මහින්ද මාමා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ආඩම්බරකාර වුවද නුවුවද දරුවන්ට අතවර කරන තාත්තලා අඩු නැති අපේ රටේ ( සැබවින්ම ඔබේ රටේ ) “ආඩම්බරකාර තාත්තා” වශයෙන් පුරවැසි දරුවන්ට මේ සා අතවර කිරීමේ අරුමයක් නැහැ. ඒත් මේක පමණ ඉක්මවා ගිහින් දැන් දැන් අපව උමතු තත්ත්වයට පත් කරන්න පටන් අරන්. ඉතින් අපි මොනව කියන්නද මහින්ද? පාර පුරා අලවල තියෙනව වගේ, ඔබට “ජය ශ්‍රී මහින්ද”!!

    මුළු කාලෙන් භාගයක්ම ඔබ විසින් අතවර කරන ලද ජීවිතයක් මට තියෙනව මහින්ද. ඒත් පාර පුරා අලවල තියෙනව වගේ “මවුබිමේ තීන්දුව” ඔබ නම්, තනි මම මොනව කරන්නද මහින්ද? ඔබට ජය ශ්‍රී මහින්ද!!

    “මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි” කියන ගෞරව නාමෙ නීතියට දීල, බලු නොවටින තීරණයක් දුන්නම, මොනව වුණත් අඩුම ගානේ අපේ අනාවැකිය හරි ගිය සංතෝසෙට රතිඥ්ඥා පත්තු කරලා “ජය ශ්‍රී මහින්ද” කියනව මිස අසරණ අපි මොනව කරන්නද මහින්ද?

    සූදානමක් තියා, සිහි එළව ගන්න බැරුව අපි ඉන්නකොට, හරියට අපි ලිව්ව වගේ “අපි සූදානම් ජනාධිපතිතුමනි” කියල පාරෙ ගහල තියෙනව දැක්කම අපිට එකිනෙකාගෙ මූණ බලන්නත් ලැජ්ජ හිතෙනව මහින්ද. අපි නොකිව්ව දේවල් පාරෙ ගහන්නේ, වතුර ඉල්ලුවම වෙඩි තියපු සංතෝසෙට අපි ඔබට ස්තූති කළා කියල බැනර් ගහපු අයමද මහින්ද?? මොනව වුණත් අපි නොකිව්ව දේවල් තැන තැන ගහන එක අපේ අභිමානෙට හොඳ මදි මහින්ද.

    තව අවුරුදු ගාණක් අපේ ජීවිත ඔබේ පිස්සුවට බිලි දීල ස්වයං ඝාතක නිවටයෙක් විදියට මැරෙන්න අපිට උවමනා නෑ මහින්ද. අනේ දැන් මේ හොඳටෝම ඇති!! අපි ඔබටත් ඔබේ පවුලටත් පෙර ආත්මෙක හරි පවක් කරපු එකේ හිලව්වට නරබිලි ඕනෑ තරම් ගත්ත නිසා මීට වඩා නම් අපිට පිස්සු හදවන්න හදන්න එපා මහින්ද.

    මීට වඩා නම් බෑ මහින්ද. ඒත් අර පාර පුරා අලවල තියෙන්නෙ “ජය ශ්‍රී මහින්ද” කියල. “සුබ” කිව්වට අපේ අනාගතේට වුණේ මෙහෙමනං, “ජය ශ්‍රී” කියල මහින්දට එහෙම වෙනව නම් කොච්චර මරුද මහින්ද.

    ඔබට ජය ශ්‍රී මහින්ද!!

    භීතියට පත් පුරවැසියෙක්------
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    cartoon017gossiplankanews.jpg