මහින්දට අගැමතිකම දුන්නේ මෛත්‍රීපාල
මහින්ද රාජපක්‍ෂට අගමැතිකම ලැබුණේ මෛත‍්‍රීපාල පරිත්‍යාග කල නිසා
May 6, 2014 at 4:07 pm | lanka C news
] හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා විසින් පොලොන්නරුවට හෙළිකොප්ටරයක් අගමැතිකම බාරගන්නා ලෙස ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියද ඒ මහතා එය මහින්ද රාජපක්‍ෂට පරිත්‍යග කල උතුම් පුද්ගලයෙක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියට වසර 47ක් සහ පාර්ලිමේන්තු නියෝජනයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් මැදිරිගිරියේ පැවති උත්සවයක් අමතමිනි.
රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප‍්‍රකාශ කළේය.
‘චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එදා පොළොන්නරුවට හෙලිකොප්ටරයක් එවලා මෛතී‍්‍රපාලට සිරිසේනට කිව්වා තමුන්නාන්සේ හෙට ඇවිල්ලා අගමැති තනතුරේ දිවුරුම් දෙන්න ලෑස්ති වෙන්න කියලා.
මේ මනුස්සයාගේ තියන නිහතමානීකම නිසා ඔහු කිව්වා ‘නෑ,මේක මට අයිති දෙයක් නෙමෙයි.මේ තනතුර දිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහත්මාටයි’ කියලා. ඒවා තමයි පරිත්‍යාග කියන්නේ.
මම අහනවා කී දෙනෙකුට පුළුවන්ද මේ පරිත්‍යාග කරන්න,කී දෙනෙකුට පුළුවන්ද හිත හදා ගන්න,
අද ඉන්න දේශපාලඥයන්ගෙන් කවුරු හරි ඇවිල්ලා අගමැතිකමක් දෙනවා කිව්වම කවුද ඒක එපා අර මනුස්සයාට දෙන්න කියලා කියන්නේ?ඒක තමයි දේශපාලනය කියන්නේ, දේශපාලනය කියන්නේ පරිත්‍යාගයයි’

Last edited: