"මහින්ද අපි සූදානම්"

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    "මහින්ද අපි සූදානම්"

    18198587_10210807742723904_6700431962524325899_n.jpg

    සම්බෝධී විහාරය අසලින් ලෝටස් පාරේ ඇවිද යන මට පිටුපසින් පැමිණි විස්තෘත පවුලකි. හත් අට දෙනෙකි. "ඇණ ගන්න කියල නෙ දුන්නෙ. බලමුකො ඇණ ගන්න හැටි"යි ඔවුන් අතර සිටි පිරිමියෙක් තම පිරිසට කීවේ ය. මම ඉදිරියට ඇදුනෙමි. ගෝල්ෆේස් පෙනී පෙනී පාර මාරුවීමට බලා සිටින මා අසල සිටි තවත් කණ්ඩායමකි. "අපට ජීවිතය දුන්න මහින්ද මහත්තය වෙනුවෙන් අපි මේක කළේ නැත්නම් අපි ජීවත් වෙලා වැඩක් තියෙනව දැයි" ඇසුවේ එහි කොළ එළිය වැටෙනතුරු බලා සිටි හැඩි දැඩි සිරුරක් සහිත මැදිවිය පුද්ගලයෙකි. රට ගැන අපේක්‍ෂා අත්හළ යුතු නැති බව මට දැන් හොඳට ම විස්වාස ය. මම පිටියට ඇතුළු වුනෙමි. දිවයිනේ නන් දෙසින් පැමිණි තරුණ කැළ ප්‍රමුඛ කරගත් ප්‍රභාෂ්වර ජනයා ඒ වන විටත් ගෝල්ෆේස් පිටිය තුළට පිරිමෙන් සිටියේ අනෝරා වැස්සකට පසු රට ම සිසාරා මුහුදට වැටෙන කැළනි ගං දියකඳ සේ ය.
    ගෝල්ෆේස් පැමිණි ලක්‍ෂ ගණන් ජනතාව ගත්තේ අභියෝගයකි. තමා කුමන තරමේ කරදර බාධක මැද සිටිය ද ඒ සියල්ල පසෙකලා මහින්ද සමග රට පැත්තේ සිටගන්නා බව ලෝකයට පෙන්නීමේ අභියෝගයකි. ඒ තුළින් රටට ද ලෝකයට ද දුන් පිණිවුඩය ඉතා පැහැදිළි හා කන් බීරි කරන එකකි. සිරිසේනට හා වික්‍රමසිංහට කීවේ "ලංකාව උඹල හිතන විදියේ කෝලම් මඩුවක් නෙවෙයි. අපි ප්‍රේක්‍ෂකයින් නෙමෙයි" කියා ය. "උඹල මොනතරම් දහන් ගැට දැම්මත් අපි ආපහු නම් රැවෙටෙන්නෙ නැහැ" යනු තවත් පණිවුඩයකි. "අපට පක්‍ෂ ඕන නැහැ. අපට විපක්‍ෂ ඕන නැහැ. අපිට එක තනි මිනිහෙක් ඇති. එක හයිය මිනිහෙක් ඇති" තෙවැනි පණිඩුයකි. රටේ සම්පත් සූරා කෑමට අර අදින සියළු විදෙස් රටවලට ඔවුහු හඬ ගා කීවේ, රට මිළට නොගන්නා ලෙස ය. ගත්ත ද ඒවා නැවත රටට දීමට සිදුවන බව ය. දෙමළ ඩයස්පෝරාවට හා ඔවුන්ගේ ඡන්දයෙන් යැපෙන බටහිරට කීවේ අපි දිවි නොතකා මහින්ද ද රණවිරුවන් ද රට ද සුරැකීමට අවශ්‍ය ම මොහොතේ සූදානම් බව ය. හෙළයා පෙරලා පහර දෙන්නේ බිත්තියට හේත්තූ වූ පසු බව මේ ජන සන්නිපාතය ඔවුන්ට කන් පුරා කීවේ ය.
    ඉතිහාසයේ දැවැන්ත ම මැයි රැලිය පමණක් නොව, ඉතිහාසයේ දැවැන්ත ම ජනරැලිය පැවැත්වීම වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ මහතා තම තනි කරට ගත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. රැලිය අසාර්ථක වුවහොත් එහි වගකීම ඔහු විසින් ම ගත යුතු ය. ඒ අනුව, අවුරුදු නිවාඩුවට පෙර නෙළුම් මාවත කාර්යාලයේ දුසිමකට නොවැඩි කාර්ය මණ්ඩලය කඩිගුලක් සේ සක්‍රිය විය. මැයි රැලිය වෙනුවෙන් රට පුරා විසිරී සිටින තම ප්‍රාදේශීය සංවිධායක බල ඇණිය ක්‍ෂණික ව වැඩට කැඳවුණි. කළ යුතු සියල්ල ඇතුළත් පයිල් දහස් ගණන් රට පුරා බෙදා හැරුණි. මීට අමතර ව ගත් ක්‍රියා මාර්ග අෙන්ක ය. ඒකාබද්ධයේ බොහෝ මන්ත්‍රීවරු බැසිල්ට එ් සඳහා සහාය වූහ. කෙසේ වෙතත්, මල් දුටුව ද මුල් නොපෙනෙන ලෝකයක විමල්ට තම කතාව පටන් ගැන්මේ දී මුල් සිහිවනු දක්නට ලැබුණි.
    බැසිල්ට තියුණු අභියෝග නොවූවා නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා තාමත් මාස 6ක් තරම් සුළු කාලයකි. පක්‍ෂ ගිණුමක් කියා දෙයක් නැත. යාන්තං අවුරුද්දට කැලැන්ඩර් තොගයක් ගසා විකුණා සොයාගත් රුපියල් තිස් හතළිස්දාහක් තිබෙන්නට ඇත. එය ජලබෝතල් ගැනීමටවත් ප්‍රමාණවත් නැත. ඡන්දයක් හෝ ලඟපාත නොතිබුණ කාලයක ව්‍යාපාරිකයින් වියදම් කිරීමට පෙළඹෙන්නේ ද නැත.
    එහෙත් බැසිල්ට ද සෙසු පිරිසට ද තිබූ එක් දැඩි විස්වාසයකි. ඒ තව සත දහයකට වඩා වියදම් කොට නැති මහින්දගේ ජනතා ගිණුම ය. සියළු මිළ මුදල් පරයා නැගී සිටීමට තරම් දැවැන්ත බලයක් එහි තිබුණි. පසුගිය වසර දෙක තුළ මහින්ද බලවේගය සපුරා නඩත්තු වූයේ මේ ක්‍ෂය නොවන ගිණුම මතින් ය. ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු සැම වරින් වර මුදල් ගන්නේ මේ ගිණුමෙනි. දැන් ජනතාව වැඩි වැඩියෙන් ඊට තම විස්වාසය හා ආදරය තැන්පත් කරමින් තිබේ.
    ගෝල්ෆේස් ජනතාව මහින්දට දුන් පණිවුඩය වූයේ, "මහින්ද මහත්තයෝ අපට වැරදෙන්න ඇති. ඔබටත් කොහේහරි වැරදෙන්න ඇති. ඒත් දැන් ඒක අතීතය. දැන් අපි සූදානම්. ඔබ නැතුව බැහැ. අපි ඉක්මන් කරමු. මේන් අපි ආවා" යනුවෙනි.
    කිව යුතු තවත් එක් අනපේක්‍ෂිත දෙයකි. ගෝල්ෆෙස් හි දී මහින්ද සමග රට වෙනුවෙන් අනවරත සටනක යෙදෙමින් සිටිය දී සටන් බිමේ දී ම ඊයේ හදිසියේ අප අතරින් වෙන් වූ ඒ ආදරණියයන් දෙදෙනාට මේ මහා ජන සටනේ අධිෂ්ඨානය උපහාරයක් ම වේවා ! ඔවුන්ට නිවන් සුව ලැබේ වා!
    Mahinda Pathirana
    https://www.facebook.com/mahindapp/posts/10211393440364381
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113

    බැසිල්ට තියුණු අභියෝග නොවූවා නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා තාමත් මාස 6ක් තරම් සුළු කාලයකි. පක්‍ෂ ගිණුමක් කියා දෙයක් නැත. යාන්තං අවුරුද්දට කැලැන්ඩර් තොගයක් ගසා විකුණා සොයාගත් රුපියල් තිස් හතළිස්දාහක් තිබෙන්නට ඇත. එය ජලබෝතල් ගැනීමටවත් ප්‍රමාණවත් නැත.

    අහෝ දුප්පත් බැසිල්. ඇසට කඳුලක් නැගුණා. :lol::lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    කම්කරුවා හරි දොස්තර හරි ව්‍යාපාරිකයා හරි වේවා කාට හරි මිනිස් සමාජයකට ස්ථාවර ශක්තිමත් නායකයෙක් ඕනේ. නායකයෙක් වටේ මිනිසුන් රොද බඳින එක වරදක් නෙවෙයි.
    ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලම මේ දක්වාම මිනිස් වේවා සත්ව වේවා ඒ හැම සමාජයකම හිටපු නායකයින්ට ඉහලම වරප්‍රසාද හිමි වුනා. දැනටත් එහෙමයි. ඉදිරියටත් එහෙමයි. ගිරිය පුප්පගෙන කෙල හලාගෙන කුහක කමින් මිරිකිලා බෙරිහන් දුන්නට වැඩක් නැහැ. යතාර්ථය ඒකයි.
    ලෝකේ කොහෙත් තත්වය මේකයි.

    සිද්ද වෙන්න ඕනේ සාමාන්‍ය මිනිසාගේ දුක හදුනන රටට දැයට ජාතියට සමයට ආදරය කරන එඩිතර පුද්ගලයෙක් නායකයෙක් කරගැනීමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කන්න බොන්න දීලා ගම් වල මිනිස්සු ඇදලා දැන් පම්පෝරි ගහනවා ....ඔහොම මිනිස්සු අවා කියලා චන්ද දිනන්න බැහැ .

    හැබැයි මයිත්‍රී කරයි රනිල් කාරයයි දැන් හොදටම පසු තැවෙනවා ඇති ..හොරු අල්ලනා කියලා ඇවිත් හොරු රැක්කා ..දැන් මිනිස්සු අහනවා කෝ අල්ලපු හොරු කියලා ...හොරු අල්ලලා ඒ දවස් වලම දඬුවම් දුන්නනම් ...අද ඕකුන්ට ඔහොම පසු තැවෙන්න වෙන්නේ නැහැ ....
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කන්න බොන්න දීලා ගම් වල මිනිස්සු ඇදලා දැන් පම්පෝරි ගහනවා ....ඔහොම මිනිස්සු අවා කියලා චන්ද දිනන්න බැහැ .

    කන්න බොන්න බලාගේනමද මිනිස්සු ඔය එන්නේ :no: නිකන් අවුවේ කරවෙලා දවසම නාස්ති කරගන්න කොලඹ එනවද බත් පැකට් එකයි ගල් කාලයි හින්ද. මම නං හිතන්නෙ නෑ
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    වැරදිලාවත් ගොලේ ෆේස් පිට්ටනියෙන් බාගයක් විතර පිරෙන්න සෙනග අවනම් බලන්න තිබුන මේ වෙනකොට රඟන රැගිල්ල... සතියක් විතර නිවුස් වලත් දානවා එහෙනම්... :rofl: :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කන්න බොන්න බලාගේනමද මිනිස්සු ඔය එන්නේ :no: නිකන් අවුවේ කරවෙලා දවසම නාස්ති කරගන්න කොලඹ එනවද බත් පැකට් එකයි ගල් කාලයි හින්ද. මම නං හිතන්නෙ නෑ

    උඹයි මමයි හිතන විදිහට ගම වල මිනිස්සු හිතන්නේ නැහැ බන් .....තවම මහින්ද දිනන්නේ නැහැ ..මයිත්රිලා රනිල්ලා එකට පාර කැපුවේ නැත්තන් ....විසගොර සරපයා දැක නැර මෝඩයා කියල තියෙන කතාව මයිත්රිලට තේරිලා ඊලග අවුරුද්ද යන්න කලින් තටු කැපුවේ නැත්තන් උන් හබක් තමා .....

    ( ශ්‍රී ලංකා එක බෙදිලා ඔය මගුල උන්ට දිනන්න බැහැ රනිල් කපටියා හැබැයි මොනවා උනත් ):P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවා වෙලාද ඒ මිනිස්සු දෙන්න මැරිලා තියෙන්නේ.

    කම්කරු අයිතිවාසිකම් ඉල්ලන ගිහින් ...කම්කරු දිනෙනේ ...අපේ දිනෙනේ ...ජාතික වීරයෝ ඒ මිනිස්සු
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    කන්න බොන්න දීලා ගම් වල මිනිස්සු ඇදලා දැන් පම්පෝරි ගහනවා ....ඔහොම මිනිස්සු අවා කියලා චන්ද දිනන්න බැහැ .

    හැබැයි මයිත්‍රී කරයි රනිල් කාරයයි දැන් හොදටම පසු තැවෙනවා ඇති ..හොරු අල්ලනා කියලා ඇවිත් හොරු රැක්කා ..දැන් මිනිස්සු අහනවා කෝ අල්ලපු හොරු කියලා ...හොරු අල්ලලා ඒ දවස් වලම දඬුවම් දුන්නනම් ...අද ඕකුන්ට ඔහොම පසු තැවෙන්න වෙන්නේ නැහැ ....

