මහා ශිව රාත්‍රී දිනය දා ...

hpalpola

Well-known member
  • අද මහා ශිව රාත්‍රී දවස. හින්දු භක්තිකයන් හරි ගෞරවයෙන් සමරන දවසක්. අද දවස ශිව දෙවියන්ගෙ දවස. බෞද්ධ දර්ශනයෙ අපිට හම්බවෙන හුඟක් දේවල් ශිව දෙවියන්ගේ ජීවිතයටත් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි අපි දකිනවා ශිව චරිතය ⁣බුදුරජාණන්වහන්සේට පූර්ව චරිතයක් බව. ඒ කොහොමවුනත් මේ දර්ශන ගැන පැහැදිලි කරන්න නෙමෙයි මන් හිතුවෙ. ශිව රාත්‍රී දවසෙ ශිව දෙවියන්ට අදාළ අදටත් වැදගත් වෙන්න පුළුවන් කතාවක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. සමහරවිට මේක අහලත් ඇති නැත්නම් අහලා බලන්නකො.

    සතිගේ මරණයෙන් පස්සෙ ශිව තනිවම ජීවත් වෙනවා. මේක අනෙක් දෙවියන්ට ප්‍රශ්නයක්. ඉතින් ඒ අය සතිගෙ පුනර් උප්පත්තිය සිදු වෙන විදියට වැඩ සලස්වනවා. ඒ තමයි පාර්වතී. පාර්වතී පුංචි කාලෙ ඉඳන් ශිව දෙවියන් වෙනුවෙන්මයි ජීවත් වෙන්නේ. අවසානයේ ශිවගෙත් පාර්වතියගෙත් විවාහය සූදානම් වෙනවා.

    මේ විවාහය ගැන කතා කරන්න පාර්වතීගේ තාත්තා හිමවන් රජ්ජුරුවෝ තමන්ගේ පිරිසත් එක්ක ශිව දෙවියන් මුණ ගැහෙන්න කෛලාශ කූටයට පැමිණෙනවා. මේ අයව දකින නාරද මුණිවරයා කල්පනා කරනවා මේ රාජ පරම්පරාවේ කට්ටියට ශිවගේ සේවකයො නැත්නම් අතවැසියො හම්බවුනොත් මහ අවැඩක් වෙන්නෙ, මගුල එතැනින් ම අවසන් වෙයි කියලා. මොකද ශිවගෙ පිරිස එහෙම වැදගත් විදියට ජීවත් වෙන කොටහක් නෙමෙයි. හරියට නාන කරන පිරිසක්වත් නෙමෙයි. තැනකට ගිහින් ඉන්න තේරෙන පිරිසක් නෙමෙයි.

    ඉතින් නාරද මුණි, මේ අයට කතා කරලා කියනවා රජ්ජුරුවෝ ආවම එක්කෙනෙක්වත් ඉස්සරහට එන්න එහෙම එපා කියලා. ඇත්තටම නාරද මුණිවරයා බය වෙන්නෙ මගුල කැඩෙයි කියලා.

    ඔන්න රජ්ජුරුවෝ ඇතුළු පිරිස පැමිණෙනවා. ඒ වෙලාවේ ශිව දෙවියො පිටට ගිහිල්ලා. කොහොමහරි මේ රාජ පිරිස දැක්කම ශිවගෙ සේවක කණ්ඩායමට ඉවසන් ඉන්න බැරි වෙනවා. ඒ අය සභාවට එනවා. ඇවිත් පුරුදු විදියටම හැසිරෙනවා. මේක දකින හිමවන් රජ්ජුරුවෝ පවා අපහසුතාවට පත්වෙනවා. හැබැයි ටික වෙලාවකින් ශිව දෙවියො මෙතැනට එනවා.

    හිනාවකින් මූණ පුරවන් එන ශිව දෙවියො එයාගේ අමුත්තන්ව පිලි අරගෙන සේවක අතවැසියන්ටත් කියනවා මේ අයව සාදරයෙන් පිළිගන්න කියලා.

    ඇත්තටම අද අපේ ගෙදරක මේ වගේ දෙයක් වෙද්දි අපි නම් දුප්පත්, නූගත් නෑයෙක්ව ගෙදරට වද්දගන්නෙවත් නෑ නේ. ඒත් දෙවියන්ගෙත් දෙවියන් වෙච්චි ශිව එහෙම කලේ නැහැ. බොරු ෂෝ දාන්න යන්නෙත් නෑ. අපි නම් ඉතින් රෙදි කෑල්ලකින් හරි වහන්න බලනවනෙ කඩතොළු ලැජ්ජාවට බයේ. ඒවා නෑ ශිව දෙවියො ලඟ.

    ශිව - පාර්වතී විවාහයට ශිවගෙ පාර්ශවයෙන් සමාජ, කුල ⁣භේදයකින් තොරව හැම කෙනෙක්ට ම ආරාධනා කරනවා. ඒ හැමෝම මැද තමයි ශිව - පාර්වතී විවාහය සිද්ධ වෙන්නෙ. අපිනම් ඉතින් මොඩ් පොෂ් නෑයො, යාළුවො ටිකනෙ තෝරා ගන්නෙ. දුප්පත් මෝඩයි වගේ කියලා හිතෙන ටික ලැයිස්තුවෙන් කපලා දානවනෙ. හා නැද්ද?

    ඒ වගේම ඇසුරු කරද්දිත් අපි තෝරා බේරා ගන්නෙ අපේ සමාජ තලයට මැච් වෙන සෙට් එක. ඒ අස්සෙ නොගැලපෙන මට්ටමක කෙනෙක් උනොත් කැපුවා. ඒ කපපු කෙනා එක්ක හිනා වෙන කතා කරන කෙනාවත් කැපුවා. හිතලා බලන්න. අපි හරි ආශයි පුහු සෝශල් ස්ටේටස් මේන්ටේන් කරන්න. අඩුම තරමෙ ඇඳුමෙන් හරි. නැත්නම් ඇවිදින කතා කරන විදියෙන් හරි. වාහනයෙන් හරි.

    ඉතින් ශිව දෙවියන්ගෙ මේ ගුණාංග ගැන පොඩි කාලෙදිම අහන්න ලැබුනා. ඒ කියන්නෙ සමාජ තරාතිරම, උගත් නූගත්කම් වගේ කිසිම දේක වෙනසක් නෑ. හැමෝවම එකම විදියට ගණන් ගන්නවා. හැමෝටම එකම විදියට සලකනවා. මේ ගුණාංග එක්කයි ශිව දෙවියන් මහා දෙවියන් වෙන්නෙ. අද දවසෙ හින්දු බැතිමතුන් සමරන්නෙ, ගෞරව කරන්නෙ, සිහිපත් කරන්නෙ ඒ මහා දෙවියන් ව. මේ කතාව මෙහෙම බෙදාගන්න හිතුවෙ අදටත් වැදගත් වේවි කියලා හිතුන නිසා.

    EwsRrp.jpg
     
    • Love
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    උම්බ මහා ශිවාගෙන වැඩක් නැ නෙ. උම්බ දන්න බෞද්ද සීන් ටික දගෙන ඉන්දහන්..ශිවා වැඩ්ඩෙක්ද?