මහින්ද.අනාථයින්.සමග
මේ මොහොතෙදි අපිත් මහින්ද මහත්තයට උදව් කරන්න ඕනෙ, පක්ශ වලින් නෙරපා යන එනමක් නැතිව සිටින සොරුන් නූගතුන් එක් තැනකට කැඳවා, රටේ අනෙක් සියලු පක්ශ පිරිසිදු කරන්නට
එන්න අපි රටට වැඩ කරමු !
පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි !
මේ මොහොතෙදි අපිත් මහින්ද මහත්තයට උදව් කරන්න ඕනෙ, පක්ශ වලින් නෙරපා යන එනමක් නැතිව සිටින සොරුන් නූගතුන් එක් තැනකට කැඳවා, රටේ අනෙක් සියලු පක්ශ පිරිසිදු කරන්නට
එන්න අපි රටට වැඩ කරමු !
w3lanka[dot]com උපුටාගැනීමකි.
දේ.න.පෙ එළි දැක්ම ළඟදී ම (දේශපාලනිකව නන්නත්තාර වූවන්ගේ පෙරමුණ)
![]()
දැන් නම් ඉතින් උණු වතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලාගෙන ඉන්න එක තමයි හොඳ ....
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන පක්ෂ ටික එකතු වී ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සන්ධානයක් පිහිටුවන්නට සැරසෙයි.
මේ පක්ෂ ඒවායේ නායකයන්ගේ නමින් හැඳින්වූවාට වරදක් නැත. මන්ද, එම පක්ෂවල ඉන්නේ ඔවුන් සහ පසුගිය කාලේ ඔවුන් රජයෙන් ලබා ගත් වරප්‍රසාදවලින් වැටුප් ගෙවූ කාර්ය මණ්ඩලවලින් මේ වන විට ඉතිරි වී සිටින කොටසයි.
දේශපාලනික වශයෙන් නන්නත්තාර වී සිටින මේ පෙරමුණට එකතු කර ගත හැකි තවත් 'පක්ෂ' ගණනාවක් තිබේ. තිස්ස අත්තනායක එකකි.මේ තරම් ම වූ තවත් පක්ෂ තිබේ. සරත් මනමේන්ද්‍ර තවත් පක්ෂයකි. මීට අමතරව, පසුගිය ආණ්ඩුවේ සිටි දුමින්ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි සල්ලි වෙනුවෙන් උග්‍ර ලෙස රාජපක්ෂවාදී වූ පිරිසට දූෂණ චෝදනා එල්ල වී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නො ලැබුණොත් ඔවුන් ද මේ නන්නත්තාර පෙරමුණට එකතු වනු ඇත.
කිසි සේත් එකතු නො වන අය වන්නේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂයි.
මේ දේශපාලනික නන්නත්තාරවාදීන් මේ සන්ධානය ඔස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කේවෙල් කිරීමට උත්සාහ කරනු ඇත. එජනිස ඔවුන්ට නො රැවටුණොත් ඔවුන්ට අබ සරණ ය.
මහින්ද රාජපක්ෂගේ අනුමැතිය ද නැතිව ඔහුගේ නම විකුණා පාර්ලිමේන්තු ආසනයක් දිනා ගන්නට දරණ මේ උත්සාහය නම් ඇත්තෙන් ම සානුකම්පිත ය.
ප.ලි: කලක් අපගේ ගෞරවාදරය දිනාගෙන සිටි වාසුදේව හිටපු සහෝදරයාට ජීවිතයේ සැඳී සමයේ කිසිදු ගරුත්වයක් නො ලැබෙන තත්වයට පත් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. හොඳම දේ දේශපාලනයෙන් විශ්‍රාම යාම ය.
පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි !
Last edited:

balayata mechchara kaadara minihek daakamai ban... marunama okkoma geniyanawa athi eekai oya......



