මහින්දගෙන් නිවේදනයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මහින්දගෙන් නිවේදනයක්






    සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසදිය යුතුය යනුවෙන් සඳහන් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද මාධය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින්

    සයිටම් ආයතනය පත්වාගෙන යන වෛද්‍ය උපාධි පාඨමාලාව අහෝසි කරන බවට ආණ්ඩුව දුන් ප්‍රතිඥාව නිසා වසර දෙකක් මුලුල්ලේ ශිෂ්‍ය සංගම් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට එරෙහිව ගෙන ගිය අඛන්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරය පසුගිය නොවැම්බර් මස අවසන් කරනු ලැබුවේය. නමුත් අද වන විට ශිෂ්‍ය
    සංගම් හා වෛද්‍ය නිලධාරීන් පවසා සිටින්නේ ආණ්ඩුව ඒ දුන් ප්‍රතිඥාව පැහැර හැරීමට සැරසෙන බවයි. සයිටම් යනු පසුගිය ආණ්ඩුව විසින් පිහිටුවන ලද ආයතනයක් යැයි වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විටින් විට කීවද, එය ආණ්ඩුවක් විසින් ආරම්භ කරන ලැබූවක් නොව, එම ආයතනයේ හිමිකරුවන් විසින් ආරම්භ කරන ලද පුද්ගලික ව්‍යාපාරයකි.


    2008 ආරම්භක අවධියේදී මෙහි නම “සව්ත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්” විය. මෙම ව්‍යාපාරය ආයෝජන මණ්ඩලයේ මුලින්ම ලියාපදිංචි වන විට එමගින් තොරතුරු තාක්‍ෂණය, ව්‍යාපාර කළමණාකරනය,ඉංජිනේරු විද්‍යාව, හෙද පාඨමාලා, සෞඛ්‍ය විද්‍යා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක්පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කර තිබුණද, වෛද්‍ය උපාධි පාඨමාලාවක් ගැන සඳහනක් නොතිබුණේය. ආයෝජන මණ්ඩලය විසින් මේ නව ව්‍යාපාරයට අනුමැතිය ලබාදෙනු ලැබුවේ සෞඛ්‍ය විද්‍යා පාඨමාලා ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාගනු ඇති බවට පූර්ව කොන්දේසියක්ද සහිතවය. මේ ආයතනය විසින් වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කරනු ලැබුවේ 2009 සැප්තැම්බර් මාසයේ සිටය.

    ඒ මුල් ආවස්ථාවේ සිටම තමන් සයිටම් ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පුවත්පත් වල ප්‍රසිද්ධ දැන්වීම් පල කිරීම තුළින් ජනතාවට දැනුම්දෙනු ලැබුවේය. 2011 පෙබරවාරි මාසයේදී මේ ආයතනයේ නම “සව්ත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින්” යනුවෙන් වෙනස් විය. යම් කිසි පුද්ගලික ආධ්‍යාපන ආයතනයකට වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් තිබේ නම්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අධීක්‍ෂණය කිරීමේ හා වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීමේ කටයුත්ත භාරව සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අදාල පුද්ගලික ආයතනයේ වගකීම වන්නේය.

    සයිටම් ආයතනයේ මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ වූ අවස්ථාවේ සිට එම ආයතනයත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් අතර ලියුම් විශාල ගණනක් හුවමාරු වී තිබුණද මේ වෛද්‍ය උපාධි පාඨමාලාවට අවශ්‍ය අනුමැතිය වෛද්‍ය සභාවෙන් ලැබී නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් වන අතර මගේ ආණ්ඩුව කිසිදාක එම ආයතනයේ වැඩකටයුතු වලට අත පෙවීම් සිදුකලේ නැත.

    සයිටම් ආයතනය එහි වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කරන විට වෛද්‍ය උපාධි පාඨමාලාවක් පවත්වාගෙන යාමට පුද්ගලික ආයතනයකට අනුමැතිය ලබා දීම සඳහා ක්‍රමවේදයක් මේ රටේ නොතිබුණේය. අනෙක් අතට යම්කිසි පුද්ගලික ආයතනයක් වෛද්‍ය උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීම තහනම් කිරීමටද නීතිමය ප්‍රතිපාදන නොතිබුණි. 2009 සිටම සයිටම් වෛද්‍ය උපාධිය මේ ආකාරයට නීතිමය වශයෙන් අවිනිශ්චිත තත්වයක පැවතියේය. රටේ නීති පද්ධතියේ හා රෙගුලාසි වල හිඩසක් නිසා ඇතිවූ අවුලක් ලෙස මෙය හැඳින්විය හැක.


    ශිෂ්‍ය සංගම් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වෛද්‍ය උපාධි පාඨමාලාවට එරෙහිව අවුරුදු දෙකක් මුලුල්ලේ උද්ඝෝෂණ පැවැත්වූ පසු යහපාලන ආණ්ඩුව සයිටම් වෛද්‍ය උපාධිය අහෝසි කරන බවට ප්‍රකාශ කර සිටියේය. නමුත් මේ ප්‍රතිඥාව ඉටුවන බවක් පෙනෙන්නට නැති බව උද්ඝෝෂණ වලට මුල් වූ පාර්ශව දැන් කියයි. සයිටම් වෛද්‍ය උපාධි පාඨමාලාවට ඇති විරෝධය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් කඩාකප්පල් නොවන බවටද, වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට තල්ලු නොවන ලෙසටද වලබලා ගැනීම ආණ්ඩුවේ යුතුකම වේ.

    සයිටම් විරෝධී උද්ඝෝෂණ නිසා 2016 සිට විශ්ව විද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබුණි. 2016 වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන් තවමත් අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති තත්වයක් යටතේ 2017 උසස් පෙළ සමත් වෙන සිසුන්ද වෛද්‍ය පීඨ වලට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටී. දේශන වලට අමතරව සායනික පුහුණුවද තිබෙන නිසා බොහෝ විට එක කණ්ඩායමක් ඉහලට යන්නෙ නැතුව ඊලඟ කණ්ඩායම බඳවා ගැනීමට වෛද්‍ය පීඨ වලට නොහැක.

    එපමණක්ද නොව, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්වයට පත්විය හැක. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වාගෙන යන අතර මේ සයිටම් අර්බුදය එම රටවල වෛද්‍ය බලධාරීන්ගේ අවධානයට දැනටමත් පාත්‍ර වී ඇත. එම නිසා මේ ආරවුල අදාල සියලු පාර්ශව වලට සාධාරණයක් ඉටුවෙන පරිදි ඉතා ඉක්මනින් සමතයකට පත්කළ යුතු වේ.



    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති



    :lol::lol::lol:
    පිස්සු .... එක්කෝ ඕනි නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාව ඕක තමයි...මඩ ගහන්ඩ නම් කොරහෙ කිබුල්ලු මවා ගන්ඩ පුලුවන්..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Dan inna janaya rate loke wena dewal dana ganne patharen kalin hitapu janaya nithi wirodhi kiyana wiyapara wahanna kiyala patharae advertisement dala..

    Balan giyahama dan rata palakaya pabayek kalin hitiya palakayath pabayek