"මහින්ද අපි සූදානම්"
සම්බෝධී විහාරය අසලින් ලෝටස් පාරේ ඇවිද යන මට පිටුපසින් පැමිණි විස්තෘත පවුලකි. හත් අට දෙනෙකි. "ඇණ ගන්න කියල නෙ දුන්නෙ. බලමුකො ඇණ ගන්න හැටි"යි ඔවුන් අතර සිටි පිරිමියෙක් තම පිරිසට කීවේ ය. මම ඉදිරියට ඇදුනෙමි. ගෝල්ෆේස් පෙනී පෙනී පාර මාරුවීමට බලා සිටින මා අසල සිටි තවත් කණ්ඩායමකි. "අපට ජීවිතය දුන්න මහින්ද මහත්තය වෙනුවෙන් අපි මේක කළේ නැත්නම් අපි ජීවත් වෙලා වැඩක් තියෙනව දැයි" ඇසුවේ එහි කොළ එළිය වැටෙනතුරු බලා සිටි හැඩි දැඩි සිරුරක් සහිත මැදිවිය පුද්ගලයෙකි. රට ගැන අපේක්ෂා අත්හළ යුතු නැති බව මට දැන් හොඳට ම විස්වාස ය. මම පිටියට ඇතුළු වුනෙමි. දිවයිනේ නන් දෙසින් පැමිණි තරුණ කැළ ප්රමුඛ කරගත් ප්‍රභාෂ්වර ජනයා ඒ වන විටත් ගෝල්ෆේස් පිටිය තුළට පිරිමෙන් සිටියේ අනෝරා වැස්සකට පසු රට ම සිසාරා මුහුදට වැටෙන කැළනි ගං දියකඳ සේ ය.
ගෝල්ෆේස් පැමිණි ලක්ෂ ගණන් ජනතාව ගත්තේ අභියෝගයකි. තමා කුමන තරමේ කරදර බාධක මැද සිටිය ද ඒ සියල්ල පසෙකලා මහින්ද සමග රට පැත්තේ සිටගන්නා බව ලෝකයට පෙන්නීමේ අභියෝගයකි. ඒ තුළින් රටට ද ලෝකයට ද දුන් පිණිවුඩය ඉතා පැහැදිළි හා කන් බීරි කරන එකකි. සිරිසේනට හා වික්‍රමසිංහට කීවේ "ලංකාව උඹල හිතන විදියේ කෝලම් මඩුවක් නෙවෙයි. අපි ප්‍රේක්ෂකයින් නෙමෙයි" කියා ය. "උඹල මොනතරම් දහන් ගැට දැම්මත් අපි ආපහු නම් රැවෙටෙන්නෙ නැහැ" යනු තවත් පණිවුඩයකි. "අපට පක්ෂ ඕන නැහැ. අපට විපක්ෂ ඕන නැහැ. අපිට එක තනි මිනිහෙක් ඇති. එක හයිය මිනිහෙක් ඇති" තෙවැනි පණිඩුයකි. රටේ සම්පත් සූරා කෑමට අර අදින සියළු විදෙස් රටවලට ඔවුහු හඬ ගා කීවේ, රට මිළට නොගන්නා ලෙස ය. ගත්ත ද ඒවා නැවත රටට දීමට සිදුවන බව ය. දෙමළ ඩයස්පෝරාවට හා ඔවුන්ගේ ඡන්දයෙන් යැපෙන බටහිරට කීවේ අපි දිවි නොතකා මහින්ද ද රණවිරුවන් ද රට ද සුරැකීමට අවශ්‍ය ම මොහොතේ සූදානම් බව ය. හෙළයා පෙරලා පහර දෙන්නේ බිත්තියට හේත්තූ වූ පසු බව මේ ජන සන්නිපාතය ඔවුන්ට කන් පුරා කීවේ ය.
ඉතිහාසයේ දැවැන්ත ම මැයි රැලිය පමණක් නොව, ඉතිහාසයේ දැවැන්ත ම ජනරැලිය පැවැත්වීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා තම තනි කරට ගත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. රැලිය අසාර්ථක වුවහොත් එහි වගකීම ඔහු විසින් ම ගත යුතු ය. ඒ අනුව, අවුරුදු නිවාඩුවට පෙර නෙළුම් මාවත කාර්යාලයේ දුසිමකට නොවැඩි කාර්ය මණ්ඩලය කඩිගුලක් සේ සක්‍රිය විය. මැයි රැලිය වෙනුවෙන් රට පුරා විසිරී සිටින තම ප්‍රාදේශීය සංවිධායක බල ඇණිය ක්ෂණික ව වැඩට කැඳවුණි. කළ යුතු සියල්ල ඇතුළත් පයිල් දහස් ගණන් රට පුරා බෙදා හැරුණි. මීට අමතර ව ගත් ක්‍රියා මාර්ග අෙන්ක ය. ඒකාබද්ධයේ බොහෝ මන්ත්‍රීවරු බැසිල්ට එ් සඳහා සහාය වූහ. කෙසේ වෙතත්, මල් දුටුව ද මුල් නොපෙනෙන ලෝකයක විමල්ට තම කතාව පටන් ගැන්මේ දී මුල් සිහිවනු දක්නට ලැබුණි.
බැසිල්ට තියුණු අභියෝග නොවූවා නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා තාමත් මාස 6ක් තරම් සුළු කාලයකි. පක්ෂ ගිණුමක් කියා දෙයක් නැත. යාන්තං අවුරුද්දට කැලැන්ඩර් තොගයක් ගසා විකුණා සොයාගත් රුපියල් තිස් හතළිස්දාහක් තිබෙන්නට ඇත. එය ජලබෝතල් ගැනීමටවත් ප්‍රමාණවත් නැත. ඡන්දයක් හෝ ලඟපාත නොතිබුණ කාලයක ව්‍යාපාරිකයින් වියදම් කිරීමට පෙළඹෙන්නේ ද නැත.
එහෙත් බැසිල්ට ද සෙසු පිරිසට ද තිබූ එක් දැඩි විස්වාසයකි. ඒ තව සත දහයකට වඩා වියදම් කොට නැති මහින්දගේ ජනතා ගිණුම ය. සියළු මිළ මුදල් පරයා නැගී සිටීමට තරම් දැවැන්ත බලයක් එහි තිබුණි. පසුගිය වසර දෙක තුළ මහින්ද බලවේගය සපුරා නඩත්තු වූයේ මේ ක්ෂය නොවන ගිණුම මතින් ය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සැම වරින් වර මුදල් ගන්නේ මේ ගිණුමෙනි. දැන් ජනතාව වැඩි වැඩියෙන් ඊට තම විස්වාසය හා ආදරය තැන්පත් කරමින් තිබේ.
ගෝල්ෆේස් ජනතාව මහින්දට දුන් පණිවුඩය වූයේ, "මහින්ද මහත්තයෝ අපට වැරදෙන්න ඇති. ඔබටත් කොහේහරි වැරදෙන්න ඇති. ඒත් දැන් ඒක අතීතය. දැන් අපි සූදානම්. ඔබ නැතුව බැහැ. අපි ඉක්මන් කරමු. මේන් අපි ආවා" යනුවෙනි.
කිව යුතු තවත් එක් අනපේක්ෂිත දෙයකි. ගෝල්ෆෙස් හි දී මහින්ද සමග රට වෙනුවෙන් අනවරත සටනක යෙදෙමින් සිටිය දී සටන් බිමේ දී ම ඊයේ හදිසියේ අප අතරින් වෙන් වූ ඒ ආදරණියයන් දෙදෙනාට මේ මහා ජන සටනේ අධිෂ්ඨානය උපහාරයක් ම වේවා ! ඔවුන්ට නිවන් සුව ලැබේ වා!
Mahinda Pathirana
https://www.facebook.com/mahindapp/posts/10211393440364381

Last edited:

නිකන් අවුවේ කරවෙලා දවසම නාස්ති කරගන්න කොලඹ එනවද බත් පැකට් එකයි ගල් කාලයි හින්ද. මම නං හිතන්නෙ නෑ