මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

    මෛත්‍රිපාල ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල අත්හැර මහින්ද කණ්ඩායම තනිව තරග කිරීමෙනි....


    මෛත්‍රිපාල අත්හරිමු
    අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී.ල.නි පක්‍ෂය ද එ.ජ.නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය.

    මෛත්‍රිපාල බලයට පත් වූ විගස නීති විරෝධී ව රනිල් පික්පොකට් අගමැති ලෙස පත්කර පික්පොකට් කැබිනට්ටුවක් පත් කෙළේ ය. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීති විරෝධී ව ගෙදර යැවුවේ ය. අල්ලස් ලෙස ඇමතිකම් දෙමින් ආණ්ඩු පක්‍ෂයේ මෛත්‍රි කණ්ඩයමේ ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රියා කෙළේ ය. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුනට ගර්ජන මරදන කරමින් රනිල්ගේ සුළුතර ආණඩුව පවත්වාගෙන යෑමට ආධාර කෙළේ ය. රනිල්ගේ අවශ්‍යතාච මත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. මෙහි දී ඩිව් ගුණසේකර ද වරදක් කර ඇති බව පැහැදිලි ය.


    ඒ සියල්ලෙහි දී මෛත්‍රිපාල කටයුතු කර ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව ය. ඔහුගේ අනුගාමිකයෝ ද ශ්‍රී.ල.නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කළහ. ඔවුහු අද ඊනියා සමගියක මුවාවෙන් නැවතත් එ.ජා පක්‍ෂයට බලය ලබා දීමට කටයුතු කරති. ඒ අතර ශ්‍රී.ල.නි.ප දුර්වල කරති. අද ශ්‍රී.ල.නි පක්‍ෂය ඇත්තේ මහින්ද සමග ය. මෛත්‍රිපාල සමග වැඩ කර ඇමතිකම් බදා ගත්තෝ ද මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රී කණ්ඩායමෙන් ඉදිරිපත් වී තනතුරු බලාපොරොත්තු වූ නිවටයෝ ද මහින්දට විරුද්ධ වූහ. මේ නිවටයන් නොදැන සිටිය ද රටේ සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය ද සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.


    අප කිහිප වතාවක් ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි 8 වැනි දා සිට ඉතා ඉක්මණින් වෙනස්වීමට පටන් ගත්තේ ය. නුගේගොඩ රැස්වීමට පෙර ද ජන ගඟ මහින්ද දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේ ය. තවත් පනස්හයක පෙර නිමිති පහළ විය. නිවටයෝ මහජන අප්‍රසාදයට ලක් වූහ. මහින්ද කණ්ඩායමට තනිව ම තරග කර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි බව පෙනෙන්නට තිබිණි.


    එහෙත් එසේ නොදුටු කිහිප දෙනෙක් ද වූහ. ඔවුහු රනිල් අගමැති ධුරයේ දිගටම සිටියහොත් තම ජීවිතවලට අනතුරක් වන බව සිතුවෝ ය. ඔවුහු නිවටයන් සමග එක්වී මෛත්‍රිපාල හා මහින්ද සමගි කිරීමේ ද්‍රෝහී ක්‍රියා මාර්ගයකට එළඹියහ. මහින්ද වෙන ම තරග කිරීම පක්‍ෂය කැඩීමක් ලෙස හැඳින්වූහ. එසේ හැඳින්වූවෝ පක්‍ෂය කඩාගෙන ගිය මෛත්‍රිපාලගේ නිවට ඇම්බැට්ටයෝ ම වූහ. මේ නිවටයන් දැන සිටි කරුණ නම් මෛත්‍රි කණ්ඩායම වෙන ම තරග කළහොත් ඔවුන්ට කිසි දිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව ය. නිවටයන් සැලසුම් කෙළේ මහින්ද සමග එකතු වී මහින්දගේ ඡන්දවලින් ජයග්‍රහණය කර පසුව මෛත්‍රිපාලගේ සුපුරුදු ද්‍රෝහි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එ ජා ප සමග නැවතත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම ය. මෛත්‍රිපාල ඇමතිකම් අල්ලස් දීමෙන් මහින්ද කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ද ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය.


    සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට අනුව පක්‍ෂය කැඩී ගොස් නො තිබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද ජයග්‍රහණය කරවීම ය. නිවටයෝ ද රනිල් බලයට පත්වුවහොත් ජීවිත නැති වේ යැයි සිතුවෝ ද මහින්දගේ කරපිටින් බලයට පැමිණ මහින්දට අගමැති කම නැතිකිරීමට සැලසුම් කළහ. ඔවුහු මහින්ද හා මෛත්‍රිපාල කණ්ඩායම් එකතු කිරීමේ ජනතා විරෝධී ක්‍රියාදාමයක නිරත වූහ. දේශපාලන බල තුලනයේ වෙනස හේතුවෙන් මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දීමට නිවටයන් එකඟ වූයේ මහින්දගේ කරපිටින් බලයට පැමිණීමට ය.


    ඔවුන්ගේ ද්‍රෝහි සැලැස්මේ පියවර කිහිපයක් වෙයි. පළමුවෙන් ම මහින්ද පිළ රවටා අවසාන දිනයේ දී ශ්‍රි ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් වී සංධානය අහෝසි කර එහි අපේක්‍ෂකයන් අතරමං කිරීම ය. ඒ අතර නිවටයන් කිහිප දෙනකු එ ජා ප සංධානයකින් තරග කර නැවතත් රනිල් මෛත්‍රි දේශද්‍රෝහි ආණ්ඩුවක් පිහිටුවීම ය. දෙවනු ව සංධානයෙන් තරග කර හැකිතාක් මෛත්‍රිපාල හිතවාදීන් මන්ත්‍රීන් ලෙස පත්කරගෙන මහින්ද කණ්ඩායමෙන් ද කිහිප දෙනකු අල්ලස් දීමෙන් තමන්ට දිනාගෙන මහින්ද හා මහින්ද හිතවාදීන් නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ය. අද මේ සඳහා නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ දී මෛත්‍රි කණ්ඩායමට වාසි ලබා දෙන ලෙස නිවටයෝ ඉලලා සිටිති. මහජන බලවේගය ඇත්තේ මහින්ද සමග මිස පක්‍ෂයට ද්‍රෝහීවූ මෛත්‍රිපාල සමග නො වේ. අද මහින්ද වෙනුවෙන් පළමුවෙන් ම වේදිකාවට නැගි අයට, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීවරුන්ට, නාමයෝජනා නොලැබී මහින්දට ද්‍රෝහි වූවනට නාමයෝජනා ලැබෙන තත්ත්වයක් උදා වී ඇත.


    මේ ඉතා අයහපත් තත්ත්වයකි. මෛත්‍රිපාල ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල අත්හැර මහින්ද කණ්ඩායම තනිව තරග කිරීමෙනි. එවිට නිවටයන්ට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා ලබා ගෙන හෝ මෛත්‍රිපාල පිළ ලෙස තනිව තරග කර නන්නත්තාර වීමට අවස්ථාව සැලසෙනු ඇත. මහින්ද කණ්ඩායමට තනිව තරග කළත් අද ජයග්‍රහණය කළ හැකි ය. නිවැරදි සටන් පාඨ මත පදනම් වුවහොත් ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වුව ද පිහිටුවීමට හැකි වනු ඇත.


    නලින් ද සිල්වා


    2015 ජූලි 07
     
    • Like
    Reactions: other guy

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    නියමයි නලින්... කොහොම හරි පර්සිව වෙනම අරගෙන නන්නත්තාර කරල දාපන්...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.

    make-us-lol-032514-01.jpg

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයිත්‍රීපාල එතකොට දෙයියොන්වත් පරද්දලද :shocked::shocked::shocked:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    lankawe hitapu un iguru deela miris gatta jathiyak ne ban,
    ehewe eke rata beragata nayakaya pawa deela , yudda karanna one gonekuta puluwan kiyapu set ekak yuda samarumata genawe.........

    ehewe eke mahindata kelawana eka aye ahannath deyak da.

    kawada hari ithihasa pothe.( mekala ithihasaya ithuru kalath) owa liyawei lassanata.

    moka nathath bada gena hitana adeena set ekak innakal itin rata goda yanne ne. aye hemita hemita wala pallata yanawaa
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්

    thawa danune ne sahodaraya thawa danune ne............ :baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lankawe hitapu un iguru deela miris gatta jathiyak ne ban,
    ehewe eke rata beragata nayakaya pawa deela , yudda karanna one gonekuta puluwan kiyapu set ekak yuda samarumata genawe.........

    ehewe eke mahindata kelawana eka aye ahannath deyak da.

    kawada hari ithihasa pothe.( mekala ithihasaya ithuru kalath) owa liyawei lassanata.

    moka nathath bada gena hitana adeena set ekak innakal itin rata goda yanne ne. aye hemita hemita wala pallata yanawaa

    උන් අදීනයි කියන්නේ උඹල දීන සෙට් එකද :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: markhaloce

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උන් අදීනයි කියන්නේ උඹල දීන සෙට් එකද :rofl::rofl::rofl:

    wachan haraba nam ubalata wage mata be. hebei mama kiyapu de ubata theruna nisa tama oka wihiluwaka aragena paninna hadanne. awlak ne malayo. wena de balagena hitu.:):)
     
    • Like
    Reactions: rajitha_ks

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    wachan haraba nam ubalata wage mata be. hebei mama kiyapu de ubata theruna nisa tama oka wihiluwaka aragena paninna hadanne. awlak ne malayo. wena de balagena hitu.:):)

    තමන්ගේ මව් භාෂාවවත් හරියකට දන්නේ නැතුව සිංහල ජාතිය බේරගන්න කෑගහද්දී විහිළුවක් වෙනවා සහෝ :):):)