මහින්දගේ ඡන්ද ඔරලෝසු 65000ක් බෙදන්න බැරි වෙලා

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    මහින්දගේ ඡන්ද ඔරලෝසු 65000ක් බෙදන්න බැරි වෙලා

    මාබිම හෙයියන්තුඩුවේ වසා තිබු ගබාඩවක් උසාවි නියෝගයකින් විවෘත කළ සපුගස්කන්ද පොලීසිය එහි තිබි ඔරලෝසු හැටපන්ස්දහසක් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් තොගයක් සොයාගත්තේය.

    බිත්ති ඔරලෝසුවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂගේ රුවද මුද්‍රණය කර තිබිණැයි පොලීසිය පවසයි


    - lankadeepa
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හොරු නැතුව බඩු විතරක් අත්තඩංගුවට,

    මේකද?
    යහ පාලනය?????????????
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    0132-.jpg

    0137-.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    චීනා දුන්න ඒවා මං හිතන්නේ
    මහින්දයම දිගටම තියාගන්න චීන තානාපති කාර්යාලයත් කෝටි ගානක් වියදම් කරලලු
     
    Oct 30, 2014
    306
    9
    0
    හයියෝ සල්ලි. දැන් ඉතින් ඔය ඔරලෝසුවල මහින්දයි නාමල් ඉන්න ස්ටිකර් එකද මොකද්ද එක ගලවලා මොකක් හරි ලස්සන ස්ටිකර් එකක් අලවලා අඩු ආදායම් ජනතාවට බෙදලා දෙන්න තියෙන්නේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    අදාළ ගබඩාව රුපියල් ලක්ෂ පහලොව බැගින් වූ මාසික කුලී පදනම මත වරාය අධිකාරියට ලබාදී ඇති බව එම ගබඩාවේ හිමිකරු පොලීසියට ප‍්‍රකාශ කර තිබෙනවා. - http://nethfm.com/article/53665
     
    Nov 24, 2014
    789
    64
    0
    දැන් තමන්ට කැමති විදිහට ඔරලෝසුවක් ගහන්නත් තහනංද ? මෙන්න යහපාලනේ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    • Like
    Reactions: chathu05

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    වියදම මහින්දගෙන් අය කරලා, මහින්ද වෙනුවෙන් අම්මා අප්පා උනත් විකුණන එවුන් ටිකට ඕක බෙදලා දෙන්න තියෙන්නේ දවස ගානේ උදේ හවහා වැඳ වැඳ ඉන්න. වෙන මොනා කරන්නද? අපරාදේ!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් තමන්ට කැමති විදිහට ඔරලෝසුවක් ගහන්නත් තහනංද ? මෙන්න යහපාලනේ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ගිහින් 5000ක් විතර ඉල්ලගෙන බෙදා ගනිල්ලා! මතක ඇතුව උදේ හවස වැඳපන්!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,923
    113
    පියපුතු රුව සහිත ඔරලෝසු තොගයේ වටිනාකම දෙකෝටි හැටපන් ලක්‍ෂයක්‌

    චමින්ද සිල්වා

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ රුව ඇතුළත් කර මෙරටට ගෙන්වා තිබූ ඔරලෝසු තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි හැටපන් ලක්‍ෂයක්‌ පමණ වන බවට ගණන් බලා ඇත.

    මෙම ඔරලෝසු 68,000 සපුගස්‌කන්ද ප්‍රදේශයේ ගබඩාවක තිබී පොලිසිය මගින් පෙරේදා (18 වැනිදා) සොයාගෙන තිබිණි. තවත් එවැනි ඔරලෝසු 2,500 ක්‌ ඊයේ (19 වැනිදා) වීරකැටිය ඉඟුරුමුලන ප්‍රදේශයේ තිබී වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ පොලිස්‌ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    මෙම ඔරලෝසු තොගය මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී චීනයේ ලියටොනික්‌ නමැති ප්‍රදේශයෙන් ඇමරිකන් ඩොලර් එක්‌ලක්‍ෂ අනූනවදහසක මුදලකට මිලදී ගෙන මෙරටට ගෙන්වූ බව ඔහු පිළිගෙන ඇත.

    ඔරලෝසු තොගය මෙරටට ගෙන්වීමේදී නියමාකාරයෙන් රේගුවට බදු ගෙවා ඇති ද යන්න සහ කාගේ අවශ්‍යතාවට ගෙන්වූවාද යන්න වැඩිදුරටත් විමර්ශනය කරගෙන යන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

    - http://www.divaina.com/2015/01/20/news08.html