    Allapu horekuth ne, hadapu parakuth ne, apu ayojanekuth ne, wyawasthawa wenas uneth ne, hambechcha gsp+ ekakuth ne

    Padana horunam aye epa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹයි මමයි හිතන විදිහට ගම වල මිනිස්සු හිතන්නේ නැහැ බන් .....තවම මහින්ද දිනන්නේ නැහැ ..මයිත්රිලා රනිල්ලා එකට පාර කැපුවේ නැත්තන් ....විසගොර සරපයා දැක නැර මෝඩයා කියල තියෙන කතාව මයිත්රිලට තේරිලා ඊලග අවුරුද්ද යන්න කලින් තටු කැපුවේ නැත්තන් උන් හබක් තමා .....

    ( ශ්‍රී ලංකා එක බෙදිලා ඔය මගුල උන්ට දිනන්න බැහැ රනිල් කපටියා හැබැයි මොනවා උනත් ):P:P:P

    මැයි රැලි තියන්නේ චන්ද දිනන්නම නෙවේ බන් චන්දයක් ළඟ පාත නෑ නෙ. තාමත් මහින්ද ට්‍රැක් එකේ ඉන්නව තාම හැලිලා නෑ කියල ඔය පෙන්නුවේ. ආණ්ඩු බලේ ජනාධිපතිකම ගන්නම නෙවේ නෙ මිනිස්සු දේශපාලනේ කරන්නෙ එහෙනං 2020 වෙනකන් නිකන් ඉඳල චන්දෙ ලංවුනාම බැරිය රැස්වීම් තියන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔවු බෙදිලා... මහින්දට 95% සිරාට 5%..... රනිල්ට පුක් ගහන්න කියපන්... උගේ චන්ද ලක්ස 25 විතර මොනා කොරන්නද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවු බෙදිලා... මහින්දට 95% සිරාට 5%..... රනිල්ට පුක් ගහන්න කියපන්... උගේ චන්ද ලක්ස 25 විතර මොනා කොරන්නද?

    උඹල වගේ පහුගිය ජනදිපතිවරණේ මහින්දලා හිතපු නිසා තමයි කෙළවුණේ ...බ්‍රෝ ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැයි රැලි තියන්නේ චන්ද දිනන්නම නෙවේ බන් චන්දයක් ළඟ පාත නෑ නෙ. තාමත් මහින්ද ට්‍රැක් එකේ ඉන්නව තාම හැලිලා නෑ කියල ඔය පෙන්නුවේ. ආණ්ඩු බලේ ජනාධිපතිකම ගන්නම නෙවේ නෙ මිනිස්සු දේශපාලනේ කරන්නෙ එහෙනං 2020 වෙනකන් නිකන් ඉඳල චන්දෙ ලංවුනාම බැරිය රැස්වීම් තියන්න.

    :P:P:P අම්මේ ඉතින් ...නේද ? අනේ අනේ කටුසු නයිදේ ...කම්කරු දිනේ මැයි දිනේ කියලා වෙනස් කරගෙන ආණ්ඩු සහ විපක්ෂ බලය පෙන්නන එක තමා දැන් කරන්නේ ..අනික මහින්ද පෝය දෙකකින් ආණ්ඩුව වෙනස් කරනවා කිවුවා නේද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹල වගේ පහුගිය ජනදිපතිවරණේ මහින්දලා හිතපු නිසා තමයි කෙළවුණේ ...බ්‍රෝ ..

    හැමදාම ජනමතේ එක තැනක තියෙන්නෑ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P:P අම්මේ ඉතින් ...නේද ? අනේ අනේ කටුසු නයිදේ ...කම්කරු දිනේ මැයි දිනේ කියලා වෙනස් කරගෙන ආණ්ඩු සහ විපක්ෂ බලය පෙන්නන එක තමා දැන් කරන්නේ ..අනික මහින්ද පෝය දෙකකින් ආණ්ඩුව වෙනස් කරනවා කිවුවා නේද ?

    ඒක තමා බන් තමන්ගේ බලේ පෙන්නන එක තමා කරන්නෙ පාක්ෂිකයෝ ටික අප් කරලා හැලෙන්නේ නැතුව තියාගන්න. නැතුව මේ හෙට අනිද්දා ආණ්ඩුව ගන්න නෙවේ. කියද්දී කියනව ලබන මාසේ ආණ්ඩුව ගන්නව කියල ඒ උනාට එහෙම බැරි බව හැමෝම දන්නව නෙ. රනිල් ඕක කී පාරක් කීවද මහින්දගේ කාලේ කෝ අන්තිමට නිදහස් පක්ෂේන්ම එකෙක් ආනයනය කරලනේ වැඩේ කරගත්තෙ. ඒ වගේ තමා 2020 ලංවෙද්දි වෙන අස්සයෙක් එනකන් ඔය ඇදගෙන යන්නේ.