මහින්දට_ගහන්නේ කොහොමද ?
මහින්දට ගහන්නේ කොහොමද ?
මේ ගැන මිනිස්සු කතිකා කරගන්නේ කෙසේද ? යන්න දැනගන්න ඕනේ අය මේ Audio එක අහල බලන්නකෝ..........
එජාපය ජයග්‍රහණය කරවීමටනම් මහින්ද රාජපක්ෂ මහතාට හිමි සිංහල බෞද්ධ ඡන්ද පදනම කෙසේ හෝ බිද වැට්ටවිය යුතු බවත් ඒ සදහා කළ යුතු සියල්ල මේ මොහොතේ කළ යුතු බවත් පසුගියදා නාරාහේන්පිට ජානකී හෝටලයේ පැවැති එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ නායක භික්ෂූන් වහන්සේලා තීරණය කර ඇතැයි වාර්තාවේ.
එම භික්ෂූ පෙරමුණේ සමුළුවකින් අනතුරුව එහි ලේකම් තිනියාවල පාලිත හිමි ඇතුළු ප්‍රබලයන් පිරිස මෙම තීරණයට එළඹ ඊට අදාළ සැලැස්ම සකසා තිබේ. ඉහත සමුළුව සදහා ජනතා විමුක්ති පෙරමුණේ බහුජන නායකයකු වූ ප්‍රබලයකු වූ පූජ්‍ය දඹර අමිල හිමියන් ගෙන්ව දේශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මේ මොහොතේ එජාපයට සම්බන්ධ භික්ෂූන්ගේ භූමිකාව කුමක්ද? යන්නත් මහින්දගේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය කෙළෙසන්නේ කෙසේද, යන්නත් එහිදී එක්සත් ජාතික භීක්ෂු පෙරමුණේ පූජ්‍ය අඹන්වැල්ලේ ප්‍රබලයකු වන ඥානාලෝක හිමියන් විසින් දැඩිසේ අවධාරණය කර ඇත.
එහිදී පූජ්‍ය අඹන්වැල්ලේ ඥානාලෝක හිමියන් විසින් මෙසේ ද පවසා තිබේ.
‘දේශන පවත්වලා පැටිකිරිය කියලා වැඩක් නැහැ. අපේ යූ.එන්.පීය, මහින්ද, මොනවාද කළේ කියලා අපි දන්නවා. අපේ හාමුදුරුවන්ට දැන් දිස්ත්‍රික්කයේ දුවන්න තෙල් ගහලා වාහන පහක්වත් දෙන්න ඕන. වෙන අරවා මේවා කතාකරලා වැඩක් නැහැ. දැන් මෙතන හිටපු හාමුදුරුවරු ගොඩක් ගියා. නිකන් දේශන පැවැත්තුවා. මේක සම්මන්ත්රණයක්වත්, බණ අහන තැනක්වත් නෙවෙයිනේ. දේශන පවත්වන අයට උගත්කම තියනවා බුද්ධිය නැහැ.
පැහැදිලිවම අපි මේක දුවන්න කොහොමද? අපි කොහොමද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ සටනට යන්නේ? මහින්ද රාජපක්ෂ මොකක්ද කරන්නේ? දැන් මෙතැන දුන්නද මාතෘකාවක් අපිට ගිහින් කතා කරන්න. දැන් අපි මහින්දට ගහන්නේ කොහොමද? එහෙම මොකුත් ‘ටර්නින් පොයින්ට්’ එකක් දුන්නේ නැහැනේ අපට. දේශන පැවැත්තුවා ඔක්කොම ඇවිල්ලා. තමන් දන්න ඔක්කෝම කිව්වා. අපේ යූ.එන්.පී හාමුදුරුවරුන්ට, එදා ඉදන් පක්ෂේ හිටපු හාමුදුරුවරුන්ට කෝ තැනක් මේකේ. දුක් විද විද, අපහාස විද විද හිටපු හාමුදුරුවරුන්ට මොකත් නැහැ.
අපි දැන් කොලොන්නාවේ ගිහිල්ලා කතා කරන්නේ මොකක්ද? කුඩු සහ කුණු, කොළඹ දිස්ත්‍රික්කේ කතා කරන්නේ මොකක්ද? කුරුණෑගල කතා කරන්නේ මොකක්ද? ‘මහින්ද රාජපක්ෂ කුරුණෑගලට ගියේ මොකද? හම්බන්තොට නිදන් ටික හාරලා, මිනිහා බැලූවා ගම්පහට ගිහිල්ලා නිදන් තියනවාද කියලා. ඒවා බැසිල් හාරලා ඉවරයි. දැන් රාජධානි 5ක් තියන කුරුණෑගලට ගියේ නිදන් හාරන්න’ එහෙමයි අපි කතා කරන්න ඕනෙ. දැන් අපේ චන්න වික්‍රමසිංහ මහත්තයා මේ හාමුදුරුවරුන් එක්ක කතා කරලා සම්පත් දායකත්වය දෙන්න ඕනෙ. මේ හාමුදුරුවරුන්ට එහෙම නැතිව නිකන් මේ ප්‍රදර්ශනයක් කරලා වැඩක් නැහැ. ‘එහෙම නේද හාමුදුරුවනේ’
දැන් මේ හාමුදුරුවරුන්ගේ මෙතැනට ආපු උද්යෝගය නැහැ. හාමුදුරුවරු නැගිටලා යනවා. මේකෙන් ප්‍රයෝජනයක් වුණේ නැහැ. චන්න වික්‍රමසිංහ මහත්තයෝ, ‘අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්න, එක්සත් ජාතික පක්ෂය දිනන්න ඕන’ අපේ හාමුදුරුවරු මෙතෙන්ට ආවේ මහින්දට විරුද්ධව මිසක් ඉතිහාසය අහන්න නොවෙයි. ඉතිහාසය කන්ඩද? ඒක නිසා හැම හාමුදුරුවොන්ටම සම්පත් ලබාදීලා මොකක් හරි අන්න එහෙම වැඩපිළිවෙළකට යන්න ඕනේ’’
source : https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/134025/

********https://archive.org/embed/Sequence01_20150726********

Last edited: