මහින්දට පුළුවන්
මහින්දට පුළුවන්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වරට ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිදු බාධාවක් නොමැති බව නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති. තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය මතය ලිඛිත දේශන මඟින් ඉදිරිපත් කරමින් මෙම නීතිවේදීහූ මේ බව ප්‍රකාශ කරති. තමාට යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිද යන්න සම්බන්ධයෙන් විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 129(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේය.
එම මත විමසීම අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊට උනන්දුවක් දක්වන පුද්ගලයන් හා පාර්ශ්ව වෙතොත් ලිඛිත කරුණු ගොනු කරන ලෙස දන්වා සිටි අතර ජනාධිපතිතුමාට තෙවැනි වරටත් තරග කළ හැකි බව සඳහන් කරමින් පෙත්සම් 32කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.
ප්‍රවීණ නීතිවේදීන් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපති, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපති සහ ලේකම්, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරු සිය ලිඛිත දේශන මඟින් මේ බව තහවුරු කර තිබේ.
හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු, ගෝමීන් දයාසිරි, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු භාණ්ඩාගාරික, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්වරුන් මෙන්ම ජනාධිපති නීතිඥවරුන් වන එම්.එම්.සුහයිර්, ආචාර්ය ජයතිස්ස ද කොස්තා, ඩබ්ලිව් දයාරත්න, , ඩී.පී මෙන්ඩිස්, අනිල් සිල්වා, කුෂාන් ද අල්විස්, කුවේරා ද සොයිසා, චන්දන ලියනපටබැඳි යන ප්‍රවීණයෝ ද ජනාධිපතිවරයාට තෙවැනි වරටත් ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කරති.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පෙර එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමු කර මතය විමසා සිටි අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් තරග කිරීම ව්‍යවස්ථානුකූල මෙන්ම සර්ව සාධාරණ බවත් මෙම නීතිවේදීහූ සිය පෙත්සම් මඟින් තහවුරු කර තිබේ.