මහින්දට විවෘත ලිපියක්...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දට විවෘත ලිපියක්...

    මහින්ද ඔබ යන මග වැරදියි!!

    අද ඔබටත් මටත් සකල සිංහල ජනතාවටමත් ලංකාවේ වාසය කරන සියල්ලන්ටමත් මෑත ඉතිහාසයේ වැදගත් ම දිනයයි. එහෙත් ඒ නොපිළිගන්නා සිංහල පඬියන් ද සිංහල නොවන වැඩි පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතුයි. ඒ ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිරයන්ගේ මතවාදවලට ගොදුරු වී සිටින බැවින්. අද ඉන්දියාව ද බටහිර මතවාදවලට ගොදුරු වී සිටිනවා. ඉන්දියාව යනුවෙන් රටක් ඉංගිරිසින් පැමිණීමට පෙර නොතිබුණත් ඒ භූමියේ අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ ජනතාව ද බටහිර ආසියාවෙන් පැමිණි මතවාදවලට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා ඒ ගැන පුදුම වීමට දෙයකුත් නැහැ. විජයගේ කාලයේ සිට ඇතැම් විට රාමගේ කාලයේ සිට ලංකාවට විවිධ වකවානුවල ආක්‍රමණ සිදු වී තිබෙනවා. ඉතිහාසය ගැන පඬියන් කියන කතාවලට වෙනස් කතාවක් මට තිබෙනවා. මූල සිංහලයන් බෞද්ධයන් වී ඇත්තේ විජය පැමිණීමටත් පෙර. රාමලාගේ විජයලාගේ සියළු දේශපාලන හා සංස්කෘතික ආක්‍රමණ අබිමුව ඔවුන්ගේ රට අබිමුව වූ අපේ රට අඩුම තරමෙන් අවුරුදු තුන්දහසකට වඩා තම අනන්‍යතාව හා ස්වාධීනත්වය රැකගෙන තිබෙනවා. එය කියුබාව ඇමරිකා එක්සත් ජනපදය අබිමුව තම අනන්‍යතාව හා ස්වාධීනත්වය රැකගෙන සිටිනවාට වඩා අති ශ්‍රෙෂ්ඨයි

    මේ අනන්‍යතාව හා ස්වාධීනත්වය ඉතා මෑතක අප රැකගත්තේ ඔබේ දේශපාලන නායකත්වයෙන්. මේ නිවට ආණ්ඩුවට ඔබත් අද දිනයත් වැදගත් නොවූවාට අපට ඒ වැදගත්. 2009 මැයි 18වැනි දා ඔබේ දේශපාලන නායකත්වයෙන් ඔබේ සොහොයුරු ගෝඨාභයගේ මග පෙන්වීමෙන්් අපේ වීරෝදාර රණවිරුවන් ලබාගත් ජයග්‍රහණය හුදු සංදර්ශනයක් පවත්වා අමතක කිරීමට නිවට ආණ්ඩුවේ පරගැති නායකයන් ක්‍රියා කරන්නේ දෙමළ ජාතිවාදීන්ට රාමනාදන්ගේ හා අරුණාශලම්ගේ මුණුබුරු විග්නේස්වරන්ගේ නායකත්වයෙන් ඊනියා ජනසංහාරයක් සැමරීමට ඉඩ දීමෙන්. නිවටයන් යටතේ සේවය කරන නිවට රජකු වූ අයකු මෙහි පැවතියේ රටවල් දෙකක් අතර යුද්ධයක් නොවන බවත් ඒ සැමරීමට දෙයක් නොවන බවත් කියා තිබෙනු මා දැක්කා. එය රටවල් දෙකක් අතර වූ යුද්ධයක් නොවන බව ඔබත් මාත් දන්නවා. මෙහි සිවිල් යුද්ධයක්වත් තිබුණේ නැහැ. එබැවින් යුද්ධාපරාධ ගැන කතාකිරීම ම වැරදි බව නිවටයන්ට තේරෙන්නේ නැහැ.

    එහෙත් මේ නිවටයන් නොදන්නා එහෙත් ඔබ හොඳාකාරව ම දන්නා දෙයක් තමයි එහි දී ඉන්දියාවත් එංගලන්තය ඇතුළු බටහිර රටවලුත් කරන ලද බලපෑම්. එය එක්තරා අතකින් ගත්කල පෙරකලාසි යුද්ධයක්. නීතිඥයකු වූ ඔබට පෙරකලාසි යන්න අමුතුවෙන් කියා දිය යුතු නැහැ. කොහොමටත් මා ඔබට කිසිවක් කියා දීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔබ මා කියන දෙයක් අහන්නේ නැති බව මා දන්නවා. ඉන්දියාව හා විශේෂයෙන් ම එංගලන්තය අපට එරෙහිව, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව, සටන් කෙළේ දෙමළ ජාතිවාදයේ විකාශයක් වූ දෙමළ ත්‍රස්තවාදය යොදා ගනිමින්. එයට ලංකාවේ සිටින විවිධ ආගමික නායකයන් ඇතුුළු සිංහල බෞද්ධ විරෝධීන් සහාය දුන්නා. ඔබ එය පරාජය කීරීමට දේශපාලන නායකත්වය දුන්නා. ඔබේ ජයග්‍රහණය සම කළ හැක්කේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ ජයග්‍රහහණයට බව මා අවුරුදු හතකට පෙර ම කිවුවා. මේ රටේ අහිංසක ජනතාව ඔබට රජු යැයි කීවේ නිකම් ම නො වෙයි. නිවට ආණ්ඩුවත් ඔවුන්ගේ ස්වාමියා වූ එංගලන්තයත් අපේ ජයග්‍රහණය සමරන්නේ නැතිව විග්නේස්වරන්ට හා ප්‍රභාකරනගේ මස්සිනා වූ ශිවාජිලිංගම්ට ඊනියා ජනසංහාරයක් සැමරීමට ඉඩ දුන්නත් දෙවැනි ලෝක යුද්ධය යැයි කියන්නෙහි ජයග්‍රහණය සැමරීමට එංගලන්තයත් අනෙක් ඊනියා මිත්‍ර රටවලුත් සහභාගිවන්නේ නට්සිවාදීන්ට ඒ සැමරීමට කිසිම ඉඩක් නොතබමින්. එංගලන්තය එදා රාමනාදන් හා අරුණාශලම් යොදාගත් ආකාරයට අද ඔවුන්ගේ මුණුබුරු විග්නේස්වරන් යොදා ගන්නවා.

    ඔබ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් නමුත් දෙමළ ජාතිවාදය පරාජය කෙළේ නැහැ. එංගලන්තයේ අනුග්‍රහයෙන් ඉන්දියාව අප මත පැටවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීමට ඔබ එදා පියවර ගත්තේ නැහැ. එහෙත් මා ඔබට එයට දොස් කියන්නේ නැහැ. එදා ඒ කළ යුතු යැයි ඔබට කිසිවකු කී බවක් මට මතක නැහැ. එමෙන් ම ඒ අහෝසි කළ යුත්තේ ඇයි ද යන්න නිරවුල් ව පෙන්වා දීමට අප කිසිවකු එදා සමත් වූයේ නැහැ. අප කාහටත් නුවණ පෑදුනේ කලක් ගතවීමෙනුයි.
    එංගලන්තය ඇතුළු බටහිර රටවලට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ ඔබ මළවුන් අතරට යැවීමටයි. මා බටහිරයන්ගේ විවිධ වසන්ත ගැන ඒ දිනවල කිවුවා. ඔවුන් ඔබේ මිතුරන් වූ ද ඔබ මෙන් ම බටහිරයන් හමුවේ කොන්ද කෙළින් තබාගෙන ක්‍රියා කළාවූ ද අරාබි නායකයන් ඝාතනය කළා. ඔබට ඒ දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට මේ රටේ අහිංසක ජනතාව රවටා මැතිවරණවලින් පරාජය කර ඔබ ගෙදර යැවීමට ඔවුන් සැලසුම් කළා. ඔබ පසුගිය දා උගන්ඩාවේ දී සිදු වූ කලබැගෑනිය දැක ගන්නට ඇති. ඒ පිටුපස බටහිරයන් සිටින බව ඔබේ මිතුරන් ඔබට කියන්නට ඇති. අප රටෙහි දී ඔවුන් කෙළේ රනිල් ලවා තමන් රනිල්ට කියා දුන් ආකාරයට ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමයි. එහෙත් ඇංග්ලිකන් සංස්කෘතියේ රනිල්ට ඒ කිරීමට බැරි බැවින් ඒ සඳහා ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වූ මෛත්‍රිපාල යොදා ගත්තා. එය එක්තරා ආකාරයකින් රාවණට විරුද්ධව විභීෂණ යොදාගත්තා වැන්නක්. සිරියාව අසුරයන්ගේ භූමිය. ඉරාකයේ හා සිරියාවේ කොටස් පැරණි මෙසපොතේමියාවට අයත් වූවා. ඇතැම් අරාබි නායකයන්ට හා ඔබට විරුද්ධ ව මේ කෙරෙන්නේ එක්තරා ආකාරයක සුර අසුර යුද්ධයක් දැයි මට හිතෙනවා. සූර අසුර යුද්ධ ගැන පමණක් නොව ෂියා සුන්නි ගැටුම් ගැනත් මා මුහුණු පොතේ ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඔබ මගේ මුහුණු පොත කියවන්නේ නැති බව මා දන්නචා. ඔබ වඩා කැමති අසන්නට මිස කියවීමට නොවන බව මා දන්නවා. මා ඔබට ඒ ගැන දොස් කියන්නේ නැහැ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක්. අප බණ ඇසීමට පුරුදු වූ ජාතියක්. අනෙක් ආගම්වල කෙසේ වෙතත් අපේ හාමුදුරුවන් පොතක්් දිග ඇරගෙන දහම් දෙසන්නේ නැහැ.

    රාමලා (වාල්මිකී) රාවණ භීෂකයකු ලෙස හැඳුන්වූවා. විභිෂණ යන නම රාමලා දැමූ එකක් විය යුතුයි. සදාම් හුසේන් ද බටහිර ජනමාධ්‍යවලට අනුව භීෂකයෙක්. ඔබත් බටහිරයන්ට හා ඔවුන්ගේ ලංකාවේ හෙංචයියලාට අනුව භීෂකයෙක්. මෛත්‍රිපාල විභීෂණ ද? සිරිස්නලාගේ විභීෂණය ගැන දැනගැනීමට පොළොන්නරුවට යා යුතු බව ඔබ මට වඩා හොඳින් දන්නවා. රනිල්ගේ විභීෂණය පාර්ලිමේන්තුවේ රඟ දැක්වෙනවා. කෙසේ වෙතත් ඔබේ ඊනියා භීෂණයට එරෙහිව මෛත්‍රීපාලට නමක් තැබීමට වාල්මිකී කෙනකු අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් මෛත්‍රීපාල යන්න මෛත්‍රිය පාලනය කර වෛරය වපුරන වෛරීදාස යන අදහස දෙනවා වන්නට පුළුවන්. මෛත්‍රිපාල ඔබෙනුත් ඔබේ සොහොයුරු බැසිල් ගෙනුත් පළි ගැනීමට ගොස් ජාතිය ම අනතුරේ හෙළනවා. බැසිල්ට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් ද කටයුතු කරන බව ඔබ දන්නවා.

    ඔබේ උපදේශකයන් ජනාධිපතිවරණයේදීවත් පසුව මැතිවරණයේදීවත් නිවැරදි සටන් පාඨ යොදා ගත්තේ නැහැ. ඔබට ජයග්‍රහණය තිබුනේත් තිබෙන්නේත් ජාතිකවාදී මාවතේ පමණයි. ඔබේ උපදේශකයන් ජාතිකත්වය මුළුමනින් ම අමතක කළා. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රුපවාහිනියට තබා අපේ දේ රැකගන්නේ යැයි කියන දෙරණටවත් ජාතිකත්වයට තැනක් දීමට මතක් වූයේ නැහැ. මෙය ඊනියා යුද්ධයක් විකිණීමක් නො වෙයි. විකිණීම (මාර්කට් කිරීම) යන්න බටහිර සංකල්පයක්. සිංහලයන් අදත් ගැමුණු රජු සිහිකරන්නේ ඔහු යුද්ධය විකුණූ නිසා ද? බටහිර කසිකබල් සංකල්පවලට හසුවීමේ විපාකය සිංහලයන්ට විඳින්නට සිදුවේ ද? ඔබට ඡන්ද ඇත්තේ සිංහලයන් අතරයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතරයි. ඔබේ කසිකබල් උපදේශකයන් විදග්ධ වීම සඳහා ඒ බව අමතක කළා. එහෙත් සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඔබට ඡන්දය දුන්නා.

