මහාචාර්යවරයකුගේ මතකයක්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මහාචාර්යවරයකුගේ මතකයක්

    2vk18xk.jpg


    ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා "ඉඳා" කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන 'ඒකනායක සහ සමාගම' කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම "අරක නෑ, මේක දාන්නද?" කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.

    මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා.

    ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන් "ඉරෂ්ෂයිමසේ" කියලා කෑ ගහනව. සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල " ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.

    "මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව.


    ** මහාචාර්යවරයකුගේ මතකයක් .

    උපුටගනිමක් .
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා.

    සිරාවටම හිතට වදිනවා.rep +
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැණි වලලු එකේ කතාවක් මහාචර්ය ගන්ගානත් මහතාගේ මතක නැද්ද බන්.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගංගානාත් දිසානායක මහත්තයගේ වැඩසටහනක් යනවා හැමදාම සෙනසුරාදා රාත්‍රී 7 ඉඳන් 9 වෙනකන් වී fm එකේ. ඒක නියම වැඩසටහනක් අර නිවේදිකා ගෑණි හුරතල් වෙවී දඟලන එක විතරයි අවුල.

    ලංකාව ගොඩ ගන්න බෑ බං සුදුස්සාට සුදුසු තැන ලැබෙනකන්. ඒ වගේම හොර තක්කඩි පාර්ලිමේන්තුවට යවන එක ලංකාවේ ඉන්න මෝඩ ‍රැල නවත්තනකන්.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    2vk18xk.jpg


    ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා "ඉඳා" කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන 'ඒකනායක සහ සමාගම' කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම "අරක නෑ, මේක දාන්නද?" කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.

    මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා.
    ** මහාචාර්යවරයකුගේ මතකයක් .

    උපුටගනිමක් .



    අම්මගේ මූනෙ තියෙන සතුට. අප්පච්චි මොකුත් නොකියා හිටියට අප්පච්චිත් ඉන්නෙ සතුටින් බව මම දන්නවා. අවුරුදු පහළවක් ඉගෙන ගත්තු එකේ ප්‍රතිඵලේ. ඒත් අම්මයි අප්පච්චියි සතුටු වෙන්නේ අවුරුදු පහළවක් වියදම් කරපු සල්ලි අපතේ ගියේ නෑ කියල නෙවෙයි. මගේ කොල්ලා උඩින්ම විභාගේ පාස් ය කියල. මටනං එච්චර සතුටක් නෑ. මාස ගානක් ගත්තු ආතල් තව ටික දාසකින් කුඩු. අයෙ පලයන්කෝ පන්ති.

    උදේ තුනට ඇහැරෙන්නෝනේ පන්ති යන්න. මොන කරදරයක්ද. අම්ම ඔළුවත් පීරනව. මට තාම නිදිමත. මේ යක්කු ඉස්කෝලේ පටන් ගන්නත් කලිම්ම පන්ති කරන්න පටන් ගන්නෙ අහවල් මගුලකටද? "මේ ඉත්තෑ කූරු පිරන්න නම්.." කියාගෙන අම්ම නැගිටිනව.

    ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන අම්ම, රුපියල් එක්දාස් පන්සීයක් ම ගෙනල්ල දෙනව. ක්ලාස් එකට රුපියල් එක්දාස් දෙසීයයි. බස්සෙකට සීයයි. ඉතුරු දෙසීය දෙන්නේ බැඳලා දෙන බත් එක මදි වෙයි කියලද කොහෙද. ඒක වේල් දෙකකටත් වැඩි බව කියන්නයැ අම්මට.

    ක්ලාස් ඇරුණම කුරුල්ලා වගේ ගෙදර දුවගෙන ඇවිල්ල මං වාඩි වුණා කොම ගාව. ගෙදර නැති දවසට නොටිෆිකේෂන් 99+ වෙන්නම පිරිලා. සෙට් එක මම නැතුව ඔන්ලයින් හේලෝ ගහලා. මොන මගුලක් ද. කිල්ස් පන්සීයක් අරගෙන දාන්න ඕනෙ ස්ක්‍රීන් ශොටක් ගහල එෆ් බී. උන්ගේ මූණු දෙක වෙලා යන්න. ආර් පී ජී එකක් අරගෙන තියාගෙන තියාගෙන යන අතරේ "අද මොනාද පුතේ ඉගැන්නුවෙ?" කියල අම්ම අහනව ඇහුණත් මම නෑහුනා වගේ හිටිය.

    අවුරුද්දක් ගියා දන්නේ වත් නෑ මම. මට ගානකුත් නෑ. අම්මල කොළඹට සල්ලි යවල පිසික්ස් පොත් ගෙන්නපුව බෑග් පිටිම්ම තියෙනව. ඒව අල්ලලා බලන්නවත් උවමනාවක් දැනුණේ නෑ. ඔය විදිහට අවුරුදු දෙකම ගියා.

    අම්මගේ මූනෙ තියෙන්නේ දුකක් ද අනුකම්පාවක් ද කියල මට තේරෙන්නේ නෑ. අප්පච්චි මොකුත් නොකියා හිටියට අප්පච්චිත් ඉන්නෙ දුකින් බව මම දන්නවා. අද උසස් පෙළ රිසාල්ට් ඇවිල්ලා. ඒ දුක අවුරුදු දෙකක් වියදම් කරපු සල්ලි අපරාදෙ කියල දැනෙන දුකක් නෙවේ. මගෙ කොල්ල විබාගෙ පේල් කියල හිතුනම දැනෙන දුකක්.

    අම්ම මගේ ඔළුව පීරනව. ක්ලාස් යන්න සල්ලි දෙනකොට මම අම්මගේ මූණ බැලුව. මීට අවුරුදු දෙකකට කලින් දැක්ක අම්මගෙ මූනෙයි මේ මූනෙයි වෙනසකට තියෙන්නෙ රැළි දෙක තුනක වෙනසක්.

    ක්ලාස් ඇරුණම කුරුල්ලා වගේ ගෙදර දුවගෙන ඇවිල්ල මං වාඩි වුණා කොම ගාව. එළකිරියේ මහාචාර්යවරයෙකුගේ මතකයන් දාලා. මහාචාර්යවරුන්ට විතරක් නෙවෙයි අපි හැමෝටමත් මතකයන් තියෙනවා කියල මට හිතුණා.
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා.

    සිරාවටම හිතට වදිනවා.rep +

    Bump..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවාසනාවට ඇත්ත කතාවක් මච්ං.මම කියන්නෙ කවද හරි පිට රටකට ගිහිල්ල ඉගෙනගන්න/ජොබ් එකක් කරන්න. හැබැයි නැවත ලංකාවට එන්න.ඇවිත් ඉගෙන ගත්තු දෙය තව කාට හරි කියල දෙන්න.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කතාවනම් සුපිරියි...
    හැබැයි පෞද්ගලික ජීවිතේත් මෙහෙම නම්..
    මම නම් අහල තියන්නෙ ගංගානාත් දිසානායක මහත්තය පට්ට බඩු කාරයෙක් කියලා...
    :P