මහින්ද මාමා බස් 1600කින් අනුරාධපුරයට යයි
"මේ අනුරාධපුර ක්‍රීඩාංගණයට රැස්ව සිටින මහා ජනගඟ දැක්කම කතා කරන්න දෙයක් නෑ. ජයග්‍රහණය බොහොම පැහැදිළියි. මේ ක්‍රීඩාංගණයට මේ අයුරින් ජනතාව රැස්වෙලා පෙන්වන්නේ ද්‍රෝහීන්ට ඔවුන්ගේ ඇති විරෝධය. අද මෙතන ජනතාව තද වෙවී හැප්පි හැප්පී ඉන්නේ.
පසුගියදා මහනුවරදී තිබිණු රැස්වීමට උත්තර දෙන්න අප යන්නේ නෑ. ඒ උත්තරය තමුන්නාන්සේලා දීලා ඉවරයි. දේශපාලන වශයෙන් මඩගහලා අපහාස කරලා දේශපාලනය කරන්න බැහැ. මේක ජනමත විමසුමක් නොවෙයි. ඔවුන්ගේ මුළු කතාවෙම කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන එක. ඒක කළ හැක්කේ ජනතාවගේ කැමැත්ත විමසන ජනමතවිචාරණයකින්. මේක ජනාධිපතිවරණයක්. මේක ඊට වඩා ගැඹුරුයි."
ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දී ඊයේ (11 දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල ජනරැලියේ අති විශාල ජනකාය දැක ඉන් වශී වු ජනාධිපතිවරයා මෙසේ කතා කළේය.
ජනධිපතිවරයා සිතාගෙන සිටින්නේ තමන්ව පිළිගන්න බලන්න මෙතර විශාල ජනකායක් ඉතිහාසයේ තැබුණු කිසිදු රැස්වීමකට නොපැමිණ ඇති බැවින් මෙවරත් තමන්ගේ ජයග්‍රහණය අත උඩින්ම බවය.
එහෙත් සත්‍ය තත්වය නම් මාතර ගාල්ල හම්බන්තොට ආදී ප්‍රදේශවල සිට රටේ සියළුම පළාත්වලින් බස් රථ එක්දහස් හයසියයකින් පමණ මේ රැළිය සඳහා සෙනඟ අද්දවා තිබීමය. මෙලෙස පැමිණි අයට බත් පැකට්, සැර බීම හා අතට රුපියල් 500 සිට 2500 දක්වා ගෙවීම්ද කර ඇති බව දැන ගන්නට තිබේ.
එසේම මෙහිදී කතා පැවැත්වූ ඇමැතිවරු ගනනාවකම මේ ජනකාය දිහා බැලීමේදී ජනාධිපතිවරයා වැඩි චන්ද ලක්ෂ 22කින් දිනන බවද ප්‍රකාශ කළහ.
කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරයා සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.