    සිංහලයන්ගේ අභාග්‍යමත් ම දවසක් වූ 2015 ජනවාරි අටවැනි දා ඔබේ පරාජයෙන් පසු ඔබ ළඟ ඉතිරි වූයේ කී දෙනා ද? ඔබ ම අප සමග වරක් පැවසූ පරිදි පරාජයෙන් පසු ඇතැමුන් අඩුම තරමෙන් දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගැනීමට ඔබට නො හැකි වූවා. ඒ කවුරුන් දැයි මා මතක් කළ යුතු නැහැ. එහෙත් ඔවුන් අද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්. මෛත්‍රිපාල විසින් වෙඩි තබනු ලැබූ ශී්‍ර ල නි පක්‍ෂයේ බොහෝ් නායකයන් එදා ඝාතකයා පසුපස ම ගියා. ඔබ එයට බියවූවා. පක්‍ෂයේ සභාපතිකම මෛත්‍රීපාලට දුන්නා. එය ඔබ කළ ලොකු ම මෝඩ කම. ඔබ තව සති දෙකක් ඉවසා සිටියා නම් ඔබට පණ අදිමින් සිටි ශ්‍රී ල නි ප ගොඩ ගැනීමට තිබුණා. එහෙත් දැන් ඒ පක්‍ෂය මියගොස්. එයට පණ දීමට බැහැ.
    මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂ මළකුණ කරා ගසා ගෙන යන්නට හදනවා. ඔහු දැනටමත් එ ජා පක්‍ෂයේ සිරකරුවෙක්. එහෙත් ඔහු පසුපස ඉන්දියාවත් එංගලන්තයත් සිටිනවා. ඒ රනිල්ට විරුද්ධව නොව ඔබට විරුද්ධව රනිල් සඳහා යි. ජාතික ආණ්ඩුව යන්න ව්‍යාජ සංකල්පයක්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ ම ව්‍යාජ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම. ඔබේ කණ්ඩායමේ අය ඒ සංශෝධනයට ඡන්දය දීමෙන් කෙළේ වරදක්. අද ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පාපකර්මයට හවුල්වන්නේ කාගේ වුවමනාවකට ද? ඒ ව්‍යවස්ථාව සම්මත වුවහොත් ඔබට කිසි දිනෙක බලයට පත්වීමට හැකි නොවනු පමණක් නොව රට බෙදා ලංකාව නමින් අද ඇති රට ඉන්දියාවේ යම් ආකාරයක ප්‍රාන්ත දෙකක් බවට පත්වීමේ අවදානම තිබෙනවා. ප්‍රාන්ත දෙකෙන් එක් කොටසක් තමිල්නාඩුවේ කොටසක් බවට අවසානයේ දී පත්වේවි. එසේ වුවහොත් රාමලා අවසානයේ දී ජයගනු ඇති. තවමත් කෙටුම්පත් කෙරී නැති ව්‍යවස්ථාවක් ගැන එසේ කියන්නේ කෙසේ දැයි මාක්ස්වාදී හා ලිබරල්වාදී පඬියන් ප්‍රශ්න කරනු ඇති. ගොනා හැරෙන්නේ කුමකට දැයි දැනගැනීමට අංජනම් එළි බැලීමට අවශ්‍ය නැහැ. කච්චතිවු දූපතේ ගොඩනැගිලි තැනීමට ජයලලිතාගෙන් අවසර ගැනීමට අවශ්‍ය ද? මේ නිවට ආණ්ඩුව යටතේ තමන්ට අයහපත් තවත් බොහෝ දේ සිිදුවිය හැකි බව සාමාන්‍ය සිංහල කතෝලිකයන්ට අවබෝධ කරගැනීමට හැකි නම් එය රටට යහපතක් වනු ඇත.

    කාදිනල්ලා ඇතුළු නායක පූජකවරුන් කවුද යන්න බොහෝ බෞද්ධයන් නම් දැනගෙන බොහෝ කල්.
    ඔබට ශ්‍රී ල නි ප මළකුණවත් ලැබෙන්නේ නැහැ. මෛත්‍රිපාලවත් බර්ටිගේ පුත් දුමින්දවත් ඔබට එය කිසි දිනෙක දෙන්නේ නැහැ. දුමින්ද මළකුණේ නාමික ව ලේකම් වූයේ නිකම් ම නො වේ. ඔවුන්ට අවශ්‍ය වුවත් ඔබට මළකුණ දීමට එංගලන්තයත් ඉන්දියාවත් ඉඩ දෙන්නේ නැහැ. පසුගිය දා මෛත්‍රිපාල එංගලන්තයට හා ඉන්දියාවට ගියේ ආගමික උත්සවවලට සහභාගි වීමට නොවෙයි. ඔහුට කැමරන් හා මෝදි උපදෙස් දී ඇත්තේ ඔබට කෙසේවත් මළකුණ භාර නොදෙන ලෙසයි. ජාතිකත්වයක් නැති ශ්‍රී ල නි පක්‍ෂයක් යනු මළකුණක් පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයේ ජීවය වූයේ ජාතිකත්වයයි. වික්ටර් අයිවන්, රාජිත, රෙජිනෝල්ඩ් කුරේලා ආනයනය කළ චන්ද්‍රිකාටවත් ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වය නැතිකිරීමට බැරි වූවා. එංගලන්තයේ හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි මෛත්‍රිපාල එය ඉටු කළා.
    තවදුරටත් මේ මළකුණේ බලය ලබාගැනීමට කටයුතු කිරීම වැරුද්දක්. නව සංවිධානයක් පිහිටුවා ගැනීමට තිබුණේ අඩුම තරමින් පසුගිය අගෝස්තු මහාමැතිවරණයට කලින්. දැනුත් එයට ප්‍රමාද නැහැ. පක්‍ෂයක් හෝ කුමක් හෝ වේවා, ඒ සංවිධානය නැතිව ඉදිරියට යෑමට බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය යනු මන්ත්‍රීවරුන් පිරිසකගේ සංසදයක් පමණයි. අර ජෙනීවා ගිය අය එයට නීත්‍යානුකූලබවක් ලබාගත් බවක් ඔබට කීවා ද? ඔබේ උපදේශකයන් මැතිවරණයට කලින් සංධානයක් පිහිටුවීම ප්‍රතික්‍ෂෙප කළා. එය සාමූහික අදහසක් ද යන්න මා දන්නේ නැහැ. එහෙත් ඒ ප්‍රතික්‍ෂෙප කළ අය අතර ඩලස්, විමල්, ජී එල් සිටිනවා. ඔවුන් එදා ඔබ සහ මෛත්‍රීපාල අතර සංහිඳියාවක් බලාපොරොත්තු වුනා.
    නව සංවිධානයක් පිහිටුවත් නැතත් සාමාන්‍ය ව්‍යවහාරයෙන් කීවොත් දුමින්ද ඔබේ හා තවත් අයගේ ටිකට් කපනවා, මෛත්‍රීපාල ඔබෙන් හා පවුලෙන් පළිගන්නවා. අද ඇතැමුන් ඊනියා අන්තර්කාලීන ආණ්ඩු ගැන කතාකරනවා. ඔවුන් සමග ඔබ සාකච්ඡා පවත්වනවා. නැවතත් සාමාන්‍ය ව්‍යවහාරය අනුව කියන්නේ නම් මේ ඩීල් දේශපාලනය වැරදියි.

    කළ යුත්තේ කුමක් දැයි මා කියන්නේ නැහැ. ඔබේ කන් මා දෙසට දික් වී නැහැ. අඩුම තරමින් ඔබ මේ ලිපිය කියවාවිද යන්නත් සැකයි. ඔබ සමීපයේ සිටින සී අයි ඒ ඔත්තුකරුවකු හෝ ෆෙඩරල් නියෝජිතයකු හෝ වෙනත් එවැන්නකු හෝ මේ ලිපිය කියවා ඔබට එහි විකෘති අර්ථකථනයක් දීමට ඉඩ තිබෙනවා. ඒත් මා මේ ලිපිය මෙසේ විවෘත ලිපියක් ලෙස ඉදිරිපත් කරනවා.

    නලින් ද සිල්වා

    2016 මැයි 18
     
    • Like
    Reactions: wapw and erozan

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mahinda and the nationalist movement should listen to the likes of Nalin de Silva, Elle gunawansa and Gevindu Kumarathunga.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක යට උනත් මහින්දගෙ හයිවේ එක යට උනේ නැ.:cool::cool:

    13233151_10153364015521525_3853227773614583_n.jpg

    • Like
    Reactions: Chikamawa

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහින්දට තවත් විවෘත ලිපියක්

    මා මිත්‍ර මහින්ද..,

    මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1988 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී. ල. නි. ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත තදින් ඇදී ගියේය. එහිදී අතුරුදහන් වූ පුද්ගලයන් සොයා ගැනීමට ශ්‍රී. ල. නි. ප.ය ට පැවරී ඇති වගකීම ඔබ විසින් අවධාරණය කරන ලදී. එදින ඔබ පැවැත්වූ කතාවෙන් ධෛර්යමත්වූ මා හා ඔබ අතර දිගු කාලීන මිත්‍රත්වයක් ආරම්භ විය. රැස්වීමේ සභාපතීත්වය දැරූ බණ්ඩාරනායක මැතිණිය විසින් මහානාම සමරවීරගේ පුතා ලෙස පසුව මා ඔබ වෙත හඳුන්වා දෙන ලදී.

    ලන්ඩනයේ ශාන්ත මාටින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා සිටි මා එකල විලාසිතා සහ ඇඟළුම් නිර්මාණකරුවෙකු ලෙස ලන්ඩනයේ බොහිමියානු කලා පර්ශදයන් හි සාර්ථකත්වය ළඟා කර ගනිමින් සිටියෙමි. එහෙත් දකුණේ පැවති මහා පරිමාණ පුද්ගල අතුරුදහන් කිරීම් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් නිසා මා සිටියේ කැළඹුණු සිතිනි. මාගේ උපන් ප්‍රදේශය වන මාතර හා දකුණේ ඒ අවට එවැනි අපරාධ බහුලව සිදු වූ බැවින් ඒ පිළිබඳව කටයුතු කිරීම පිණිස විලාසිතා, කලා කටයුතු සහ නිර්මාණකරණයේ සුවපහසු ජීවිතය අත් හැර පූර්ණ කාලීන දේශපාලනඥයෙකු වීමට මා හට සිදු විය.

    එවැනි පසුබිමක් තුළ ඔබ විසින් සිදු කළ ප්‍රකාශ වලින් ප්‍රමුදිතව සිටි මා දේශපාලන වශයෙන් ඔබ වෙත ලං වීමි. එය දිගුකාලීන මිත්‍රත්වයක ආරම්භය විය. කාලය ගතවීමත් සමග අප දෙදෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රගතිශීලි දේශපාලනය මෙන්ම මානව හිමිකම් පිළිබඳව එක්වී ක්‍රියාකරමින් සිටියෙමු. එය මාතර මාගේ නිවසේදී ආරම්භ වූ “මව්වරුන්ගේ පෙරමුණ” පිහිටුවීමට ඉවහල් විය. එදින මාගේ නිවස තුළදීම මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරු වන ලෙස ඔබට මා කළ ඉල්ලීම ඔබ විසින් සතුටින් භාර ගන්නා ලදී. මා ද, රුවන් සහ ජගත් දෙදෙනාද එක් වී වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මෙන්ම කම්කරු අයිතිවාසිකම් පිළිබඳවද වූ සටන් පෙරමුණු වල ඔබ ගැලවුම්කරුවෙකු ලෙස පෙනී සිටියේය. අප දෙදෙනා කොළඹ නව නගර ශාලාවේදී පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පළමු රැස්වීමට එකට එක් වී සහභාගී වූ බව මට මතකය. “පාද යාත්‍රා” ඇතුළු පක්ෂයේ අනෙකුත් කටයුතු සඳහා ඔබ පෙරමුණ ගෙන සිටියේය. ප්‍රේමදාස පාලනයට විරුද්ධව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබ ගෙන ගිය විරෝධතාවයන් නිසා අප දෙදෙනා අතර බැඳීම තවත් වැඩිවිය.

    එහෙත් මෑත කාලීන ඔබගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී සිත් කළකිරවන පැතිකඩක් පෙනෙන්නට තිබේ. ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව පෙබරවාරි 11 දින ඔබ විසින් දැක්වූ අදහස් දේශපාලන අවස්ථාවාදියෙකුගේ ගති ලක්ෂණ පෙන්වයි. එය නැවත නැවතත් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවූ බව පෙන්වමින් ඔබ සිදුකරන මුළු රටම රැවටීමේ විජ්ජාවයි. ඔබගේ චරිතයේ තිබෙන මෙම ප්‍රෝඩාකාරී පැතිකඩ මට ප්‍රත්‍යක්ෂ වූයේ දශකයකට පෙර ඔබ ජනාධිපති වී බලය හිමිවීමෙන් පසුය.

    2008 දී මා පක්ෂයෙන් ඉවත්වී යන අවස්ථාවේදී මාගේ අත් අකුරින් ලියූ පිටු දහතුනක ලිපියක් ඔබ වෙත භාර දුනිමි. එම ලිපියේ ඔබ විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, යහපාලනයේ මූලධර්ම උල්ලංඝනය කිරීම සහ සංහිඳියාව මඟහැර සිටීම පිළිබඳව මාගේ අවංක අදහස් දැක්වූයෙමි. ඔබගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටේ විනාශයද, ඔබගේ දේශපාලන කඩා වැටීමද සිදු වන බව මා එම ලිපියේ පූර්වකථනය කළෙමි. එහෙත් අතීත වැරදි වලින් ඉගෙන ගන්නවා වෙනුවට දැඩි මානය, වෛරය හා බල කෑදරකම හිස තුළ පුරවාගත් පුද්ගලයෙකු සේ හැසිරුණු ඔබ එම විනාශයේ අඩි පාරේම ගමන් කළේය.

