මහින්ද දැන් ඇත්ත භාෂාවෙන් කතාකරනවා.
ටෙලිපොම්ප්ටරයෙන් කතා කළ මහින්ද දැන් ඇත්ත භාෂාවෙන් කතාකරන්න පටන් අරන් - අනුර දිසානායක
දේශීය 2010 අප්‍රේල් 04 වෙනි ඉරිදා, 14:43
මෙතෙක් කළක් ටෙලිපොම්ප්ටර ආධාරයෙන් තම කතා පැවැත්වූ ජනාධිපතිවරයා මේ වන විට ඔහුගේ ඇත්ත භාෂාවෙන් කතා කිරීමට පටන්ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
පසුගිය දිනෙක යාපනයේ පැවැති රැස්වීමකට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ කතාවෙන් ඔහු මෙතෙක් කල් කළ බොරුව හෙළිවී තිබෙනවා. ඔහු මෙතෙක් කලක් තම දෙමළ කතාව ටෙලිපොම්ටරයක් ආධාරයෙන් එම භාෂාවට අගෞරව වන අන්දමින් සිදුකරමින් සිටියා. මෙම තත්වය දකුණේ දෙමළ ජනතාව නොරිස්සුම්ව වුවත් ඉවසා සිටියා. නමුත් යාපනයේදී ඔහු සිය කතාවේදී සිදුකළ වැරදි භාෂා උච්චාරණයට යාපනයේ තරුණයන් දැක්වූ ප්‍රතිචාරයෙන් කිපුනු රාජපක්ෂයන් තමාගේ ඇත්ත භාෂාවෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Last edited: