පොහොරක් 100% කාබනික වෙන්නේ නැහැ. ඕන කරන රසායනික සංයුතිය හදන්න ඒ දේවල් පිටින් එකතු කරන්න ඕන. හැබැයි 100% රසායනික පොහොර දෙනවට වැඩිය ගසකට දෙන්න පුළුවන් උපරිම පෝෂණය කාබනිකව දීල ඉතිරි හරිය පිටින් එකතු කරන එක හොඳයි. මම නම් කියන්නේ අමාරුවෙන් හරි මේ කරන්න උත්සහ කරන දේ හොඳයි.
රාජපක්ස්හලත් එක්ක තරහව පිරිමහ ගන්න කරන හැම හොඳ දේම විවේචනය කරන එක නෙවේ කරන්න ඕන. හොඳ දෙයක් වෙනවා නම් හොඳ දේ ප්රතිඵල එකෙක් විතරක් නෙවේනේ බුක්ති විඳින්නේ. අපි ඔක්කොම. මොන ආණ්ඩු ආවත් මේ ගත්ත උත්සාහය අත හරින්න හොඳ නැහැ.
දැන් අමාරුම හරිය ගෙවිලා ඉවරයි. තැනින් තැන අඩු පාඩු එයි. ඒවත් හරි ගස්ස ගත්ත නම් තව අවුරුද්දක් යනකොට අපිට හොඳ අස්වැන්නක් අරන් හොඳ අහාර වේලක් බය නැතුව කන්න පුළුවන් වෙයි. දැනටමත් කඩේ තියෙන පතෝල, දඹල, බණ්ඩක්කා, වැටකොළු වගේ එළවලු කොච්චර වස රහවල් එනවද සමහර වෙලාවට කන්න ගියාම. මේවා තමයි ප්රශ්න. ගොවියා ඵලදාව වැඩි කර ගන්න පරිස්සම් කර ගන්න කර ගන්න අඩු වැඩි වශයෙන් කෘමි නාශක වර්ග පොහොර වර්ග පාවිච්චි කරනවා. මම නම් හිතන්නේ අමාරුවෙන් බැනුම් අහ අහා හරි කරන මේ වැඩේ පට්ට.