    කෙසේ වුවත් තවමත් පරණ මහින්දගේ ඉතිරි වූ ශේෂයක් හෝ ඔබ තුළ ඉතිරිව ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් මේ ලිපිය ඔබ වෙත ලිවීමට තීරණය කළෙමි.

    ඔස්කාර් වයිල්ඩ් ලේඛකයාගේ “ඩොරියන් ග්‍රේගේ චරිතය” නම් පොතේ සිටිනා කතා නායකයා සදාකාලිකව සුරූපීව සිටීමට යක්ෂයා සමග ගිවිසුමක් ඇති කර ගනී. ඔබ ද එලෙසම සදාකාලිකව බලයේ සිටීම සඳහා යක්ෂයා වෙත හදවත පාවා දී ඇතිවාක් මෙන් හැසිරෙයි.

    මහින්ද රාජපක්ෂ යනු මැදමූලන වලව්වේ සැඟවුනු මළබැඳුණු පිලිමයක් බවට පත්වෙමින් පවතී. ඔබ විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනා පිළිබඳව දක්වා ඇති අදහස් තුළින් ඒ බව සනාථ වේ. ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී හා අවස්ථාවාදී අදහස් වලින් පිරී ඇති ඔබගේ ප්‍රකාශය දේශපාලනඥයකු ලෙස ඔබ වැටී ඇති පහත්ම තත්වය පෙන්වා දේ. සමහරවිට ඔබ විසින් මානව අයිතිවාසිකම්, යුක්තිය සහ ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳව කලකට පෙර ජිනීවා නුවර මානව හිමිකම් කොමිටියේදී, පාර්ලිමේන්තුවේදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිර්භීතව දැක්වූ අදහස් අමතක වී ඇති බව පෙනී යයි.

    දකුණේ දී අතුරුදහන් වූ පුද්ගලයන් දහස් ගණනක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරමින් වගවීම හා යුක්තිය ඉටුකිරීම සඳහා ඔබ ජිනීවා නුවර දී විශාල වැඩ කොටසක් ඉටු කළේය. එකල ඔබ විසින් ක්‍රමවත් ලෙස ජාත්‍යන්තර තලයේදී පැවති රජය විසින් සිදු කළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම් පිළිබඳව ජිනීවා නුවරදී විශාල හඬක් නැගුවේය. එහි පැවැත් වූ රැස්වීම් ශාලාවට ඇතුල් වීම සඳහා එකල ඔබට සහය ලබා දුන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරිනියක වූ තමරා කුනනායගම් බව නොරහසකි. පසුව ජනාධිපති පදවියට පත්වූ ඔබ ඇයට කෘතගුණ සැළකීමක් වශයෙන් ජිනීවා හි නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේය.

    1990 ඔක්තෝම්බර් 25 දින පාර්ලිමේන්තුවේ ඔබ කළ කථාවක කොටසක් හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දක්වමි. “ආණ්ඩුව මානව හිමිකම් ලබා නොදෙන්නේ නම් අපි ජිනීවා විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකට යාමට සූදානම්, අපායට උනත්, ගිහින් මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න සූදානම්. මේ රටේ ඉන්න අහිංසකයින්ගේ හඬාවැළපීම් ඕන තැනකදී ඉස්මතු කරන්න අපි ලෑස්තියි”

    ඔබ විසින් මානව හිමිකම් සුරැකීම පමණක් නෙමෙයි, ලංකාවට විදේශ ආධාර ලබාදීම පවා නතර කරන්නට ඒ කාලයේදී කථා කලා.

    හැන්සාඩ් වාර්තාවෙන්ම එය උපුටා ගන්නට මා කැමතියි, “ආධාර දෙන රට වලින් අපි ඇහුවා ඇයි ආධාර දෙද්දි කොන්දේසි දාන්න බැරි කියලා. ඒක තමයි අපි ඉල්ලා හිටියේ, ඒක තමයි අද ඉටු වෙලා තියෙන්නේ” මෙවැනි පියවර මීට පෙර කිසිම දවසක නොකෙරුණා පමණක් නෙමෙයි, අපි වුවත් ඔබගේ රජය කොතරම් මානව හිමිකම් උල්ලංඝණය කළත් රටට ලබා දෙන ආධාර නතර කරන ලෙස ඉල්ලා නොසිටියේ එමගින් අසරණ ජනතාව පීඩනයට පත්වන බැවිනි.

    ඔබගේ මතකය අපැහැදිලි නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති කුඩාහෙට්ටි හා මහින්ද රාජපක්ෂ නඩුවේ පිටපතක් ඉදිරිපත් කරන්න මා කැමතියි. එම නඩුව පැවරුණේ ඔබ විසින් අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ලියකියවිලි 533 ජිනිවා නුවරට ගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බව මතක් කිරීමට කැමැතියි.

    ඔබ විරුද්ධ පක්ෂයේ සිටියදී මානව හිමිකම්, ජිනීවා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඔබට පෙනුනේ හිතෛෂී මිතුරන් ලෙසයි. නමුත් බලයෙන් මත් වූ පසු ඔබට ඒ සියළු දෙනා අමතක විය. එකල ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හෝ නීතියේ ආධිපත්‍ය වැනි විශ්වීය වටිනාකම් පිළිබඳව යම් කෙනෙකු හඩක් නැඟුවේ නම් ඔබ ඔවුන් එල්.ටී.ටී.ඊ හිතවාදීන් ලෙස හා ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා පීඩාවට පත් කළේය. දැන් බලයෙන් විසි වී ගොස් සිටින විට ඔබට ජිනීවා ජාත්‍යන්තර මිතුරන් නැවත මතක් වී ඇත. ඔබගේ හොර පොල් නඩයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් ලබා දී ජාත්‍යන්තර ප්‍රජාවේ අනුකම්පාව දිනා ගැනීම සඳහා පිටත්කොට යවා තිබේ. එහෙත් වරක් ඔබගේ දුෂ්ඨත්වයේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජාත්‍යන්තරය ඔබ කෙරෙහි නැවත කිසිදා විශ්වාසය නොතබන බව පැහැදිලියි. එතරම් දරදඬු පාලකයෙකු වී සිටි ඔබ තමන්ගේ හමුදා ආරක්ෂාව පොලීසියට භාරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනා කිරීමට තරම් නින්දිත තත්වයකට පත්ව ඇති බව පෙනේ.

    මෙතරම් කුහක හා අවස්ථාවාදී ලෙස ක්‍රියාකරන ඔබ පසුගිය වසරේ ජීනීවා හි යෝජනා සඳහා අපගේ රජය එකඟතාවයන් ඇති කර ගැනීමට විරුද්ධ වීම පුදුම සහගතය. අත්දැකීම් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු හා මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ ලේකම් ලෙස කලක් කටයුතු කළ මට හැඟී යන්නේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව ලංකාවටත් මෙරට ජනතාවටත් හිමි වූ ජයග්‍රහණයක් බව ඔබ හොඳින් දන්නා බවය. එය ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයකි. ඔබගේ පාලන කාලයේදී මානව හිමිකම් කොමිසමේ ලංකාව පිළිබඳ සැසිය හැමවිටම ජාත්‍යන්තර මතය බෙදී ගිය එකක් වූවා.

    අපගේ අපනයන වෙළඳපොලෙන් 50% හිමි වී ඇත්තේ යුරෝපයට හා ඇමරිකාවටයි. ඔවුන් සමග එක් වූ අපගේ සමීපතම අසල්වාසී රටවල් ඔබගේ ආණ්ඩුව විසින් ගෙන යන ලද ප්‍රජාතන්ත්‍ර හා මානව හිමිකම් විරෝධී පාලනයකට තම පිලිකුළ පලකළා. 2015 දී මුළු ලෝක ප්‍රජාවම මානව හිමිකම් කොමිසමේදී ලංකාව පිළිබඳ යෝජනාවට සහාය පලකළා. ඉන්දියාව, චීනය, හා රුසියාව යන සියළු රටවල් එයට සහයෝගය ලබා දුන්නා.

    පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව අපගේ යෝජනාවද ඇතුළුව සාර්ථක විදේශ ප්‍රතිපත්තිය නිසා ආර්ථික සම්බාධක හා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන තිබුණු බිය ද පහ වුනා.

    ඔබ විසින් ප්‍රචාරය කර සිටින පරිදි මෙම යෝජනාව ලංකාව මත බලෙන් පැටවූවක් නොවේ. එයට පදනම්ව ඇත්තේ අපගේ ආණ්ඩුව විසින් ලබා දුන් යහපාලනය, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, මානව අයිතිවාසිකම් හා සංහිඳියාව ස්ථාපිත කිරීම පිළිබඳ සැලසුම්ය. ශ්‍රී ලංකාව විසින් මෙම කරුණු පසුගිය සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිසමේ දී ප්‍රකාශ කරන ලදී. මෙම සැළසුම් සකස් කොට ඇත්තේ මාස ගණනක් අපේ රටේ සහ අනිකුත් රටවල අතීත වාතාවරණයක් පිළිබඳව කළ මනා හැදෑරීමකින් පසුවය. මෙම ක්‍රමවේදයට අදාළව ක්‍රියාකළ හොත් අපගේ අතීත බිහිසුණු යුධ අත්දැකීම් නැවත කිසිවිටක මේ භූමිය තුළ හිස නොඑසවනු ඇත. මේ රටට නිදහස හිමි වූ දා සිට අප විසින් අත් දුටු ගැටුම් ඇතිවීම මෙම ජිනීවා යෝජනා හා අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පහවී යනු ඇත.
     
    • Like
    Reactions: BonziBUDDY

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙම යෝජනා මගින් යුද්ධය නිසා ඇතිවූ තුවාල සුව කොට සැබෑ සාමය හිමි වනු ඇත. මෙම යෝජනාව මගින් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට නව කාර්යාලයක් විවෘත කෙරෙනු ඇත. එමගින් අතුරුදහන් වූවන්ගේ පවුල් වලට තම ආදරණීය දුවා දරුවන්, සහෝදර සහෝදරියන් හට අත්වූ ඉරණම පිලිබඳ සොයා ගත හැකි වනු ඇත. යෝජනාව මගින් සත්‍ය, යුක්තිය, සංහිඳියාව සහ නැවත ගැටුම් නොසිදුවීම සඳහා කොමිසමක් ස්ථාපිත කිරීමට මග සළසා ඇත. එමගින් යුධ ගැටුම් පිළිබද මූලික හේතු සොයා බලා නැවත අපරාධ කිසිදා නොසිදුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිවේ. තවද බිහිසුණු යුධ ගැටුම් නිසා තම ජීවිත, දේපොළ හා දෑත් දෙපා අහිමිවූවන්හට වන්දි ලබාදීමේ කාර්යාලයක්ද පිහිටුවනු ඇත.

    එමෙන්ම ජාත්‍යන්තර සහභාගීත්වය සහිතව වඩාත් විශ්වාසනීය අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට යෝජනාවී ඇත. එමගින් රටතුළ නැවත වරක් අපරාධකරුවන් නීතියෙන් පැන යාමත්, බලය අපහරණය නොවීමත් සිදු වනු ඇත. මෙම අධිකරණ පද්ධතියේ ඇති වැදගත්කම වන්නේ වසර ගණනාවක් ලංකාවේ අධිකරණය පිළිබඳව නැතිවී තිබුනු විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීමටත්, වින්දිතයන්හට සාධාරණය ඉටුවූ බවට ඒත්තු ගැන්වීමටත් හැකිවීමයි. අප රට තුළ විශේෂඥ හැකියාවන් නොමැති බොහෝ අවස්ථාවල විදේශ සහාය ලබා ගැනීම අතීතයේදී සිදු කොට තිබේ. යෝජනාවී ඇති අධිකරණ පද්ධතිය තුළ එවැනි ජාත්‍යන්තර සහයෝගයක් ලබා ගැනීම වඩාත් විශ්වාසනීය ක්‍රියාදාමයක් සඳහා ඉවහල් වනු ඇත.

    මෙම ක්‍රියාදාමය තුල හමුදාවේ සාමාජිකයින්හට එල්ලවී ඇති අභූත චෝදනා ගිලිහී යනු ඇත. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් කියා ඇති පරිදි සංක්‍රාන්තීය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් මගින් සත්‍ය යුධ වීරයන්ගේ නම් රැකෙනු ඇත. මෙවැනි ක්‍රියාදාමයකදී බියට පත්විය යුත්තේ තම නිල ඇඳුමේ හිඳිමින් නීතී විරෝධී අපරාධ කළවුන් සහ ඔවුනට විධාන ලබාදුන් අය පමණි. සමස්ත හමුදාවම ගත් කළ ඔවුනගේ විනය ගරුක වෘත්තීය කීර්තිය ප්‍රතිස්ථාපිත කළ හැක්කේ මෙවැනි ක්‍රියාදාමයක් තුළින් පමණි. සෘජුව වැරදි සිදු කළ පුද්ගලයන්හට දඬුවම් ලබා දීම මගින් සුදුවෑන් සංස්කෘතිය මුලිනුපුටා දමා ළමා සොල්දාදුවන් යෙදවීම වැනි අපරාධ වැළකිය හැකිවේ.

    මෙවැනි අත්‍යාවශ්‍ය කටයුතු වලට බාධා කරන්නේ අවස්ථාවාදීන්, යුධකාමීන් සහ බංකොලොත් කුහකයන් පමණි. ශ්‍රී ලංකාවේ සිටින සාමය, එකමුතුභාවය සහ සෞභාග්‍ය පතන සියලු ජනතාව මෙම යෝජනාවලියට කැමතිය. දූෂිත කුහක හා දේශපාලන වශයෙන් බංකොලොත් පුද්ගලයින් පමණක් මෙවැනි ප්‍රගතිශීලී පියවර හෙළා දකිති.

    ඉතිහාසයේ කවරදාකවත් නොසිදූවූ පරිදි අප වෙත ලැබී ඇති ප්‍රධාන පක්ෂ දෙක එක්ව වැඩ කිරීමේ සහ සුළු ජාතික පක්ෂ මධ්‍යස්ථ ලෙස ක්‍රියා කිරීමේ මෙම ඓතිහාසික අවස්ථාව පැහැර නොහැරිය යුත්තෙමු. නිදහසින් පසුව ඇතිවූ ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස වර්තමාන වාතාවරණය සැළකිය යුතුය.

    එබැවින් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ වගවීම පිළිබඳ නීතියේ ආධිපත්‍ය රජයන මැද මාවත තෝරා ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටීමට මා කැමැත්තෙමි. ඔබගේ පටු දේශපාලන අරමුණු සහ පවුලේ වුවමනාවන් පසෙක ලා ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ පෙරටුකරගත් යහපාලන ආණ්ඩුවද, විපක්ෂයද සිවිල් සමාජයද සමග එකට එක්වී සහයෝගයෙන් ක්‍රියා කරන ලෙස ඔබගෙන් ඉල්ලීමට කැමැත්තෙමි. අවම වශයෙන් නිදහසින් පසු උදාවූ මෙම දුර්ලභ අවස්ථාව විනාශ නොකරන ලෙස ඉල්ලා සිටිමි. එසේ නොවුනහොත් දේශපාලන භූමියේ ඔබගේ භුමිකාව පටු ආත්මාර්ථකාමී සහ පවුලේ පැවැත්ම පමණක් වෙන්වූ බවට ජනතාව විසින් තීන්දු කරනු ඇත.

    ජිනීවා යෝජනා පිළිබඳ ඔබගේ ප්‍රකාශය කොතරම් ව්‍යාජද යත් එයට ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නොවේ. එහෙත් ඔබගේ ප්‍රෝඩාකාරී අදහස් තුළින් මහජනතාව නොමග යෑමට ඉඩ ඇති බැවින් එහි ඇති සමහර කරුණු පිළිබදව මාගේ ප්‍රතිචාර වෙන් වෙන්ව පහත දක්වමි. (පහත කළු අකුරින් අංක සහිතව දක්වා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ චෝදනාවන්ය)

    1.”පසුගිය වසරේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මානව හිමිකම් කොමසාරිස් වෙත සහතික වී තිබේ”

    ජීනීවා යෝජනා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තීන් හි විජයග්‍රහණයකි. ඔබගේ රජය කාලයේදී බෙදී වෙන්වී ඡන්දය දුන් ජාත්‍යන්තර ප්‍රජාව එකාවන්ව මෙම යෝජනාවලියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදී ඇත. යෝජනාවලිය ලංකාවට එරෙහි පියවරක් නොව, එය ලංකාව වෙනුවෙන් සහ එහි ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සම්මත කරන ලද්දකි. අපගේ ආණ්ඩුව ඉතා ක්‍රමානුකූලව ඉදිරිපත් කරන ලද රාමුවක් තුළ යෝජනා ඉදිරිපත්වී තිබේ. යෝජනා තුළින් ආණ්ඩුවේ සැළසුම් මත පදනම්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වී යහපාලනය, සංහිඳියාව සහ වගවීම පිළිබඳ නීතියේ ආධිපත්‍ය ස්ථාවර ‍වෙනු ඇත. එමගින් අතීතයේ සිදුවූ හානි අවබෝධ කොට ගෙන සාමකාමී සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට හැකිවනු ඇත. ඔබ විසින් 2009 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතා සමග එක්ව නිකුත් කළ පහත සඳහන් ඒකාබද්ධ නිවේදනයේ අරමුණු එමගින් සපුරාලනු ඇත.

    “ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතී උල්ලංඝනය වීම පිළිබඳව සොයා බැලීමට වගවීම් ක්‍රියාවලියක් ඇති කිරීමේ වැදගත්කම මහ ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදී. මෙම දුක්ගැනවිලි විසඳාලීමට ශ්‍රීලංකා රජය විසින් පියවර ගනු ඇත”

    2. “මෙම යෝජනාවලිය ශ්‍රී ලංකාව විසින් භාර ගන්නා ලද අතර එය එකට එක්වී මානව හිමිකම් කොමිසමේදී ඡන්දයකින් තොරව සම්මත කරගන්නා ලදී. 2002 දී එල්.ටී.ටී.ඊ ය සමග ඇති කරගත් සාම ගිවිසුමට සමාන අයුරකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් නොසැළකිලිමත් ලෙස ජිනීවා යෝජනා පිළිගෙන ඇත”

    ජිනීවා යෝජනා සම්මත කර ගන්නා ලද්දේ ඡන්දයකින් තොරවය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබගේ රජය ජාත්‍යන්තර ප්‍රජාවේ කොන්වී සිටි තරමයි. එකල අපෙන් දුරස්ව සිටි බොහෝ රටවල් ශ්‍රී ලංකාවට නැවත සහයෝගය දෙනු ලබන බව මෙයින් පෙනී යයි. වොෂින්ටන් සිට බීජිං දක්වාත් දිල්ලි සි‍ට බ්‍රසල්ස් සහ ලන්ඩන් සිට මොස්කව්, ටෝකියෝ සහ රියාද් නගර දක්වාත් වැසී තිබුණ ජාත්‍යන්තර දොරවල් ලංකාව වෙනුවෙන් නැවත විවෘත වූ බව මින් පෙනී යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ එක්සත් ජාතික පක්ෂ සෑම ආණ්ඩුවක් යටතේම ශ්‍රී ලංකාව සැමවිටම සියලු රටවල් සමග මිතු දමින් බැඳී කිසිවෙකුට සතුරු නොවන විදේශ ප්‍රතිපත්තියක් ඔබ බලයට ඒමට පෙර ක්‍රියාත්මක කරන ලදී.

    නිදහස ලැබූ දා පටන් ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ ගරු බුහුමනට ලක්විය. ඔබගේ පාලන කාලයේදී පමණක් ජාත්‍යන්තර ප්‍රජාව බෙදී වෙන්ව ශ්‍රී ලංකාව සමග සබඳතා පවත්වන ලදී. ඇමරිකාව සහ යුරෝපය අපගේ අපනයන වලින් 50% වැඩි ප්‍රමාණයක් මිලදී ගනිති. එම රටවල් සහ අපගේ අසල්වාසී මිතුරු රටවල් ඔබ විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විනාශ කිරීම, බලය අයුතු ලෙස යෙදවීම සහ සුළු ජන කොටස් තලා පෙලා දැමීම වැනි ක්‍රියාවන් පිළිබඳව තම නොසතුට පළ කළහ. තවද යුද්ධයෙන් පසුව රට සුවපත් කිරීමේ ඓතිහාසික කාර්ය භාරය ඔබ විසින් අහිමි කරන ලදී.

    ශ්‍රී ලංකාව අතීතයේදී මානව හිමිකම් යෝජනා ජාත්‍යන්තරය හා එක්වී සම්මත කොට තිබේ. 1984 සහ 1987 වසරවල මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ජිනීවා යෝජනා මෙයට නිදසුන්ය. මා හා එක්වී ඔබ විසින් ජිනිවා වෙත ගෙන යන ලද මව් පෙරමුණේ 1987 චෝදනා එම යෝජනා සඳහා පදනම් වූ බව නොරහසකි.

    එල්.ටී.ටී.ඊ ය සමග ඇති කර ගත් සටන් විරාම ගිවිසුම ඔවුන්ගේ මුරණ්ඩුකම නිසා බිඳ වැටුණි. එහෙත් එම ගිවිසුමත් සමගම එල්.ටී.ටී.ඊ සංවිධානය කැඩී ගොස් කරුණා අම්මාන් වෙන්ව ගියේය. තවද ඔබගේ රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස මා ක්‍රියා කළ කාලයේදී එල්.ටී.ටී.ඊ ය ත්‍රස්ත සංවිධානයක් ලෙස යුරෝපයේ හා කැනඩාවේ තහනම් කිරීමට හැකි විය. එය ඔවුනගේ අරමුදල් ඉපයීම නැවැත්වීමට සිදු කළ විශාලතම කාර්ය භාරයකි.

    3.”ජිනීවා හි සිටින අපගේ තානාපතිවරයා යෝජනා පිළිබඳව වෙනත් මානයකින් ක්‍රියාකිරීමට උත්සාහ ගනිද්දී ආණ්ඩුව එය වළක්වා ඇමරිකානු යෝජනා සියල්ල පිළිගන්නා ලදී.”

    මා විසින් මෙයට කලින් විස්තර කල පරිදි ජිනීවා යෝජනා වලට පදනම්ව ඇත්තේ අප රජය විසින් කාලයක් තිස්සේ වැඩි දියුණු කරන ලද සැළසුම්ය. ඔබ හොඳින් දන්නා පරිදි ජිනීවා හෝ වේවා කුමන ස්ථානයක සේවය කළද ශ්‍රී ලංකා තානාපතිවරු ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ රජයේ උපදෙස් පරිදිය.

    4. “ජිනීවා යෝජනාවලිය ලංකාවේ සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස පෙන්නුම් කිරීමට රජය විසින් උත්සහ ගනී. එහෙත් සත්‍ය ලෙසම එය සම කළ හැක්කේ 1815 උඩරට ගිවිසුම මගින් සිදු කළ පාවා දීමටය. මෙම යෝජනාවලිය මගින් පනවා ඇති සැබෑ වගකීම් පිළිබදව ජනතාව විසින් දැනගත යුතුය. යෝජනාවලියේ ක්‍රියාත්මක ඡේද 1,4,6,7,8 යන 12 තුළින් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ චෝදනා රජය විසින් භාරගෙන තිබේ. එම චෝදනා වලට යුධ අපරාධ ඇතුළත් වන අතර එහිදී සිවිල් වැසියන් මරා දැමීම, වධ හිංසා කිරීම්, සිතාමතා ජනතාව හාමතේ තැබීම අපගේ හමුදාව විසින් සිදු කළ බවට කියවේ, තවද රජය විසින් චෝදනාවන්ට ලක්ව සිටින රණවිරුවන්ව විදේශ රටවල විනිසුරුවන්, චෝදනා ගොනු කරන්නන් හා විමර්ශකයන් ගෙන්වා පිහිටුවනු ලබන විශේෂ යුධ අපරාධ විනිශ්චය සභාවක් ඉදිරියට ගෙන යෑමට එකඟ වී තිබේ.”

    ඔබගේ ඉහත තර්කය හැඟුම්බර හා වගකීම් විරහිත ප්‍රකාශයකි. යම් රටක් වෙත හෝ පුද්ගලයෙකු වෙත මානව අයිතිවාසිකම් කෙලෙසීම හෝ යුධ අපරාධ පිළිබද චෝදනා එල්ලවූ විට එම යෝජනා අසත්‍ය බව ඔප්පු කිරීම එරට රජයේ වගකීමකි. එහිදී විශ්වාසනීය ලෙස විමර්ශණ හා පරීක්ෂණ සිදු කිරීම ද අදාළය. එවැනි විටක චෝදනා සත්‍ය බව ඔප්පු වේ නම් එවැනි අපරාධ සිදු කළවුන් හෙළිදරව් කිරීම රජයේ වගකීමකි. එවැනි නින්දා සහගත අපරාධ සිදු කළ වුන් හා අණ දුන්නවුන් හෙළිදරව් කිරීමෙන් පමණක් රටේ සහ හමුදාවේ ගෞරවය රැකගත හැකිවේ.

    ඔබ බලයේ සිටි කාලයේදී සිදු කළේ එවැනි චෝදනා ඇති බව පෙන්වා දෙන්නන් අවමානයට නිග්‍රහයට පාත්‍ර කිරීමය. හිලරි ක්ලින්ටන් මැතිණිය ඔබගේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පෙන්වා දුන් විට ඔබ සිදු කළේ ක්ලින්ටන් මැතිණිය ත්‍රස්තවාදී හිතවාදිනියක් ලෙස හංවඩු ගසා ඇයගේ ඡායාරූප රජයේ වාහන වල ප්‍රදර්ශනය කිරීමයි. මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණි විට රජයේ මාධ්‍ය යොදා ගනිමින් ඔබගේ රජය ඇය පිළිබඳව මැවුවේ ඉතා අශෝභන ප්‍රතිරූපයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරිනියක වූ ඇයට සිදු කළ අවමානය ජාත්‍යන්තර වශයෙන් ඉතා නින්දා සහගතය. ඔබගේ “රාජ්‍යතාන්ත්‍රික හෙන්චයියන් ” නොකඩවාම මෙරටට පැමිණි විදේශ රාජ්‍ය නායකයින්හට ගරහන්නටත් අවමන්කරන්නටත් වූහ. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පැමිණි අවස්ථාවේදී ඔබ විසින් උසි ගන්වන ලද මැරයෝ චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ බාධා කළහ.

    ඔබගේ පාලන කාලයේදී වැනල් 4 චෝදනා පිළිබඳ ක්‍රියා කළ ආකාරය අයහපත් කළමනාකරණය පිළිබද හොදම උදාහරණයකි. අදාළ වීඩියෝ පට ජාත්‍යන්තරය පිළිගත් විශ්ලේශකයන් වෙත ලබා දෙන ලෙස එකල මා විසින්ද ඉල්ලා සිටින ලදී. එමගින් වීඩියෝ පට අසත්‍ය වාර්තා බව ඔප්පු කොට චැනල් 4 නාලිකාවට එරෙහිව එක්සත් රාජධානියේදී නඩු පැවරීමට ඔබට පුළුවන්කම තිබුණි. ඒ වෙනුවට ඔබ විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ඒවා ලබාදී එම වීඩියෝ පට සත්‍ය ඒවා ලෙස භාර ගන්නා ලදී. අප දන්නා පරිදි එම වීඩියෝ පට චැනල් 4 වෙත ලබා දී ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින්මය. එම පිරිසද ඉහළ අණින් සිදුවූ අපරාධ පිළිබඳව කම්පනයට පත්ව සිටි බව වාර්තා වේ. දැන් වුවද එම වීඩියෝ පට මහජනතාව වෙත පෙන්වා ඔවුනට ඒවායේ සත්‍ය අසත්‍යභාවය තීරණය කරන්නට ඉඩ දිය යුතු බව මාගේ අදහසයි.

    විදේශ විනිසුරුවන්, නීතිඥයින් සහ විමර්ශකවරුන් ලංකාවට ආගන්තුක නොවේ. එහෙත් ඔබගේ තර්කයට අනුව ගත හොත් බණ්ඩාරනායක මහතාගේ ඝාතනයේ විමර්ශකයින් හා විනිසුරුවරුන් ලෙස විදේශකයින් පත් කිරීම විශාල පාවා දීමකි. සිරිමා බණ්ඩාරනායක මැතිණිය විසින් පත්කළ කොමිසමට එක්සත් රාජධානියෙන් පැමිණි විදේශ විනිසුරුවරුන්, නීතීඥයින් සහ විමර්ශකයින් අයත් වූහ.

    යුද්ධයේ අවසාන කාලය සම්බන්ධයෙන් අපට විරුද්ධව පැමිණිලි රාශියක් එල්ල කොට තිබේ. එවැනි දරුණු අපරාධ වලට වගකිව යුතු අයට දඬුවම් ලබාදී ඒවාට සම්බන්ධ නොවූවන් නිදොස් කොට අමිහිරි අතීතය අමතක කොට රට ඉදිරියට යා යුතුය. එය රජයේ වගකීමකි. ජනාධිපති සිරිසේනගේ දින 100 වැඩසටහන යටතේ යහපාලනය සහ සංහිඳියාව පිලිබඳ මෙසේ සඳහන් වේ.

    “යුධ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් නොතබා ඇති බැවින් එවැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකින් සිදු කළ යුතුය”

    ඔබ විසින් ජිනීවා යෝජනා ප්‍රවේශමෙන් කියවුවහොත් එහි මෙලෙස සඳහන් වෙයි.

    “ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, ඒකීයත්වය හා භෞමික අඛණ්ඩතාවය සැළකිල්ලට ගෙන ශ්‍රී ලාංකික අධිකරණ පද්ධතියක් පිළිබඳව අවධාරණය කෙරේ. එම පද්ධතිය තුළ විශේෂ නීතී කාර්යාලයක් ඇති කිරීමත් එහි පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනිකුත් විදෙස් විනිසුරුවරුන්, නීතීඥයින් සහ බලයලත් පැමිණිලි මෙහෙයවීමේ නීතීඥයින් මෙන්ම විමර්ශකයින්ද ඇතුළත් වීම සිදු විය යුතුය”

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    5. “තවද යුධ අපරාධ සිදු කළ බවට සැක කෙරෙන එහෙත් ප්‍රමාණවත් සාක්ෂි රහිත හමුදා සාමාජිකයින් හමුදාවෙන් ඉවත් කිරීමට ඔවුන් එකඟවී තිබේ”

    සියළුම රජයේ සේවකයින් සාමාන්‍ය ජනතාවට වඩා වගකිව යුතු ලෙස හැසිරීමට බැඳී තිබේ. ඔවුනගේ ක්‍රියා කලාපය පාලනය කෙරෙන නොයෙක් විධි විධාන ආයතන සංග්‍රහය, පරිපාලන රෙගුලාසී සහ චක්‍රලේඛණ නිකුත් කොට තිබේ.

    එබැවින් ඕනෑම රජයේ සේවකයෙකුට හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකුට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීතියට අනුව සිදු කෙරෙනු ඇත. අළුත් ශ්‍රී ලංකාව තුළ කිසිවෙකු නීතියට ඉහළින් හිඳින්නේ නැත. එය ජනාධිපති, අමාත්‍යවරු හෝ අනෙකුත් ඕනෑම අයෙකුට අදාළය. රටේ නීතිය සියළු දෙනාටම ඒකාකාරී ලෙස බලපාන අතර එතුළ පූජ්‍ය පක්ෂයට, ආරක්ෂක හමුදා හෝ පොලීසියට නීතියට ඉහළින් ක්‍රියාත්මක විය නොහැක.

    6. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බල රහිත කිරීමේ අරමුණ ඇතිව මහජන ආරක්ෂාව පිළිබඳ විධිවිධාන වෙනස් කිරීමට රජය එකඟවී තිබේ”

    අධිකරණය විසින් ලබාදුන් තීන්දු මත පදනම්ව මහජන ආරක්ෂාව පිළිබඳ පනත නීතීමය වෙනස්කම්වලට ලක් කිරීමේ අවශ්‍යතාවය දැනටමත් බොහෝ සේ ප්‍රමාද වී තිබේ. රජය විසින් දැන් සිදු කරමින් සිටින්නේ පවත්නා නීතී ක්‍රමානුකූල පිළිවෙලකට යළි සැකසීමය. දයානන්ද දිසානායකට එරෙහිව කරුණාතිලක නඩු‍වේදී මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ නියෝගයක වලංගු භාවය තීරණය කිරීමට උසාවියට බලය තිබිය යුතු බවට අධිකරණය තීරණයක් ලබා දීම මෙයට උදාහරණයකි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සමකාලීන යථාර්තයන් වඩාත් සැළකිල්ලට ගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ නව පනතක් හඳුන්වාදීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී හඳුන්වා දුන් අතර වර්තමානය වන විට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විවිධ ස්වරූපවලින් මතුවී තිබේ. යුද්ධය හමාර වී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා අයුතු ලෙස යොදා ගන්නා බවට සියළුම දේශපාලන පක්ෂ විසින් වරින් වර අදහස් දක්වා තිබේ. මෙවැනි දුර්වලතා අවම කොට 21 වැනි සියවසට ගැළපෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙසට රජය විසින් නීතී කොමිසමට දන්වා තිබේ. එම පනත් කෙටුම්පත මේ මොහොතේ අධ්‍යනයට ලක්වෙමින් පවතී. අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කොමිටියක් එහි අවසාන අදියර ක්‍රියාත්මක කරමින් සිටියි.

    7. “ක්‍රියාත්මක ඡේද 16,18 හා 20 යටතේ දේශපාලන විසඳුමක් ඇති කිරීමේ අරමුණ ඇතිව බලය බෙදා හැරීම පිළිබඳ බැඳීමක් රජය විසින් මානව හිමිකම් මහා කොමසාරිස්වරයා සමග ඇති කරගෙන තිබේ”

    ඔබගේ ආණ්ඩුව බලය බෙදා හැරීම පිළිබදව මුළු ලෝක ප්‍රජාවටම බැඳී සිටින ප්‍රතිඥාවක් ලබා දුන්නේ 2009 වර්ෂයේදීය. එම වසරේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම්මත වූ යෝජනාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා වූ දයාන් ජයතිලක 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් ලබා දුනි. එම යෝජනාවේ සඳහන් වන ආකාරයට “ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් රටේ අර්බුධයට යුධමය විසඳුමක් නොමැති බවට දුන් සහතිකයද, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් පූර්ණ සාමය සහ සංහිඳියාව ශ්‍රී ලංකාව තුළ දේශපාලන විසඳුමක් ලෙස ලබාදීමට ඔහු විසින් ලබා දුන් ප්‍රතිඥාවද පිළිගන්නෙමු”

    2013 වසරේදී මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් ලංකාවේ ද විවෘත කළ යුතු බව නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක විසින් සඳහන් කරන ලදී. 1997 වසරේදී ටැන්ජරින් හෝටලයේදී සිදු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශනය අනුව 13 වන සංශෝධනයෙන් එපිට ගිය බලය බෙදා හැරීමක් ඔබ විසින් මුළුහදින්ම අනුමත කරන ලදී. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් විසින් එක්ව අනුමත කරන ලදී. තවද පක්ෂය තුළ හා කැබිනට් මට්ටමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන විට ප්‍රාදේශීය වශයෙන් බලය ‍බෙදාහැරෙන සමූහාණ්ඩුවක් පිළිබඳ අදහසට ඔබ සහයෝගය දුන්නේය. තවද ඔබ විසින් ජාත්‍යන්තර ප්‍රජාවට, විශේෂයෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා හා ජාතික ආරක්ෂක උපදේශකවරයා වෙත නොපැකිලිව දුන් පොරොන්දු අනුව 13 වන සංශෝධනයෙන් එපිට ගිය බලය බෙදා හැරීමකට එකඟ විය.

    8. “මානව හිමිකම් කොමිසම ඇතුළත පවා මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය තදබල ලෙස විවේචනයට ලක්වී තිබේ. මානව හිමිකම් කොමිසම සෑම වසරකම බහුතරයේ ඡන්දයෙන් සම්මත කෙරෙන යෝජනාවකින් බටහිර රටවල ආධාර ලබා ගැනීම හා බටහිර ජාතිකයන් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරු දැරීම අඩු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකා රජය බටහිර ගැති මහකොමසාරිස්ගේ කාර්යාලයට යටත්ව ක්‍රියා කිරීමට එකඟ වී තිබේ”

    ශ්‍රී ලංකාව කිසිවෙකුගේ බලයකට යටත්වී නැත. ජිනීවා යෝජනා වල කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාව කාගේ හෝ බලයකට යටත් වී ඇති බවක් නොකියැවේ. යථාර්තවාදී ලෙස ගතහොත් බොහෝ සංක්‍රාන්තීය අධිකරණ ක්‍රියාදාමයන් සිදු වන අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ යාන්ත්‍රණ පිහිටුවීම ඒවායේ ප්‍රධාන තනතුරු පිරිනැමීම පිළිබඳ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි. එහෙත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේදී අදාළ යාත්‍රණයන්, බල සීමාවන්, පුද්ගලයන් බඳවා ගැනීම වැනි දෑ පිළිබඳ ශ්‍රී ලංකා ජනරජයට පූර්ණ නිදහස හා ස්වාධීනත්වය හිමි කොට තිබේ. ඔබ හොඳින් දන්නා පරිදි ලෝකයේ බොහෝ බහුපාර්ශවීය සංවිධාන වලට බටහිර රටවල් ආධාර ලබා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඒවායේම කොටසකි. මෙය ඔබ කලකට පෙර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු වලට සහභාගී වීමේදී දැන නොසිටි බව කිව නොහැකිය. ඔබගේ එකල ජිනීවා සහායිකාව වූ තමරා කුනනායගම් පසු කාලීනව ජිනීවා හි අපගේ නිත්‍ය නියෝජිතවරයා ලෙසද ඔබ විසින්ම පත් කරන ලදී.

    9. “ජිනීවා යෝජනා වලට හිස නමා භාරගත් රජය ඒවායින් ඇතිවන නරක ප්‍රති විපාක ගැන රටට නොකියා වෙනත් දේ ප්‍රකාශ කරයි. යෝජනා වී ඇති යුධ අපරාධ පිළිබඳ යාන්ත්‍රණයේ ජාත්‍යන්තර සහභාගීත්වය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අදහස් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාව අනුව ජිනීවා යෝජනා පිළිබඳව ඔහුගේ හා අගමැතිවරයාගේ වෙනසක් නොමැති බව පෙනී යයි.
    ජනාධිපතිවරයා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ තීරණයට අනුමැතිය ලබා දුන් අතර එයට විරුද්ධ වන්නන් මහජනතාව නොමග යවන්නන් ලෙස හංවඩු ගැසීය. ඔහුගේ නිදහස් දින කතාව අනුව ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් සංහිඳියාව ගොඩනැගීමටත් අපගේ හමුදාව වෙත ගෞරවය පුද කිරීමත් සිදුවේ. පෙබරවාරි 06 වන දින ඩේලි මිරර් වාර්තාවක් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්වී ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව ප්‍රකාශ වුනි”

    කලකට පෙර ප්‍රගතිශීලී නායකයෙකු ලෙස පෙනී සිටි ඔබ ජනාධිපති තනතුර ලබා ගෙන පළමු වසර ගතවන්නටත් පෙර අවස්ථාවාදියෙකු බව ලොවටම හෙළිදරව් විය. එහෙත් ජනාධිපති සිරිසේන තමන්ගේ ජනාධිපති ධූරයේ වගකීම් භාරගෙන කෙටි කාලයක් තුළ ඔහු නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයෙකු බව ලොවට පෙන්වා දීමට සමත් විය. තදින් බෙදී සිටින අභාග්‍යට පත්වූ රටක් ගොඩනැගීමට ඇති හැකියාව ඔහු ඔප්පු කළේය. ජනතාව අතර භීතිය හා අවිචාරය පැතිරවූ ඔබ මෙන් නොව ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ විසින් නව දර්ශනයක් මත පිහිටා එක්සත් බව හා බහුවිධත්වයට ගරු කරන ඉදිරිගාමී දැක්මක් මෙරට ජනතාව වෙත ඉදිරිපත් කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය, සහජීවනය හා මානව අයිතිවාසිකම් පිළිබද පෘථුල ඉතිහාසයක් තිබේ. එය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට 80, 90 දශක වල චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ නායකත්වය යටතේ මානව හිමිකම් පිළිබඳ පෙනී සිටීමේ කාලය දක්වා කැපී පෙනෙයි. පක්ෂයේ ඉහළ නායකයන් වූ හිටපු ජනාධිපතිනි කුමාරතුංග ද වර්තමාන ජනාධිපති සිරිසේන ද එල්.ටී.ටී.ඊ ගැටුම් සමයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ ප්‍රහාර වලට ලක්වී දිවි ගලවා ගත් බව ඔබට නැවත මතක් කිරීමට කැමැත්තෙමි. මෙවැනි විශාල පුද්ගලික අභියෝග මධ්‍යයේ වුවද ඔවුන් හැම විටම පළිගැනීම් නොව දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටියහ.

    මෙම ඓතිහාසික අවස්ථාවේදී රටේ ප්‍රධාන පක්ෂ දෙකම මෙරට අනාගතය වෙනුවෙන් එක්සත්ව වැඩ කරනු ලැබේ. ඒවා සිදු කරන්නේ දේශපාලන වාසි තකා නොව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජිනීවා යෝජනා පිළිගනිමින් දෙපක්ෂයම එකට එක්වය.

    10. “ යුද්ධය ජය ගත්තේ මා විසින් නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේය. එවැනි පක්ෂයක් යුද්ධය කඩාකප්පල් කිරීමට තැත් දැරූ එක්සත් ජාතික පක්ෂයට යටත්ව ක්‍රියාත්මක කිරීම කණගාටුදායකය”

    ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් පරදවා යුද්ධය ජයග්‍රහණය කළ ආරක්ෂක හමුදාවට හා පොලීසියට යුද ජයග්‍රහණ පිළිබ ඳව ගෞරවය හිමි විය යුතුය. එමෙන්ම 1983 යුද ගැටුම් පටන් ගත් කාලයේ සිටම ප්‍රධාන පක්ෂ දෙකම ආරක්ෂක හමුදාව වෙත ජයග්‍රහණ ලබා දීම සඳහා නායකත්වය හා උපදෙස් ලබා දී තිබේ. නැ‍ගෙනහිර පළාතේ 1993 තෙක් බලවත්ව සිටි එල්.ටි.ටී.ඊ සංවිධානය එම ප්‍රදේශ වලින් පළවා හැරීමට ජනාධිපති ඩී. බී. විජේතුංග මැතිතුමා හා අගමැති වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරන ලදී. 1994 දී බලයට පැමිණී ජනාධිපතිනි කුමාරතුංග උතුරේ, විශේෂයෙන්ම යාපනය නගරයේ බලය රඳවා ගෙන සිටි එල්. ටී. ටී. ඊ සංවිධානයට බලවත් අභියෝගයක් එල්ල කරන ලදී. ප්‍රභාකරන්ගේ මූලස්ථානය පිහිටුවා තිබුනේ යාපනය දිසාපතිගේ කාර්යාලයේය. 1995 දී ජනාධිපතිනි කුමාරතුංග මැතිණියගේ උපදෙස් පරිදි “රිවිරැස මෙහෙයුම” මගින් යාපනය නගරය නැවත අල්ලා ගන්නා ලදී. ඉන් පසු එල්. ටී. ටී. ඊ ය කිලිනොච්චියට හා මුලතිව් වලට පමණක් සීමා විය. එල්. ටී. ටී. ඊ. යේ අවසාන පරාජය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කාර්යයන් දෙකක් ඉටු කළේය. පළමුව නැගෙනහිර පළාතේ බලවත්ව සිටි කරුණා අම්මාන් එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් කැඩී වෙන් වී යාමට සැලැස්වීම නිසා එම සංවිධානය විශාල ලෙස දුර්වල වූයේය. කරුණා පාර්ශවය මගින් ලබා දුන් බුද්ධි තොරතුරු හා විස්තර අනුව එල්. ටී. ටී. ඊ. සංවිධානය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ආරක්ෂක හමුදා වලට ඇති කර ගත හැකි විය. එමෙන්ම දෙවනුවට අගමැති වික්‍රමසිංහ විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සැපයුම් මාර්ග අවහිර කොට අවි ආයුධ ලබා ගැනීමට තිබූ ඉඩ ප්‍රස්ථා අහුරා දැම්මේය. එතුමාගේ අගමැති ධූරය තිබූ කාලයේදී උතුරු නැගෙනහිර මුහුදේ ඔත්තු බැලීම සඳහා වටිනා ගුවන් යානා දෙකක් ලබා දීමට ක්‍රියා කළේය. එක්සත් ජනපදය සමග අගමැති වික්‍රමසිංහ අත්සන් කළ ගිවිසුම මගින් විශේෂ උපකරණ, පුහුණූවීම් හා තොරතුරු ලබා ගැනීමට සුවිශාල මෙහෙයක් සිදු විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය අග්‍රමාත්‍ය වික්‍රමසිංහගේ සාම වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ දරදඬු බව ලොවට හෙළි වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට පසුකාලීනව සුවිශේෂ සහයෝගයක් ලබා දුනි.

    මාගේ පූර්වගාමී විදේශ ඇමතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානය එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ තහනම් කිරීමට කටයුතු තළේය. එමෙන්ම මා විදේශ අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ එල්. ටී. ටී. ඊ සංවිධානය යුරෝපා සංවිධානයේ හා කැනඩාවේ රටවල් 27 ක තහනම් කිරීමට කටයුතු සිදු කරන ලදී. 2007 වන විට එක්සත් ජනපදය හා කැනඩාවේ හා යුරෝපා සංගමයෙහි තහනම්ව සිටි එල්. ටී. ටී. ඊ සංවිධානය අරමුදල් රැස් කිරීම හා අවි ආයුධ සපයා ගැනීම පිළිබඳ විශාල ප්‍රශ්න වලට මුහුණ දුනි.

    එල්. ටී. ටී. ඊ සංවිධානයට පිං සිදුවන්නට ඔබ සුළු ඡන්ද ප්‍රමාණයකින් බලයට පැමිණීමට පෙර යුද්ධය දිනීමට අවශ්‍ය සියළු කටයුතු ඉටුකර තිබුණි. ඔබගේ ආණ්ඩු කාලයේදී එක්සත් ජනපදය එල්. ටී. ටී. ඊ. සංවිධානයට හිතවාදී රටක් බවට ඔබ විසින් චෝදනා කළද එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම කොන්ඩලීසා රයිස් සහ නිකොලස් බර්න්ස් දෙදෙනාගේ සහයෝගය නොලැබෙන්නට යුරෝපා සංගමය තුළ එල්. ටී. ටී. ඊ. තහනම ලබා ගන්නට අසීරුවන්නට ඉඩ තිබුණි.

    අද වන විට එක්සත් ජනපදය සමඟ අපගේ සබඳතා මිත්‍රශීලී, ඉතාමත් යහපත් මට්ටමකට පත්වී ඇත. එල්. ටී. ටී. ඊ සංවිධානය සමග ඇති වූ ගැටුමේදී එක්සත් ජාතික පක්ෂයේ බොහෝ නායකයෝ තම දිවි පුද කළහ. ඒ අතරට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජානක පෙරේරා සහ තවත් බොහෝ දෙනෙක් ඇතුලත් වේ. වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් තම හමුදා යුධ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවීය. ඔහු යුද්ධය වෙනුවෙන් විශාල කාර්යභාරයන් ඉටු කළේය. අප සියළුදෙනා දන්නා පරිදි එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි ගලවා ගැනීමටද ඔහු සමත් විය.

    අතීතය ස්මරණය කරන විට පෙනී යන්නේ ඔබ විපක්ෂයේ සිටින විට හෝ ඇමතිවරයෙකු වශයෙන් සිටින විට හෝ කිසිදා එල්. ටී. ටී ඊ. සංවිධානය විවේචනය කර නොමැති බවත් ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැක නැති බවත්ය. 2005 ජනාධිපති ධූරයට පත් වන තෙක්ම ඔබ කිසිදා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඉලක්ක ලැයිස්තුවේ නොසිටි බව පැහැදිලිය. එහෙත් මා සුදු නෙළුම් ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කරන විට එල්. ටී. ටී. ඊ. සංවිධානයත්, එහි අන්තවාදී දේශපාලනයත් ප්‍රසිද්ධීයේ හෙළා දැක්කෙමි. 2000 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති කුමාරතුංග, අගමැති රත්නසිරි වික්‍රමනායක, අමාත්‍යවරුන් වන අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර් හා මා හට පමණක් එල්. ටී. ටී. ඊ. තර්ජන නිසා ගැසට් නිවේදනයක් මගින් නිවසේ සිට ඡන්දය දැමීමට අවසර ලබා දෙන ලදී.

    ඔබ ආරක්ෂකයින් 4000 ක් පමණ පිරිවරා ජනාධිපති වූවායින් පසු පමණක් එල්. ටී. ටී. ඊ. සංවිධානයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගත්තේය.

    යුද්ධයේ සැබෑ නියමුවෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනිමින් ඔබ විසින් යුධ ජයග්‍රහණය ඔබගේ තනි භුක්තියට සරි කර ගැනීමට ඉතා නිර්ලජ්ජීත ලෙස ක්‍රියාකරන ලදී. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කැලිෆෝනියාවේ සුවපහසු ජීවිතයක් ගත කරමින් නොව සිය සෙබළුන් සමග වසර ගණනාවක් යුධ බිමේ සිටිමින් සටන්වල නියැළුණු පුද්ගලයෙකි. ඔහු ලවා යුධ ජයග්‍රහණයේ කේක් කපා කෑ ඔබ පසුව නිග්‍රහශීලී ලෙස ඔහුව කුදලාගෙන ගොස් වසර ගණනක් සිර කර තැබුවේය.

    11. “2007 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය එකල පැවති ආණ්ඩුවේ අයවැය ඡන්දයේදී පරාජය කොට යුද්ධය නැවැත්වීමට උත්සාහ ගත් බව බොහෝ අයට මතකය. එය සිදු කළ නොහැකි වූ කළ යුධ ක්‍රියාදාමයන් උපහාසයට ලක් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් “හරකෙකුට වුවද යුද්ධ කළ හැකි බවත්” “අලිමංකඩ යනවා කියමින් හමුදාව පාමංකඩ යන බවක් ” කියූ බව මතකය. එවැනි ප්‍රකාශ කළ පුද්ගලයින් යුද්ධය ජයග්‍රහණය කළ වුන්ගෙන් පළිගැනීමට ක්‍රියාකිරීම පුදුම සහගත නොවේ. මහා පාවාදීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ද එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇති බව පෙනී යාම ශෝකයට කරුණකි. මෙලෙස යුද්ධය පාවා දුන් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් තමන්ට එකතු කර ගැනීම පිළිබඳව විශාල සතුටකින් පසු වන බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ සියළු ජනතාවට එකට එකතු වී රජය විසින් ගෙන යන මෙම රණ විරුවන් පාවාදීමේ ක්‍රියාවට විරෝධය දක්වන ලෙස මා ඉල්ලා සිටිමි”

    2007 වසරේදී විපක්ෂය අයවැය පරාජය කිරීමට කටයුතු කළේ යුද්ධය නැවැත්වීමට නොව, රට තුළ පිළිකාවක් මෙන් පැතිර යමින් තිබූ දූෂණ වැළැක්වීමටයි. මා ඉහතින් දැක්වූ පරිදි එක්සත් ජාතික පක්ෂය සැමවිටම ආරක්ෂක හමුදාවලට සහයෝගය ලබා දුන් අතර විරුද්ධ වූයේ රණ විරුවන්ගේ ලේ, දහඩිය, කඳුලු ඔබගේ පවුල් පාලනය පවත්වාගෙන යාම සදහා විකුණාගෙන කෑම පිළිබඳවය. සාමය හා සංවර්ධනය පිළිබඳව ලංකාවේ ජනතාව වෙත ලැබී ඇති මෙම ඓතිහාසික අවස්ථාවේදී රටත්, ජනතාවත් අනාගත පරපුරත් වර්තමාන යුධ වීරයනුත් පාවා දී ඇත්තේ ඔබ විසින්ය. මාගේ පූර්වගාමියා වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා විසින් පෙන්වා දුන් පරිදි

    “යුධ ජයග්‍රහණය ලැබූ පසු අපට පසුතැවීමට අවශ්‍ය නොවේ. එහෙත් යුද්ධය සිදු කළ අරමුණ වූ සාමය නොලැබී යාම පිළිබඳව අප පසුතැවිලි විය යුතුය.”

    මුළු රටම නැවත තිරසාර සාමය ලඟාකර ගැනීමේ අරගලයක යෙදී සිටිද්දී මහින්ද රාජපක්ෂ පමණක් වර්තමානයේ ද්‍රෝහියෙකු වී ඇති බව පෙනී යයි. ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ මෙරට ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් වූහ. නිදහසේ පටන් බෙදී වෙන්වී සිටි ප්‍රධාන පක්ෂ දෙක රටේ ආර්ථික සංවර්ධනය සදහා අත්වැල් බැඳගෙන ඇත. මෙම එකමුතුකම කඩාකප්පල් කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ අත්දැකීම් සහිත පැරණි දේශපාලනඥයින් පිරිසක් බව පෙනේ. ඔබ හා ඔබ වටා සිටින කල්ලිය අතර ඇති එකම සමානාත්මතාවය වන්නේ බලයට ඇති කෑදරකමත් තමන්ගේ අපරාධකාරී ඉතිහාසය වසා දැමීමට ඇති වුවමනාවත්ය. දැන් දැන් මේ අපරාධ එකින් එක හෙළිදරව් වෙමින් පවතී.

    මහින්ද රාජපක්ෂ මහතාණෙනි, පසුගිය වසර 10 ක කාලය තුළ අප අතර සම්බන්ධතාවය කැඩී බිඳී ගිය එකක් වුවද මා විසින් දැන සිටි මහින්ද කෙරෙහි මා තුළ යම් ගෞරවයක් තවමත් ශේෂ වී තිබේ. එහෙත් ඔබ තව දුරටත් විනාශකාරී දේශපාලන ගමනක යෙදී සිටීම කණගාටුදායකය.

    ඔබගේ බලය පිළිබඳ කෑදරකම නොවන්නට ඔබ අදටත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිය. යුධ ජයග්‍රහණයෙන් ලැබුණු ජනතා ප්‍රසාදය පවුල් පාලනයක් ගෙන යාම සදහා ඔබ යොදා ගත්තේය. එය කෙතරම්ද යත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කර අසීමාන්තික කාලයක් බලයේ සිටීමට ඔබ අරමුණු කළේය. ඔබට පෙර බලයේ සිටි ජනාධිපතිවරු කළාක් මෙන් තම ධූර කාලයන් දෙක සේවය කොට ගෞරවනීය ලෙස ඉවත්ව ගියේ නම් මීළඟ වසර දක්වා ඔබගේ ධූර කාලය ඉතිරිව තිබුණි. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට ගොස් ඔබට සිදුවූයේ අකාලයේ බලය අතහැර යාමටය. එක් වසරක් තුළ නින්දනීය පරාජයන් දෙකක් ලබා ගත් ඔබ තවමත් එය භාරගැනීමට සූදානම් බව නොපෙනේ. එසේ සිදු කළහොත් ගෞරවනීය ලෙස විශ්‍රාම ගොස් සතුටින් පිරි විශ්‍රාම කාලයක් ගත කිරීමට හැකි වේ. එවිට අපට නැවතත් මිතුරන් ලෙස ජීවත් වීමට හැකි වනු ඇත.

    මංගල සමරවීර
    විදේශ අමාත්‍ය
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ රට විනාස කරන්න මුල් උන මයිත්රීපාල, උබට සාප වේවා...!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ රට විනාස කරන්න ජනවාරි 8 මයිත්රීට චන්දෙ දුන්න උන්ට සාප වේවා...!!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    දැන් නම් මචං සිරාවටම කලකිරිලා තියෙන්නේ මේ රටේ නායකයෝ කියලා බෝඩ් ගහන් ඉන්න එවුන් ගැන. තනිකරම ඡංද වලට රට පාවලා දෙන කොන්ද පණ නැති හැත්තක් ඉන්නේ. කට්ටියට වුනේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. දැන් ඉන්න ආරක්ෂක ලේකම් කිව්ව කතාව බලපන්. ඕකාගේ අම්මා තාත්තා හරි ගෑණි, ළමයි හරි කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා එහෙම තිබ්බා නම් ඔය අවලමා ඔහොම කතාවක් කියයිද? මේ රටේ අම්මලා තාත්තලා කීදෙනෙක්ට ළමයි නැති වෙන්න ඇත්ත, ළමයි කී දාහකට දෙමව්පියෝ නැති වෙන්න ඇද්ද. ඒ දේවල් කරපු එවුන්ව නැති කරපු එක සමරන එක තහනම් කරපු එක නම් ලොවෙත්ම දෙමළ ඡංද වලට බයේ කරපු පොන්න වැඩක්. සිරාම පොන්න වැඩක්. යකෝ ආමි එකේ කොල්ලෝ බෙල්ලෙ වැල දාගන්නවා මූගේ කතාවට. LTTE එක කියන්නේ ලංකාවෙම එවුන්ලු. සාමාන්‍යය බුද්ධිය තියෙන කෙනෙක්ට වුනත් තේරෙනවා. ලංකාව කියන නම වෙනස් කරලා වෙනම ඊලමක් ඉල්ලපු එවුන් ලංකාවේ කියලා කියන්න පොර කොහෙන්ද දන්නේ නෑ ඉගෙන ගෙන තියෙන්නේ. කල්පනා කරන් යද්දි බං පොර ප්‍රාථමිකේ පාස් වත්ද කියලා හිතෙනවා :confused::confused: නෑ බං සිරාවටම හිතෙනවා. පොඩ්ඩක් හිතපන් ඉතින් ලංකාවෙන් වෙනම කෑල්ලක් ඉල්ල ඉල්ල අවුරුදු තිස් ගානක් යුද්ධ කරපු එවුන් අපේම එවුන් කියලා කියන්න තරම් මොන පොන්නකමක්ද කියලා. රටේ වැදගත් තනතුරක් තියෙන කෙනෙක් විදියට. කොහොමත් උඩ ඉන්නේ සුපිරි සෙට් එකක්. ඕකේ මොළකාරයා කොච්චර නම් මොලයක් තියෙනවාද කියනවා නම් ඡංද 29ක් පැරදුනේ පට්ටම පට්ට මොලේ නිසා. :yes::yes: රටට යන කලදසාව ගැන නම් දුකයි ඉතින්. මටත් දෙමළ යාලුවෝ ඉන්නවා. මට ඒ අය එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් කොටි එක්ක නම් ප්‍රශ්නයක් තියෙනවා. කවුරු හරි කියනවා නම් කොටි කියන්නේත් ලාංකිකයෝ කියලා, මම එහෙනම් ලාංකිකයෙක් නෙමෙයි. මොකද ලාංකිකයෝ කවදාවත් රට බෙදා ගන්න රණ්ඩු කරන් නෑ. මිනිස්සු මරන් නෑ. හැබැයි දැන් උඩ සෙට් එකේ ඉන්න උදවිය ඒකාලේ මිනිස්සු මැරුවා. උන් සැබෑ ලාංකිකයෝද කියලා හිතන්නට කාරණා බොහොමයි !!!!!
    :sorry::sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දට තවත් විවෘත ලිපියක්

    මා මිත්‍ර මහින්ද..,

    මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1988 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී. ල. නි. ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත තදින් ඇදී ගියේය. එහිදී අතුරුදහන් වූ පුද්ගලයන් සොයා ගැනීමට ශ්‍රී. ල. නි. ප.ය ට පැවරී ඇති වගකීම ඔබ විසින් අවධාරණය කරන ලදී. එදින ඔබ පැවැත්වූ කතාවෙන් ධෛර්යමත්වූ මා හා ඔබ අතර දිගු කාලීන මිත්‍රත්වයක් ආරම්භ විය. රැස්වීමේ සභාපතීත්වය දැරූ බණ්ඩාරනායක මැතිණිය විසින් මහානාම සමරවීරගේ පුතා ලෙස පසුව මා ඔබ වෙත හඳුන්වා දෙන ලදී.

    ලන්ඩනයේ ශාන්ත මාටින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා සිටි මා එකල විලාසිතා සහ ඇඟළුම් නිර්මාණකරුවෙකු ලෙස ලන්ඩනයේ බොහිමියානු කලා පර්ශදයන් හි සාර්ථකත්වය ළඟා කර ගනිමින් සිටියෙමි. එහෙත් දකුණේ පැවති මහා පරිමාණ පුද්ගල අතුරුදහන් කිරීම් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් නිසා මා සිටියේ කැළඹුණු සිතිනි. මාගේ උපන් ප්‍රදේශය වන මාතර හා දකුණේ ඒ අවට එවැනි අපරාධ බහුලව සිදු වූ බැවින් ඒ පිළිබඳව කටයුතු කිරීම පිණිස විලාසිතා, කලා කටයුතු සහ නිර්මාණකරණයේ සුවපහසු ජීවිතය අත් හැර පූර්ණ කාලීන දේශපාලනඥයෙකු වීමට මා හට සිදු විය.

    එවැනි පසුබිමක් තුළ ඔබ විසින් සිදු කළ ප්‍රකාශ වලින් ප්‍රමුදිතව සිටි මා දේශපාලන වශයෙන් ඔබ වෙත ලං වීමි. එය දිගුකාලීන මිත්‍රත්වයක ආරම්භය විය. කාලය ගතවීමත් සමග අප දෙදෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රගතිශීලි දේශපාලනය මෙන්ම මානව හිමිකම් පිළිබඳව එක්වී ක්‍රියාකරමින් සිටියෙමු. එය මාතර මාගේ නිවසේදී ආරම්භ වූ “මව්වරුන්ගේ පෙරමුණ” පිහිටුවීමට ඉවහල් විය. එදින මාගේ නිවස තුළදීම මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරු වන ලෙස ඔබට මා කළ ඉල්ලීම ඔබ විසින් සතුටින් භාර ගන්නා ලදී. මා ද, රුවන් සහ ජගත් දෙදෙනාද එක් වී වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මෙන්ම කම්කරු අයිතිවාසිකම් පිළිබඳවද වූ සටන් පෙරමුණු වල ඔබ ගැලවුම්කරුවෙකු ලෙස පෙනී සිටියේය. අප දෙදෙනා කොළඹ නව නගර ශාලාවේදී පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පළමු රැස්වීමට එකට එක් වී සහභාගී වූ බව මට මතකය. “පාද යාත්‍රා” ඇතුළු පක්ෂයේ අනෙකුත් කටයුතු සඳහා ඔබ පෙරමුණ ගෙන සිටියේය. ප්‍රේමදාස පාලනයට විරුද්ධව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබ ගෙන ගිය විරෝධතාවයන් නිසා අප දෙදෙනා අතර බැඳීම තවත් වැඩිවිය.

    එහෙත් මෑත කාලීන ඔබගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී සිත් කළකිරවන පැතිකඩක් පෙනෙන්නට තිබේ. ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව පෙබරවාරි 11 දින ඔබ විසින් දැක්වූ අදහස් දේශපාලන අවස්ථාවාදියෙකුගේ ගති ලක්ෂණ පෙන්වයි. එය නැවත නැවතත් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවූ බව පෙන්වමින් ඔබ සිදුකරන මුළු රටම රැවටීමේ විජ්ජාවයි. ඔබගේ චරිතයේ තිබෙන මෙම ප්‍රෝඩාකාරී පැතිකඩ මට ප්‍රත්‍යක්ෂ වූයේ දශකයකට පෙර ඔබ ජනාධිපති වී බලය හිමිවීමෙන් පසුය.

    2008 දී මා පක්ෂයෙන් ඉවත්වී යන අවස්ථාවේදී මාගේ අත් අකුරින් ලියූ පිටු දහතුනක ලිපියක් ඔබ වෙත භාර දුනිමි. එම ලිපියේ ඔබ විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, යහපාලනයේ මූලධර්ම උල්ලංඝනය කිරීම සහ සංහිඳියාව මඟහැර සිටීම පිළිබඳව මාගේ අවංක අදහස් දැක්වූයෙමි. ඔබගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටේ විනාශයද, ඔබගේ දේශපාලන කඩා වැටීමද සිදු වන බව මා එම ලිපියේ පූර්වකථනය කළෙමි. එහෙත් අතීත වැරදි වලින් ඉගෙන ගන්නවා වෙනුවට දැඩි මානය, වෛරය හා බල කෑදරකම හිස තුළ පුරවාගත් පුද්ගලයෙකු සේ හැසිරුණු ඔබ එම විනාශයේ අඩි පාරේම ගමන් කළේය.

