මහින්ද මහත්තයෝ රට භාරගන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ


    ‘‘මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැකගැනීමට අවශ්‍ය නම් දැන්වත් නිහඬ පිළිවෙතෙන් මිදී දිනෙන් දින පරිහානියට යන මේ රට භාරගන්න, රටට දැන් අවශ්‍ය කයිවාරුකාරයන් නොව ඔබ වැනි වැඩකාරයන්’’ යැයි රට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු නාරාහේන්පිට, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

    හැට නව ලක්ෂයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති විශ්වාසය නිසා පමණක් බවද උන්වහන්සේ කියා සිටියහ.

    නාරාහේන්පිට, අභයාරාමයේ ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙලෙස පැවසූහ. මෙහිදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ නැවත වරක් රට භාරගැනීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ද කිසිඳු විරෝධයක් නොදක්වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි. එලෙස විරෝධයක් දක්වන්නේ නම් ඔහු රටට ආදරය නොකරන්නෙක් වනු ඇති බව ආනන්ද හිමි කියයි.

    මෙරටට විශාල සේවයක් ඉටු කළ ඩී.එස්. සේනානායක පරම්පරාවද බණ්ඩාරනායක පරම්පරාවද දැන් අවසන්ව ඇති බවත් තවදුරටත් රට මෙවැනි අගාධයකට ඇදදමන්නේ නම් රාජපක්ෂ පරම්පරාවේ අවසානයද මෙය වනු ඇති බවත් පෙන්වා දෙන ඒ හිමියෝ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි එදා තැබූ විශ්වාසය සියයට සියයක් නොව සියයට දෙසීයකින් දැන් බිඳ වැටී ඇති බව ද කීහ.

    මුරුත්තෙට්ටුවේ හිමි මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයෙන් උතුම් රට ලංකාව යැයි තවදුරටත් පැවසීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ රට භාරගත යුතුම වන අතරම ඔහු ජනතාවගේ හදවතේ නායකයා බව සියල්ලන්ම හොඳින්ම දන්නා බවය. දිගින් දිගටම ඔහු රැකගෙන යන නිහඬතාවය නිසා ඔහු ද දැන් ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. ඊළඟ ඡන්දය පැමිණීමට පෙර රට භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමස්ත ජනතාව නියෝජනය කරමින් මෙම ඉල්ලීම කරනවා.

    ගුරු විදුහල්පති ප්‍රශ්නය ඉතා හොඳින් විසඳෙමින් තිබෙන නිසා රටේ දරුවන් ගැන කල්පනා කර 21 වැනිදා සේවයට පැමිණෙන ලෙස සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. තවදුරටත් අවස්ථාවාදී වී තම තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ දරන අයට ඉඩනොදී හෙට දින සේවයට එන්න යැයිද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කියා සිටියහ.




    😅
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මේ හුකන්නල නිසා කවදාවත් ලංකාවට ගොඩ එන්න බැ,මුන් හමුදුරුවොද.සිව්රක් දාගත්ත වහල් බයියෙක්.
    රාජ්‍ය ආගමෙන් නිදහස් උන දාකට තමයි ලංකාවට හරියන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113
    අනේ හොදයි. පවුලෙ ඉන්න ඔක්කොමන්ලට මාරුවෙන් මාරුවට හරි අරගෙන බලන්න තියෙන්නෙ කරන්න පුළුවන්ද කියල මේ අවුරුදු ටිකේ. තව අවුරුදු 5 ඒව නාස්ති නොකර.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,255
    113
    Nugegoda
    ලංකාවට දේශපාලන පරම්පාරාවල් තවදුරටත් අනවශ්‍යයි. ඔහුගේ හෝ ඇයගේ දේශපාලන අනාගතය තමන්ගේ දක්ෂතාව හා දැක්ම මත පමණක් පදනම් විය යුතුයි.
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගණයට පිස්සු
    කැරි නාකි මයිනා නිසා තමයි රට මේ තත්වෙට වැටිලා බංකොලොත් වෙලා තියෙන්නේ
    මේ ගණයා කියනවා ආයෙත් බාරගන්නලු
    අන්තිමට කොහෙවත් හිටපු නන්දෙට කරගහන්න උනා මයිනා කරපු ගොන් කන් වල ප්‍රතිපල වලට
    ගනයෝ තමයි රට කෑවේ නොදන්නා මගුල් වලට ඇගිලි දාන්න ගිහින්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    නාකි, නාකින්ටම කීනවා රට බේරගන්න කීලා අරිම අප්පිරියයි මාතියා. අරිම අප්පිරියයි.