් කැනහිලුන්...
එකෙක් වත් ඕනෑය , පිරිතකට, තොවිලයට...
නියෝජිතයෙක් ලෙසින....
කැනහිලුනි බියවන්න , නොමැත කාරන මෙතන
සියළු සත ළොව වෙසෙන
දනී..
කැනහිලා....කැනහිලාමයි
සිංහයා... සිංහයාමයි...