    කෙසේ වුවත් තවමත් පරණ මහින්දගේ ඉතිරි වූ ශේෂයක් හෝ ඔබ තුළ ඉතිරිව ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් මේ ලිපිය ඔබ වෙත ලිවීමට තීරණය කළෙමි.

    ඔස්කාර් වයිල්ඩ් ලේඛකයාගේ “ඩොරියන් ග්‍රේගේ චරිතය” නම් පොතේ සිටිනා කතා නායකයා සදාකාලිකව සුරූපීව සිටීමට යක්ෂයා සමග ගිවිසුමක් ඇති කර ගනී. ඔබ ද එලෙසම සදාකාලිකව බලයේ සිටීම සඳහා යක්ෂයා වෙත හදවත පාවා දී ඇතිවාක් මෙන් හැසිරෙයි.

    මහින්ද රාජපක්ෂ යනු මැදමූලන වලව්වේ සැඟවුනු මළබැඳුණු පිලිමයක් බවට පත්වෙමින් පවතී. ඔබ විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනා පිළිබඳව දක්වා ඇති අදහස් තුළින් ඒ බව සනාථ වේ. ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී හා අවස්ථාවාදී අදහස් වලින් පිරී ඇති ඔබගේ ප්‍රකාශය දේශපාලනඥයකු ලෙස ඔබ වැටී ඇති පහත්ම තත්වය පෙන්වා දේ. සමහරවිට ඔබ විසින් මානව අයිතිවාසිකම්, යුක්තිය සහ ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳව කලකට පෙර ජිනීවා නුවර මානව හිමිකම් කොමිටියේදී, පාර්ලිමේන්තුවේදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිර්භීතව දැක්වූ අදහස් අමතක වී ඇති බව පෙනී යයි.

    දකුණේ දී අතුරුදහන් වූ පුද්ගලයන් දහස් ගණනක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරමින් වගවීම හා යුක්තිය ඉටුකිරීම සඳහා ඔබ ජිනීවා නුවර දී විශාල වැඩ කොටසක් ඉටු කළේය. එකල ඔබ විසින් ක්‍රමවත් ලෙස ජාත්‍යන්තර තලයේදී පැවති රජය විසින් සිදු කළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම් පිළිබඳව ජිනීවා නුවරදී විශාල හඬක් නැගුවේය. එහි පැවැත් වූ රැස්වීම් ශාලාවට ඇතුල් වීම සඳහා එකල ඔබට සහය ලබා දුන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරිනියක වූ තමරා කුනනායගම් බව නොරහසකි. පසුව ජනාධිපති පදවියට පත්වූ ඔබ ඇයට කෘතගුණ සැළකීමක් වශයෙන් ජිනීවා හි නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේය.

    1990 ඔක්තෝම්බර් 25 දින පාර්ලිමේන්තුවේ ඔබ කළ කථාවක කොටසක් හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දක්වමි. “ආණ්ඩුව මානව හිමිකම් ලබා නොදෙන්නේ නම් අපි ජිනීවා විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකට යාමට සූදානම්, අපායට උනත්, ගිහින් මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න සූදානම්. මේ රටේ ඉන්න අහිංසකයින්ගේ හඬාවැළපීම් ඕන තැනකදී ඉස්මතු කරන්න අපි ලෑස්තියි”

    ඔබ විසින් මානව හිමිකම් සුරැකීම පමණක් නෙමෙයි, ලංකාවට විදේශ ආධාර ලබාදීම පවා නතර කරන්නට ඒ කාලයේදී කථා කලා.

    හැන්සාඩ් වාර්තාවෙන්ම එය උපුටා ගන්නට මා කැමතියි, “ආධාර දෙන රට වලින් අපි ඇහුවා ඇයි ආධාර දෙද්දි කොන්දේසි දාන්න බැරි කියලා. ඒක තමයි අපි ඉල්ලා හිටියේ, ඒක තමයි අද ඉටු වෙලා තියෙන්නේ” මෙවැනි පියවර මීට පෙර කිසිම දවසක නොකෙරුණා පමණක් නෙමෙයි, අපි වුවත් ඔබගේ රජය කොතරම් මානව හිමිකම් උල්ලංඝණය කළත් රටට ලබා දෙන ආධාර නතර කරන ලෙස ඉල්ලා නොසිටියේ එමගින් අසරණ ජනතාව පීඩනයට පත්වන බැවිනි.

    ඔබගේ මතකය අපැහැදිලි නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති කුඩාහෙට්ටි හා මහින්ද රාජපක්ෂ නඩුවේ පිටපතක් ඉදිරිපත් කරන්න මා කැමතියි. එම නඩුව පැවරුණේ ඔබ විසින් අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ලියකියවිලි 533 ජිනිවා නුවරට ගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බව මතක් කිරීමට කැමැතියි.

    ඔබ විරුද්ධ පක්ෂයේ සිටියදී මානව හිමිකම්, ජිනීවා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඔබට පෙනුනේ හිතෛෂී මිතුරන් ලෙසයි. නමුත් බලයෙන් මත් වූ පසු ඔබට ඒ සියළු දෙනා අමතක විය. එකල ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හෝ නීතියේ ආධිපත්‍ය වැනි විශ්වීය වටිනාකම් පිළිබඳව යම් කෙනෙකු හඩක් නැඟුවේ නම් ඔබ ඔවුන් එල්.ටී.ටී.ඊ හිතවාදීන් ලෙස හා ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා පීඩාවට පත් කළේය. දැන් බලයෙන් විසි වී ගොස් සිටින විට ඔබට ජිනීවා ජාත්‍යන්තර මිතුරන් නැවත මතක් වී ඇත. ඔබගේ හොර පොල් නඩයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් ලබා දී ජාත්‍යන්තර ප්‍රජාවේ අනුකම්පාව දිනා ගැනීම සඳහා පිටත්කොට යවා තිබේ. එහෙත් වරක් ඔබගේ දුෂ්ඨත්වයේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජාත්‍යන්තරය ඔබ කෙරෙහි නැවත කිසිදා විශ්වාසය නොතබන බව පැහැදිලියි. එතරම් දරදඬු පාලකයෙකු වී සිටි ඔබ තමන්ගේ හමුදා ආරක්ෂාව පොලීසියට භාරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනා කිරීමට තරම් නින්දිත තත්වයකට පත්ව ඇති බව පෙනේ.

    මෙතරම් කුහක හා අවස්ථාවාදී ලෙස ක්‍රියාකරන ඔබ පසුගිය වසරේ ජීනීවා හි යෝජනා සඳහා අපගේ රජය එකඟතාවයන් ඇති කර ගැනීමට විරුද්ධ වීම පුදුම සහගතය. අත්දැකීම් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු හා මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ ලේකම් ලෙස කලක් කටයුතු කළ මට හැඟී යන්නේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව ලංකාවටත් මෙරට ජනතාවටත් හිමි වූ ජයග්‍රහණයක් බව ඔබ හොඳින් දන්නා බවය. එය ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයකි. ඔබගේ පාලන කාලයේදී මානව හිමිකම් කොමිසමේ ලංකාව පිළිබඳ සැසිය හැමවිටම ජාත්‍යන්තර මතය බෙදී ගිය එකක් වූවා.

    අපගේ අපනයන වෙළඳපොලෙන් 50% හිමි වී ඇත්තේ යුරෝපයට හා ඇමරිකාවටයි. ඔවුන් සමග එක් වූ අපගේ සමීපතම අසල්වාසී රටවල් ඔබගේ ආණ්ඩුව විසින් ගෙන යන ලද ප්‍රජාතන්ත්‍ර හා මානව හිමිකම් විරෝධී පාලනයකට තම පිලිකුළ පලකළා. 2015 දී මුළු ලෝක ප්‍රජාවම මානව හිමිකම් කොමිසමේදී ලංකාව පිළිබඳ යෝජනාවට සහාය පලකළා. ඉන්දියාව, චීනය, හා රුසියාව යන සියළු රටවල් එයට සහයෝගය ලබා දුන්නා.

    පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව අපගේ යෝජනාවද ඇතුළුව සාර්ථක විදේශ ප්‍රතිපත්තිය නිසා ආර්ථික සම්බාධක හා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන තිබුණු බිය ද පහ වුනා.

    ඔබ විසින් ප්‍රචාරය කර සිටින පරිදි මෙම යෝජනාව ලංකාව මත බලෙන් පැටවූවක් නොවේ. එයට පදනම්ව ඇත්තේ අපගේ ආණ්ඩුව විසින් ලබා දුන් යහපාලනය, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, මානව අයිතිවාසිකම් හා සංහිඳියාව ස්ථාපිත කිරීම පිළිබඳ සැලසුම්ය. ශ්‍රී ලංකාව විසින් මෙම කරුණු පසුගිය සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිසමේ දී ප්‍රකාශ කරන ලදී. මෙම සැළසුම් සකස් කොට ඇත්තේ මාස ගණනක් අපේ රටේ සහ අනිකුත් රටවල අතීත වාතාවරණයක් පිළිබඳව කළ මනා හැදෑරීමකින් පසුවය. මෙම ක්‍රමවේදයට අදාළව ක්‍රියාකළ හොත් අපගේ අතීත බිහිසුණු යුධ අත්දැකීම් නැවත කිසිවිටක මේ භූමිය තුළ හිස නොඑසවනු ඇත. මේ රටට නිදහස හිමි වූ දා සිට අප විසින් අත් දුටු ගැටුම් ඇතිවීම මෙම ජිනීවා යෝජනා හා අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පහවී යනු ඇත.

    This is PonGala for you bitches

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ කැරියෝ කොහොමද කිව්වේ, රටට අපමන අගයක් මෛත්‍රි යුගයක් කියලා.

    Bottom line is: These people bow trying to please TNA

    මැරුනු සොල්දාදුවන්ගේ පවුල් කොහොම ඉවසගෙන ඇතිද මේ කැර්‍රයාගේ කාතාව.

    .
    :dull::dull:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මේ රට විනාස කරන්න මුල් උන මයිත්රීපාල, උබට සාප වේවා...!!

    මේ රට විනාස කරන්න ජනවාරි 8 මයිත්රීට චන්දෙ දුන්න උන්ට සාප වේවා...!!

    2014 ඉඳන් බයියෝ සාප කරනවා කරනවා. පොල් ගහනවා ගහනවා . මිරිස් තලනවා තලනවා. හුනියන් කරනවා කරනවා... අනේ එත් මොකක්වත් මා වෙලා නෑ නේ-- ඇයි මේ? -- මහින්දට චන්දෙ හම්බුනේ නැති නිසා තුන් වෙනි පාර ඒකාධිපතියෙක් වෙන්න. පුතාව ඊලග ට රජ කරන්න? එකයි මේ පොල් ගගහා සාප කරන්නේ ලොල්. ඕවා වදින්නේ තොපේ පුකටම තමා පොන්ස්. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: waruna87

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2014 ඉඳන් බයියෝ සාප කරනවා කරනවා. පොල් ගහනවා ගහනවා . මිරිස් තලනවා තලනවා. හුනියන් කරනවා කරනවා... අනේ එත් මොකක්වත් මා වෙලා නෑ නේ-- ඇයි මේ? -- මහින්දට චන්දෙ හම්බුනේ නැති නිසා තුන් වෙනි පාර ඒකාධිපතියෙක් වෙන්න. පුතාව ඊලග ට රජ කරන්න? එකයි මේ පොල් ගගහා සාප කරන්නේ ලොල්. ඕවා වදින්නේ තොපේ පුකටම තමා පොන්ස්. :lol: :lol: :lol: :lol:
    ගහපු පොල් වැදිල දැන් චන්දෙ දීපු එකෙක් හොයා ගන්ඩ නැ , උබත් ෆේක් එකකින් එනව මිසක් හරි එකෙන් එන්ඩ බැ ඔන්න ඔකයි පොල් ගෙඩියෙ පවර් එක.:cool::cool:
     
    • Like
    Reactions: funkyguy89

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ගහපු පොල් වැදිල දැන් චන්දෙ දීපු එකෙක් හොයා ගන්ඩ නැ , උබත් ෆේක් එකකින් එනව මිසක් හරි එකෙන් එන්ඩ බැ ඔන්න ඔකයි පොල් ගෙඩියෙ පවර් එක.:cool::cool:

    එහෙමද පේන්නේ? ආයේ චන්දයක් අවම බලන්නකෝ ඔයා ඔයාගේ අප්පච්චි ට මිනිස්සු x දෙයිද බලන්න.. :rofl: දේවාල වල පොල් ගහන කපුවෝ පාර්ලිමේන්තු ගිහින් රට අශ්චර්යේට ගියා නේ. නැද්ද? :rofl: :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙමද පේන්නේ? ආයේ චන්දයක් අවම බලන්නකෝ ඔයා ඔයාගේ අප්පච්චි ට මිනිස්සු x දෙයිද බලන්න.. :rofl: දේවාල වල පොල් ගහන කපුවෝ පාර්ලිමේන්තු ගිහින් රට අශ්චර්යේට ගියා නේ. නැද්ද? :rofl: :rofl:
    පුටා, ගංවතුර ගලලද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී පොන්nයාට ජනවාරි 8 වැනිදා චන්දෙ දුන්න උන්ට සාප වේවා.. (ගංවතුරෙන් බඩු හම්බෙන්නේ උන්ටද දන්නේ නෑ..)